Monday, January 4, 2021

භූත සෙල්ලම

මේ කාලේ රටේ හුගක් තැන්වල කතා වෙන්නේ ඇහැට නොපෙනෙන බලවේග එක්ක එක්කහු වෙලා කොවිඩ් වසංගතේ මැඩ පවත්වන්ඩ ඕන කරන බේත් හේත් හොයාගැනිල්ල ගැන. ඔන්න එතකොට මතක් උනා මම මීට අවුරුදු දෙකකට විතර උඩදි කට්ටකාඩුවට ලියපු අපේ ගමේ වෙච්ච භූතයා ගැහිල්ලක් ගැන. නත්තල් කෝඩෙයි හිරි ගඩු පිපෙන සීතලයි එක්ක ගුලි වෙලා ඉන්න ගමන් මට හිතුනා ඒ පෝස්ට් එක නැවත පල කරන්ඩ. මගෙ හිතේ අද කාලෙ තියෙන මේ අවනඩුවටත් අපේ ගමේ ඈත අතීතේ සිද්ද වෙච්ච දේවල් වලින් දැනමුතු කමක් ගන්ඩ පුලුවන් වෙයි.

මෙන්න කතාව....

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේකොහොමද  ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේඑහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූනොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේඑහෙම නැත්තං  ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?



ඔයවගේ දාර්ශනික දේවල් ගැන හිත හිතා ඉන්නකොට මට මතක් උනා අපි පොඩි කාලේ වෙච්ච සිද්දියක්මේ සිද්ධිය වැඩි හල හොල්මනක් නැතුව ගලාගෙන ගිය අපේ ගමේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියනවනං තාමත් මිනිස්සු මේ ගැන කතා වෙන වෙලාවල් තියනවාඉතිං අද කතාව  ගැන.

 කතාවේ මූලිකයා කවුරු උනත් මේක උනේ අපේ පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර ගෙදර කට්ටිය ගැන මම දැන් කතා දෙක තුනක ලියල තියනවා සමහරුන්ට මතක ඇතිඅමතක අය බාචි ගේ පොල් හොරකම ගැන මෙතනිනුත්, පල්ලෙහාගෙදර මාමාගේ සමාජ සේවය ගැන මෙතනිනුත් බලා ගන්ඩ පුළුවන්.

ඔය පල්ලෙහාගෙදර මාමගේ දුව ගීතක්කා අදත් රූප සොභාවෙන් වරදක් කියන්ඩ බැරි කෙනෙක්එහෙව් එකේ මීට අවුරුදු තිහ හතළිහකට කලින් උන්දැ කෙල්ල කාලේ විස්තර කියන්ඩ ඕන නෑනේගමේ කොල්ලන්ගේ සිහින කුමාරිය උනේ එඋන්දෑ. කාලේ ගීතකට අවුරුදු දාසයක් දාහතක් විතර ඇතිලුගීතක්කාගේ මලයා  කියන්නේ පල්ලෙහාගෙදර මාමගේ පුතාට අවුරුදු දොළහක් විතර වෙන්ඩැති.බොහොම සාමකාමීව ගොවිතැනක් කරගෙන ජීවත් වෙච්ච මේ පවුලට හෙනහුරා ලැබුවේ නොහිතපු වෙලාවට මට තව කතාවක් කියන්ඩ බැරි උනා තමයි පල්ලෙහාගෙදර මාමාගේ අප්පච්චි ගමේ ටිකක් ප්රසිද්ධ හන්දි වෙද මහත්තයෙක්ඔය කියන කාලේ වෙද අත්තා තමුන්ගේ වෙදකම මුණුපුරා වෙච්චි ගීතක්කාගේ මලයාට උගන්නන්ඩ  පටං ගත්තු කාලේ මොකද පල්ලෙහාගෙදර මාමාට වඩා වෙදකම පලදෙන්නේ මුනුපුරෙකුට කියල වෙද අත්තා හිතපු හිංදාබේත් ජාති හොයාගන්ඩ තියෙන්නේ කැලෙන්ඉතින් උදව්වට කෙනෙක් ඕනෑමයිඅන්න එහෙමයි ජයසුන්දර අයියා පල්ලෙහාගෙදරට එන්නේජයසුන්දර අයියාගේ ගෙවලුත් පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර ඉඳලා වැඩි ඈතක නෙවෙයිහැබැයි හරි දුප්පත්.

ඕන ඉතින් මේ පසුබිමේ තමයි කතාව සිද්ධ වෙන්නේ.

උඹ මොකද අර ජයසුන්දර කොල්ලත් එක්ක මුකුළු පාන්නේ ඇවිල්ලා ඉන්නේ මල්ලිට වෙදකම ඉගෙන ගන්ඩ උදව් කරන්ඩඋඹත් එක්ක ජෝඩු වෙන්ඩ නෙවෙයි පල්ලෙහාගෙදර නැන්දා ගීතක්කට දෝස්මුරයක් තිබ්බේ දවස් දෙක තුනක ඉඳලා ගීතක්කාගේ හැසිරීමේ වෙනසක් දැක්ක හිංදා

 අනේ මේ අම්මට පිස්සු නේමට ඔය විසයක් නෑමොනවද මේ අම්මලා හිතන්නෙගීතක්කා බාල්දිය ආපහු තමන්ගේ අම්මා පිටටම පෙරලුවා.

 යකෝ තමුන්ගේ දුවට පද හදන්නේ පිට කවුරුවත් නෙවෙයි තමුන්නෙම අම්මනේපල්ලහාගෙදර මාමත් දුව කියන දේට එකග උනා.

 ඔහොම සති දෙක තුනක් ගත වෙද්දී ගෙදර අමුතු අමුතු දේවල් වෙන්ඩ පටන් ගන්නවාබත් හැලියට වැලි වැටෙනවාවහලෙට වැලි ගහන සද්ද ඇහෙනවාමිදුලේ කිරි මැටි ගුලි වැටිලා තියනවාහැමෝම කියන්නේ පෙරේත දිස්ටියක් වැහිලා කියල.

 ඔව්ව තව සතියක් දෙකක් යනකොට නැති වෙලා යයිමම මේ දවස් වල කොල්ලට මන්තර දෙක තුනක් උගන්නනවාඑව්වයේ වචන එහෙ මෙහෙ උනාම නොහිතපු දේවල් වෙන්ඩ ඉඩ තියනවා වෙද අත්තා කිව්වේ තමන්නේ පාරම්පරික වෙදකමේ සත්ත ගැන පාරම්බාන ගමන්.

ඉතින් අප්පච්චි ඕක හරියට කරන්ඩකෝ එතකොට මේ කරදර නෑනේ පල්ලෙහාගෙදර මාමා දෙතුන් පාරක් කිව්වා.

 මේ බලගතු මන්තර හැමදාම පාවිච්චි කරන එව්වා නෙවෙයි බංමට දැන් වයසයිඉතිං පොඩ්ඩ පොඩ්ඩ වැරදුනා වෙන්ඩ පුළුවන්.

  කියන්නේ අපේ එකා ඉගෙන ගන්නේ වැරදි මන්තරද?

 නෑ...නෑ...ඔය එක දෙකක් වැරදුනාට සෑත්තරේ කොල්ලට පිහිටනවා.

 මේ වෙන දේවල් පෙරේත බැල්මකින් වෙන එව්වා නෙවෙයි කියලද අප්පච්චි කියන්නේ?

 මොන පෙරේත බැල්මක්ද බං ඔන්න බලහංකො තව දවසක් දෙකක් යනකොට ඔව්වා ඇරිලා යයි!

 අනේ වෙද අත්තා එහෙම කිව්වට වැඩේ දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑවෙද අත්තා අන්තිමට මන්තර ඉගැන්නිල්ල නවත්තලාම දැම්මාඒත් ප්රශ්න වැඩි උනා මිසක් අඩුවක් නං උනේම නෑ.

 තමන්ගේ ගෙදරට රෑට රෑට ගල් වදින සද්දයක් අහුනට ඇත්තටම එහෙම ගලක් පේන්ඩ නැති බව පල්ලෙහාගෙදර මාමට තේරුනාමේ කතාව ටිකෙන් ටික ගමේ පැතිරිලා යද්දී ගමේ කවුරුවත් ගොම්මන් වේලාවෙන් පස්සේ පල්ලහාගෙදර පැත්තේ යන එක නැවැත්තුවාබයටබයට කියල කවුද කිව්වේඅපේ ගමේ ඉන්න සූර වීර මිනිස්සු යකෙකුටවත් බය නෑ බොලව්!!!! හැබැයි අපි මොකටද ඔය ඇට වෙදාගෙයි පෙරේතයන්ගෙයි වැඩවලට මැදිහත් වෙන්නේ කියල හිතලයි අපේ කට්ටිය නොගියේඅනුන්ගේ ඕපදූප හොයන ගතියක් අපිට ඇත්තෙම නෑඔය කතාව උනත් මිනිස්සු හොරෙන් හොරෙන් ගම පුරාම පතුරුවලා ඇරියේ අපේ ගමේ තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ළඟ තබා ගැනීම භයානක කිරිමිනෙල් වැරද්දක් වෙච්ච හිංදා නැතුව කට තියාගෙන ඉන්ඩ බැරිකමට නෙවෙයි.

මේක හරි මගුලක් නේගල් ගහනවා ඇහෙනවා හැබැයි උදේ බලපුවාම කිසිම ගලක් නෑමාමා විස්සෝපෙන් කිව්වා.

 අදත් රෑට සද්දේ ඇහුනොත්  වෙලාවේම එලියට බැහැලා බලමුදනැන්දා මාමාගෙන ඇහුවේ මාමා රෑ උනාට පස්සේ ගෙයින් එලියට ගන්න එකට වඩා ගල් බෙනයක් ඇතුලට ගිය ඉත්තෑවෙක් එලියට ඇදලා ගන්න එක ලේසි බව නොදැන නෙවෙයි.

 අපේ අප්පච්චිගේ වැඩනේඑක්කෝ බැරි මගුල් නොකර නිකා ඉන්ඩ ඕනඔය මන්තර වැඩේ පටන් ගන්ඩ ඉස්සර මේ කිසි කරදරයක් තිබ්බේ නෑනේමාමා වෙද ආතට වැරැද්ද පටවලා ගල් සද්දේ හොයන්ඩ එලියට බහින වැඩෙන් කර ඇරියා.

 මේ...මම අහන්ඩ කියලමයි හිටියේ...මේ කරදර දවස් ටිකේ අර ජයසුන්දර ළමයට රෑට අපේ ගෙදර නවතින්ඩ කියමුද?

 අම්මපා මෙහෙමත් ගෑණුදැන් මීට ටික දවසකට ඉස්සර තමුසෙමනේ කිව්වේ  අපේ කෙල්ලත් එක්ක මුකුළු කරනවා කියල.

 අනේ උගේ වැරද්දක් මම කිව්වේ නෑමං කිව්වේ අපේ එකීගේ මුකුලුව වැඩියි කියල ඌත් එක්ක....අපේ ගමේ ගෑනු අය කවදාවත් වැරදි කරන්නේ නෑ අය අතින් වැරදි වෙන්නෙත් නෑ!!!

තමුසෙට බය නං ඌට ඉන්ඩ කියනවා.

අනේ මේ මගෙන් අහගන්ඩ එපා තමුසෙගෙ බය ගැන

 හරි හරි ඉතින් ජයසුන්දරයට ඉන්ඩ කියනවකො!

 ඔන්න ඔහොමයි ජයසුන්දර අයියා පල්ලෙහාගෙදර රෑට නිදා ගන්ඩ ආවේ උනත් ගල් සද්දේ නැති උනේ නෑහැබැයි ජයසුන්දර අයියා පුතය වගේ එළියට බැහැල බලන කොට ගල හම්බ උනා.ඒක දැකපු නැන්දා මාමා දිහාට හැරිලා සමච්චල් හිනාවක් දැම්මේ අනේ තමුසෙගෙ පිරිමිකම කියනවා වගේ බැල්මකින්.

 මේ ගල අරන් තියහන් නොපෙනෙන තැනකින්...මාමා නැන්දගේ හිනාව නොදැක්ක ගානට කිව්වා.

 අනේ ඊගාව දවසෙත් රෑ ගල් සද්දේ ඇහුනාජයසුන්දර එලියට බැස්සේ මාමත් එක්කමයිඑදා ගල තිබ්බේ කුස්සිය පැත්තේහැබැයි ඊයේ වැදිච්ච ගල වගේමයි ඇරපු අතක් නෑ.

 ඊයේ අරං තිබ්බ ගල ගේන්ඩකෝ...මේ ගල් දෙකේ සමානකම දැක්ක මාමා කිව්වා.

 නැන්දා ගේ ඇතුලට ගිහිං ඇවිල්ලා කිව්වේ  ගල තිබ්බ තැනින් අතුරුදහන් වෙලා කියලයි.

 මොකක්?

 ඔව්  ගල තිබ්බ තැන දැන් නෑ!!

 මේක මාර වැඩක් නේ...අද ගලත් අරන් තියනවකෝදැන් මේ සිද්ධිය හැමෝටම හරි ප්රශ්නයක්.

පහුවදත් ඊට පහුවදත් විදිහට දිගටම අර ගල ගෙදරට වැදුනාපුදුමේ කියන්නේ දවල් වරුවෙම ගේ ඇතුලේ තියෙන ගල හවස් වෙනකොට අතුරුදහන් වෙන එකඊට පස්සේ රෑ  ගලම ආපහු ගෙදරට වදින එක!!

 පල්ලෙහාගෙදරට වැහිලා ඉන්න භූතයා ගැන දැන් මුළු ගමේම විතරක් නෙවෙයි අහල ගං වලත් ප්රසිද්ධයිඑහෙව් භූත බලවේග තියන තැනකට රෑට විතරක් නෙවෙයි දවල්ටවත් මිනිස්සු ආවේ නැත්තේ බයට නෙවෙයිඅනුන්ගේ දේවල් වලට අපි මොකටද ඇගිලි ගහන්නේ කියල හිතල.

 බැරිම තැන තොවිලයක් නැටුවාඒත් ගුණයක් නෑ.

 තව තෝත්තර වගයක් කළාකිසි වෙනසක් නෑවෙනදා ගමේ හැමෝම ආව ගිය ගෙදර දැන් වැඩි පුර ඉන්නේ කට්ටඩියෝඒත් කිසි වෙනසක් උනේ නෑමේ තොවිල් පවිල් වලට ඕන කරන අඩුම කුඩුම හොයන එක පන යන වැඩක්ගමේ මිනිස්සුත් එන්ඩ යන්ඩ අදිමදි කරන එකේ මේ හැම වැඩක්ම කරන්ඩ උනේ පල්ලෙහාගෙදර මාමටයි ජයසුන්දරට අයියටයි.

 තොවිල් පවිල් වැඩ වලට ගිහින් මාමගේ අතේ සතේ නැති වෙන විදිහට හිඳුනාරස්සාවට යන්ඩත් ඕන මොකද ගන්ඩ පුළුවන් නිවාඩු ඔක්කොම අරං ඉවරයිගෙදර ප්රශ්න විසදෙන්නෙත් නෑ.

 ඔන්න ඔය අතරේ තමයි ජයසුන්දර අයියා ගීතා අක්කා ගැන තමන්ගේ කැමැත්තක් තියන බව මාමටයි නැන්දටයි කියන්නේතමන් පත් වෙලා ඉන්න අසරණ තත්වෙදී ගමේ උන් තමන්ව අමතක කරන කොට තමුන් එක්කම හිටපු එකා හින්දාත් බංකොලොත්වෙලා ඉන්න තමුන්ට දුව වෙනුවෙන් දෑවැද්දක් දීලා කෙසේ වෙතත් බේ භූත කතන්දර හිංදා පිට හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්ඩ අමාරු වෙන බව දන්නා හින්දත් නැන්දත් මාමත් දෙන්නම ජයසුන්දරට කැමති වෙනවාගීතා අක්කත්  වැඩේට කැමතියිඉතින් හොඳ වෙලාවක් බලලා වැඩි අරුමෝසම් නැතුව ජයසුන්දර   අයියා ගීතා අක්කාව කසාද බඳිනවා.

 ඔන්න ඔහොමයි කතාව ඉවර උනේ!

භූත සෙල්ලමට මොකද උනේ ඇහුවා ඒක කසාදෙට පස්සේ නැති උනා.අද වෙනකල් අය  සිද්ධිය උනේ නෑහරි පුදුමයි නේදජයසුන්දර අයියා අපේ ගමේ ජාතික ක්‍රීඩාව වෙන කුදාර් වෙලා කන් කඩා වැටෙන්ඩ කසිප්පු ගහන එක නොකරන හිංදා භූත සෙල්ලම උනේ කොහොමද කියල ගමේ අය දැනගත්තේ නෑහැබැයි ටිකක් වැඩි වෙච්ච දවසට පල්ලෙහාගෙදර මාමා ජයසුන්දර අයියාගේ වැඩ ගැන මතක් කරන්නේ තිත්ත කුණුහරුප වැලකුත් එක්කඔය ...යා මගේ දුවව රවට්ටගත්තා මදිවට අපි කාටවත් මිනිහෙක්ගේ මූණ බලන්ඩ බැරි තැනට දැම්මා!! මාමා  සදානුස්මරණීයසිද්ධිය මතක් කලේ එහෙම.

ගමේ කට්ටිය නං කියන්නේ ජයසුන්දර අයියා මේ ප්ලෑන් එක ගහලා ගීතා අක්කත් එක්ක එක්කහු වෙලා ක්‍රියාවට නැගුවා කියලයිගේ ඇතුලේ හංගන ගල ජයන්සුන්දර අයියට ගෙනල්ල දෙන්නේ ගීතා අක්කලුදවසක් අර දවසක් වගේ කාටවත් සක නොහිතෙන් විදිහට ගීතා අක්කම වහලෙට ගල්  සමහරු කියනවා.

මම කිව්වනේ ආදරේ කියන්නේ හරි අද්භූත කාරණයක් කියල හින්දම වෙන්ඩ ඇති මේ සිද්ධිය වෙලා අවුරුදු තිහ හතළිහකට පස්සෙත් අපේ ගම පළාතේ කට්ටිය මේක මතක් කරන්නේජයසුන්දර අයියා නැති තැන ගමේ මිනිස්සු එයාට කියන්නේ භූතයා කියල බව මට කියන්ඩ බැරි උනාඑක අතකින් හැම ආදරවන්තයෙක්ම භූතයෙක්හැම ආදරවන්තියක්ම භූතියක්!!!    

 

8 comments:

  1. තව අතකින් දෝසයක්

    Happy N'year.

    ReplyDelete
  2. අම්මට සිරිගජ අදමයි ඇහුවේ - භූත ආදරෙත් ඇත කියලා
    බලාන යද්දී හිතෙනව අම්මප - සහසුද්දෙන් ඇත්තය කියලා
    දැන් නං ඉන්නා තරමක් ඉන්නේ - පණ පිටින්ම භූතයො කියලා
    මට නං හිතෙනව - ලොකූ ඔයාටත් තියෙනවාද එහෙමම දැනිලා?

    ReplyDelete
  3. අඩේ... මං හිතුවෙ කොවුර් මහත්තෙය කියන විදිහෙ මානසික භූතයෙක් කියල. දැං බලනකොට හිතා මතාම බිහිවෙච්ච භූතයෙක් නෙව...

    ReplyDelete
  4. මං හිතුවේ ජයසුන්දර ගල් ගහන්නේ කියල...
    දෙන්නම එකතු වෙලා කරපු වැඩක්...එහෙනම්...

    ReplyDelete
  5. අපේ උන්ට ඕවට මොලේ තියෙනවා

    ReplyDelete
  6. මේ වගේ කතාවක් අපි ලුණුගල ඉන්න කොට උනා. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ගුරුතුමියක ගේ ගෙදර වහලට ගල් ගහනවා, කෑමට වැලි වැටෙනවා. එයාලගේ ගෙදර තිබ්බේ කන්දක් උඩ හෙන පාලු තැනක. ටීචර් මහත්තය නෙමේ කවුරුත් රෑ වෙනකොට එලියට යන්න බයයි. සමහර දවස් වලට ඉර මුදුන් වෙලාවටත් ගල් ගහනවා. තොවිලයකුත් කලාද කොහෙද. ටීචර් පොලිසියට කියල පොලිසියෙන් ගිහින් බැලුව. එක්කෙනෙක්ට සැක හිතිලා ගෙදර වැඩ කරන ගැහැණු ළමයා ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරලා. මොකද ටීචර් ඉන්න දවසට තමා දවල්ට ගල් ගහන්නේ. බලනකොට භූතයා අර ගැහැණු ළමයා. එයාට ආපහු ගෙදර යන්න ඕනේ වෙලා. පව් ඉස්කෝලේ යන වයසෙනේ. වැඩි වයසක් නැති ළමයෙක්. පොලිසියටත් දුක හිතිලා කියල තියනවා ළමය ගමට ගෙනිහින් දාන්න . වැඩිහිටි කෙනෙක් වැඩට ගන්න කියල. චාජ් කලේ නැහැ කෙල්ලට.

    ReplyDelete
  7. හෙහ් හෙහ් මරු ආදරේ..

    ReplyDelete