Saturday, September 9, 2017

සුභ උදෑසනක් වේවා යාලුවනේ!!!



මහ ඉලුප්පල්ලම කියන්නේ පේරාදෙණියේ ඇග්රිකල්චර් ෆැකල්ටි එකට යන කාටත් ජීවිතේ අමතක නොවෙන පළාතක්.  හුග දෙනෙකුට ඒක හරි සුන්දර හීනයක් වගේ කාලයක්. අනුරාධපුර දිස්ත්‍රික්කේ කැකිරාවත්, එප්පාවලත් අතරේ පිහිටලා තියන මේ පැත්තේ පාර අයිනට වෙන්ඩ ආණ්ඩුවේ බීජ ගොවිපල පිහිටලා තියනවා. ඒ බීජ ගොවිපොළ පහු කරගෙන කිලෝ මීටර් හතරක් විතර ඇතුලට යනකොට තමයි කැම්පස් එකට අයිති කොටස පිහිටලා තියෙන්නේ. කැම්පස් එකේ ගත කරන අවුරුදු හතරෙන් එක කන්නයක් අපි ඔක්කොම ගත කරන්නේ එහෙ (සිලබස් එක වෙනස් වෙද්දී දැන් මේක කන්නෙකට අඩු වෙලා තිබුනට ඉස්සර කාලේ අවුරුද්දක්ම ‘කෂ්ටිය’ ඉදලා තියෙන්නේ එහෙ...ඇස් දෙක පල්ල ඊරිසියයි!!). MI යවන්ඩ පොතේ කියලා තියන බලාපොරොත්තුව නං අපිට කෘෂිකර්මේ කියන්නේ මොකද්ද කියලා ප්‍රායෝගිකව කියලා දෙන එක. හැබැයි මට හිතෙන්නේ අඩු වෙන්ම වෙන්නෙත් ඒකද කොහෙද. ජීවිතේ ගැන කියල දෙන, කණ්ඩායමක් විදිහට එකට ජීවත් වෙන්ඩ කියල දෙන, මං දන්න, ලංකාවේ හොදම තැන තමයි මහ ඉලුප්පල්ලම. එහෙම නැත්නම් ආදරණීය MI. අපි එහෙ ගියා එක යල කන්නෙක!!

බණ්ඩියා කියන්නේ අපේ බැච් එකේ හිටපු,  කුරුණෑගලින් ආපු මාර පොරක්. කුරුණෑගල කිව්වට කුරුණෑගලම නෙවෙයි ඊට ටිකා......ක් (ඒ කියන්නේ හැතැම්ම 20-30 විතර) එහා. ගිරිඋල්ලේ. ගිරිඋල්ල කිවුවට එතනිනුත් පෝ.....ඩ්ඩක් (ඒ කියන්නේ හැතැම්ම 8-9 විතර) එහා ගමක. ගමේ නම නං කියන්නෑ පුතෝ මැරුවත්!!! උදව්වක් විදිහට කියන්නං නමට අකුරු හතරයි... පටං ගන්නේ '' යන්නෙන්. අන්තිම අකුරත් ඒකමයි! (මං කිව්වා කියලා කාටවත් කියන්ඩ එපා හොදේ). අද කතාවෙ නායකයා වෙච්චි බණ්ඩියා ගෙ අමතක නොවෙන ගති ගුණ තුන හතරක් තිබ්බා. අපි අහල නොතිබ්බ සිංහල වචන ගානක් මුගේ සද්ද කෝසෙ තිබ්බා. 'තිරිත්තුව', 'විරුව පට්ටං', ‘අහීමාන’, ‘පට්ටන්දර', ‘සියක්කූරු’  ඒ අතරින් කීපයක් විතරයි. ඒ හින්දා මූ කතා කරන දේවල් වල තේරුම මොකද්ද කියලා සමහර විට ආයෙත් උගෙන්ම අහ ගන්ඩ වෙන අවස්ථා තිබ්බා. දෙවැනි ගති ගුණේ උගේ තිබ්බ මනුස්සකම. තුන්වැනි එක උගේ තිබ්බ උදෑසන සුබ පැතීම!!  


MI වලදී කොල්ලන්ට නවතින්ඩ තිබ්බේ ඩෝර්මෙට්‍රීස් (dormitories) එහෙම නැත්තං දිග ශාලාවල් තුනක්. එක ශාලාවක කාමර 14-16 විතර තිබ්බට ඒ කාමර වලට දොරවල් තිබ්බෙ නෑ. වහලෙට සිවිලිමකුත් නොතිබ්බ හින්දා මේ කාමර ඉස්පිරිතාලෙක තියෙන පොඩි වාට්ටුවක විදිහට සමාන උනා. අපි ගියේ අපේ කැම්පස් ජීවිතේ තුන්වැනි අවුරුද්දෙදි. ඉතින් අවුරුදු දෙකක්, සැපදායක පේරාදෙණියේ සීතලට හුරු වෙලා ඉදලා එක පාරටම වියළි කලාපේ, වැස්ස අඩු කාලේ එන රස්නෙට මූණ දෙන එක අපි හැමෝටම පොඩි ප්‍රශ්නයක් උනා. අනික උදේ ඉදං දවල් වෙනකල් වත්තේ, කුඹුරේ වැඩ කරලා මහන්සියත් වැඩියි. ඉතිං අපි සරල විසදුමක් හොයා ගත්තා. ඒ තමයි ටික කාලෙකට නිගණ්ඨ ආගමට බැදීම. ඉතිං මේ ඩෝම් එකක් ඇතුලේ ඕනම වෙලාවක නිගණ්ඨ සාදු වරු හය හත් දෙනෙක් එහාට මෙහාට වැඩම කරනවා දැක ගන්ඩ පුළුවන් උනා. කෙනෙක් හිතුවොත් ඒක හරි අසික්කිතයි කියලා.කතාවෙ ඉතුරු ටික කොහොමත් කියවන්ඩ එපා.

පොඩි (පොඩි කිව්වට පොඩිමත් නෑ!!) බඩ ගෙඩියකුත්, සිරුර පුරා ලොම් වැවිච්චි, හොදින් හරහට වැඩිච්ච සරීරයකුත් තිබ්බ බණ්ඩියා මේ නිගණ්ඨ ඇඳුමින් සැරසිලා ඩෝම් එක දිගේ එහාට මෙහාට යනකොට කෙනෙක් රැවටෙන්ඩ පුළුවන් මේ නං  ගෝටයිම්බර යෝධයා තමයි කියලා. මේ යෝදයා සරමක් ඇන්දේ රෑට විතරයි. ඒ රෑ දෙගොඩ හරි ජාමේ එන සීතලෙන් බේරෙන්ඩ ඕන හිංදා.

මෙහෙම සීතල රෑ කාලෙකට පස්සෙ එන සුන්දර උදෑසනක බණ්ඩියා උදේම නැගිටලා වෙන කාමරේකට යනවා. ඒ කාමරේ ඉන්න සෙට් එක තාම නිදි. ඊට පස්සේ හරිම ලයාන්විත හඩකින් බණ්ඩියා මෙහෙම කියනවා...."සුබ උදෑසනක් යාලුවනේ...නැගිටින්ඩ ....නැගිටින්ඩ...ලස්සන උදෑසනක්...මේ බලන්ඩ!!!!" කොල්ලෝ විතරක් හිටපු, නිගණ්ඨ ආරාමයක් වගේ වෙච්චි ඩෝර්ම් එකට මේ වචන හරි අලුත්! හරි නැවුම්! හරියට කම්මලේ පිපුන ලස්සන මලක් වගේ වෙනස් හැගීමක් ගේනවා. සිංහල බාසාවට වඩා සුද්ද සිංහල බාසාව නිතර පාවිච්චි උන, අඩෝ, බං, බොලං, තෝ, වගේ වචන වලින් කතා බහ කෙරිච්චි ඩෝර්ම් එකට ඇහෙන මේ වචන මී පැණි වගේ රසයක් ගේනවා. සීතලට ගුලි වෙලා නිදා ගෙන ඉන්න කොට එක පාරටම හරි ජොලියක් එනවා මේ සුබ පැතීම අහන කොට. ඉතිං ඒ කාමරේ ඉන්න ඔක්කොම බලනවා සද්දේ එන දිහා..ඒ කියන්නෙ බණ්ඩියා දිහා. එතකොට දකින්ඩ තියෙන්නේ පුන් කලසක් !! පුන් කලසක් කිව්වට ඒක පුන් කලසක් නෙවෙයි පුක් කළසක්!!. සරම උස්සගෙන දෙකට නැවිලා තමුන්ගෙ පස්ස පැත්ත කාමරේ පැත්තට හරවා ගෙන ඉන්න බණ්ඩියා තමයි මේ සුබ පැතීම කරලා තියෙන්නෙ!!!

ඊට පස්සේ, තමුන්ගෙ සුභ පැතීම කාමරේ ඉන්න අය දැක්කා කියල දැන ගත්තහම බණ්ඩියා මුළු ඩෝර්ම් එකටම ඇහෙන්ඩ හූවක් කියනවා. සුභ දසුනක් උදේම දැකලා ඇති වෙච්ච අප්පිරියාවට වැඩ දරුණුයි මේ හූව හින්දා ඇති වෙන ලැජ්ජාව!!

තව දවස් දෙක තුනක් ගිහාම බණ්ඩියා උදේම යනවා වෙන කාමරේකට. "සුබ උදෑසනක් යාලුවනේ......"....... ආයෙත් දවස් දෙක තුනකට පස්සේ තව කාමරේකට....මේකා මේ සුභ පැතීම දිගටම කරගෙන ගියා....

ඔහොම ගිහිං අපි  පැල කරපු වී අස්වැන්න නෙලන්ඩ කිට්ටු උනා..... තල, මෙනේරි, කුරක්කන් පල බර වෙලා හුලගට වැනෙන්ඩ පටන් ගත්තා..... සූරිය කාන්ත මල් පිපිලා ලස්සනට තියෙන කාලේ ආවා..... විබාගේ කිට්ටු උනා!. 

විබාගේ දවසක උදේ බණ්ඩියා ගේ සුබ පැතීම ලබා ගන්ඩ කවුරුවත් කැමති උනේ නෑ.  දවස් දෙක තුනකින් සුබ පැතීම සිද්ද නොවිච්ච හින්දා අපි දැනගෙන හිටියා අද හෙටම මොකක් හරි කාමරේකට සුබ පැතුම හම්බ වෙන බව. බණ්ඩියා ගේ කල් කිරියාව දන්න හිංදා ඌට මේ ගැන හොඳින් කතා කරලා නවත්තගන්ඩ බැරි බව අපි දැනං හිටියා. ඉතිං විකල්පෙ උනේ ඌට පෙරලා ‘සුබ පැතීම’!!.

අපේ කාමරේට ඉස්සරහ කාමරේ හිටියා තොරටියා කියල එකෙකුයි ගොක් මැස්සා කියලා එකෙකුයි. සොමිපාලයි, පලංචියයි  තමයි කාමරේ ඉතුරු සාමාජිකයෝ. තොරටියා ඇවිල්ලා හොද රෙස්ලින් කාරයා. ඉක්මනට තරහ යන, තරහ ගියොත් මොකාට උනත් හොම්බට දමලා අරින චරිතයක්!!

අර අපි බලාපොරොත්තුවෙන් හිටපු සුන්දර දවස ආවා. බණ්ඩියා ආවා අපේ ඉස්සරහ කාමරේට. ඒ වෙනකොට තොරටියා උදෙන්ම නැගිටලා පාඩම් කරන්ඩ. හැබැයි ඌ ඇදේ ඇල වෙලා හිටපු හිංදා බන්ඩියා දැක්කෙ නෑ තොරටියා ඇහැරිලා ඉන්න බවක්.
"සුබ උදෑසනක් යාලුවනේ..." කියල විතරයි බණ්ඩියට කියන්ඩ හම්බ උනේ. තොරටියා ඩග් ගාල ඇඳෙන් නැගිට්ටා. කාමරේ පැත්තට පස්ස පැත්ත හරවාගෙන හිටපු හිංදා බණ්ඩියට මොනවත් දැනුනේ නෑ තමුන්ට රෙස්ලින් ටැකල් එකක් වැටෙන කල්ම.
තොරටියත් එක්ක පොර බදන්ඩ අරූට බැරි උනා. අහසින් වගේ බණ්ඩියා ඇදක් උඩට පෙරලුනා....

”ගනිං... ගනිං... ගොකා අර වතුර බෝතලේ!!” තොරටියා ගොක් මැස්සට පෙන්නුවා මෙසේ උඩ තිබ්බ වතුර පුරවපු ප්ලාස්ටික් මෙගා බෝතලයක්.

කියන පරක්කුවෙන් ගොකා අර බෝතලේ අරං ගැහුවා බණ්ඩියගේ පස්ස පැත්තේ. තොරටියා තදින් අල්ලගෙන, ඇද උඩ පෙරලගෙන හිටපු බණ්ඩියගේ කක්ක පැත්තට මෙගා බෝතලේකින් වතුර යවද්දී මුලු ඩෝම් එකේම හිටපු උං එතන්ට ආවා.... මං හිතන්නේ ඒත් එක්කම ආපු හූ සද්දේ මහා ඉලුප්පල්ලමට විතරක් නෙවෙයි එප්පාවල පැත්තටත් ඇහෙන්ඩ ඇති. 

.....මට පොඩ්ඩක් වැරදුනා. අර ‘විශිෂ්ට’ දර්ශනේ බලාගන්ඩ ඒ වෙලාවෙ ඩෝම් එකේ ටොයිලට් වල හිටපු එවුං ආවෙ නෑ. ඉතුරු කට්ටිය තමයි ආවේ. අර කාමරේ සාමාජිකයෙක් වෙච්චි පලංචියා ඔය කියන වෙලාවේ ටොයිලට් එකට ගිහින් ඉදලා තියෙන්නෙ. ටික වෙලාවකින් ඌ එනවා කාමරේට. 

“මොකද යකුනේ...... තොපි හූ තියන්නේ මේ උදේ??...විබාගේ බයට තොපිට ඔල්මොරොන්දන්ද?....අප්පෝ මොකාද මේ වතුර හලලා තියෙන්නේ කාමරේ පුරාම...ඈ තොරටියා උඹට චූ ගියාද කාමරේ???...යකෝ බය වෙන්ඩ එපා ඔච්චර විබාගෙට!!!”
විනාඩියක් විතර ගියා...ගොකා ගේ  හූ හඩින් ආයෙත් මුළු ඩෝම් එකම දුවගෙන ආවා උංගේ කාමරේට. අපි මොකද්ද දැක්කේ දන්නවද? හරිම අසික්කිත දර්ශනයක්! බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු අර මෙගා බෝතලේ කටේ තියාගෙන පලංචියා ඉතුරු වෙච්චි වතුර බොනවා!!! තවත් හූ හඩක් පතුරුනා. ඒකනං එප්පාවල පහු කරගෙන තලාව පැත්තටත් ඇහෙන්ඩ ඇති බොලල්ලා!!!!

ඒ කොහොම උනත් බණ්ඩියගේ සුභ පැතීම එතනිං ඉවර උනා. නැත්තං දැන් විශ්ව විද්යාලෙක ආචාර්ය වරයෙක් වෙලා ඉන්න බණ්ඩියා ක්ලාස් එකට ඇවිල්ලා ...සුබ උදෑසනක් ළමයිනේ...කියල අර සුබ දසුන පෙන්නුවොත් කොහොමට තියෙයිද?!!! අර සුද්ධ වතුර බීපු පලංචියා ජාතියේ  මහා ලයිට් කණුවේ එක ශාඛාවක මැනේජර් මහත්තයෙක්. රෙස්ලින් තොරටියා ජාත්‍යන්තර සමාගමක ලොකුම ලොකු තනතුරක් දරනවා. බෝතලේ බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු ගොකා, ලංකාවේ ප්‍රසිද්ධ සංනිවේදන අධ්‍යක්ෂක කෙනෙක්!!.

ඉතින් කතාව ඉවරද? නෑ. අදත් මේ වගේ සුබ පැතීම් වෙනවා!!!. වචන ටික නම් වෙනස් වෙන්ඩ පුළුවන්. මෙන්න මේ වගේ...අහවල් තුමාගේ සුබ පැතුම් සමග මේ සිල් රෙද්ද !! අහවල් තුමාගේ උපන් දිනය නිමිත්තෙන් මේ ඔල්ලෝසුව!!! හැබැයි මේ හැමෝම කරන්නේ ජහ මනයා වෙච්චි අපිට සරම උස්සලා පස්ස පෙන්නන එක! ඊට හපන් කුජීත වැඩ කරන්නේ අර වගේ පස්ස පෙන්නලා මාට්ටු වෙච්චහම එකට දඩුවම් දෙනකොට විරුද්ධ වෙන එවුං!!. මට මේ කතාව මතක් උනේ ලගදි සිල් රෙදි බෙදලා බණ්ඩියගේ වගේ වැඩක් කරපු හිටපු ලොක්කෝ දෙන්නෙක් ආණ්ඩුවේ බෝඩිමට යවන්ඩ තීරණය උනාම ඒක භයානක පූර්වාදරුසයක් කියාලා නටපු, දෙකොන පටලවා ගත්තු ගොංමංපිලපලංචියගේ’ කතාව අහලා. මං හිතන්නේ පස්ස පෙන්නනවට වඩා කුජීතයි පස්ස පැත්තේ ගහපු බෝතල් කටේ තියා ගෙන වතුර බොන එක. නැද්ද හා....?


18 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කතාව මරු අන්තිමට සිල් රෙදි කේස් එක ආවෙනැත්තම්.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකක්ද අවුල? පැහැදිලි කලානම් කාටත් දැනගන්න එක්ක

      Delete
  3. නියම බ්ලොගක් නේ බං
    අදමයි මේ පැත්තට ආවේ.
    මගේ බ්ලොග් රෝල්ට එකතු කරා.
    දිගටම ලියපං

    ReplyDelete
  4. හැම පොස්ට් එකකටම අඩුම තරමින් එක පින්තුරයක් දාපන් නැත්තං සින්ඩි වලයි බ්ලොග් රෝල් වලයි ඇහැට වදින්නේ නැහැ

    ReplyDelete
  5. මීට අවුරුදු විසිපහකට ඉතර ඉස්සර මගෙ යාලුවෙක් හිටියා හොඳ කවියෙක්. උගෙ නම ලබ්බල විජේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මං නං කිවුවේ නෑ ගමක නමක්...!!

      Delete
  6. ඔය ඇඟ පුරා බූල් තියෙන එක්කෙනා දැන්නම් ලබ්බල පැත්තෙ නෙවෙයි පදින්චිය මයෙ හිතේ...නැහ්නම් හම්බවෙනවනෙ යක්විල කොටුවැල්ල පැත්තෙ කරක් ගහනකොට..

    බෝතලේ බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු ගොකා, ලංකාවේ ප්‍රසිද්ධ සංනිවේදන අධ්‍යක්ෂක කෙනෙක්!!. දැන් මුලු රටේම උන්ගෙ පස්සා පැතිවල බෝතල් ගහන්ඩ පුලුවන් ජොබ් එකක..

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්ඩ බෑ දැන් කොහෙද ඉන්නේ කියලා. සංනිවේදන අධ්‍යක්ෂ තුමා නම් ඉන්නේ කොළඹ. මං දන්න තරමින් ඌ ඊට පස්සේ ඒ වගේ වැඩ කලේ නෑ. ඉතා ආදරණීය චරිත දෙකක් මේ දෙන්නම!! ඇත්තටම මේ කතාවේ හිටපු ඔක්කොම කට්ටිය හරි හොඳ එවුං.

      Delete
  7. සොයා බැලිය යුතු කාරනා ටිකක්...

    නියම පෝස්ටුව

    ReplyDelete
  8. අදයි මේකට ආවේ, ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියවන් ගියා. දිගටම ලියන්න. බ්ලොග් එක බුක්මාක් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්.

      Delete
  9. මමත් හැමදාම කියන එකක් තමයි දිගටම් ලියන්ඩ කියන එක .එත් බලන කස්ටිය අඩුයි කියල පොඩි කරුකුරුවක් තිබුන මට හිතෙනවා තව කීප දොහක් යද්දී මේ බ්ලොග් එකට ලොකු ඉල්ලුමක් එනවා කියල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්.

      Delete