Thursday, November 30, 2017

ඉපදෙනවාට වඩා වැඩියෙන් මැරෙන ළමයි


හැමෝම දන්න රහස් කියලා ජාතියක් අපේ සමාජේ තියනවනේ ආයිබොවන්...රට කරවන ඇත්තන්ගේ ඉඳලා පන්සල්, පල්ලි වල නායක කාරකාදී ඇත්තන් දක්වාම ඉන්නේ හොරකමක් වංචාවක් ගැන හිතිවිල්ලක් වැරදිලාවත් එන්නේ නැති අපේ පිනටම පහල වෙච්චි උන්දැලා ටිකක්ය, අපේ දොස්තර ගොල්ලොත් ලෙඩ්ඩු ගැන අප්රමාන අනුකම්පාවකින්ම තමුන්ගේ සේවාව උපරිමෙන් කරනවාය වගේ හැමෝම දන්නා රහස් අතරේ තියන තව රහසක් තමයි මේ රටේ ඉපදෙන්ඩ ඉස්සරලම ළමයි මැරිල්ලක් එහෙම නැත්තං....මේ...මේ... කියන්ඩත් මොකද්ද වගේ....කවුරුවත් අහගෙන හෙම නෑ නේ...ගබ්සාවක් කිසිම දවසක වෙන්නේ නෑ කියන එක. අප්පේ හිතන්ඩත් පවු සිද්දවෙනවනේ අප්පා ජීවිතයක් නැති කරනවා කියපුවම....අනික මේ මොකුත් නොදන්නා කිරි සප්පයෙකුගේ.....!!!


හැබැයි ඔන්න ඉපදුනාට පස්සේ නම් මැරුවට කමක් නෑ. මරන්ඩ බැරි නම් නොමරා මැරුවත් කමක් නෑ. දහජරා බල්ලෝ වගේ දඩාවතේ හැදෙනවට වඩා හොඳයි කවුරු හරි බලවන්තයෙක්ගේ ආසාවල් පිරිමහ ගන්ඩ පොඩි කාලෙම බිල්ලට දෙන එක, නැත්නම් ගෙවල් වල වැඩට යවන එක, පිටරට එකෙකුට වකුගඩු ගන්ඩයි වෙන වෙන කෑලි ගලව ගන්ඩයි විකුණන එක, හිගා කන්ඩ කුලියට දෙන එක, පික් පොකැට් ගහන්ඩ පුරුදු කරන එක, කුඩු ගහන්ඩ ගංජා ගහන්ඩ පුරුදු කරන එක ඔය මොකුත්ම නැත්නං ගල් වලක වැඩට හරි වැලි ගොඩ දාන්ඩ හරි යවන එක. හැබැයි ගබ්සා නම් කරන්ඩ එපා පුතෝ ආය දෙකක් නෑ නරකාදිය සුවර් ….!


මට කොරන්ඩ වැඩක් නැති කමට ඩිංගිත්තක් හොයලා බැලුවා කොච්චරක් විතර ගබ්සාවල් වෙනවා කියලද අපේ ආචාර්ය මහාචාර්ය ගොල්ල කියන්නේ කියලා. කියන්ඩ සන්තෝසයි දෙක තුනකට වැඩිය නෑ අවුරුද්දකට!! හැබැයි බොලල්ලා වාර්තා වෙන එව්වා විතරයි. මේ ගැන විස්තර හොයාපු හැමෝම එකඟ වෙන කාරණයක් තියනවා... තමයි නීතියෙනුයි, සමාජෙනුයි, සගිස්ක්රුතියද මොකද්ද කියලා පාරම් බාන එකෙනුයි හැම තැනිම්ම මේ මාතෘකාව තහනම් කොරලා තියෙන හිංදා මේ ගැන විස්වාස කොරන්ඩ පුළුවන් තොරතුරු හොයා ගන්ඩ අමාරුයි කියන එක...හරියට පාගා නොගහපු දේශපාලකයෙක් ලංකාවෙන් හොයාගන්නවා වගේ මට හිතෙන හැටියට

කොළඹ විශ්ව විද්‍යාලේ මහාචාර්ය නාලිනී රාජපක්ෂ වගේ මේ ගැන අවුරුදු ගානක් වැඩ කරපු අය කියන්නේ 1997 වගේ කාලෙක දවසට ගබ්සා 658 විතර උනා කියලා. ඒ කියන්නේ අවුරුද්දකට 240,000 විතර. හැබැයි එතුමියම කියනවා මේ ගැන දැන් වැඩි වෙලා ඇති කියලත්. පහුගිය අවුරුදු විස්සටම මේ ගැන හොඳ පර්යේෂණයක් ලංකාවේ වෙලා නෑ පේන විදිහට. හැබැයි මේ ගැන අව්රුදු ගානක් තිස්සේ වැඩ කරන කට්ටිය කියන්නේ දවසකට කොළඹ නගරේ විතරක් ගබ්සාවල් දාහක් විතර වෙනවා කියලා. එතකොට මුළු රටේම ගාන එක්දාස් පන්සීයක් විතර වෙනවලු!!!....හොඳයි තාර බර ඇරලා අපි දාහක් කියලා හිතමුකෝ. ඒ කියන්නේ මාසෙට 30,000 ක්. අවුරුද්දට 365,000ක්. අපෙ අප්පේ මෙව්වා හැබෑද කියල හිත හිතා ඉන්න කොට තව එකෙක් කියාපි මේ ගණන් හිලවු 2010 විතර එක්කහු කරපුවය.. අපේ උන්ගේ හැදියාව එදාට වඩා අද හුගක් ඉහල ගිහින් තියන හින්දා මේ ගණන් හිලවු අපේ රටේ උද්ධමනේ වගේ ඉහලටම ගිහිල්ලා තියෙන්ඩ ඕනය කියලා. ඒත් එක්කම මං පෙරලුවා අපේ සංගණන දෙපාර්තමේන්තුවේ අයියලා මොකදෑ කියන්නේ කියාල අව්රුද්දකට ලංකාවේ ඉපදෙන දරුවෝ ගාන ගැන. ඒක තමයි හොඳම කෑල්ල…

1973 දී ලංකාවේ උපත් ප්‍රමාණය 367,158 යි. ඒක ටිකක් වැඩි වෙලා 1981 වෙනකොට 423,793 වෙලා. එදා ඉඳන් ටික ටික අඩුවෙනවා. 2013 වෙනකොට ගාන 365,792 යි.
ඒ කියන්නේ ලංකාවේ ඉපදෙන ළමයි ගානයි ගබ්සා කරන ළමයි ගානයි එක සමානයි!!!එහෙම නැත්තං ගබ්සා කරන ළමයි ගාන වැඩියි ඉපදෙන ගානට වඩා!!!. අම්මප මගේ ඇස් අදහා ගන්ඩ බැරි උනා ඕං මේ ඉලක්කං දිහා බලපුවම.

හැබැයි තාම ලංකාවේ නිල වශයෙන් වාර්තා වෙන්නේ හුගාක් අඩු ගබ්සා ප්‍රමාණයක්. ඇත්තටම එහෙම වාර්තා වෙන්නේ ගබ්සාව හිංදා ඒ කාන්තාවට අමාරුවක් වෙලා ඉස්පිරිතාලෙකට ගියොත් විතරයි. හුගක් වෙලාවට මේ 'අමාරු වෙලා' කියන්නේ මරණාසන්න වෙන එක. තාම ලංකාවේ ගබ්සා කරන්ඩ පාවිච්චි කරන සිට්ටම් වල කොලිටි එක අනිත් රටවල්වලට වඩා හොඳයිලු. ඉතින් ඒ හිංදා එහෙම මරණාසන්න තත්වෙට පත්වෙන වෙලාවල් හරිම අඩුයිලු.

ඉන්දියාවේ හෙම නං නීති විරෝධී ගබ්සා වලට ලොකුම හේතුවක්ලු කෙලි පොඩිත්තියෙක් ලබා ගන්ඩ තියෙන අකැමැත්ත. හැබැයි ඕං අපේ එහෙම ප්‍රශ්නයක් නෑ කියන්ඩ තරම් ලොකුවට. මොකද 1973 ඉඳන් 2013 වෙනකල්ම කොල්ලෝ 100 ඉපදෙන කොට කෙල්ලෝ 104-105 ඉපදෙනවලු. ඉන්දියාවෙ, චීනේ හෙම සමහර පළාත් වල මේ අගය කොල්ලෝ 100 ට කෙල්ලෝ 70-80 විතර. ඉතින් මට නම් හිතෙන්නේ ලංකාවේ අම්මලා තාත්තලා ගබ්සා වලට යන්නේ කෙල්ලෝ එපා කියල නෙවෙයි. කිසිම දරුවෙක් එපා කියලයි!!


ගබ්සාවට විරුද්ධයි විරුද්ධයි කියලා බෙරිහන් දෙන එවුවො ඉපදෙන ළමයින්ට කන්ඩ බත් කටක් වත් හොයල දෙනවද කියල මට හිතෙනවා. අනික් පැත්තෙන් අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට එපා වෙන දරුවෙක් බලා කියා ගන්ඩ අපේ රටේ පිලිවෙලකුත් නෑ . ළමා නිවාස කියලා ජාතියක් තිබ්බට එවුවයේ තත්වේ මොකද්ද කියලා අය මං කියන්ඩ ඕන නෑනේ. මං මේ කියන්නේ හැම ළමා නිවාසයක්ම ගැන නෙවෙයි. හැබැයි හුගක් එවුවා හද තත්වේ නැති බවයි මගේ අක්මාවට දැනෙන්නෙ. ආන්න එහෙම හොඳ වැඩ පිළිවෙලක් හදලා දෙමාපියන්ට එපා වෙන දරුවෝ බලා කියා ගන්ඩ ක්‍රමයක් හැදුවොත් අපිට මේ ගබ්සා ප්‍රමාණයෙන් බාගයක් වත් අඩු කර ගන්ඩ පුළුවන් වෙයි. එහෙම එකක් තිබ්බොත්  අපේ ජනගහන වර්ධන වේගේ අඩුයි හපොයි අපේ ජාතිය වඳ වෙනවා කියලා තප්පු ලන එවුන්ටත් හොඳ විසදුමක්!!  ඇයි නිකම්ම ජනගහන වර්ධනේ 50% කින් වැඩි වෙනවනේ.  


පේනවනේ ලෝක සිතියම එක එක රටවල් වල ගබ්සා නීතියේ තරම පෙන්නන. අපි ඉන්නේ රතු පාටින්. ඒ කියන්නේ මවගේ ජීවිත අනතුරකදී පමණක් ගබ්සාවට ඉඩ දෙන රටවල් ගොන්නේ. අපි විතරක් නෙවෙයි මේ ගොඩේ ඉන්නේ. හුගක් ඇෆ්රිකානු රටවල වගේ දියුණුවේ පල්ලෙහා මට්ටමේ ඉන්න රටවල් හුගකුත් අපිත් එක්ක එක බෝට්ටුවේ ඉන්නවා!!! යුරෝපය, ඇමරිකාව හා ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වගේ දියුණු රටවල් ගොඩක් ඉන්නේ නිල් පාට බෝට්ටුවේ. ඒ කියන්නේ ලිහිල්ම ගබ්සා නීති තියන ඒ කියන්නේ ඉල්ලීමක් කිරීම තුලින් ගබ්සාවක් කර ගැනීමේ හැකියාව තියන රටවල් කාන්ඩේ. වැඩි විස්තර බලා ගන්ඩ පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්.

https://en.wikipedia.org/wiki/Abortion_law

ලංකාවේ ආණ්ඩුව මේ ලගදි උත්සාහයක් දැරුවා ගබ්සාව නීතිගත කරන්ඩ. වැඩියක්ම විශේෂිත තත්ත්ව යටතේ සිදුවෙන අනවශ්‍ය ගැබ් ගැනීම් සඳහා. 
ඒ විශේෂිත අවස්ථා යටතට ගැනෙන්නේ පහත සඳහන් කරුණු.

1. දූෂණයට හේ ව්‍යාභිචාරයට (ඉතාම ළඟ ඥාතීන් - උදාහරණයක් ලෙස පියා සහ දුව -අතර සම්බන්ධයක් නිසා දරුවන් පිළිසිද ගන්නා අවස්ථා) ලක්වීම 

2. අවුරුදු 16න් පහල දැරිවියක් දරුවෙකු පිළිසිඳ ගත් විට (කැමැත්තෙන් සිදු වුවද මෙය නීතිමය විදිහට දූෂණයකි) 

3. කළලය සැලකියයුතු මට්ටමේ විකලතාවයකට පත්ව ඇති විට 

ඉතින් කාට හරි හිතෙනවද මෙහෙම වෙන වෙලාවල් වලදීත් ගබ්සාව තහනම් විකල්පයක් කියලා? ඒත් සමහර ආගමික නායකයන්ගේ බලපෑම උඩ ඒ උත්සාහය යටගියා.  

අපේ වැඩ අපි බලාගන්නං කියල අනික් දේවල් වලට මෝඩ චූං පෙන්නුවට මේ වගේ සමාජ ප්‍රශ්නෙකදී අපේ නායකයො ගල් ගිල්ලා වගේ නිශ්ශබ්දයි. කාටද දෙයියනේ මඩු වල්ගෙන් තලන්ඩ ඕන???

14 comments:

  1. Replies
    1. දුක් වීම හැර පුරවැසියන් විදිහට අපිට කළහැකි යමක් තිබේද?

      Delete
    2. දුකක් කියන්න බෑ . මට දැනුනේ වික්ෂිප්ත බවක්. මට මේ ගැන ගැඹුරෙන් බලන්න දැනුම සහ මානසික ශක්තිමත් බව මදි. මට හිතුනේ, මම ඔය කියන 1, 2, 3, කියන අංකවල ඉන්න කෙනෙක් උනා නම් මම සමාජයට සාප කරයි වෙච්ච අසාධාරනෙට. ඊට පස්සේ හොර පාරෙන් ගිහිල්ලා තවත් නරාවලක වැටෙන්නත් ඉඩ තියෙනවා.

      අපි දියුණුයි කියන්නේ වෙන මොකද්දෝ එකකට. ඇත්තයි, මිත්‍යාවයි අතර ලොකුම ඕකු කළු කුහරයක් තියෙන්නේ. අති භයානකයි.
      මේ ගැන ළඟ දවස් වලදී ගොඩක් ලිපි පළවුනා. වැඩේ කියන්නේ එතනට එන බහුතරය කියන්නෙම මේක නීතිගත කරන්න කියල. ඒ උනාට සාමාන්‍ය සමාජය දිහා බැලුවම 'බුදු අම්මෝ.. පිස්සුද යකෝ' කියන ආකල්පයේ අපි දිහා බලන්නේ. එක්කෝ බ්ලොග් ලියන්නේ සාමාන්‍ය සමාජයේ උන් නෙවෙයි වෙන්න ඕනේ..

      Delete
  2. ගබ්සාව නීති ගත කල යුතුයි...

    ReplyDelete
  3. සංඛ්‍යා දත්තනම් ටිකක් අවුල් වගේ බන්.... එත් ඔය සිතියම තමයි හොදම උදාහරණය ලංකාව ඉන්න තැන කියන්න. ඔය ටික සංශෝධනය වෙන්නම ඕන එකක් බන්. සංස්කෘතික ගෙවලයෝ හරස් කැපුවට. සමාජයෙත් සැලකිය යුතු මට්ටමක හඩක් නැගුන් නෑ ඔය සම්බන්ධව.
    මේ මන් ඒ ගැන ලියපු එකක් http://rasthiyadukarayaa.blogspot.com/2017/08/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. මටත් සංඛ්‍යාත්මක දත්ත ගැන එච්චර විශ්වාසයක් නෑ. හැබැයි එක අතකින් දත්ත වල වැරදි තියෙන්නෙත් අපේ තියන පුහු සුචරිත වාදය හින්දමයි නේද? අපේ පුහු වැඩ හින්දා අහිංසක ජීවිත කීයක් දුක් විඳිනවාද? ස්තූතියි ඔබේ ලිපිය බෙදා ගත්තාට!!

      Delete
  4. මේ දූපතට මිලියන් 22 ක් දැනටමත් වැඩියි. ඔහොම ගියොත් කැලෑ , වගා බිම් මොනවත් තියන එකක් නෑ හැමතැනම ගෙවල් තියෙයි නාය යන , යටවෙන තැන් ඇතුලු හැම තැනම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක වෙනමම කතා කරන්ඩ ඕන දෙයක්. අධික ජනගහන වර්ධනය වගේම දුර්වල ජනාවාස කළමනාකරණයත් අදූරදර්ශී දේශපාලන මැදිහත් වීමුත් ඊට වග කිව යුතුයි.

      Delete
  5. රටක නීති හදන අයයි කෙලින් තීරණයක් ගන්න ඕන.
    ඔය ආගමික නායකයො අනාත වෙන ළමයින්ට කණ්ඩ දෙනවයි කියලැයි.

    ReplyDelete
  6. මේ වගේ ගැබුරින් කල්පනා කලයුතු හා තීරණ ගතයුතු ගැටළුවක් අදුනගන්වඩත් අපේ ඉන්න දේශපාලකයන්ට පුලුවන්ද ?අපේ රටේ අනාථ නිවාස කීයක්ද තියෙන්නේ. මෙවටිකටවත් හරියට මුදලක් වෙන්කරන්ඩ බැරිද.ඒවාට ගියාම හිතෙන්නේ අපායට ගිය කියල.අපේ රටේ දේශපාලුවන් 99 % පාර්ලිමේන්තුවට යන්නේ සල්ලි හොයන්ඩ මිසක් රට දියුනුකරන්ඩ නෙමෙයි.ඒවගේ එක සැලස්මක් ගෙනාපු එකෙක් ඉන්නවද.?

    ReplyDelete
  7. ඇත්ත. මගේ අදහසත් ගබ්සාව නීතිගත විය යුතුයි.මොකද ඔබ කියපු අවස්ථා තුනේදීම වැඩිපුරම විඳවන්නෙ උපදින දරුවා,( වැඩියෙන්ම අපේ ඊනියා අති උතුම් සමාජය අතින්) ඔය ලොකු කතා කියන සුචරිතවාදීන්වත්, ආගමවත්, දෙවියන්වත් ඒ දරුවගෙ පිහිටට නෑ එතකොට.ඒ දුක විඳින්න සැලැස්වීමට වඩා ගබ්සාව පිනක්.

    ReplyDelete
  8. ගබ්සාව නීති ගතකරන්ඩ නෙමෙයි ඕන , නීතියේ බලපෑමක් නොවෙන්ඩම නොසලකාහරින්ඩ......... කැමති වෙලාවක කැමති කෙනෙකුට කරගන්ඩ පුලුවන් වෙන්ඩ .... එතකොට මිනිස්සුන්ට නිදහසේ හුකන්ඩ පුලුවන්

    ReplyDelete