Sunday, July 19, 2020

ස්මාට් ෆෝන් වල දමන්නා

ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ.

කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ගමන් කරද්දී බටහිර ජර්මනිය ධනවාදී කඳවුරත් එක්ක ඉස්සරහට යමින් හිටියා. දෙවනි ලෝක යුද්ධයේදී නාසිවාදයෙන් ජර්මනිය බේරා ගන්ඩ වැඩිපුර ජීවිත පරිත්යාගයෙන් කටයුතු කලේ රුසියාව. හැබැයි ධනවාදයත් එක්ක බටහිර ජර්මනිය ඉක්මන් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් සිටියා. මේක නැගෙනහිර ජර්මානුවන්ගේ ඇහේ කටු අනිනවා වගේ වැඩක්! නැගෙනහිර ජර්මානුවෝ කරේ තමුන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩවල් බටහිර පැත්තට දාපු එක. අපේ ගඳ ගහන දේවල් ගොඩ ගහන්ඩ තමයි උඹලගේ රට තියෙන්නේ!!!

දැන් බටහිර ජර්මන්නු කලේ මොකක්ද දන්නවද?

Sunday, July 5, 2020

ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය


සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...

කාලේ මට ඉංග්රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ඉංග්රීසි පොතේ තිබ්බ පාඩමක්. ඇත්තටම ඒක කතන්දරයක්. පහුවදාට කතන්දරේ ගැන ඉස්කෝලෙදි සාකච්චා කරන හිංදා කතන්දරේ කියවගෙන එන්ඩ කියල ඉංග්රීසි මැඩම් කිව්වා. මම නවාතැන් අරං හිටපු ගෙදර අයියාගෙන් ඇහුවා පාඩම කියල දෙන්ඩ පුලුවන්ද කියල. ඔහු කැමති උනා. මම දැන් සද්ද නගල පාඩම කියවනවා.

ඔය කියන්නේ කතන්දරේ නෙවෙයිනේ? අයියා කියනවා.

මේ කතන්දරේ නෙවෙයිද?

ඔයා කතන්දරේ පටන් තැනවත් දන්නේ නැද්ද?