Saturday, July 29, 2017

උතුමාණෙනි,  ඔබ තුමා වෙත සාදරයෙනි!

මනික්කවාසහම් ඉලන්චේලියන්, 
මහාධිකරණ විනිසුරු,
යාපනය මහාධිකරණය,
යාපනය.

උතුමාණෙනි,

මෙය රාජකාරි ලිපියක් නොවන නිසා මාතෘකාවක් අවශ්‍ය නොවූවද ඉහත දැක්වූ පරිදි ඔබතුමාට ආමන්ත්‍රණය  කිරීමෙන් මම බලාපොරොත්තු වන්නේ මෙය හුදෙක් පෞද්ගලික ලිපියක් ද නොවන බව පැවසීමටය. මෙය හුදෙක් ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ පටු අභිලාෂයෙන් දඉනුත් ඉදිරියට ගොස් ඔබතුමා ගේ පෞද්ගලික ජීවිතයට යෝජනා කීපයක් කිරීමේ ද බලාපොරොත්තුවෙන් ලියමි.

Friday, July 28, 2017

මැරෙන එකත් පණ යන වැඩක්!

මළ ගෙවල් යනු සමාජ උත්සවයක් බවට පත්වී ඇත්තේ අපේ ගමේ පමණක් නොවේ. එහෙත් කුඩා ගමක වැසියන් වන අපේ  ගමේ කට්ටිය කලාතුරකින් සිදුවන මළ ගෙදරකදී එතුලින් උපරිම තෘප්තියක් ලබා ගනිති. කට්ටියක් පැත්තකට වී බූරු ගසන අතර තවත් කට්ටියක් හත් වාසි බලති. පොඩි එවුන් කැරම් ගසන අතර මහා එවුන් ඕපා දූප මල්ල දිග හරිති මැද උන් ෆෝන් ගැන කථාය. කෙල්ලෝ මල ගෙදර ඇතුලේය. කොල්ලෝ හට් එක තුලය. නැත්නම් පාර දිගටය. එහෙමත් නැත්නම් කානු වලය!

තව කට්ටියක් ශෝකය පල කිරීමට ගල් අරක්කු වලින් මූන හොදා ගෙන, කසිප්පු වලින් නා, ගංජා ගගක පීනමින්, මල ගිය පුද්ගලයා ප්රේත ලෝකයට ගියේ නම් දැන් තත්වය මේ බව පෙන්වමින්, සසර බිය ඇති කිරීමේ ව්යාපාරයක නිරත වෙති. තවත් කට්ටියක් රෑ එකට දෙකටත් බත් කමුයි යෝජනා කරති. නැත්නම් තේකක් බීමට යෝජනා කරති. සමහර විට සීතලේ ගැහි ගැහී සිටින විට නයිස් බිස්කට් එකක් සමග කූල් ඩ්රින්ක්ස් පොවන්නට තැත් කරති... කවුරු කව්රුත් මල ගෙදර අයගේ තනියට පාන්දර තුන හතර වෙනකල් ඇහැරගෙන සිටිති.

මට තව ඩිංගෙං  කියන්ඩ අමතක උනා...මේ සියලු කණ්ඩායම් එක්වී මළ ගෙදර උදවියට රෑ දහයට විතර මෙසේ කියති......”හෙට උදේම නැගිටින්ඩ එපායැ හින්දා මගේ අප්පච්චිලා දැන් නිදා ගන්ඩ...”(ඔව් ... ඔව් කාට කාටත් වැඩි ආදරේට අප්පච්චි කියලා තමයි කියන්නේ...හිතුවද මමත් ගංජා ගහලා කියලා). ඉතින් වදෙන් පොරෙන් මළ ගෙදර කට්ටියව නිදි කරවලා තමයි අපි තනි රකින්නේ... නයිට ගහන්නේ.

Tuesday, July 25, 2017

පුත්තලම් කෝච්චියේ කථා දෙකක්

කථාව 1- කොටස 1 

එය පාලු මුසල රාත්රියකි. ඉදහිට බුරන බල්ලෙකුගේ හඩත් ඇතින් කෑ ගසන උලමෙකුගේ හඩත් හැරුණු කොට ඇසුනේ මුහුදු රල බිදෙන ඒකාකාරී සුසුම් හඩ  පමණි. වෙනදාට උස්ව නැගෙන පල්ලියේ යාඥාවන්ට කැදවීම අද නො ඇසුණු සේය. ඇසුනද එය බොහෝ දෙනාට අමතකව ගොසිනි.  

“පොඩි අය කෑවද?”අබ්දුල් පාතිමා ගෙන් ඇසුවේය.

“ඔව්” පාතිමාගේ කටහඩ කෙදිරිල්ලකට වැඩි යමක් නොවිණි.

“එහෙනම් අය නිදි කරවන්ඩ. සමහරවිට අපි ඔක්කොටම හෙට දුර ගමනක් යන්ඩ තියන හින්දා දැන්ම නිදා ගන්න එක හොදයි. අල්ලා  අපිව රැක බලා ගන්ඩ  ඕන මේ විපත්තියෙන්!!....”අබ්දුල් ගේ හඩ හැඩුම් බරය.

Saturday, July 22, 2017

අපේ කටේ මැෂින් ගලවපියව් !

ඉතිහාසේ වෙනස් කරන්ඩ බැරිද? පුළුවන් නම් ඒ කොහොමද ?? මට හිතුනේ කන්ද කපා හද පායලා තිබුණු පහුගිය දවසක. බලන කදු පන්තියෙන් එහා කොහේදෝ නොදන්නා තැනකින් එබෙන හද දිහා බලාගෙන ඉන්නකොට මං ගාවට ආවේ ලෙව්කේ දිසාව. ඔව් ඔව් හතර කොරලෙන් බිහි වෙච්ච රණ සුරයා...එයා තමයි.

Friday, July 14, 2017

අලි ගැහුවද? ගැහුවේ නැද්ද??



පෙරවදන

මගේ මිතුරියක් රාජකාරි ගමනක් යමින් සිටියදී මෑතකදී අනුරාධපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක් වූවාය. ඇය ගමන් කල වාහනය ප්‍රහාරය නිසා  පෙරලී ගිය නමුත් පෙර වාසනාවකට මෙන් ඇයටවත් ඇය සමග ගමන් කල පිරිසේ කිසිවෙකුටවත් සුළු සීරීම් හැර වෙනත් අලකලංචියක් ඒ මොහොතේදී සිදු නොවිණි. එහෙත් දේවාලය ඉහේ කඩා වැටුනේ ඇය සිද්ධිය පිලිබදව ඇය සේවය කරන ආයතනයේ ආරක්ෂක අංශය දැනුවත් කල පසුය. 

Wednesday, July 5, 2017


නො නවතින කානිවල්!!  


"මේ මොන කරදරයක්ද අනේ...මහන්සි වෙලා වෙලා ගෙදරට ආපුවම නිදහසේ නිදාගන්ඩවත් නැද්ද අප්පා"...ගෙදර මායියා ගේ නොනවතින 24/7 කන්කරච්චලය දැන් අලුත් මාතෘකාවක් ඔස්සේ ඇදී යයි

"ඇයි මොකද පාර වෙලා තියෙන්නේ ?" මම ඇසුවේ උත්තරයක් බලා පොරෝත්තුවෙන්ම නොවේය. සිරිතක් විදිහටය...ඇත්තම කිව්වොත් බයටයමොකද මගෙන් කිසිදු උත්තරයක් නොලැබුණහොත් ඇයගේ මාතෘකාව මගේ ගොළු වෘතය වන නිසාය

"අන්න පාර අපේ ෆ්ලැට් එක ලග ග්රවුන්ඩ් එකේ සති දෙකක් කානිවල් තියනවලු".