tag:blogger.com,1999:blog-2110895024248993818.post8278345803785967513..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : බැංකු හොරකම් කරන ලේසි විදිහක් කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2110895024248993818.post-52384579980457537412018-08-25T19:47:24.602+05:302018-08-25T19:47:24.602+05:30මෙහෙම ගසාකන එකේ කිසි වැරැද්දක් නැහැ.මොකද ඒගොල්ලන් ...මෙහෙම ගසාකන එකේ කිසි වැරැද්දක් නැහැ.මොකද ඒගොල්ලන් කරන්නෙ ඒගොල්ලන්ගෙ duty එකනෙ
සිංහල Networkhttps://www.blogger.com/profile/06652572210741129396noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49869409143106648482018-08-23T07:59:10.033+05:302018-08-23T07:59:10.033+05:30ඇත්තමයි, පෝස්ට් එක වගේම දැනුම් සම්භාරයක් කමෙන්ට්ස්...ඇත්තමයි, පෝස්ට් එක වගේම දැනුම් සම්භාරයක් කමෙන්ට්ස්වලිනුත් ඉගෙන ගත්තා. මම නම් බෞද්ධයෙක්, පන්සලකට යන්නේ නම් හාවා හඳ දකිනවා වගේ. මගේ අදහස නම් දැනටත් බොදුනු සංස්ථා තුලත් මේ වගේම දුෂිත තත්වයක් තමා තියෙන්නේ.
ලංකාවේ ඉතා ප්‍රකට ලොකූ හාමුදුරු නමක් හදිසියේ අපවත් වුණාම ගෝලයෝ මරාගන්න ගියා. නඩු වැටුණා. වෙනත් පන්සලක නායකකම දීලා, සනසලා යවාපු එක ගෝල උන්නාන්සේ කෙනෙක් පරණ පන්සලේ දැන් ලොකූ තැනට ලක්ෂ පනහක් දීලා නායකකමෙන් යවන්න හදලා. ඒ උත්තමයාත් මනාපේ දීලා. ඒ කතා නම් යට ගහවි, පිරිසුදු බුදු සසුන බේරා ගන්න. මට මතක් වෙන්නෙම නීට්ෂේගෙ කියමන- 'අන්ධ භක්තිය සිර ගෙයකි. එයින් නොමිදී ජීවිතාවලෝකය දැකිය නොහැකිය' නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14616113867552690542018-08-21T13:52:13.475+05:302018-08-21T13:52:13.475+05:30I have the sinhala translation of that book. Yes I...I have the sinhala translation of that book. Yes I reffered to that book. It shows how real estate company was developed in the name of religion.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75459908403380046502018-08-21T12:47:22.840+05:302018-08-21T12:47:22.840+05:30The Robe and the Plough.
Ranaweera Gunawardena'...The Robe and the Plough.
Ranaweera Gunawardena's PhD thesis.
Did you meant that book?Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70042186382911469712018-08-21T12:34:15.791+05:302018-08-21T12:34:15.791+05:30මතක විදිහට The Murder of Pope John Paul the first....මතක විදිහට The Murder of Pope John Paul the first.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59978226227622105432018-08-21T12:32:02.385+05:302018-08-21T12:32:02.385+05:30ස්තූතියි වරදවා වටහා නොගැනීම පිලිබදව. ඔව් බුදු හාමු...ස්තූතියි වරදවා වටහා නොගැනීම පිලිබදව. ඔව් බුදු හාමුදුරුවො එහෙම කියපු දෙය නික්ලේශී රහතන් වහන්සෙලා වෙනස් නොකලට අපි වෙනස් කලා. හොද පොතක් තියනවා සිවුර සහ නගුල කියල. හැකිනම් කියවලා බලන්ඩ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26980537215680300232018-08-21T08:31:39.559+05:302018-08-21T08:31:39.559+05:30එල පට්ට...අර පොතේ නම මොකක්ද?එල පට්ට...අර පොතේ නම මොකක්ද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57379070149365936072018-08-21T07:45:13.834+05:302018-08-21T07:45:13.834+05:30කට්ටාස් තුමා
ඔබ ගැන කිසිම වැරදි වැටහීමක් මන් තුල ...කට්ටාස් තුමා
ඔබ ගැන කිසිම වැරදි වැටහීමක් මන් තුල නැහැ
ඔබගේ අදහස සියයට සියක් නිවැරදියි
බුදු පියාණන්ගෙන් අවසාන මොහොතේත් , උන්වහන්සේගෙන් පසු ගුරු තනතුරේ තබා ගත යුත්තේ
කවුරුන්ද කියල අසන ප්‍රශ්නයට, දර්මයම ගුරු තනතුරේ තබා ගත යුතු යැයි උපදෙස් දුන්නේ ඇයි කියල තේරුම් ගත්තේ අදයි.
උන්වහන්සේ දකින්න ඇති කිසියම්ම නායකත්වයක් යටතේ ගොඩ නංවන මෙවැනි ආගමික සංවිදාන , අනාගතයේ දවසක තමන්ගේ දර්මය විකුර්ති කර විනාශ කරන අන්දම විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51301950714772568422018-08-21T06:08:58.584+05:302018-08-21T06:08:58.584+05:30ක්ලෙමන්ට් තුමෙනි ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට සහ ක...ක්ලෙමන්ට් තුමෙනි ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට සහ කට්ටකාඩුවට ප්‍රශංසා කිරීම ගැන. කට්ටකාඩුවේ කිසිම වාරණයක් නෑ අතිශය අසභ්‍ය දේ ඇරුනම. ආගමක් පටන් ගන්නකොට තියන අරමුණු නෙවෙයි පස්සෙ කාලෙක ඒ ආගම සංවිධානය උනාම තියෙන්නෙ. අල්පේච්චතාව හිස මුදුනින් පිලිගත්තු බුදු හාමුදුරුවන්ගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආගම් වලට වෙලාතියන දේ බලන්ඩකෝ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52481757431163502772018-08-21T06:01:01.090+05:302018-08-21T06:01:01.090+05:30දීප්ත තුමෙනි කරුණාකර මාව වරදවා වටහගන්න එපා. ජේසුස්...දීප්ත තුමෙනි කරුණාකර මාව වරදවා වටහගන්න එපා. ජේසුස් වහන්සේට අපහාස කිරීමේ කිසිම උවමනාවක් මට නෑ. ඒ බව මගේ මිතුරු කතෝලික හා අනෙකුත් ක්‍රිස්තියානි නිකායන්ට අයත් සියලු දෙනා දන්නා දෙයක්. මම කියන කතාව සංවිධිත ආගමික සංස්ථා වලින් තමුන්ගේ ශ්‍රේෂ්ට ගුරුවරයාවත් විකුනගෙන කන එක. මේක අද ලෝකයේ තියන හැම ප්‍රධාන ආගමික අධිරාජ්යයකටම පොදුයි. උදාහරණයක් ගත්තොත් අද සිටින බෞද්ධ භික්ෂූන් සමහරක් සිය භික්ෂුභාවය නැතිකරගත් අය. ඒ හින්දම තමයි බුද්ධ දේශිත විනය පිටකය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හංගන්නෙ. බුදු හාමුදුරුවන්ට අපේ බොහෝ සංවිධාන කරන දේමයි ජේසුස් වහන්සෙට ක්‍රිස්තියානි සංවිධාන බොහොමයක් කරන්නෙත්. අනේ ඒ ශ්‍රේෂ්ට ශාස්තෘවරු අද හිටියානම්!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70109028039015425432018-08-21T04:44:58.064+05:302018-08-21T04:44:58.064+05:30කට්ටාස් ගේ බ්ලොග් අඩවිය වගේම ඔබතුමාගේ කොමෙන්ටුත් ම...කට්ටාස් ගේ බ්ලොග් අඩවිය වගේම ඔබතුමාගේ කොමෙන්ටුත් මහා දැනුම් සම්බාරයක් ලැබෙන තැනක් හැටියටයි මම හැමදාම දකින්නේ.
රටේ ඉහල පෙලේ මෙතෝදිස්ත පාසලක ඉගෙන ගත්ත මගේ හිත ඇතුලේ
ජේසු ස්වාමිදරුවෝ ඉන්නේ බොහොම ඉහල තැනක.උන්වහන්සේටවත් උන්වහන්සේගේ දර්මයටවත් හානි කරන්න පූජකයන්ට පුළුවන් කමක් නැහැ කියලයි මම හැමදාම විශ්වාස කරේ.විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52062488045185738952018-08-21T02:58:32.782+05:302018-08-21T02:58:32.782+05:30දැන් මෙතැනදී මට හිතෙන කාරණය තමයි නමන්ගේ මාංශය අයුක...දැන් මෙතැනදී මට හිතෙන කාරණය තමයි නමන්ගේ මාංශය අයුක්ති සහගත ලෙස පිනවා ගන්න හදන එකෙක්ට කිතුනුවන් දිනපතා අනුභව කරන කිතුණු මාංශය නොහොත් body of Christ යාගය සිදු කිරීම තරම් නොවන අකැප දෙයක් බව Church එක විසින් තීරණය කර තිබීමයි කියලා.

ඒක නිසා,කතෝලිකයකුට පල්ලියේ ඒ තීරණය පිලි නොගෙන සිටීමට හේතුවක් නැහැ.

4. කට්ටාස් මෙහිදී වඩාත් අවධාරනය කර තිබෙන්නේ Vatican City බැංකුවේ සිදු වුනු මූල්‍ය වංචා වුනත් මම හිතන්නේ, Francis අනුව සිතමින් , කතෝලික සභාවෙන් ලෝකයට සිදුවූ ලොකුම අකටයුත්ත තමයි මගේ දරු දෙදෙනාගේ වයසේ අසරන දරු දැරියන් දහස් ගණනක් ලොව පුරා පූජකයන් විසින් ලිංගිකව අපයෝජනය කිරීම කියලායි.

ලිංගිකව අපයෝජනයට ලක්වුනු මග්දලාහී මරියාව මරණීය දණ්ඩනයෙන් බේරා ගත්ත ක්‍රිස්තුන්වහන්සේ ව අදහන කිතුනුවන්ට නම් මේක මුහුණ දීමට නොහැකි පාපයක් සහ හදවත ඉරාගෙන මනස්තාපය වීමට කාරණයක්. මොකද අපි කලේ කුරුසියේ ඇණ ගසපු ඒ මිනිසාගේ අැණ තද කරන වැඩක් නිසා.

මම වඩාත්ම සලිත වන කාරණය තමයි ක්රිස්තුන්වහන්සේම කිව්වා...කුඩා දරුවන් පිරිසක් පෙන්වලා ,
දරුවන්ට මා වෙතට එන්නට ඉඩ හරින්න. ඔබෙන් කිසිවෙක් මේ කුඩා දරුවන් වාගේ වෙන්නේ නැත්නම් ඔබට ස්වර්ග රාජ්‍යයට පිවිසුම් නොමැත. ඒ වාගේම මම ඔබට කියමි. කිසිවෙකුත් මේ කුඩා දරුවන්ගෙන් කෙනකුව පාපයට ඇද දමන්නේද ඔහුගේ පයේ අරඹරුම් ගලක් එල්ලා මුහුදට ඇද දැමීම කල යුතුයි කියලා.

ක්‍රිස්තුන්වහන්සේ නොහොත් දෙවියන්වහන්සේ යනු මිනිස් බිලි පූජා ඉල්ලන දෙවියකු නොවන බව ක්‍රිස්තියානි කාරයෝ දන්නවා. නමුත් මේ ප්රකාශනයෙන් පෙන්නුම් කරන්නේ තමන් වෙතට ආ මේ දරුවන්ට මේ ජූතකයෝ කල අපරාධයේ බරපතල කමයි. ඒක මේ පූජකයෝ දන්නවාද?

එක පෙනහැල්ලකින් හුස්ම ගනිමින් , දැන් අවුරුදු 90 විතර කිට්ටු Francis , දශක ගනනාවක් තිස්සේ කතෝලික පල්ලිය විසින්යට කරං හිටපු මේ අපරාධයට වන්දි ගෙවීමට දරන මේ උත්සාහය මට පේන්නේ බරපතල ලෙස හානි කල ඒ ක්‍රිස්තු දේහයට the Body of Christ තම ශක්ති පමණින් සුවය ගෙන ඒමට කරන අති අවංක උත්සාහයක් ලෙසටයි.

කියැවූ ඔබ සැමට තුති.
මේ අවස්ථාව ලබා දුන් කට්ටාස් ඔබට නොවක් තුති.
clement .
Post script.

මම මේ අපරාධය ගැන තදින් සිතුවා. මට අවුරුදු 12 ක පුතෙක් සිටිනවා. අකීකරු වුනත් ආගම දහමට ලැදියි.

පූජකයන් විසින් කරන ලද ක්‍රිස්තු දේහයට කල මේ අපරාධයට අපේ මට්ටමින් වන්දි ගෙවන්නේ කෙසේද යන්න මම බිරිඳ සමඟ කතා වෙනකොට මම කිව්වා කල හැකි එකම දෙය ඉතාමත් ශුද්ධවන්ත ,පිරිසිඳු චරිතයකින් යුතුව මේ කොල්ලාව හොඳට හදලා, Professional රැකියාවකින් පසු ( Pope Francis first worked as a Chemist. He is the only Pope who had civil qualification , like St. Peter, who was a fisherman) priest කෙනෙක් කරමු කියලා.එතකොට ගෑනි කියපි...

අනේ ෂාරුන් ඛාන්ගේ වාගේ කොන්ඩේ තියෙන මගේ මේ එකම පුතාව සුවාමි කෙනෙක් කරන්න කියලාද ඔයා කියන්නේ ඒ..එ්..ඒ..
....කියලා අඬන්න පටන් ගත්තා.

Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23420008875833321642018-08-21T02:55:01.322+05:302018-08-21T02:55:01.322+05:30දීප්ත, බොහොම ස්තුතියි මට මහත්මයා කිවුවාට. මට මහත්ත...දීප්ත, බොහොම ස්තුතියි මට මහත්මයා කිවුවාට. මට මහත්තයා කියලා තියෙන්නේ බැංකුවයි ඔබයි විතරයි. කට්ටාස් මට ක්ලෙමන්ට් තුමනි " කියපු නිසා හැමදාම ක්ලෙමා කියපු මගේ ගෑනිත් මට දැන් තුමෙනි කියලා කතා කරන්නේ..LAUGH OUT LOUD.

කට්ටාස්ගේ මේ අභීත අවංක ලියවිල්ලට මම බයිබලයෙන් කරුනු කිහිපයක් එක් කරන්න කැමතියි. මම Theology ඉගෙන ගත්ත එකෙක් නොවෙයි. නමුත් Practicing Catholic කෙනෙක්. එය මේ සඳහා ප්‍රමානවත් ඇතැයි සිතමි. නමුත් මේ සම්බන්ධව මම මුලු ජීවිත කාලයක් තුල සිතමින් ක්‍රියා කරමින් සිටි කෙනෙක්. කට්ටාස් මේ issue එක පෙරට ගෙනාවා. පරාර්ථකාමී බ්ලොගෙක් ලෙස ඔහු අපට විශාල ඉඩක් දෙනවා මේ discussion එක වැදගත් විදියට අරගෙන යන්න.

මං මේ ගෑනිගෙනුත් සුහද බැනුම් අහගෙන මේ ලියන කොමෙන්ටුව කටිටාස්ගේ post එකටත් වඩා දිගු වාගේ පෙනුනත් ..අනේ කටිටාස් මේක කපලා නොදා පල කරනු!මොකද මම මේ ලියලා තියෙන්නේ මගේ අවුරුදු 35 ක සිතුවිලි අවංකවම එක nutshell එකකට දාලා නිසා.

මෙය මමම ලියපු මුල් ලියවිල්ලෙන් 1/3 විතරයි!

1. නූතන ලෝකයේ Catholic Church එකට දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ වාගේම යටි මඩි ගැහිලි වංචාවටත් ක්‍රිස්තුන්වහන්සේ සිටපු කාලයේ පටන් ඉතිහාසයක් තියෙනවා. නිදසුනක් ලෙස ජේසුන් වහන්සේගේ සහ එතුමාගේ මිතුරු සංඝයේ පොදු මුදල් පසුම්බිය බාරව සිටි ජුදාස් ඉස්කාරියොත් ඉන් මුදල් සොරා ගන්නා බව ක්‍රිස්තුන් වහන්සේ පවා දැන සිටි බව ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒ ජුදාස් රිදී SHEKELS 30 ට උන්වහන්සේව ජුදා පූජකයන් අතට පාවා දුන්නා නම් බං ඩොලර් , ස්විස් ෆ්රන්කු, යුරෝ විතරක් නොවෙයි රියාල් මිලියන ගනන් පවා පොත්වල නොලියවී යන city bank එකක් ඇතුලේ මොනවා නොවෙන්න පුලුවන්ද මං අහන්නේ..?

2.අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා - The Acts of the Apostles- පොතේ සඳහන් වන ආකාරයට සභාවේ මුල් ආරම්භයේ එහි සියලුම සාමාජිකයෝ ගත කලේ පොදු සාංගික විදියට. එනම් මූලික කිතුනු සංඝයක් -Basic Christian Communities -ලෙස. එහිදී සියලුම දෙනා තමන්ගේ දේපල වස්තුව විකුනා මුදල් පොදු අරමුදලකට ඒ වටිනාකම් එක් කලා. පසුව ඒවා සංඝයේ අවශ්‍යතාවය පරිදි බෙදී ගියා.නමුත් එහිදීත් පවුලක් ( මතක විදයට Annanias and Sapphira ) මුදල් වංචාවක් කල බව ශුද්ධවූ ලියවඅල්ලේ සඳහන් වෙනවා. මේ සිදුවීම්වලින් නැවත නැවතත් මතු වෙන්නේ වස්තුවටත් , දෙවියන්වහන්සේටත් ( ප්‍රේමය සහ යහපත් බවට ) එකවර සේවය කිරීමට ගිහියකුට තබා පාප්වරුන්ටත් බැරි බව ක්‍රිස්තුන් වහන්සේ කී දෙයයි කියලා ...මට හිතෙන්නේ .

3. කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් Obedience, Poverty and Chastity යන වේද බාර තුන තම පූජක දිවිය තුල සුරුකිය යුතු බව පොරොන්දු කරගෙන සහ එසේ පොරොන්දු වී තමයි පූජක/පැවිදි දිවියට ඔවුන් පිවිසෙන්නේ. ඒ කියන්නේ ඊට සාමාන්තර මාවත වන කිතුනු විවාහ ජීවිතය තුල බිරිඳ සහ සැමියා එකිනෙකාට විශ්වාසනීයව ( fidelity) සිටින බව ඔවුන් විවාහ වන දා පල්ලියේදී පොරොන්දු වෙන්නේ එකිනෙකාට විතරක් නොවෙයි දෙවියන්වහන්සේටත් එක්ක. ඒක කියන්නෙත් ප්‍රසිද්ධියේ.

. දැන් මෙහිදි වැඩේ මටත් පැහැදිලි නැති තැනක් තියෙනවා. මෙය ව්‍යවහාර බසින් ලිව්වොත් තේරුම් ගන්න ලේසි නිසා එසේ ලියමි.

විවාහ ජීවිතයේදී කොටුවක් පැන්නොත් අවංක සහ දැඩි මනස්තාපයකින් සහ වෛද්‍ය පරීක්ෂාවකින් පසුව නැවත මුල් ව්වාහ ජීවිතය වෙතට ආ හැකියි. මේ තත්වයට මුහුණ දීම කියන තරම් පහසු නැති නිසා මා ඇතුලු මාගේ කිතුනු මිතුරන්/ මිතුරියන් බොහෝ අමාරුවෙන් කොටු නොපැන ඉන්න අතර පැනපු එකා මිනියක් මරලා කොන්ක්‍රීට් දාලා හැංගුවා වාගේ ආයේ කොහොමටත් නොකරන්න වග බලා ගන්නවා. මොකද ගෑනිට / ළමයින්ට බොරු කලත් දෙව්යන්වහන්සේට බොරු කරනවා තියා හිතන්නටවත් බැරි බව උන් දන්නා නිසා.

නමුත් පූජක / පැවිදි ජීවිතයේදී මෙය වලංගු නැහැ. ගල් කපලා මාට්ටු වුනොත් සිවිල් / අපරාධ නීතියට මුහුන දී අච්චු විඳ ආවත් තමන් සිටි holy ministry එකේ කිසිම දෙයක් ඔහුට/ඇයට අයිති නැහැ. තමන් එතෙක් සිටි congrigation එකෙන් dismiss විය යුතුමයි එක්කෝ නැවත ගිහියකු ලෙස සමාජයට එක් විය යුතුයි. නැතහොත් dismiss වී කොන්දේසි සහිතව ඒ congrigation එක ඇතුලේ life time repentance ( continuiously praying, fasting and meditation) වෙමින් ඉන්නේ. මේක ලෙහෙසි පහසු කෙලියක් නොවන බව හොඳටම පේනවා. නමුත් එසේ පසුතැවිල්ලෙන් ජීවත් වන අය ඉන්නවා.

ඒක නිසා අර වේද බාර තුනෙන් පූජක පතිවෘතතාවය නොහොත් chastity කඩුල්ල පනින්න එකෙක්/ එකියක් හිතං ඉන්නවා නම් ඒක ඒ පුද්ගලයා තමන්ගේ මුලු ප්‍රතිපත්තිමය ජීවිතය එක්ක කරන සෙල්ලමක්. නමුත් තම spiritual leaders ලාට අකීකරු වීම හෝ සාවද්‍ය මුදල් පරිහරණය සමඟ තර්ක /වාද කර පැරදුනත් අර තරම් life time කට්ටක් කන්න වෙනනේ නැහැ.
නමුත් ඔවුන්ට දඬුවම් ලැබෙන පිලිවෙලක් තියෙනවා.
Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33096743302945247902018-08-20T16:49:49.077+05:302018-08-20T16:49:49.077+05:30වැඩේ හරියට කරන්ඩ ආගමික හෝ දේශපාලනික බලයකුත් ඕන නේ....වැඩේ හරියට කරන්ඩ ආගමික හෝ දේශපාලනික බලයකුත් ඕන නේ...ඒක හොයාගන්නෙ කොහොමද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10927006628559299372018-08-20T16:48:03.043+05:302018-08-20T16:48:03.043+05:30Thank you very much for the idea Pra Jay. Actually...Thank you very much for the idea Pra Jay. Actually it will be interesting to compare ancient Sri Lankan banking systems and the western ones.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4397353238858851772018-08-20T16:46:32.861+05:302018-08-20T16:46:32.861+05:30මට මේ නිකමට හිතුනෙ නලින් ද සිල්වා මහතා වගේ ඉහළ බුද...මට මේ නිකමට හිතුනෙ නලින් ද සිල්වා මහතා වගේ ඉහළ බුද්ධියක් ඇති පුද්ගලයෙකු මේ වගේ හොර නඩේකට සෙට් උනා නං මොකක් වෙයිද කියල...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34665123869174603352018-08-20T11:36:09.026+05:302018-08-20T11:36:09.026+05:30Michael Caine ගෙ සිරා ෆිල්ම් එකක් තියෙනවා Silver B...Michael Caine ගෙ සිරා ෆිල්ම් එකක් තියෙනවා Silver Bears කියලා (ටිකක් විතර පරණයි - 1977). හොයාගෙන බලන්ට කට්ටො. ඔය බැංකු පිහිටුවගෙන ගේම් ගහන්නෙ කොහොමද කියලා හොඳට දැන-ඉගෙන ගන්ට පුළුවනි. “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා“ කියලා පැරැන්නො කියල තියෙන එකේ ඕවත් ඉගෙනගත්තට පාඩුවක් වෙන එකක් නෑ... :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14775041845024739582018-08-20T10:25:33.625+05:302018-08-20T10:25:33.625+05:30Why not write another post about historical banker...Why not write another post about historical bankers? Roman, Jewish, Templars etc.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-42514004090821898322018-08-20T05:44:35.099+05:302018-08-20T05:44:35.099+05:30පාප් වහන්සේ ඔය කියන තරම්ම නරක මිනිහෙක් නෙමෙයි.
...පාප් වහන්සේ ඔය කියන තරම්ම නරක මිනිහෙක් නෙමෙයි.
෴නලින් ද සිල්වා
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69038237758039096592018-08-20T05:25:16.649+05:302018-08-20T05:25:16.649+05:30ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ක්ලෙමන්ට්තුමනි. මම කතෝ...ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ක්ලෙමන්ට්තුමනි. මම කතෝලික දහම ගැන ප්‍රාමාණික උගතෙක් නොවන නිසා ඔබේ අදහසට එකග වීමට හෝ නොවීමට නොහැකියි. නමුත් සුලු නිවැරදි කිරීමක් කරන්නම්. ඔබ සදහන් කරන පෝලන්ත ජාතික පාප් තුමා හයවැනි ජුවාම් පාවුලු නොව දෙවැනි ජුවාම් පාවුලු විය යුතුයි. ඔහු ඒ නම භාවිතා කල දැනට සිටි අවසාන පාප්තුමා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15570513060138802922018-08-20T05:19:20.764+05:302018-08-20T05:19:20.764+05:30ක්ලෙමන්ට් මහත්මයා
මම පිලිගන්නවා මහා පරිමාන ළමා ...ක්ලෙමන්ට් මහත්මයා

මම පිලිගන්නවා මහා පරිමාන ළමා අපචාර හෙළිවීම සහ මුල්‍ය අපරාද අතර යම් සම්බන්දයක් ඇති බව .
එත් මම පිළිගන්නේ නැහැ , මේ ප්‍රශ්නේ කරලියට ආවේ මෑතකදී කියල .
මොකද මම සදහන් කරලා තියෙන වාර්තාමය වැඩසටහනේ නිෂ්පාදකවරු සමත්වෙලා තියෙනවා 16 වෙනි බෙනඩික් පාප් තුමාගෙනුත් (Joesph Ratsingher) සාකච්ඡාවක් ලබා ගන්න.

ඔහු කියන හැටියට, ළමා අපචාර ගැන වින්දිතයන් විසින් එවන ලද චෝදනා පත්‍ර ( විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවලින් ) විබාග කිරීම සදහා දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ පත් කරන්නේ ඔහුව . එවකට ඔහු කාදිනල් වරයෙක් .
ඔහු ඉතා විස්තරාත්මක වාර්තාවක් පාප්තුමාට ඉදිරිපත් කරනවා මේ ගැන . හැබැයි එතනින් එහාට කිසිවක් වෙන්නේ නැහැ .

බෙනඩික් පාප්වරයට එනවිටත් මේ ප්රශ්නය ඔඩු දුවල ඉවරයි, ඔහුට අන් සියලු අයට වඩා මේ ගැන දැනීමක් තිබ්බා .
ඔහුගේ විශ්‍රාම යාම මේ හා බැදී ඇති බව මම විශ්වාස කරන්නේ නැහැ . මොකද බටහිර රජයන් වලින් වතිකානුවට එල්ලවන
බලපෑම දැඩි වීම නිසාමයි , මේ සම්බන්දයෙන් වතිකානුවට යමක් කරන්න සිද්ද වෙන්නේ. වතිකානුවේ තුන්වන ප්‍රදනියා
George Pell ඔස්ට්‍රේලියාවට නොඑවා ඉන්න francis පාප් වහන්සේගේ වතිකානුව ලොකු උත්සහයක් දරනවා.

කොහොමත් බටහිර රටවල දේශපාලනයට ( ඇමරිකාව හැර ) පල්ලියට කල හැකි බලපෑම ඉතා සීග්‍රයෙන් ඉවත් වී ගෙන යනවා. සමලිංගිකත්වය බොහොම රටවල නීත්‍යානුකුල වීමෙන්ම එය ඉතා පැහැදිලියි.විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7971322024636955242018-08-20T02:27:31.234+05:302018-08-20T02:27:31.234+05:30කට්ටාස් ,
මේ ලිපියට මගේ අදහස් එකතු කරන කොට මට මතක...කට්ටාස් ,

මේ ලිපියට මගේ අදහස් එකතු කරන කොට මට මතක් වෙන්නේ ක්‍රිස්තුන් කියපු කතාවක්..(මේ කොමෙන්ටුව තුල Theological errors තියෙනවා නම් standard scholar කෙනෙක් ඒ පිලබඳව මට කරුනාවෙන් පෙන්වා දෙතැයි සිතමි. එසේම පාප් තුමා ගැන සඳහන් කරන කොට මම ෆ්‍රැන්සිස් ලෙස ලියමි.)

"ස්වාමිවරු දෙදෙනකුට සේවය කිරීමට ඔබට නොහැක. ඔබ ඉන් එක් අයකුට ප්‍රේම කරන අතර අනිකාට වෛර කරයි."
"වස්තුව කොතැනද ඔබේ හදවතද එතැනය"
Jesus Christ

ඉස්කෝලෙදී අපිට ආගම උගන්වපු OMI , ජේසු නිකාය,FSC (ද ලාසාල් සහෝදරත්වය ) සහ Holy Family සහෝදරියන් කියා දුන්නේ කිතුනු සභාව කියන්නේ දුගියන්ගේ සහ පීඩිතයන්සභාවක් කියලා. නමුත් ඒක එසේ නොවන බව අපිත් ඒ අයත් දැන සිටියා.ඔබ සඳහන් කල කරුනු අපේ පන්තියටම අපේ පාසැලේ හිටපු ලොකු අයියා කෙනෙක් 1985 තරම් ඈතකදී,( එවිට ඔහු අම්පිටිය National Seminary එකේ සුවාමි කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ) කිව්වා. වතිකාන බැංකුව ආයුධ, බෙහෙත්, cosmetics විතරක් නොවෙයි උපත් පාලන සමාගම් එක්කත් ජෝගි දාන ආකාරය ඔහු අපට පොත් පත්, සඟරා මගින් පෙන්වා දුන්නා. මෙය තරමක් දුරට හෝ වෙනස් කල හැකි එකම මඟ එවකට මධ්‍යම සහ දකුනු ඇමරිකාව පුරා පැතිර ගිය Liberation Theology මඟින් පමණයි කියලායි කිව්වේ.

වතිකානයේ මේ කූට ව්‍යාපාරය නැඟලාම ගියේ 6 වැනි ජුවාම් පාවුලු නොහොත් Polish පොරක් වූ කැරොල් වොයිටිලාගේ සමයේ බවයි මම හිතන්නේ. මම ඒ පිලිබඳව පර්යේෂණයක් නොකලත් අර ඉහත සඳහන් කල නාහෙට නාහන ලොකු අයියලා කල පර්යේෂණ මටත් දැක දැන ගන්නට ලැබුනා. 1985 න් පස්සේ සෝවියට් දේශපාලනය බහින කලාවට එන විට රේගන්ගේ ඇස යොමුවුනේ මේ පෝලන්ත පොර වෙත යොමු වුනේ ඔහු ලෙක් වැලේසා සමඟ එකතුව පෝලන්ත ආන්ඩුවට එරෙහිව Solidarity ව්‍යාපාරය කරගෙන ගිය නිසායි.( නැවතත්, මම වැරදි නම් මාව නිවැරදි කරන්න) ඒ කාලයේදී මේ සඳහාම කොපමණ මුදලක් ඇමරිකාවෙන් Vatican City එකට එන්න ඇද්ද?මේක එන්නේ පාප්ගේ නමට නොවන නිසා කීයක් මේ city එක හරහා ගනුදෙනු වුනාද කියලා වොයිටිලා දැන නොගන්න ඕනැ තරම් හේතු තියෙනවා. මේ කාලය වෙනකොට Catholic Church එක අන්තයටම පිරිහිලා.හේතුව ක්‍රිස්තුන් කෘ පරිදි සභාව සුවාමිවරුන් දෙදෙනකුට සේවය කරන්න ගොස් ,යා දෙක නොරත රත පෑහිමක් නොමැතිවී ගොස් තම ක්‍රිස්තියානි හදවත දුගියාගෙන්, පීඩිතයා ගෙන් පැහැරගෙන වස්තුවට කැප කිරීම නිසාද?

තත්වය ක්ෂනිකව නොවුනත් කැපී පෙනෙන වෙනසක් සිද්ද වෙන්න ගත්තේ ආජන්ටිනාවේ Francis ආවාම. පොරගෙ පන්නරය තියෙන්නේ Jesuits ලා සමඟ.Jesuits ලා කියන්නේ ලේසි පහසු එවුන් නොවෙයි. නමින්ම ඒක පැහැදිලියි. ෆ්‍රැන්සිස් ආපු ගමන්ම කලේ අන්ත දුගියකු ලෙස සිටි අසිසියේ සා.ෆ්‍රැන්සිස් තුමාගේ නම ගත්ත එක. සභාවේ උෟරන්ට මේක කාලා ඉන්න බැහැ..අර අබිරහස් මරනය සිදුවූ පාප් තුමාව..මට නම මතක නැහැ..ශුධවරයට එසවූවා, සා. ජෝසප් වාස්ව වාගේ. වතිකාන බැංකුවට තහංචි ගනනාවක් දැම්මා. ලාබය අධ්යක්ෂ මන්ඩලයට නොව සේවකයන් සහ දුගින්ගේ අරමුදලට දාන එක එකක් විතරයි.

අවුරුදු 5න් Holy Father Pope Francis ව අන්තක්‍රිස්තු නොහොත් Anti Christ කලේ මෙවුන් මයි.අද Francis ට ගේම ඉල්ලන්නේ මේ ඌරො set එක.
අන්තිමට එහෙත් වැදගත්ම එක..
වතිකාන බැංකුවට එරෙහි වීම හරහා Francis මේ කරන වැඩය ඉවසා ගන්නට බැරිව ෆ්රැන්සියාව නැට්ටටම තද කරන්න කියලා මේ හොර දෙටුවෝ set එක දශක ගනනාවක් මුලුල්ලේ සැඟවී තිබුන පූජකයන්ගේ ලිංගික අපචාර කතන්දර එලියට දැම්මා ඒ පීඩනය දරා ගන්න බැරිව ෆ්රැන්සියා විශ්‍රාම ගනියි කියලා 16 වැනි බෙනඩික් (Joesph Ratsingher)වාගේ කියලා. පස්සේ උන්ට ඕනෑ එකෙක් පත් කර ගන්න.
නමුත් උන්ට අමතක වුනා ෆ්රැන්සියා Jesuit කල්දේරමේ බත් කාපු එකෙක් කියලා.කුමන්න්රනයට කෙලවුනා.

අපචාර වෝදනා ආපු හැම එකාටම ඉල්ලා අස්වෙන්නත් , ඉල්ලා අස්වීම දුන්න එවුන්ගේ resignation පිලිගන්නත් එතුමා in general මැලි වුනේ නැහැ.
අද වෙනකොට මේ කොලුකාරයන්ව සහ ගල් කාරයන්ව ඒ ඒ රටවල නීතියට අනුව අච්චු කරන්නත් , වින්දිතයන්ට සිවිල්/අපරාධ නීතියට අනුව වන්දි ගෙවන්නත් ෆ්‍රැන්සිස් නියම කරලා තියෙනවා.

Clement Peris.
Edmonton .
Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-44834452529828124362018-08-19T08:36:07.452+05:302018-08-19T08:36:07.452+05:30ලොකු හොරු වගේම භයානකයි ඒ හොරුන්ට උඩ ගෙඩි දෙන එව්වො...ලොකු හොරු වගේම භයානකයි ඒ හොරුන්ට උඩ ගෙඩි දෙන එව්වොත්...නැද්ද රන්සකු මල්ලියේ. මොකා උනත් අන්තිමට තට්ටු වෙන්නෙ සාමාන්‍ය ජනතාව...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39123572385909264442018-08-19T08:21:19.900+05:302018-08-19T08:21:19.900+05:30This comment has been removed by the author.විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86842360989026379372018-08-19T07:37:31.793+05:302018-08-19T07:37:31.793+05:30රනිල් මාමා හරි අහිසකයි නේද මල්ලි අය්යේ .. ඒවා එක්...රනිල් මාමා හරි අහිසකයි නේද මල්ලි අය්යේ .. ඒවා එක්ක බැලුවම රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.com