Friday, January 5, 2018

මහරජ කංසා


සාමාන්යයෙන් පිරිමි අපිට ටී. වී. බලන වෙලාවට රිමෝට් කොන්ට්රෝල් එක අතේ නිකං තියාගෙන ඉන්ඩ ටිකක් අමාරුයි. ඉතින් ඕකේ බොත්තන් මිරික මිරික ඉන්න වෙලාවක මම දැක්කා මහරජ කන්සා කියල ටෙලි නාට්ටියක් මොකද්දෝ චැනල් එකක පෙන්නනවා කියල මේ දවස් වල. දැක්ක ගමං මගේ හිත දුවලා ගියේ අපි කැම්පස් හිටපු කාලේ හිල්ඩා හොස්ටල් එක වාසභවනය කරගත්තු කාලෙට.

ඔය කාලේ බඩේ කැක්කුං, අතේ පයේ කැක්කුං, කොන්දේ කැක්කුං, ඉස රදේ, අධික සීතල, පීනස වගේ අටානූවක් රෝග දෙසිය තිහක් ව්යාධි හැදුනම හෙල්ත් සෙන්ටර් එකට යන එක මහා වදයක්. මොකද කෙහෙම්මල තිබ්බේ සංඝමිත්තා කන්දේ. අපි ඕකට ගෙහුං ආවත් අනිත් අපතයෝ හිතන්නේ අපි මේ කෙල්ලෝ පස්සෙන් ගිහින් එනවා කියල. එහෙව් එකේ අර කියාපු ලෙඩ වලට හරියන අත් බේත් අපි ළඟ තබා ගැනීමේ අවශ්යතාවක් පැන නැගුනා. එක එක අමාරු වලට වෙන වෙන බේත් අපි තියා ගත්තේ නෑ. තිබ්බේ එකම බේතයි. තමයි මහරජ කංසා. එහෙම නැත්තං ත්රයි ලෝක විජය පත් එහෙම නැත්තං ගංජා!!!


මේ අගනා අවුසදෙත් එක්ක අපේ තිබ්බ සම්බන්ධෙ කොච්චරද කියනවනං අපේ එක යාලුවෙක් පොඩී සූට්ටං ගංජා පැලයක් හුරතලේට ඇති කරන්ඩ පටං ගත්තා. මේ පොඩි හුරතල් පැලේ දවසින් දවස ලොකු වෙවී එද්දී අපිත් ගිහිං වතුර ටිකක් දාලා, කොළ ටිකක් අත ගාලා අපේ ආදරේ දක්වලා ආවා. ඒත් එක දවසක් හරිම ඇබැද්දියක් උනා. තමයි ශාලාධිපති තුමා තමුන්ගේ උප ශාලාධිපති වරුනුත් එක්ක අපේ කාමර වලට ආවා සැප දුක් බලන්ඩ. එදා අපේ කාමරේ තමයි අර හුරතල් පැලේ හිටියේ !!


“මේ මොන ගහක්ද?” මැටි මල් පෝච්චියක හිටවලා අපේ මෙසේ උඩ තිබ්බ පැලේ දැක්කම වෝඩන් තුමා ඇහුවා.

මේ ප්රශ්නෙම්ම අපෙ අක්මාවට දැනුනා වෝඩන් තුමා කංසා පලයක් දැකලා නෑ කියලා ජීවිතේට. අපි ඇත්ත කිව්වොත් ශිෂ්යභාවයත් අහිමි වෙන්ඩ පුළුවන් හිංදා අපි පොඩි බොරුවක් කිව්වා.

“ස....සර් මේ තක්කාලි පැලයක්!”

“ආ... බොහොම හොඳයි…අන්න බලන්ඩ ඇග්රිකල්චර් කරන ළමයි උනාම තනි තනි පැලේ හරි හදලා ගොවිතැනට යොමු වෙන එක හරි හොඳයි. අපි ඒක අගය කරනවා!! බලන්ඩ මිස්ටර් ...ජිත් ඔයා ආඩම්බර වෙන්ඩ ඕන ඔයාලගේ ෆැකල්ටියේ ළමයි ගැන!!!” 

මෙහෙම කියල කාලේ හිල්ඩා එකේ සබ් වෝඩන් කෙනෙක් විදිහට හිටපු අපේ ෆැකල්ටියේ සර් කෙනෙක් දිහාට හැරුනා. ....ජිත් සර් ගේ මූණ රතු වෙලා!! ටිකක් දාඩියත් දාලා වගේ. අපිට තේරුනා ...ජිත් සර් වැඩේ අතේ මාට්ටු කියලා. ඒත් කරන්ඩ දෙයක් නැති කමට කට වහ ගෙන හිටියා.

“ඔ...ඔව් සර් එහෙම තමයි හොඳ ගුරුවරු හිටපුවම!!”

හිහ්..හිහ්.. කියල පොඩි හිනාවකුත් දාලා  ...ජිත් සර් ගේ පිටට තට්ටුවකුත් දාන ගමං  වෝඩන් සර් අපේ කාමරෙන් ගියා. විතරක් නෙවෙයි තව කාමර හය හතකදීම අපේ කාමරේ ළමයින්ගේ උනන්දුව ගැන වර්ණනා කරලා අපි වගේ හැදෙන්ඩ කියල අවවාදත් කරලා තිබ්බා.

ඉතිං වගේ ගෞරවයක් අපිට ලබා දුන්නු මේ අපූරු පැලේ ගැන තමයි අද විස්තරේ.

අපි ගංජා…ගංජා කිව්වට ඔය ගහේ විද්යාත්මක නාමය කැනබිස් (Canabis). ඇත්තටම කැනබිස් කියන්නේ ගහ අයිති වෙන ඝනය (Genus). මේ ඝනයට විශේෂ දෙකක් අයිති වෙනවා. එකක් කැනබිස් සැටයිවා (Canabis sativa) අනික කැනබිස් ඉන්ඩිකා (Canabis indica). සමහර විශේෂඥයෝ නං කියන්නේ මෙහෙම විශේෂ දෙකක් නෑ, මේ දෙවර්ගේම එකම Canabis sativa විශේෂයට අයිති වෙන උප විශේෂ කියලා. කොහොම වෙතත් දැනට අපි මේ දෙක විශේෂ දෙකක් විදිහට හිතා ගම්මුකො.මේ ගස් ඔක්කොම අයිති වෙන්නේ කැනබේසියේ (Family- Cannabaceae) කියන කුලයට.

කංසා කියන්නේ එක අව්රුද්දක කාලයක් ඇතුලත තමුන්ගේ ජීවන චක්රය සම්පූර්ණ කරන, ඒක ලිංගික, අවුසද පැලෑටියක්. මේ මල් පරාගණය වෙන්නේ හුළඟින්. ඉතින් ඔය මී මැස්සෝ වගේ සත්තු ඕන නෑ පරාගනය වෙන්ඩ. බලන්ඩ කාටවත් කරදරයක් නැති ගහක්!!

එතකොට ඇයි මේ ගහ තහනං කරලා තියෙන්නේ සමහර රටවල් වල? මේ ගහෙන් මත් ගතිය ඇතිකරන නිෂ්පාදන හදන්ඩ පුළුවන් හිංදා.

එතකොට කොහොමද මත් වෙන්නේ? ඔය මත් ගතිය ගේන කැනබිනොයිඩ්ස් කියලා රසායන ද්රව් ඛාණ්ඩයක් හැදෙනවා මේ ගස් වල. මේ කැනබිනොයිඩ්ස් වර්ග 125 කට වඩා කංසා ගස් වල තියනවා. අටෝ රාශියක් කැනබිනොයිඩ්ස් වලින් වැදගත් වෙන්නේ දෙවර්ගයක්.
1. කැනබිඩියොල් (CBD)
2.ටෙට්රා හයිඩ්රො කැනබිනොල් (THC)
ඔය THC තමයි වැඩකාරයා. හරියටම කියනවනං THC හා CBD අතර අනුපාතය!!. මේක ගහේ ජාන මගින් තීරණය වෙන කාරණයක්. මත් ගතිය අඩු ගස් CBD වැඩියෙනුත් THC අඩුවෙනුත් හදනවා. හොඳට 'වදින' ගස් ඒකෙ අනික් පැත්ත.

කොටිම්ම THC තමයි මොලේ කචල් කරන රසායන ද්රව්යය. වැරදුනා මොලේ කචල් කරනවා කියල සමහරු කියන!!! අර මං මුලින් කිව්වනේ කංසා විශේෂ දෙකක් තියනවා කියලා. දෙකෙන් ඉන්ඩිකා විශේෂයේ THC වැඩියි. කියන්නේ වැඩිපුර පොලොසියෙන් පන්නන්නේ ගස් පස්සේ!!! සමහර ගස් වල මත ගතිය කොයි තරං නොවැදගත්ද කියනවනං ගස් වැදගත් වෙන්නේ කෙඳි ලබා ගන්ඩ. ඔය හෙම්ප් කියල කියන්නේ එහෙම ලබා ගන්න කෙඳි වලට. කෙඳි වලින් රෙදි හදලා ඇඳුම් පවා මහ ගන්ඩ පුළුවන්.

ගංජා ගැන කතා වෙන සමහරු 'මලක් අදිනවා', 'මලක්' වගේ යෙදුම් ගංජා හැඳින්වීමට පාවිච්චි කරනවා. මේ තරං කංසා ගහේ මල් වල තියන වැදගත්කම මොකක්ද??
ඔය අහිංසක ගහ ඒක ලිංගිකයි කියල මං කිව්වනේ. ඉතින් ස්ත්රී ගස් වල කියන්නේ ස්ත්රී ලිංගික මල් පිපෙන ගස් වල මලත් නැටුවත් අතරේ තියනවා මනි පත්ර (Calyx) කියල හඳුන්වන ජාතියක්. මෙන්න මේ රූපේ වම් පැත්තට වෙන්ඩ  කොළ පාටට පේන්නේ ඔය කියන මනි පත්.


ඊගාවට ඔය මනි පත් වලට යටින් තියනවා නිපත් එහෙම නැත්තං උප මනි පත් (Bract) කියලා හඳුන්වන අංගයක්. මෙන්න මේ රූපේ ඔය අංග දෙකම පැහැදිලිව පේනවා.


වැඩියක්ම ඔය මනි පත් වලයි උප මනි පත් වලයි තියන ග්රන්ථි වගෙකින් එක එක ශ්රාවයන් නිපදවෙනවා. හරියට අපේ හමේ තියන දාඩිය නිපදවෙන ග්රන්ථි වලින් දාඩිය හදනවා වගේ. ඔය ශ්රාවයන් ඇතුලේ තමයි කැනබිනොයිඩ්ස් තියෙන්නේ.  ඔය ශ්රාවය තමයි අපි එක්කහු කර ගෙන වේලා ගන්නේ. මල් පොහොට්ටුවම වේලුවොත් මරිජුවානා කියනවා. අර වෑස්සෙන රෙසින් වෙනම වෙලුවොත් හෂිස් කියලා කියනවා. ඉතින් ඔච්චර මහන්සි වෙන්නේ නැතුව තරං පිරිසිදු කරන්නේ නැතුව උනත් සමහරු ඔය ජරාව පාවිච්චි කරනවලු අනෙ අප්පේ!!!

හොරෙං හොරෙං අපේ වගේ ගංජා තහනං රටවල මේ පැලේ වැව්වට සමහර රටවල් වල මේක වැවීම හා පාවිච්චිය තහනං නෑ. උදාහරණයක් විදිහට නෙදර්ලන්තේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තෙත් කංසා වැවීම දැන් නීති ගත කරලා තියෙන්නේ. ලෝකේ පුරා මිනිස්සු පාවිච්චි කරාට මේ ගහේ නිජ බිම විදිහට සලකන්නේ ඉන්දියාවේ හිමාලයට වයඹ දිගින් තියන ප්රදේශය. හින්දමද කොහෙද නේපාලය, ඇෆ්ඝනිස්තානය, පකිස්තානය, ඉන්දියාව වගේ රටවල වල බොහොම ලේසියෙන් වැවෙන පැලයක් මේක.

හැබැයි ගිය අවුරුද්දේ ලංකාවත් ගංජා අපනයනය කරන්ඩ ලැස්ති වෙන බවක් ආණ්ඩුව කිව්වා. ඇත්තටම වාරි ජලය දෙන්ඩ බැරි ශුෂ්ක ප්රදේශ වලට මේක හොඳ වගාවක්. අක්කර සීයක් වැව්වොත් මරිජුවානා ටොන් 25 විතර හදා ගන්ඩ පුළුවන් කියල තමයි කියන්නේ. කංසා වලට අලුතින් ලෝකේ පුරා ලොකු ඉල්ලුමක් ඇවිල්ල තියෙන්නේ 'විකල්ප වෛද් ක්රමභාවිතයට තියන ඉල්ලුම වැඩි වෙච්ච හින්දලු. කංසා ආයුර්වේද වෙදකමේ දී පාවිච්චි වෙන්නේ අවුරුදු දාස් ගානක ඉඳලා. හැබැයි අර මම මුලින් කියපු එක එක කැනබිනොයිඩ්ස් වර්ග ඔක්කොම එකට තියන කොට ලැබෙන ප්රතිපලේම THC වෙනම සුද්ද කරලා ගත්තහමත් එනවද කියන එක නං මං දන්නේ නෑ.

මෙව්වා කියවලා ඔලුව නිකන් 'ගංජා ගැහුවා වගේ' වෙලා නං අපි වෙන දෙයක් ගැන කතා කරමු.

කංසා පාවිච්චියට ගන්ඩ පුළුවන් වෙනස් ක්‍රමයක් ගැන සොකරි කතාවේ තියනවා. මම මේක ඇහුවේ ජයලත් මනෝරත්න මහත්තයාගේ තල මල පිපිලා නාට්‍යයේ. මතක හැටියට මෙන්න කවිය.

හකුරුත් දුං කලත් කංසා එක පමණ
ඇඹරූ ලෙසට අල්ලේ පොඩි කරල ගෙන
කංසා ගඩු ගුඩාවට දිය වක්කරන
සොකරිත් ගුරුවත් බොති කංසා ඉඳන  

ගඩු ගුඩාව කියන්නේ පොඩි පයිප්පයක් වගේ එකක් නේ. එතකොට වතුර දාන්නේ වැඩිපුර දුමක් නිපදවා ගන්ඩ වෙන්ඩ පුළුවන්. කව්දෝ මට කිව්වා කෙරල ගංජා වල වතුර ප්‍රමාණය හුගක් වැඩියි කියලා. එහෙමනං මේ සොකරියි ගුරුවයි බීල තියෙන්නේ කේරල ගංජා වගේ දෙයක්ද? දන්නා කෙනෙක් ඉන්නවනං මේ ගැන අදහසක් දැක්වුවොත් අපිටත් දන ගන්ඩ පුලුහන්. 

හැබැයි වැඩිය ඔය ගංජා එක්ක සෙල්ලං එපා. මොකද අපේ රටේ මිනිස්සු නිකනුත් ඉන්නේ ගංජා ගහලා වගේ මොලේ කොලොප්පන් වෙලා. නැත්තං එක එකා විඩෙන් විඩේට ඇවිත් කියන පතරංග බොරු වලට රැවටිලා ඇයි ආපහු ආපහු චන්දෙ දෙන්නේ? එහ්වූ මත වීමක් වෙලා ඉන්න අපිට තව අලුතින් ගංජා ගැහුවොත් මොකක් වෙයිද? අපි ගංජා ඉල්ලුවොත් තියන මිනිස්සු අපිට දෙයිද? නොදුන්නොත් මොක වෙයිද?

මටත් දියං ගුරු හාමී කංසා ඉල්ලන
තොටත් දෙන්ඩ කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවහත බලමින
මටාත් නුදුන්නොත් කංසා ගුරුවා මරමින


ඔන්න THC වල බලේ!!!

29 comments:

  1. ඔය ත්‍රයිලෝක විජය පත්‍ර එක්ක මගෙ නං කිසිම සම්බන්ධයක් තිබිල නෑ බං.

    ReplyDelete
    Replies
    1. මොකටද ඔය ජීවිතේ, අපරාදේ...

      Delete
    2. හැලපතුමනි ඔබ තුමා මදන මෝදක එක්ක පයිරු පාසානමක් පැවැත්තුවා කියල එක ලිපියක තිබුනා. ඊට වඩා ගංජා ආරක්ෂිතයි. හැබැයි හරි මාත්‍රාවෙන්, හරි විදිහට ගත්තොත්. වැරදි විදිහට පාවිච්චි කරොත් ඉතිං වතුරත් අගුණයි!! මං අහලා තියනවා හිමාලය ආශ්‍රිතව ජීවත් වෙන හිංදු සාධු වරුනුත් මේක පාවිච්චි කරනවා කියලා. මම එහෙම කියන්නේ කංසා පාවිච්චිය 'සුද්ද කරන්ඩ' නෙවෙයි නමුත් ඒ සාධු වරුන් බොහෝ දෙනෙකුට වෛකල්පික වෛද්‍ය ක්‍රම ගැන අවබෝධයක් තියෙයි කියන මතය එක්ක.

      Delete
  2. මම හිතාගෙන හිටියෙ හෂීස් කියන්නෙ ගංජ වලට සම්බන්ධ දෙයක් නෙමයි කියල මේ වෙනකල්.
    අපරාදෙනෙ මේ තක්කාලි පැල හිටෝන එවුවො පොලීසියෙන් අල්ලන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊයේ ප්‍රවෘත්තියක් ගියා නාවික හමුදාව කේරළ ගංජා වගේකුයි, හෂිස් තොගේකුයි, මරිජුවානායි අල්ලලා කියලා. ඔක්කොම එක ගහේ බඩු!!! ප්‍රසන්න තුමාගේ අදහසත් එක්ක මට මතක් උනේ කංසා, පොපි, කොකා වගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්න ගස් හුගක් විට ඉතාම නිසරු ශුෂ්ක පොළොවක උනත් වවන්ඩ පුළුවන් ගස් නේද කියල. සමහරවිට අමාරු දේශගුණයන් සහිත ප්‍රදේශ වලට ස්වභාව ධර්මය දුන්න තෑගි ද දන්නේ නෑ!!!

      Delete
    2. මාත් අද දන්නෙ.

      Delete
  3. අර මහරජ ගංජා.. (සොරි) කංසා වගේ ටෙලි බලනකොටනං ගංජ ගැහුවට වඩා මොලේ මඤ්ඤං වෙනව.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ ප්‍රසන්න තුමනි ඔය කසිකබල් කුණුහරුප - ඔව්වා නාට්‍ය නෙවෙයි - බලන්ඩ එපා. ඊට හොඳයි මදන් මෝදක විස්සක් විතර එකපාර කාලා, කසිප්පු ස්ප්රීට් බැරල් එකක් බීලා, නිදි පෙති සීයක් විතර හපලා කාලා ඉර දිහා කෙලින් බලා ගෙන ඉන්න එක. අඩු ගානේ එතකොට බඩ කපාගෙන මැරෙන්ඩ හිතෙන්නේ නෑ!!

      Delete
    2. මම ඕව බලන්නෙ නෑ බොල.

      Delete
  4. https://www.sarasavi.lk/Book/Trilokyavijaya-9553818404

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා ජේ තුමනි. මම ඔය පොත දැකලා නෑ. සරසවි එක පැත්තේ යැවුනොත් හොයා ගන්ඩ බලන්නං.

      Delete
  5. අනේ අපි දන්න පරයි හැත්ත ඕක ඔතන කොට බිම හලල අන්තිමට සීනි ගොට්ටක් වගේ එකක් ගහන්නෙ. ඒක බොන්න ඕනි උඩ බලං. ඒ මදිවට මුලට හයිකොරන ජංගිය ගැලවිලා තොලේ ඇලෙනව. ඒ මදිවට ඕකට සිකරට් දුංකොළ කලවං කරල වනසනව. පස්සෙ මං "ඔබනලේ" පොඩ්ඩක් රිංගලා බැලුවා. කෝකටත් සරසවිය ඒක නොවැ. ආං නියම ක්‍රම, සුවිස් බුවාලා ඔතනව ඩිංගක්වත් බුරුල් නොවෙන්න පිල්ටර් ඇතුව. ඒ ගමන එහෙම ඔතල දුන්නා. අපේ එකාලට මංඥං ඒ ක්‍රමේ. ඕක පත්තු කරලා පෑං බටේට ගහලා ඒක තැඹිලි, කුරුම්බා ගෙඩ්ඩට හයි කරල පුංචි ලිඳේ දියෙන් පිල්ටර් කරල බොන ක්‍රමේකුත් තියෙනව. ඒක ඉගෙනගත්තෙ මොන්ට්‍රාගලිං. කොහොම නමුත් සිගරැට්, අරක්කු වලට වඩා මෙව්වා යහපත් කියලයි මගෙ හැඟීම. හැබැයි ඉතිං ස්ලෝ වෙනවා. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න පෙළඹෙනවා.

    කේරල ගංජ නං ගහන්නෙපා. පෝමලින්ද කොහෙද කලවං කරල. ඊට වඩා හොදා අමුවෙං යූරියා කන එක.

    ReplyDelete
    Replies
    1. මේකනේ සුරංග මලයාතුමා වෙලා තියෙන්නේ...අපේ එවුන් කැමති නෑ අලුත් ක්‍රමයක් අත් හදා බලන්ඩ. උං හිතන්නේ මේ දේවල් වලට තියෙන්නේ එකම ක්‍රමයයි ඒ තමයි උන් දන්න ක්‍රමය කියලා. මට ලොකු උවමනාවක් තිබ්බා පාකිස්තානේ වගේ රටවල් වල පාවිච්චි කරන 'හුක්කා' පයිප්පයක් ගේන්ඩ. ඒත් පාවිච්චි කරන්නන් නැති හින්දත් අම්මලාගෙන් එන්ඩ පුළුවන් විරෝධතා හින්දත් ගමේ එව්වන්ට මේ මොකක්දෑ මේ කියල අහපුවාම සිය දහස් වතාව විස්තර කරලා දෙන්ඩ වෙලාව නැති හින්දත් ගෙනාවේ නෑ.
      අනික බලමුකෝ සුරංග මලයාතුමාට මතක් වෙන්නෙම යූරියා. ඇයි දෙයියනේ තව කොච්චර පොහොර වර්ග තියනවද? හැබැයි තේ වලට වැඩිපුර දාන්නේ යූරියා නේද?

      Delete
  6. "මොකද අපේ රටේ මිනිස්සු නිකනුත් ඉන්නේ මොළේ කොලොප්පන් වෙලා". සහතික ඇත්ත! ඕස්ට්‍රේලියාවත් කංසා වෙලඳාම පටන් ගන්නවලු.නෙදර්ලන්තය ඉස්සර සිටම කංසා දිහා බැලුවේ යම් මානුෂීය ඇසකින්.එහෙමයි කියා විනාශයක් උනේ නෑ.ලංකාවේ නම් කොහොම වෙයිද?මම තරුණ කාලේ යුරෝපා රටක ඉගෙන ගනිද්දී සත්ව අනාථාගාරයක උදව්වට ගියා ,නොමිළේ.ශීත කාලේ, අපි සත්තුනට කූඩුවකට වලවල් හාරනව කණු හිටවන්න.පස හරිම හයියයි.හරිම ශීතලයි.සුදු ජාතික මිතුරෝ සියල්ලෝම ගංජාවලින් තමා වැඩේ ඇද්දේ.පසුව එතැන නිවසට ඇවිත් රතු වයින් රත්කර බීවා.රතු වයින් රත්කර උණුවෙන් බීපුවාම සෙම,නහය බරවීම වැනි අසනීප එන්නේ නෑ.ඔබතුමාගේ ලිපිය මහත් ආසාවෙන් කියෙව්වේ.තව තව ලියන්න !

    ReplyDelete
    Replies
    1. අපි හරිම දෙපිට කාට්ටු ජාතියක්. මස් උයන කොට ගංජා දාන්ඩ හොඳයි. හැබැයි බොන්ඩ නරකයි. බඩේ අමාරුව හැදුනම පොඩි උන්ටත් හැලි අරක්කු පොවනවා. හැබැයි අරක්කු එපා කියලා සවුදන් නටනවා. මතට තිතලු හැබැයි බාර් ලයිසන් දෙනවා. බියර් බදු අඩු කරනවට විරුද්ධ එවුන් අරක්කු බදු වලින් සෞඛ්‍ය නංවන හැටි ගැන පුරාජේරු කතා කියනවා. අම්මපා මෙහෙම රටක්!!! ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට. පුළුවන් කාලයක් ලියන්නං. ඔබතුමාගේ බ්ලොග් එකත් දොරට වඩින දවස වෙනකල් අපි මග බලාගෙන ඉන්නවා.

      Delete
  7. ඔය ඖෂධේ ගැන මම බාගෙට ලියපු ලිපියක් තියෙනවා ඉවර කරන්න බැරි වෙච්ච...
    ලංකාවේ ගංජා තහනම් කලේ ලංදේසි, ඒ උන්ගේ ආගම අනුව හොඳනැති බවට ඒ ගොබ්බයො විසින් නිගමනය කරපු නිසා...
    ඊට පස්සේ සුද්දෝ මුල් කාලේදී ගංජා බිස්නස් එක බරට කරගෙන ගිහින් ඊට පස්සේ ලංදේසි අනුවම ගංජා තහනම බලපවත්වනවා මදිවට බිම් කොහොඹත් තහනම් කරනවා...
    ඒකට හේතුව බොහෝ දුරට අර කාලකන්ණි ඩොයිලි වෙන්න ඉඩ තියෙනවා...
    ඔය ගස් වර්ග නිසා අපේ මිනිස්සු මැලේරියාවෙන් එහෙම බේරිලා ඉඳපු බව උන් තේරුම් අරගෙන තියෙනවා...
    ඉස්සර අපේ ගංගෙවල් වල ගේ ඉස්සරහ හැම වෙලේම උණු වෙන මුට්ටියක ගංජා, බිම්කොහොඹ රණවරා වගේ කළවම් ශාක වර්ග මුට්ටියක පැහෙන්න දාල තිබිල තියෙනවා...
    තේ වෙනුවට අපේ මිනිස්සු බිව්වේ ඒවා, සුද්දෝ අපිට ගංජා සහ බිම්කොහොඹ තහනම් කලාට පස්සේ අපේ උන් අදටත් ඒ තහනමම ක්‍රියාත්මක කරනවා...
    ඒකටනම් හේතුව ගංජා නීතිගත කලොත් අපේ හිඟන ආණ්ඩු නිකං අලියා බීපු දිවුල වගේ වෙන නිසා වෙන්න ඕනේ...
    එහෙම කලොත් අරක්කු සිගරැට් වලින් ලැබෙන අධික බදු වලින් කොටහක් වගේ වෙන මුදලකින් ඒවා බොන එවුන්ටම බැන බැන සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා ගන්න සුචරිත වාදීන්ට අයට ඒවා කප්පාදු වෙද්දී ගොඩක් ගොඩාක් සිදෙයි...

    කොහොමද නිකං වතුර ටිකක් දාල ගෙදරම හදා ගන්න ගහකින් ඔය දෙකේම අවශ්‍යතාවය සපුරගන්න මිනිස්සු පටන් ගත්තම තියෙන ආතල් එක...
    ඕක නීතිගත කලොත් මමනම් අරක්කු බියර් බොන එක 95% ක් විතර නතර කරනවා...
    ඉතුරු 5 % තියා ගත්තේ දැන් ලැබුනොත් කංසා පොඩ්ඩක් බොනවා වගේ ලැබුනොත් අරක්කු පොඩ්ඩක් ආසාවක් ආවොත් එහෙම බොන්න...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා සමග මාත් එකඟයි.සුද්දෝ කරල තියෙන්නේ උන්ට අවාසි, අපේ අපිට යහපත් දේ විනාශ කිරීම.අද ඒක කෙරෙන්නේ ඉංග්‍රීසි කතාකරන නිසා අපිත් සුද්දෝ කියා හිතන ඔය ඉන්න කම්මැලි අහංකාර අය ලවා.හොරකම නැති රටට ආදරය කරන මිනිස්සු නැති රටක ඉතින් ......

      Delete
    2. ලොක්කයියෙ, පොඩ්ඩක් හොයාගත්තොත් ගේන්න.

      Delete
    3. ඇත්තටම ලොකු පුතා තුමනි මටත් තිබ්බ ප්‍රශ්නයක් සුද්දෝ තේ, කොපි වගේ දේවල් අපිට අදුන්නලා දෙන්ඩ ඉස්සර මොනවද ලංකාවේ මිනිස්සු බිව්වේ කියලා. රණවරා, පොල්පලාම බිව්වා වෙන්ඩ බෑනේ. හැබැයි මට කවදාකවත් හිතුනෙත් නෑ කොහේ වත් කියෙව්වත් නෑ කංසා, බිං කොහොඹ පාවිච්චියක් ගැන. ඔබට පුලුවන්ද මේ තොරතුරෙහි මූලාශ්‍රය ගැනත් කියන්ඩ? ඔබේ බාගෙට ඉවර කරපු ලිපිය ඉවර කරන්ඩකෝ ඔය වගේ අපි නොදන්න දේවලුත් එක්කහු කරලා. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
    4. මේ ගැන මම කීප වතාවක්ම අහල තියෙන දෙයක් උනාට පැහැදිළි මුලාශ්‍රයක් නෙට් එකේ හොයා ගන්න අපහසු කාරණයක්...

      නමුත් මම කියපු දේට තරමක් දුරට සමාන කරුණු කිහිපයක් වැදි ජනතාව සම්බන්ධ කරගෙන කරපු රිසර්ච් එකක අන්තර්ගත වෙනවා...
      ඔවුන් උණ ට බෙහෙතක් විදිහට බිම්කොහොඹ සහ පණු අමාරු නිසා හැදෙන බඩේ අමාරු වලට බෙහෙතක් විදිහට ගංජා ත් තම්බල බීල තියෙනවා...

      ඒ ලින්ක් එක මම මෙතන දාන්නම්...
      ඒ PDF එක බාගත කලාම පිටු 407 ක් තියෙනවා, ඒකේ 358 සහ 359 පිටු වල තමයි ඔය කරුණු ගැන කියවෙන්නේ...
      පිටු අංක වලින්නම් 341 සහ 342...

      https://www.researchgate.net/profile/Asitha_Punchihewa/publication/235335142_Socio-_Anthropological_Research_Projecton_Vedda_Community_in_Sri_Lanka/links/09e41510fbdb7b07c4000000/Socio-Anthropological-Research-Project-on-Vedda-Community-in-Sri-Lanka.pdf

      ඊට අමතරව රොබට් නොක්ස් අයියා යුරෝපෙට ගංජා අරගෙන යෑම සම්බන්ධවත් වැදගත් ලිපියක් තියෙනවා, ඒකත් මෙතන අමුනන්නම්...

      http://www.sundaytimes.lk/130922/plus/another-of-knoxs-discoveries-62849.html

      Delete
  8. //ගඩු ගුඩාව කියන්නේ පොඩි පයිප්පයක්
    අඩා ඔතන ගඩු ගුඩාව කියන්නේ 'ශිෂා' ව නේද

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ සිරිබිරිස් තුමනි. මොකක්ද 'ශිෂා' ව කියන්නේ?

      Delete
    2. https://en.wikipedia.org/wiki/Shisha

      Delete
    3. මං හිතන්නේ නෑ සිරිබිරිස් තුමනි ලංකාවේ හුක්කා පයිප්පය (ශිෂා) භාවිතා උනා කියලා. මම ගඩු ගුඩා කියන උපකරනෙත් දැකලා නෑ. හැබැයි හුක්කා පයිප්පය නම් දන්නවා පාකිස්තානේ, ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශ වල දී හෙම. තවත් හොයලා බලන්නං මොකක්ද මේ ගඩු ගුඩාව කියලා. ස්තූතියි ප්‍රා ජේ තුමාට ශිෂා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කලාට.

      Delete
  9. ලංකාවෙත් ගංජා වැවිල්ල නීත්‍යනුකුල කරන්ඩ කියල රාජිත යෝජන කලා.දැන් මේකට අනිත් රටවල් මෙඩිසිනල් මරිජුවාන කියල කියන්නේ .මම හරිනම් ඇල්ස්මයිරා කියන ලෙඩේට මේක නියමෙට වැඩකරනවලු. මම හිතන්නෙත් මේක යම් නීත්‍යනුකුල ක්‍රමේකට කලොත් හොඳ විදේශ විනිමයක් ගතහැකි.හැබයි වවන අයියල ෆාර්ම් එකේ වැටිල ඉඳියිද කියන්ඩ බැහැ

    ReplyDelete
    Replies
    1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ ගැන උපදෙස් ඕන නම් තණමල්විල, මොණරාගල පැත්තෙන් ගන්ඩ පුළුවන්.

      Delete
  10. අපි වවමු රට නගමු. පිිට රටට යන ධනය කොච්චර ඉතිරි වෙනවද

    ReplyDelete
    Replies
    1. වැඩිය වතුර ඕනෙත් නෑ. පොහොර ඕනත් නෑ අනිත් වගා වලට වගේ.

      Delete
  11. කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ විස්තර... ගඩු ගුඩාවයි ශිෂා එකයි දෙකම එකයි නේද? ගඩු ගුඩාව ගැන පරණ රුසියන් පොත් වල මම කියවල තියෙනවා..

    hubble bubble කියන්නේ ගඩු ගුඩාවට

    ReplyDelete