Wednesday, December 16, 2020

නිධන් හෑරිල්ල

 

නිධන් හාරනවා කියපුවම හැමෝම හිතන්නේ නීති විරෝධී වැඩක් කරන්ඩ යනවා කියලයි. සමහරවිට අද්භූත දේවල් වලට අපි කොහොමත් ආස කරන හින්දා හැංගිලා තියෙන සම්පත් මතු කර ගන්ඩත් ඒ ගැන කතා හදන්ඩත් අපේ හිත් අතුලේ කැමැත්තක් ඇති. මට නං ඔය නිධං හෑරිල්ල ගැන පෞද්ගලිකව කිසිම අත්දැකීමක් නෑ. හැබැයි මම පොඩි කාලෙ අහපු දැකපු දේවලුයි තරුණ කාලෙ අහපු දේවල් කීපෙකුයි එක්ක තමයි මේ කතාව කියන්නෙ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්ව වගේ නිධං ගැන මගේ කිසිම ඇහින් දුටු සාක්ශියක් නෑ.



කවුරු හරි කෙනෙක් හිතා මතා වටිනා වස්තුවක් හංගලා යන්නේ ආපහු ඇවිත් තමන්ට හරි තමන්ගේ නෑදෑ යාලු මිත්‍රයෙකුට හරි ගන්ඩ පුලුවන් වෙන තැනක. ආපහු ඇවිල්ලත් දස වද විදලා ගන්ඩ නං මිනිස්සු වටිනා වස්තුව තැන්පත් කරන එකක් නෑ මට හිතෙන විදිහට. ඇයි යකෝ අපි හම්බු කරපු අපේ සල්ලි ආපහු අපිම ගන්න කොටත් බිලි පූජා දීලා, මන්තර මතුරලා ගන්ඩ වෙනවා නං මොන කරුමයද්ද?