Friday, August 4, 2017

ජනතාවගෙන් ඈත්වූ ජන නායකයා

ගරු අග්රාමාත් රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරෙන්නේ අදය. එනම් 2017 අගෝස්තු හතර වැනිදා . නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට යන බව දැන ගැනීමට ලැබුණි. මා හට එම පාර්ලිමේන්තු සැසි වාරය ඇමතීමට ලැබුන හොත් පවත්වන කථාව ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි. එම කතාව මෙසේය.

ගරු කථානායක තුමනි,

ශ්රී ලංකාවේ වර්තමාන අගමැති තුමාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් මාගේ සුභ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. ඔහු වසර හතළිහක් එක දිගට ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇතුවා මෙන්ම එම කාලය තුලදී ඇමතිවරයෙකු, විරුද්ධ පක්ෂ නායක වරයෙකු මෙන්ම සිවු වරක්ම අගමැති ධූරයද හොබවා ඇත. මෙතරම් විචිත්රවත් පාර්ලිමේන්තු දිවියක් තිබු ශ්රී ලාංකික ප්රජාතන්ත් වාදියෙකු පිලිබදව මම නොදනිමි. සැබවින්ම ඔහු තරම් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කෙරෙහි විශ්වාසය තැබූ වෙනත් නායකයෙකුද පසුගිය වසර හතලිහ තුල නොසිටි බව මගේ හැගීමයි.මේ නියෝ ලිබරල් වාදී නායකයාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ අප රටට ඇත. සමහරක් ඔහු විසින් සිදු කල දේ වන අතර සමහරක් ඔහු නොකළ නමුත් කල යුතුව තිබුණු දෑය. ඔහු කල කී දෑ පිලිබදව බොහෝ දෙනා කතා කරනු ඇති නිසා මම ඔහු විසින් කල යුතුව තිබු නමුත් නොකළ දෑ ගැන ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.


ගරු කථානායක තුමනි,

එතුමා පාර්ලිමෙතුවට පිවිසෙන්නේ හයෙන් පහක ඇති විශාල ජන වරමක් ලැබුණු රජයක අසහාය නායකයාගේ ඉතා කිට්ටු ඥාති වරයෙකු වශයෙනි. එනිසාම අනාගත පක්ෂ නායකත්වයට හා එමගින් රාජ් නායකත්වයට ලගා වීමේ 'වරම', 'උන්ගේ නෑයින්ගේ පක්ෂය' ලෙස කලෙක හැදින් වූ ඔහුගේ පක්ෂය තුල ඔහුට තිබුණි. තවද එවකට ප්රධාන විරුද්ධ පක්ෂය ඉමහත් අප්රසාදයකට පත්ව තිබු අතර ඔවුන්ගේ නැගිටීමක් දශක ගණනාවකට දැකිය හැකි නොවීය. අති බලවත් විධායක ජනාධිපති ක්රමයක් හදුන්වා දීමත් සියලු ජනප්රිය නායකයන් තම පක්ෂය තුල සිටීමත් වැනි කරුණු හරහා පරාජයක් පිලිබදව කිසිදු හැගීමක් ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ මුල් අවුරුදු දහය තුල කිසිවිටෙක ඇති විනැයි මම නොසිතමි.

නමුත් සමයේ සිදු වූ වැදගත් ක්රියාවලියක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු නොවිනැයි මම සිතමි. ආර්. ප්රේමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක මහත්වරුන් වැනි ක්රියාශීලී ජනප්රිය නායකයන්ට පක්ෂය තුල ඉදිරියට ඒමට හා නායකත්වයේ බලාපොරොත්තු තබා ගැනීමට හැකි වට පිටාවක් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඇති කොට තිබුණු බව ඔහු නොදුටුවේද? දුටුවේ නම් පෙර කී නායකයන්ගේ දැවැන්ත ව්යාපෘති වලට ගැලපෙන ජන ආකර්ෂණය දිනා ගත හැකි ව්යාපෘතියක් ඇරඹීමට ඔහුට නොහැකි වූයේ ඇයි? තරුණ සේවා සභාව වැනි දෑ ඔහු යටතේ සිදු වුවද ඒවා පෙර කී දැවැන්ත ව්යාපෘති සමග සැසදීමේදී නොගිනිය හැකි තරම් වූ දේය. එසේත් නැතිනම් උප නායකත්වය පිලිබදව තරගයක් දීමට තමන් අසමත් බව දැන 'දෙවෙනියා ගේ දෙවෙනියා' වීමට සිහින මැව්වේද? උදාහරණයක් ලෙස ප්රේමදාස මහතාගේ දෙවෙනියා හෝ ඇතුලත්මුදලි මහතාගේ දෙවෙනියා වැනි තනතුරක් ඔහුගේ සිහිනය වීද?

ඔහුගේ පාර්ලිමේන්තුවේ දෙවැනි දශකය පලමුවන්නට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනියි. සිය කිට්ටුවර ඥාතියාගේ දේශපාලන සමු ගැනීමෙන් පසු, 'දෙකොන ගිනිගත් විලක්කුවක්' භාර ගත් ප්රේමදාස මහතා නම් විශිෂ්ට ක්රියාධරයා එම විලක්කුවේ එක කොනක් පයට පාගා නිවා දමමින් අනෙක් කොන නිවා දැමුමට අසම්මත ක්රියා මාර්ග තෝරමින් සිටින විට වික්රමසිංහ මහතා සුළු චරිතයකට සීමා වී සෑහීමට පත්වන බවක් පෙනුනි. නායකත්වය ඔහු කෙරෙන් බොහෝ දුරස් විය.

එහෙත් නැවතත් වාසනාව ඔහු සොයා ආවේ ප්රේමදාස ජනාධිපතිවරයාගේ මරණයත් සමග කරළියට ආ විජේතුංග ජනාධිපතිවරයාත් හරහාය. එහෙත් ඒ වාසනාව කෙටි කලකට සීමා විය. මැතිවරණ පරාජය නිසා අගමැති ධූරයද පක්ෂයේ අභ්‍යන්තර වියවුල් නිසා  ජනාධිපතිවරණ අපේක්ෂකත්වයද අහිමි වූ අතර  ඔහුට පක්ෂය තුල ජනප්‍රියත්වයක් නැති බව පැහැදිලි වුයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පක්ෂයෙන් පිටතට ගොස්, පක්ෂයට විරුද්ධව කැරලි ගසා, නැවත මෑතදී පක්ෂය තුලට  පැමිණි ගාමිණි දිසානායක මහතාට එය හිමි වූ නිසාය. එවිටද ඔහු පරාජය බාර ගත්තේ කිසිදු සටනක් නොදෙමිනි. නැවත ඔහුව නායකත්වයට තල්ලු කෙරෙන්නේ දිසානායක මහතාගේ අවාසනාවන්ත අභාවයත් සමගිනි. පක්ෂය දැවැන්ත පරාජයකට පත්ව, බලගතු විධායක බලය විපක්ෂයට හිමිව අසරණව තිබියදී වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරයෙන් සැහීමකට පත් වූයේ පාක්ෂිකයා රැක ගැනීමට හෝ දිරිමත් කිරීමට කිසිස්වක් නොකරමිනි.

ගරු කථානායක තුමනි,

වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයේ දෙවැනි භාගය ආරම්භ වන්නේ 1997 දීය. එහිදී 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහු පරාජයට පත් වන්නේ ජයග්රාහිකාවට වඩා ලක්ෂ හතකටත් අඩු චන්ද ප්රමාණයක් ලබා ගනිමිනි. එහෙත් වාසනාව ඔහු හැර නොගියේ ආණ්ඩු පක්ෂයේ ප්රභල චරිත ගණනාවක් කැඩී ඔහුගේ ඔඩොක්කුවට වැටීම නිසාය. එහෙයින්ම 2001 පාර්ලිමේන්තු මැතිවරණය දිනා ගන්නා ඔහු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල තමාට ලැබුණු අගමැතිකම දන් දුන්නේ එය රැක ගැනීමට කිසිදු සටනක් දීමෙන් තොරවය. නැවතත් ඔහුට විරුද්ධ පක්ෂ නායක කම ලැබුණු අතර පාක්ෂිකයා ගුටි කමින් අසරණ විය. 2005 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වන ඔහු නැවතත් සිය 'කම්මැලිකම' ප්රදර්ශනය කළේය. එකල බොහෝ විචාරකයන් පැවසුවේ එම මැතිවරණය දිනා ගැනීමට රාජපක්ෂ මහතා කල යුතු සියල්ල කලද වික්රමසිංහ මහතා කල යුතු කිසිවක් නොකළ බවය.

2007 දී ඇරබෙන වික්රමසිංහ මහතාගේ තෙවැනි පාර්ලිමේන්තු දශකය තුල මහින්ද රාජපක්ෂ මහතා නම් විශාල පෞරුෂය හා 2009 යුද ජයග්රහණය ඔහුට තිබූ විශාලතම භාධක විය. සමග ජයග්රහණයක් පිළිබද කිසිදු සේයාවක්වත් නොදුටු පක්ෂයේ බොහෝ ජනප්රිය නායකයන් බුරුතු පිටින් පක්ෂය හැර ගියහ. එහෙත් එය ගණනකට වත් නොගත් වික්රමසිංහ මහතා සිය පාසලේ මිතුරන් සහ තමා යනු පක්ෂය බවට උපකල්පනය කරමින් දිගටම කටයුතු කළේය. පාක්ෂිකයා ගේ සිතුම් පැතුම් නායකත්වයෙන් බොහෝ ඈත විය.

එහෙත් වාසනාව නැවත ඔහු සොයා ආවේ රාජපක්ෂ මහතාගේ රජයේ සිටි කම්බා හොරුන්, කම්මැලි වික්රමසිංහ මහතා ජනතාවගෙන් ඈත්වී සිටි ප්රමාණයට වඩා ඈත් කිරීමකට හා මහා ජනතා කලකිරීමකට රාජපක්ෂ පාලනය පත් කිරීමත් ව්යවස්ථා සංශෝධන හරහා එම පාලනය ඒකාධිපති ලක්ෂණ ප්රකට කිරීමත් සමගමය. එහෙත් එවැනි අවස්තාවක වුවත් ජනාධිපති වරණයට සියලු බලවේග එක් කර මුහුණ දීමට වික්රමසිංහ මහතාට නොහැකි වූ අතර 'පොදු අපේක්ෂකත්වය' වෙනත් අයෙකුට පවරා අගමැති කමින් සෑහීමට පත් වීමට ඔහුට නැවතත් සිදු විය.

මේ විශ්ලේෂණය මා කලේ වික්රමසිංහ මහතාගේ පාර්ලිමේතු දිවිය පුදුමාකාර 'බලයට ඇති කම්මැලි කමකින්පිරී ඇති බව පෙන්වීමටය. එහෙත් ඔහු පක්ෂය තුල ක්රියාකරන්නේ 'බලයට ඇති පුදුමාකාර කෑදරකමකින් බව' සාමාන් ජනතාවගේ අදහසයි. ඔහුගේ චරිතයේ ඇති මෙම ද්විත්ව ස්වභාවයට හේතුව කවරක්ද? ඔහු සිතන්නේ පක්ෂය තුල ඔහුගේ බලය රැක ගැනීම වඩා වැදගත් බවදනැත්නම් තමන් පොදු ජනතා පැතුම් වලින් බොහෝ දුරස් බව හා එම දුරස් බව නැති කිරීමට තමන් තුල දක්ෂතාවක් නොමැති බව ඔහු දන්නා නිසා මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්රහණය කිරීම සිහිනයක් බව දැන ගෙන ඔහු වඩා ආරක්ෂාකාරී මගෙහි ගමන් කරන්නේද? (පක්ෂය තුල නායකත්වය පිළිබද තීරණය කරනුයේ පොදු සාමාජිකයන් නොව  තමන්ගේ හෙන්චයියන් පිරී ඇති  මධ්යම කාරක සභාව හා කෘත්යාධිකාරී මණ්ඩලය  විසින් බව ඔහු දනියි).

මැතිවරණ කල් දැමීමට ඔහු සහාය වන්නේ නිසාද? මැතිවරණ පැවැත්වුයේ නම් ඉදිරියට ඒමට හැකි   පාක්ෂිකයා පිළිබද හැගීමක් ඔහුට නැද්ද? මේ ප්රශ්න වලට නිවැරදි පිළිතුරු දන්නේ ඔහුම පමණි. තරමටම ඔහු පාක්ෂිකයන්ගෙන් ඈතය.
ඔහුගේ චන්ද පොරොන්දු දෙස බලන්න. සැබවින්ම ඔහුගේ නියම චන්ද පොරොන්දු දැකිය හැක්කේ ඔහුම චන්දයට ඉදිරිපත් වූ අවස්ථාවන්හි යයි මම සිතමි. මක් නිසාද වැඩිම ආකර්ශනයක් ලබා ගැනීම තමාගේ ම ජයග්රහණයට හේතුවන බව ඔහු දන්නා නිසාය. චුවින්ගම්, බ්රේස්ලට් වැනි පොරොන්දු ජනතාවගෙන් කොතරම් ඈතද? ජනතාව පිනවන කෙටි කාලීන පොරොන්දු වලට වඩා රටට වැදගත් ප්රතිපත්ති තීරණ ගැනීම ඉහල මට්ටමේ දේශපාලකයෙකුගේ වගකීම බව සැබෑව. එහෙත් අප ජීවත් වන්නේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ නමට පමණක් හෝ පැවැත්වෙන රටක හෙයින් පොදු ජනතාවගේ චන්ද ලබා නොගෙන, මධ්යම පන්තියට පමණක් වැටහෙන බසකින් කතා කිරීම පරාජය ඉල්ලා ගැනීමක් නොවේද? සමහර නායකයන් ජනතාවට 'දැනෙන්නට' කතා කරන්නට චිම්පන්සි හැසිරීම් පවා දක්වන බව අප සියල්ලන්ම දනිමු.

ජනතාවගෙන් ඈත්වී සිටි නමුත් දිගින් දිගටම ඉහල තනතුරු හෙබවූ වෙනත් කිසිදු දේශපාලකයෙකු ලංකාවේ සිටියේ නැත. ඔහු ඇත්තේ වාර්තාවකි! එයට හේතුව කුමක්ද? වාසනාවද? පක්ෂය තුල දක්ෂයන් නොවීමද? නැත්නම් පක්ෂය තුල බිහිවූ දක්ෂයන් මුලින්ම හදුනා ගෙන ඔවුන් එලියට යැවීමට වික්රමසිංහ මහතා තුල තිබු දක්ෂතාවයද? රංචු ලෙස ජීවත් වන සමහර සත්ත්ව වර්ග වල නායකත්වය වෙනුවෙන් අභියෝගයක් එල්ල කල හැකි සතුන් තෝරා ගෙන ඔවුන් මරා දැමීම රංචුවේ නායකයා ගේ පුරුද්දක් බව මා අසා ඇත. මේ අප දකින්නේ එවැනි සටන් වල වඩා ශිෂ්ට සම්පන්න අවස්ථාවක්ද?
පොදු රැස්වීම් වලදී ඔහුගේ හැසිරීම දෙස බලන්න. තමන්ගේ හැසිරීම දෙස ජනතාව බලා සිටින බව බොහෝ විට ඔහු අමතක කරයි. කුඩා දරුවන් වඩා ගැනීම, වැඩිහිටි පුද්ගලයන් සමග කරට අතක් දමා පින්තූර ගැනීම හෝ වයසක ආත්තම්මලාට වැඳ වැටීම වැනි ජනතාව ගොනාට අන්දවන හැසිරීම් ඔහු තුල නොමැතිවීම ඉතා ධනාත්මක ලක්ෂණයක් ලෙස මා සිතන්නේ වුවත් එයම ඔහුගේ චන්ද ගොඩ අඩු වීමට බල නොපෑවේ යැයි කිව හැක්කේ කාටද?

ඉහත දැක්වූ සියලු හැසිරීම් නිසා ඔහු පොදු ජනතාවගෙන්ද පාක්ෂිකයාගෙන්ද ඉතා දුරින් ජීවත් වන චරිතයක් බවට පත්වී තිබේ.

ගරු කථානායක තුමනි,

මේ දුරස් වීම නැතිකර ගැනීමට ඔහු අපොහොසත් වන්නේ නම් තනිව මැතිවරණයක් දිනීම ඔහුට හෝ ඔහුගේ නායකත්වය යටතේ ඇති පක්ෂයකට නොහැකි වනු ඇත. ඔහු එය වටහා ගෙන ඇත්ද? මෙවැනි දුර්වලතා සමහරක් තිබු ජේ. ආර්. ජයවර්ධන මහතා එම දුර්වලතා මග හරවා ගැනීමට දක්ෂ දෙවැනි පෙළක් නිර්මාණය කර ගනිමින් ඔවුනට වගකීම්  පැවරීය. දක්ෂ  උපදේශකයන්ගේ සේවය ලබා ගත්තේයඔහු ජයග්රහණය කලේ තම දුර්වලතා හදුනා ගෙන ඒවාට පිළියම් යෙදීමට අවංක උත්සාහයක් දැරීමෙන් පමණි. ජයවර්ධන මහතාට වඩා කිහිප ගුණයකින් දුර්වලතා ඇති වික්රමසිංහ මහතා එවැනි ප්රයත්නයක් දරන්නේද?


මේ සියල්ලට පිළිතුරු දැන ගැනීමට ඉදිරි දශකය තුලදී අපට හැකිවනු ඇත. එම දශකය වික්රමසිංහ මහතාගේ දේශපාලන දිවියේ අවසාන දශකය වීමට බොහෝ ඉඩ ඇති හෙයිනි. අපටනොලැබුණු හා නොලැබෙන’ ජනාධිපතිවරයා ඔහු විය හැක. මම පිලිබදව කනගාටු නොවෙමි. මෙතරම් ජනතාවගෙන් ඈත්වූ සහ තම 'මිතුරු කාටලය' මත මෙතරම් යැපෙන ජනාධිපතිවරයෙකු ඉතා භයානක ක්රියා මාර්ග වලට නොයනු ඇතැයි කිසිදු සහතිකයක් නැති නිසාය. එහෙත් ඔහු තරම් හොද අගමැති වරයෙකු පෙනෙන තෙක් මානයකවත් නැත. මක් නිසාද යත් ජනතාවගෙන්  ඈත්වීම හා මිතුරු කාටලය වැනි දුර්වලතා අමතක කළහොත් ඔහු විශිෂ්ට දෙවැනි පෙළ නායකයෙකු වන නිසාය.  

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete