tag:blogger.com,1999:blog-2110895024248993818.post7194915905228863143..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : ඇස් වහ කට වහකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-2110895024248993818.post-56663586443720459412022-03-04T11:02:12.293+05:302022-03-04T11:02:12.293+05:30CASINO DRINK - Casino Reviews, Ratings, Photos &am...CASINO DRINK - Casino Reviews, Ratings, Photos & Rates
CASINO 제주도 출장마사지 DRINK. Find the reviews and ratings to know better. Leave a rating and rating 아산 출장안마 for 속초 출장마사지 CASINO DRINK. Find the latest customer reviews Rating: 2.7 제주 출장샵 · 충청북도 출장샵 19 reviewsrakhiljagelshttps://www.blogger.com/profile/16910722720699633068noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6737137770539236842021-11-01T03:24:37.653+05:302021-11-01T03:24:37.653+05:30මට නං ඇස්වහ කටවහ ගැන ලොකු අද්දකීමක් නෑ. බොහෝ දුරට ...මට නං ඇස්වහ කටවහ ගැන ලොකු අද්දකීමක් නෑ. බොහෝ දුරට හිතෙන්නේ එහෙම එකක් නෑ, ප්ලෙසීබෝ ඉෆෙක්ට් එක ඇත්තේ කියලා.

කොහොම නමුත් මට මතක දවසක් අපේ අම්මා කියනවා අපිට ඇස්වහ කටවහ වදින්නේ නැත්තේ අපේ තාත්තගේ හිත හොඳ නිසා කියලා.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-22409478377345208822021-11-01T03:23:15.928+05:302021-11-01T03:23:15.928+05:30This comment has been removed by the author.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17866224888689398512021-09-18T10:44:45.787+05:302021-09-18T10:44:45.787+05:30සිංහල බ්ලොග් අඩවි ගැන
සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ...සිංහල බ්ලොග් අඩවි ගැන

සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය වෙනුවෙන් කෙටි වැඩසටහනක් කරන්න අදහස් කරනවා. ලංකාවේ මුල්ම සිංහල බ්ලොග් අඩවිය. මේ වනවිට සිංහල බ්ලොග් අඩවි කීයක් විතර තියෙනවාද ? සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල නම් වගේ ඔබ දන්නා විස්තර තියෙනවා නම් ඉක්මණින් මට කියන්න පුළුවන්ද..... අනුරුද්ධ වැලිගමගේ ....අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ..... anuruddhawe@yahoo.com . https://rupane.com/අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3518448101943888622021-07-01T17:12:02.225+05:302021-07-01T17:12:02.225+05:30මම එනවා, බලනවා, යනවා. අලුතෙන් මුකුත්ම නෑ. ලොකු මල්...මම එනවා, බලනවා, යනවා. අලුතෙන් මුකුත්ම නෑ. ලොකු මල්ලිටත් ඇස්වහක්වත් වැදුනද?
චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90605025537103229252021-05-02T04:16:36.395+05:302021-05-02T04:16:36.395+05:30ෆේස්බුක් එකේ ඔයයි බිරිඳයි හොඳට හිනා වෙලා ඉන්න පිත...ෆේස්බුක් එකේ ඔයයි බිරිඳයි හොඳට හිනා වෙලා ඉන්න පිතුරයක් දාන්න . ඊළඟ දවසේ දෙන්න රණ්ඩු - කෙලින්ම ඇස් වහ :) අනික එළවලු වගාවක් හෙම පෙන්වන්න එක්කෝ වැස්ස වැටිලා, එක්කෝ ඉර එලිඅ වැඩි වෙලා සුමානෙන් ඉවරයි. චෙක් කරලා බලන්න :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32739358655849375722021-05-02T04:12:31.191+05:302021-05-02T04:12:31.191+05:30දැන් ඔය ප්‍රා මගේ බ්ලොග් එකට පාඨකයෝ ටිකක් එනව මේද ...දැන් ඔය ප්‍රා මගේ බ්ලොග් එකට පාඨකයෝ ටිකක් එනව මේද කියල කියපු දවසේ ඉඳන් කව්රුත් එන්නේ නැහැ. එනිසා විස්වාස කරන්ට වෙනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17426672800823675292021-04-05T13:02:01.588+05:302021-04-05T13:02:01.588+05:30මල්ලි, ඔය ඇස්වහ කටවහ වලත් යම් අත්තක් තියෙනවා බං. ම...මල්ලි, ඔය ඇස්වහ කටවහ වලත් යම් අත්තක් තියෙනවා බං. මගෙ අත්දකීම් කීපයකුත් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73033157753693802492021-04-01T12:17:45.506+05:302021-04-01T12:17:45.506+05:30හැට්ටර් තුමා වෙත සාදරයෙනි,
බොහෝ කළෙකින් ඔබ තුමා නො...හැට්ටර් තුමා වෙත සාදරයෙනි,
බොහෝ කළෙකින් ඔබ තුමා නොදුටුවෙමි. B&W අඩවියට ඔබතුමා යමක් නොලියා සිවු මසක් ඉක්ම ගොස් ඇත්තේය. කාගේවත් ඇස්වහ කටවහ බන්ධනයකට ඔබතුමා අසුවී නැතැයි සිතමි. මේ අපි වාගේ 'අතේටිකක්' කොල්ලන්ට නාඹර ගැටිස්සියෝ බැල්ම දමා ඇස්වහ වද්දවති. ඔබතුමා පරිස්සමින් ඉන්ට ඕනෑය.
ඒ වගත් මෙසේම,
කට්ටකාඩුවේ ලොකු මල්ලී වම්හ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-61959347975253398992021-04-01T12:13:11.871+05:302021-04-01T12:13:11.871+05:30මහත්තයා කීමෙන් සම්මුතීන් බිදදමමින් මට අගෞරව කොට ඇත...මහත්තයා කීමෙන් සම්මුතීන් බිදදමමින් මට අගෞරව කොට ඇති ෂටියක් පෙනේ. අලාභ ඉල්ලලා එන්තරවාසියක් එවන්ටද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68920602410209585322021-04-01T00:18:04.015+05:302021-04-01T00:18:04.015+05:30ලොකු මල්ලි සර් අයුබෝවන්ඩ!
ඔය ඇස්වහ කටවහ කේස් එකේ...ලොකු මල්ලි සර් අයුබෝවන්ඩ!

ඔය ඇස්වහ කටවහ කේස් එකේ මක්කහරි දෙයක් ඇති කියල මටත් හිතෙනවා.
ඩාන්ස් බීට් උනාට ඔය මන්තර, ජප කිරිලි සබ්ද කරන විදියක් තියෙනව. නැත්තං ඒවයේ නියම බලපෑම ලැබෙන්නෙ නෑ කියලයි කියන්නේ. ඒ වගේම ඕනෙම සිස්ටම් එහෙක අනුනාද සංඛ්‍යාතයට (resonance frequency) ගෙනාවම විස්තාරය (amplitude) අධිකව ඉහලයනවා.එතකොට සිස්ටම් එක එක්කෝ කැඩෙනවා නැත්තං බොහොම දුර්වල වෙනවා. ඔතන ඔයවගේ කේස් එකක්ද කියලත් මට හිතෙනවා.

එව්ව එහෙම්ම තියෙද්දාවෙ. ඇත්තම කියන්ඩ ඔය ගොල්ලෙ හේන් ගෙදර අත්තා උන්නැහේගෙ වැඩ කෑල්ල නං මට එච්චර ඇල්ලුවේ නෑ.
මට හිතෙන හැටියට ගොල්ලෙ හේන් උන්නැහේයි තුම්පනේ ගෙදර බිසෝමැනිකේ නැන්දයි අතරේ සම්බන්ධයක් තිබිල තියෙනවා. වයි උන්දැ අත්ත මැස්ස ගහන වෙලාවටම ඔතනින් ගියේ. අත්තගේත් මෙයා දැකල ඒ වෙලාවෙ වයර් මාරුවෙලා තියෙන්ඩ ඇත්තෙ ඒ කල්පනාවෙන් තමා අත්ත මැස්ස බඳින්ඩ ඇත්තෙත්. ඔය රතුපාටින් තිබ්බ වාක්‍යයේ 'කියලා' වෙනුවට නිවැරදි වචනේ 'කොරලා' වෙන්ඩ ඕනේ මයෙහිතේ.

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48623942346392050882021-03-31T21:38:14.076+05:302021-03-31T21:38:14.076+05:30අනේ මහත්තයෝ, තරහවකට නෙවෙයි කවියෙන් කමෙන්ට් කරන්නේ....අනේ මහත්තයෝ, තරහවකට නෙවෙයි කවියෙන් කමෙන්ට් කරන්නේ. කවි ලියන්න පුරුදු වෙන්නයි.

මේ, තුම්පනේ නැන්දම්මාට කියලා අරව-මේවා කියවන්න යන්නේ බලාගෙන. "කට්ටකාඩුවේ පුතා ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ....." කියල කතාව පටන් ගනියි. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45492299597433903302021-03-31T09:24:45.282+05:302021-03-31T09:24:45.282+05:30ඔබ කියන දේ ඉතා පැහැදිලියි. අපි පාඩම් කරන්නෙ නැතුව ...ඔබ කියන දේ ඉතා පැහැදිලියි. අපි පාඩම් කරන්නෙ නැතුව විභාගයකට ලියනවා නං ඒක ෆේල් වෙන්නෙ කාගෙවත් ඇස්වහක් කටවහක් හිංද නෙවෙයි අපේම වැරැද්ද හිංදා....පාඩම් නොකර විභාගෙට ලියන්ඩ යනකොට විභාගෙ ෆේල් වෙනවා කියන්නෙ ඔබ කියන විදිහට පෙරයීමක්. මගේ ප්‍රශ්නෙ ඔබ කියන පළම්ය් වර්ගයේ සිද්ධි තේරුම් ගන්නෙ කොහොමද කියන එක....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4171995791290133532021-03-31T09:12:44.408+05:302021-03-31T09:12:44.408+05:30ඇස්වහක් නැත හෝ වහක් නැත ලොකාගේ දිවි සයුර ගත්තම
ඇතත...ඇස්වහක් නැත හෝ වහක් නැත ලොකාගේ දිවි සයුර ගත්තම
ඇතත් ඇස්වහ පහ වෙලා යයි දිරිය මිනිසුන් මුහුණ දැක්කම

(තරහක් තියෙනවානං කෙලිං මූණට කියන්ඩ රිප්ලයි කරන්ඩ අමාරු වෙන විදිහට කවි ලියන්නෙ නැතුව!! එහෙම නැත්තං කියවන්ඩද තුම්පනේ නැන්දම්මා ලව්වා ආ...නේ...මේ...නිමල් පුතාගෙ කවි නෙවෑ කවි කියලවත්!!)කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89174316600098177662021-03-31T08:38:51.261+05:302021-03-31T08:38:51.261+05:30සෙත් කවියකින් යහපතක් වේ - වස් කවියකින් දොසක් සිදුව...සෙත් කවියකින් යහපතක් වේ - වස් කවියකින් දොසක් සිදුවේ
සුබ-අසුබ ගණ කියල දේකුත් - තියෙනවා අපි නැතත් හිතුවේ
හිරු කිරණෙ ගිනි පුළිඟු - ඇතිවද කියල තවමත් සිතේ මතුවේ
කාචෙකින් focus කළාමයි - කඩදහිය දුම් කැරලි නැඟුවේ

කටවහත් ඒ වාගෙ කියලයි - මට හිතෙන්නේ, පෙනෙන විදිහට
චිත්ත ශක්තිය, වාග් ගැළපුම - වගෙම මොහොතත් අවැසි මේකට
කියන පළියට හරි නොයන්නේ - කරුණු සේරම නොගැලපුණු විට
මාත් අත්දැක තිබේ, දිවියෙදි - කටවහේ වහ නිතර නොවුණට
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90962144712008581082021-03-31T08:30:36.065+05:302021-03-31T08:30:36.065+05:30KLM: ඔව් මට කියන්න ඕනෙ වුනේ යමක් වැරදුනාම තව කෙනෙක...KLM: ඔව් මට කියන්න ඕනෙ වුනේ යමක් වැරදුනාම තව කෙනෙක්ගෙ ඇස් වහ කට වහ ඉරිසියාව නිසා කියන්නෙ නැතුව, යමක් හරි ගියාම එහෙම වෙන්න තව කෙනෙක්ගෙ යහපත් සිතුවිලිත් මට ආශිර්වාදයක්, ශක්තියක් වුනා කියලා කියන්න/හිතන්න බැරිද. අපි මෙහෙ නම් නිතරම කියනවනෙ I am so grateful, we are so blessed වගේ (ආගමික අදහසකින් නෙවෙයි). අන්න එහෙම- තරහ සහ වෙනත් රිනාත්මක ආකල්ප වෙනුවට කෘතවේදීත්වය පුරුදු වීම. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62369503256122894342021-03-30T15:03:24.375+05:302021-03-30T15:03:24.375+05:30ඔය ඇස්වහ කට වහ කියන එකෙන් කටවහ ගැන මම දකින්නේ දෙ ආ...ඔය ඇස්වහ කට වහ කියන එකෙන් කටවහ ගැන මම දකින්නේ දෙ ආකාරයකට. එකක් ඔබ පවසා ඇති පරිදි යමක් පිළිබඳව අගය කිරීම සමගම ඊට කෙළ වීම. (උදා: "පුදුම අස්වන්නක්නෙ තියෙන්නේ" කියූ සැනින් ගහ කඩන් වැටීම.)
දෙවෙනි එක යමක් පිළිබඳව පෙරයීමකින් අනාගතයේ විය හැකි දෙයක් පැවසීම. (උදා: "මම් නොකිව්වා කියන්න එපා උඹනං ලඟදිම ඔඅය බයිසිකලෙන් හොඬ්හ් කෙළවිල්ලක් කෙළෝගන්නවා" කියා ඉතා කෙටි කලක් තුල ඇදගෙන වැටීම!"

දිනක් මා සේවය කල ආයතනයට පැමිණි මිට්සුබිෂි L400 රථයක් දෙස මා ඈත සිට බලා සිටින විට එහි එක් රෝදයක් බොහෝ සෙයින් සිරස් ලෙස ඇලව තිබෙනු දක්නා ලදී. ඒ අසල සිටි සේවකයෙකු අමතා; වාහනය රැගෙන ආ අය සොයා ඔහුට මා පැවසූවේ "මෙම රථයේ නකල් එකේ ලොකු ඇලයක් තියෙනවා! ඉක්මනට මේක චෙක් කර ගන්න පාර මැද්දෙ කඩා වැටේවි!" කියාය. මා එසේ පවසා දෙමටගොඩින් නික්මී බොරැල්ලට ආවා පමණි. මා හට ඇමතුමක් ලැබුනේය.
ඒ වාහනය නවතා සිටි තැනින් අඩි 25 ක පමණ දුරක් ධාවනය කරද්දීම බිමට කඩා වැටුනු බවය! (මෙය වැටෙන්නෙත් ඇස් වහ කැටගරියටමද?)

මගේ ජීවිතයේ මෙවැනි අත්දැකීම් රාශියකි. මේ නිසාම; මා විෂයෙහි හෝ අන් අය විෂයෙහි එවන් සෘණාත්මක සිතුවිල්ලක් සිතට පැමිණියහොත් මා එය පෞද්ගලිකව මැදිහත්වී හෝ විසඳා දෙමි. (වාහනයක ටයර් එකක් අබලංව ගමනක යෙදෙන්නට කිසිවෙකු යනවා නම් මා හැකි උපරිමයෙන් ඔහුගේ ගමන් නවතා ලීමට/ අළුත් ටයරයක් මිළදී ගැනීමට පෙළඹවීමට/ අමතර ටයරය හෝ මාරු කර ගැනීමට උදව්කීරීමට/ අවම වශයෙන් වාහනයේ එවන් තත්වයකට මුහුණදීමට ඇවැසි ජැක් වීල් බ්රේස්ඩ් නැතිනම් කුඩා කොම්ප්‍රෙසරයක් හෝ ආපසු ගෙනත් දීමේ පදනම මත ලබා දීමට හෝ කටයුතු කරයි!) බොහෝ විට දිනය අවසන් වෙන්නේ "අම්මට හුඩු උඹ කිව්වා වගේ ස්පෙයා වීල් එක දාගෙන ගියේ නැත්නම් සොරිම තමයි. අන්න අර ටයර් එකේ හුලං බැහැලා!" වැනි කථා සමගය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17979459395541782382021-03-30T14:26:40.878+05:302021-03-30T14:26:40.878+05:30හරියටම හරි. බොහොම ස්තූතියි වැරදි නිවැරදි කලාට.හරියටම හරි. බොහොම ස්තූතියි වැරදි නිවැරදි කලාට.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85868422394609421072021-03-30T13:45:58.329+05:302021-03-30T13:45:58.329+05:30පොඩි නිවැරදි කිරීමක්...
4. නිගමනය - එල්ලෙන සියල්ල ...පොඩි නිවැරදි කිරීමක්...
4. නිගමනය - එල්ලෙන සියල්ල 'පුහුල්' නොවන බව වෙන්න ඕන නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73218781069695124392021-03-30T13:21:58.093+05:302021-03-30T13:21:58.093+05:30මගේ බකුසු නිරීක්ෂණයට හසුවූ දෙයක් තමා, හේන් ගෙදර අත...මගේ බකුසු නිරීක්ෂණයට හසුවූ දෙයක් තමා, හේන් ගෙදර අත්තා විද්‍යාත්මක ක්‍රමයට ඇස්-වහ කටවහ පරීක්ෂාව කරල තියන බව (පහසුව සඳහා පියවර හතර භාවිතා කෙරේ).
1.Observation and description of a phenomenon (a concept),
2.Formulation of a hypothesis to explain the phenomenon,
3.Test the hypothesis. If experiments do not confirm the hypothesis, the hypothesis must be rejected or modified (Go back to Step 2),
4.Establish a theory based on repeated verification of the results.

1.නිරීක්ෂණය - පුහල් වැලම බිමට දෙරි ගැහීම
2. උපකල්පනය - බිසෝ නැන්දගෙ කටේ හයියට, එල්ලෙන දේවල් බිම දැමිය හැක
3. උපකල්පන පරීක්ෂාව - බිසෝ නැන්දාට, හේන් ගෙදර අත්තාගේ "පරම්පරා කුට්ටම" පෙන්නීම
4. නිගමනය - එල්ලෙන සියල්ල රඹුටන් නොවන බවD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-42858917609183339402021-03-30T10:12:31.901+05:302021-03-30T10:12:31.901+05:30ඔය විජය පත්‍ර පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්ඩ ඕන...ඔය විජය පත්‍ර පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්ඩ ඕන මාත්‍රාව දැනගෙන. මාත්‍රාව ඉක්මවා ගියොත් මහ ජංජාලයක් වෙනවා. විජය පත්‍ර වලින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයකින් කාටවත් හොදක් වෙලා නෑ. ඒ හිංදා පරිස්සමින්!! විශේෂයෙන් නාස්තිකවාදී බස්සෙකුට! අපොයි දෙයියනේ දවල් වරුවක තමන් රාජාලියක් කියන හැගීමක් ආවොත් රෑ කාලේ කලුවර සෙවනැලි අතර ඉද ගුප්ත හඩකින් කොදුරන බස්සෙකුට!!!?? මොකකින් මොකක් වේවිද?
"අනුන්ගේ දේවල් ගැන හොයන්න කාලයත්, කැමැත්තත් තියෙන තැන්වල ඔය ඇස්-වහ, කට-වහ කස්ටිය යහමින් වැජඹෙනවා"- මල් මසුරං කියමනක්. අපේ ගම ගත්තොත් මගේ පරම්පරාව වෙනකල්ම කුලී වැඩක් හොයාගෙන එදා වේල හරිහම්බ කරගෙන නිවාඩු පාඩුවේ අනුන්ගේ ඕපදූපයක් හොයාගෙන රස විද විද ජීවත් වෙච්ච ගමක්. ඒ හින්දද ඇස්වහ කටවහ ගැන මතකයන් ඉතුරුවෙලා තියෙන්නේ??කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81552545647461273372021-03-30T10:04:43.108+05:302021-03-30T10:04:43.108+05:30යමක් වැරදුනාම අනුන්ට වරද්ද පටවන එක මමත් කරන වෙලාවල...යමක් වැරදුනාම අනුන්ට වරද්ද පටවන එක මමත් කරන වෙලාවල් තියෙනවා. හුගක් වෙලාවට ඒ මගේ බිරිදට නැත්නම් දරුවන්ට. මොහොතකින් මට හිතෙනවා මම මොනතරම් දුර්වලයෙක්ද කියල ඒ අහිංසකයන්ට වැරැද්ද පටවන්ඩ. මම ඔවුන් මත වැරැද්ද පටවන්නෙ ඔවුන් මට විරුද්ධව සටන් නොකරනු ඇතැයි මගේ හිතේ විශ්වාසයක් තියෙන හිංදා. බැරිවෙලාවත් ඔවුන් මට වඩා බලවත් අය උනා නම් මම නගුට අකුලගෙන පහු බැහැලා යාවි. මේක තමයි දුර්වලයන්ගේ ස්වභාවය!!
බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා චිත්ත වීදි වල තියෙන බලය ගැන. ඔබ කියන්නේ හොද හෝ නරක සිතුවිලි වලින් ශක්තිය සම්ප්‍රේශනය වෙන්න පුලුවන් කියලද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88091027369247010412021-03-30T09:59:47.820+05:302021-03-30T09:59:47.820+05:30අපි විශ්වාස නොකරන දේවල් හුගක් මේ ලෝකෙ තියෙනවා. හැබ...අපි විශ්වාස නොකරන දේවල් හුගක් මේ ලෝකෙ තියෙනවා. හැබැයි අපි විශ්වාස නොකරන හින්දම ඒ දේවල් බොරුද? ඒකෙ අනික් පැත්ත ඒ කියන්නෙ අපි විශ්වාස කරන හැම දෙයක්ම ඇත්තද? උදාහරණයක් විදිහට බෞද්ධයෙක් විදිහට මම පුනර් භවය විශ්වාස කරනවා. නමුත් හිංදු භක්තිකයෙක් පුනරුත්පත්තිය විශ්වාස කරනවා වෙන්ඩ පුලුවන්. ඉස්ලාම් හරි ක්‍රිස්තු භක්තිකයෙක් හරි පුනර් භවයවත් පුනරුත්පත්තියවත් විශ්වාස නොකරට පුනරුජ්ජීවනය විශ්වාස කරනවා. තව කෙනෙක් මරණින් මතු පැවැත්මක් නැත කියල විශ්වාස කරනවා වෙන්ඩ පුලුවන්. මේ දේවල් වලින් කොයිකද හරි? නැත්නම් ඔක්කොම හරි හෝ වැරදිද?
ඇස්වහ කටවහ වගේ දේවලුත් විශ්වාස කරන්නන් අතර ඇත්තක් වෙන විශ්වාස නොකරන්නන් අතර බොරුවක් වෙන දෙයක්ද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39522870391201677002021-03-30T09:11:52.506+05:302021-03-30T09:11:52.506+05:30ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ස්තූතියි කියලා. නියමෙට රසවින...ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ස්තූතියි කියලා. නියමෙට රසවින්ඳා. අර කොල ටික දුමක් විදිහට උරන කොට පට,පට ගාලා ඇට පිපිරුවද? අර කියාපු බුකියෙ සාකච්චාව ගැන ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

අපේ සාවියෙ අර දුං උරන කොල, නීතිගත කරල තියෙන්නෙ. ලොකු මලයගෙ ලිවීමේ හැකියාවෙ දියුණුව දැක්කාම මටත් හිතෙනවා, අත්හදා බලන්න, හැබැයි පොඩි අවුලක් නැත්තෙමත් නෑ.

අපේ එපාට්මන් එකේ කළු මල්ලිලා ඔව්වා ගහලා බඹරු වගේ යනවා දැකලා තියනවා, ඒත් උරුලෑවා ගිය පාර වගේ තමයි ගඳ. අනික ගස්වල හැපි, හැපී පියාඹලා ගහක් මුල දෙරි ගැහුවොත් එහෙම, ඒ නිසා බයයි.

agnostic බස්සෙක් විදිහට මම නං කියන්නෙ දන්නෙ නෑ කියලයි. මම නිරීක්ෂණය කරපු එක දෙයක් තමා, අනුන්ගේ දේවල් ගැන හොයන්න කාලයත්, කැමැත්තත් තියෙන තැන්වල ඔය ඇස්-වහ, කට-වහ කස්ටිය යහමින් වැජඹෙනවා කියන එක. මේ අපේ ගමේ හිටිය එහෙම චරිතයක්:

කිට්ටුව ගෙදරක සාරෙට වැඩුන ඒත් ඵල නොදරන දෙහි ගහක් තිබුනා. සාමාන්‍යයෙන් රාළහාමිව මඟහරින ගෙදර මූලිකයා එදා රාළහාමිව ගෙදරටම කැඳවාගෙන ඇවිත් , තේ පැන් වලින් සංග්‍රහ කොට , මිදුලට කැටුව ගිහින් දෙහි ගහ පෙන්නලා මෙහෙම කිව්වා:

" බලන්නකො රාළහාමි. මේ ගහේ හැටි, එක දෙහි ගෙඩියක්වත් නෑ නෙව?"
ඔහු බලාපොරොත්තු වුනේ, රාලහාමිත් ගහ ගැන නුගුණ කියාවි කියලයි. ඒත් රාළහාමි කිව්වෙ මෙහෙමයි:
" හා, ගෙඩි නැති වුනාට මොකද, ඒකටත් එක්ක ඔය කොල තියෙන්නෙ"

බලා ඉන්දැද්දි වගේ කොල හැලෙන්න ගත්ත දෙහි ගහ කනාටු වෙලා මැරිල ගිය බවයි කියවෙන්නෙ. තව දවසක් දුර තිබෙන ගස් අතර පිමි පැන, පැන හිටිය වඳුරු මොටෙක් දිහා බලා " හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම" යැයි කිවූ බවත්, ඊළඟ පිම්මේදී වඳුරු මොටා පිම්ම වැරදී බිමට පත බෑවුන වගත් තවත් ප්‍රසිද්ධ කතාවක්. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-91884443530564640412021-03-30T01:58:29.831+05:302021-03-30T01:58:29.831+05:30යමක් වැරදුනාම බාහිර කෙනෙකුට හෝ දෙයකට වැරද්ද පැටවීම...යමක් වැරදුනාම බාහිර කෙනෙකුට හෝ දෙයකට වැරද්ද පැටවීම සාමාන්‍ය මිනිස් ස්වභාවය. නමුත් හරිගියොත් අපිම ක්‍රෙඩිට් එක ගන්නවා. අවුරුදු කීපයකට කලින් මම යම් ශල්‍යයකර්මයක් සඳහා දවක් දෙක තුනක් ඉස්පිරිතාලෙ හිටියා. දවල් කෑම අරගෙන එන කාන්තාව මම ඉන්න කාමරේට ඇතුල් වෙන්නෙ මගේ කොන්ඩය දිහා බලාගෙන'beautiful hair, beautiful hair' කියාගෙන. ගෙදර ඇවිල්ල සතියක් විතර යනකම් මගේ කොන්ඩෙ ටිකක් වැඩිපුර ගැලවුනා. නමුත් මම කිසිසේත්ම ඒක අර කාන්තාවගෙ 'වහක්' කියලා හිතුවෙ නැහැ. පලවෙනි හේතුව ඇය එහෙම කිව්වෙ අගය කිරීමකට මිසක් කිසිසේත්ම අනේ මට ඔහොම කොන්ඩයක් නැහැ කියන පසුතැවිල්ලෙන්වත් ඉරිසියාවෙන්වත් නෙවෙයි. ඒක සාමාන්‍ය post-surgery hair loss එකක්. දැන් ඔය පුහුල් වැල සීන් එකෙදී අර කාන්තාව ඇවිල්ල කතාකිරිමෙන් සහ එයා කියපු දේට ඒ වෙලාවෙම කෙල ගහන්න බැරි වෙච්ච ආවේගය නිසා අර පිරිමි කෙනා distract වෙලා මැස්ස වැරදියට හයි කලා වෙන්න බැරිද. එතකොට ඔය කාන්තාව අනවසර ගොඩනැගිල්ලක් එහෙම තියෙන තැනකට එක්ක ගිහිල්ලා නිකන්ම ඉතුරු කරගතහැකිනෙ ඒව ඩෝසර් කරන්න යන වියදම.

මම නම් හිතන දෙයක් තමයි (කියවලා තියෙන දේ) අනුව අපි හැමෝම, අපි කරන කියන හැම දෙයම යම් ශක්තියක් (energy) කියලා. අපිට එක කරුනාවන්ත බැල්මකින්, වචනයකින්, හිනාවකින් තව කෙනෙක්ගෙ හැසිරීමේ වෙනසක්, එහෙම නැත්නම් කීප දෙනෙක් ඉන්න තැන vibe එක සම්පූර්නයෙන්ම වෙනස් කරන්න පුලුවන් නම් ඒකෙ අනිත් පැත්තත් ඒ විදිහටම වෙන්න පුලුවන්නෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.com