Showing posts with label මං හිතන විදිහට. Show all posts
Showing posts with label මං හිතන විදිහට. Show all posts

Saturday, June 22, 2024

පුටු සැටිය

 

අපේ ගෙදර සාලයේ අපි පොඩි කාලයේ තිබුනේ වේවැල් පුටු කීපයකි. ඒවා අප්පච්චීට සල්ලි යහමින් තිබුනු ඈත කාළයකදී රදාවඩුන්නෙන් (මෙහි මුල් කතාවේ වේවැල් බඩු ගෙනාවේ වේවැල්දෙනියෙන් බව සඳහන් වීම වැරදි සහගත් බව පෙන්වා දුන් ප්‍රියන්තතුමාට නොවක් තුති!!) ගෙනා මිල අධික පුටුය. එහෙත් අපේ ගෙදර කවමදාකවත් කිසිම දෙයක් පෙනුමට පමණක් තිබුනේ නැත. ගෙදර අබ ඇටයක් තරම් හෝ දෙයක් තිබුනේ නම් ඒ පාවිච්චියටය. අප්පච්චීගේ නීතිය එයයි. හරියටම කිව්වොත් ඒ නීතිය අප්පච්චීගේ නොවීය. ඒ අම්මාගේ නීතියකි. ම්හ්...මතකය කියන විදිහට ඒ දෙන්නාටම එකිනෙකාට සුන්දර නෝක්කාඩුවක් නොකියා එකඟවිය හැකි යමක් තිබුනේ නම් ඒ මේ නීතියය. හොඳම දේ නොව හැමදේම දරුවන්ටය!

ඉතින් ගෙදරට එන ඕන කෙනෙකුට ගෙදර මැද සාලයේ තිබුණු වේවැල් පුටු සැටියේ ඉඳගැනීමට හැකිවිය. ඇත්තම කිව්වොත් වේවැල් පුටුවල් ඉඳ නොගත්තේ නම් ඉඳගන්නට තිබුනේ බිමය. අපි පොඩි කාළයේ පුටුවලද බිමද යන්නෙහි ලොකු වෙනසක් නොතිබුණෙන් ගෙදරට කවුරුන් හෝ පැමිණි විට අපි බිම ඉඳ ගැනීම මහ අරුමයක් නොවීය.



ඉතින් ඔහොම ටික කාළයක් යනවිට වේවැල් පුටු වලට මකුණන් බෝවිය. මකුණන් යනු මහා කරදරකාරී සතෙකුබව නොදන්නේ මකුණු කරදරය ඉතා අවම අද ඊයේ ඉපදුනෙකු විය යුතුය. අපි පොඩි කාළයේ පුටුවලද, මෙට්ට වලද, ඇඳන් වල දාරවලද බංකු වලද, පිචැර් හෝල්වල පුටුවලද කොටින්ම මිනිස්සු ඉඳගන්නා, නිදා ගන්නා, හේත්තු වී ඉන්නා ඕනෑම අටමගලයක මකුණන් වරදින්නේ නැත. ඉතින් අපේ ගෙදර් පුටුවල විතරක් මකුණන් නොඉන්නට හේතුවක් නැත.

Wednesday, October 20, 2021

මහේශාඛ්‍ය මෙඩිචි සහ ලියනාඩෝ

ඔය ජනේරු මාසෙ තියෙනවා නේද...හරි අපූරු මාසයක්. සූර පප්පලගෙ ගම අල්ලාගන්ඩ බැරි උනාට මොකද රෝමන් කාරයෝ හරි අමුතු වැඩ කරලා ලොක්කෙ පුරාම නමක් තියපු මිනිස්සු. එහෙව් රෝමන් කාරයෝ අවුරුද්දෙ මුල්ම මාසෙට නම දාන්නේ මූණු දෙකක් දෙපැත්තට පිහිටලා තිබ්බා කියල කියවෙන ජානුස් දෙවියන්ගෙ නම සිහිවෙන්ඩයි. මේ ජානුස් දෙවියන්ට මූණු දෙකක් තියෙන්නෙ එක මූණකින් අතීතේ වගේම අනික් මූණෙන්  අනාගතේත් බලන්ඩ පුලුවන් හින්ද කියලයි රෝමන් කාරයෝ හිතුවේ. මට මේ ළගඳි දවසක හිතුන මේ ජානුස් දෙවියගේ මූණ මොනවගේ වෙන්ඩ ඇද්ද කියල.

ජානුස්ට තියෙන්නෙ සන්තෝසෙන් ඉන්න මූණක්ද? නැත්තං ඔහු දුකෙන්ද? සමාන සුඛ දුක්ඛ මූණක්ද? අතීතෙත් අනාගතේත් දකින කෙනෙකුට මොනවා හිතෙනවා ඇද්ද? මහ ලොකු සෞභාග්‍යමත් අතීතයක් තිබ්බ කියන රටවල්වලට දැන් වෙලා තියෙන නස්පැත්තිය දැක්කම ජානුස්ට හිනා යනවද? දුක හිතෙනවද? ඔය ඔක්කොම අලකලංචි හිංද මට හිතෙනවා ජානුස්ට තියෙන්නෙ තේරුම් ගන්ඩ බැරි අන්දොස් වෙච්ච මූණක් කියල. හරියට මොනාලිසාගෙ මූණ වගේ.


මොනාලිසා කියපු ගමං මතක් උනේ ඩා වින්චිව. උන්නැහෙලුනෙ මොනාලිසා ඇන්දෙ. මොකද මේ ලෝකෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා, චින්තකයා, නිමැවුම්කරුවා ඔය වගේ චිත්‍රයක් ඇන්දෙ? ඔය කියන තරම් වශීකරණ බලයක් - නෑ නෑ ඔය පත්තරේ දාන වශී ගුරුකම් ගැන නෙවෙයි මං කියන්නෙ ලක්ෂ කෝටි ගාණක් මිනිස්සුන්ගෙ හිත ඇද බැද ගැනීම ගැන- මේ චිත්‍රෙට ලැබුනෙ කොහොමද? විචාරකයො අවුරුදු සිය ගානක් මේ එක චිත්‍රයක් ගැන කෙස් පැලෙන විචාර එක එක විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද? දාස් ගානක් කවි සිංදු ලියන්ඩ මිනිස්සුන්ව පොළඹවන්ඩ තරම් හයියක් මේ එක චිත්‍රෙකට කොහෙන්ද? මම කවදාවත් මොනාලිසාව හැබහින් දැකලා නෑ. මං දැකලා තියෙන්නේ මොනාලිසා පෝස්ටර් විතරයි. හැබෑ මොනාලිසාව දැක්කොත් විතරයි මෙච්චර මේ චිත්‍රෙ ලස්සනද කියල තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ. පුලුවන් උනොත් කවදහරි දවසක යන්ඩ ඕන ලූව්ර කෞතුකාගාරෙට ප්‍රංශෙ!

හෝව්! හෝව්! ඩා වින්චි ඉතාලිකාරයෙක් නේද? එතකොට කොහොමද මේ ප්‍රංශෙට හම්බ උනේ මොනාලිසාව? ප්‍රංශ කාරයො ගල් කරාද මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රෙ? අද කට්ටකාඩුවේ කතාව ඒ ගැන.

ආ...තව සුට්ටි කාරණයක්! අපේ මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වනේ අර තුන් ඈඳුතු කතාවක්. මාත් පොඩි අත් හදා බැලීමකටත් එක්ක එහෙම කතාවක් තමයි ලියන්ඩ හදන්නෙ. මේ කතාව දුවන්නේ එකම පවුලෙ පරම්පරා තුනක් එක්ක. ඒ හිංදා ටිකක් ඉවසිල්ලෙන් අහගෙන ඉන්ඩ ඕන ඈ.

Friday, March 19, 2021

මලයඩි කන්ද

 

සමහර විට ලොකු ලොකු දේවල් අමතක උනාට පොඩි පොඩි දේවල් අපේ ජීවිත කාලෙ පුරාම මතක තියෙනවා. මට තාම මතකයි මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ සිංහල උගන්නපු ගුරුතුමී පහ වසරෙදි සමණලයා බිත්තර දමන්නේ කොළයේ යටි පැත්තේය කියල උගන්නනවා. මට තාම හිතා ගන්ඩ බෑ ඇයි ඒ කාරනේ මතක තියෙන්නෙ කියල. එහෙම මතක තියෙන සිද්ධි එක්ක අපි නොදන්න යමක් යටිහිතේ තැන්පත් වෙනවද? සුවදක්? රූපයක්? නැත්තං අතීත මතකයක්?



නිදිගෙ පංච තන්තරේ ලියන අපේ නිමල් දිසානායක නොහොත් ලොකා මහතා එතුමාගෙ ජීවිත කතාව අමු හිංගලෙන් ලියන ගමන් මම එතුමාගෙ ලිපියකට දාපු කමෙන්ට් එකක් ගැන ලොකු විස්තරයක් හොයල මටත් කිව්ව. ඒ කතාවට පසුබිම් උනේ අම්පාරෙ තියෙන පොත් කඩයක්. මම ඒ කඩේ දැනගෙන හිටියේ මීට අවුරුදු 15-20 විතර කලියෙන්. බාර්, හෝටල්, සුපර් මාකට් වගේ දේවල් දවසින් දවස වැඩි වෙද්දි කොළඹින් පිට පලාතක තියෙන පොත් කඩයක් - මං මේ කියන්නෙ නවකථා, කෙටි කථා, ඉතිහාස පොත්, කවි පොත් වගේ මුද්‍රිත පොත් පත් තියෙන කඩ ගැන (අභ්‍යාස පොත් විකුනන්ඩ තියෙන කඩ වලටනේ අපි දැං පොත් කඩ කියල කියන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ!!)- බංකොලොත් වෙලා වැහිලා යන්නෙ නැතුව තාම තියෙනවා කියල දැනගත්තු එකත් සංතෝසෙට කාරණයක්. ඒත් එක්කම මතක් උනා අපි නාඹර කොලු ගැටයා කාලෙ වෙච්ච සිද්දියක්. මං මේ සිද්දිය කිසි හැංගිල්ලක් නැතුව කියල දාන්නෙ අපේ නිදිතුමා ගේ මග පෙන්වීම අනුව යමින්.

Sunday, November 1, 2020

එකසිය පනහ

 

පහුගිය මාරතු මාසෙන් පාස්සෙ මුලු රටටම විතරක් නෙවෙයි මුලු ලෝකෙටම ලැබුවෙ මහ නරක කල දසාවක්. කොවිඩ් මාරයාගේ යක්ස හෙවනැල්ලෙන් වැහිලා ගිය මේ මාස හය හත ඇතුලෙ නිදහසේ හුස්මක් කටක් ගන්ඩ තරම් වාතාවරණයක් අපි කාටවත් තිබුනෙ නෑ. කොළඹ අවිවේකී තරඟයෙන් පොඩ්ඩකට මිදිලා ගෙදර දොරේ වැඩිපුර කාළයක් ගත කරන්ඩ ලැබිච්ච බව නං කියන්ඩම ඕන. මීට කලියෙන් එහෙම කාළයක් උදා වෙලා තිබ්බෙ 88-89 කාලෙ කැලෑ ආණ්ඩුවේ භීෂණේ හින්ද ඉස්කෝල වහල තිබ්බ කාලෙ. ඒත් ඒ කාලෙ අපි පොඩි කොල්ලො කුරුට්ටො. මොනව තේරෙනවද?



අම්මල අප්පච්චිල කන්ඩ බොන්ඩ දෙන දෙයක් කාල බීල දවල් දවසම සෙල්ලම් කරල රෑට රෑ උනාම ගෙදරට එනවා. ඔය කාලෙ කීර් ති විජේබාහු කියල චරිතයක් අස්සන් කරපු ලියුම් කරදාසියකින් ආමි එකෙයි පොලිසියෙයි  (නේවි එකෙයි ගුවන් හමුදාවෙයි වැඩ කරපු අයගෙ පවුල් වලටත් ඒ තර්ජනේම තිබ්බ කියල කිව්වත් අපෙ ගමේ තියා අහල ගං හතකවත් ඒ දෙකේ වැඩ කරපු කෙනෙක් හිටියෙ නැති හිංද අපිට එහෙම තර්ජනයක් තේරුනේ නෑ) වැඩ කරපු අයගෙ පවුල් පිටින් මරල දානවා කියල කතාවක් ගිය කාලෙ. අපේ ගමෙ කවුරුවත් එහෙම මැරුවෙ නැති උනාට සූදානං සරීරේ කියල අපේ ගමේ ආමි සහ පොලිස් පවුලුත් රෑට තම තමුන්ගේ ගෙවල් වල හිටියේ නෑ. එහෙම රාත්‍රී සංක්‍රමණික පවුලක අපේ යාලුවෙක් ඔය දවස් වල රෑට හිටියේ අපේ ගෙදර. අනික් පැත්තෙන් මොන ගම්පොල දෝ කියල මහ මරුමුස් පොලිස් ලොක්කෙක් කෑගල්ලෙ වැඩ බාරගත්තා කියල ආරංචියට ගමේ හිටපු කැලෑ ආණ්ඩුවේ උදවු කාරයොත් රෑට රෑට හැංගිලා තමයි හිටියෙ. ඔන්න ඔහොම චරිත දෙක තුනකුත් රෑට අපේ ගෙදර. ඉතින් ඔය කවුරු එක එකා මරා ගන්ඩ ට්‍රයි කලත් රෑට රෑට කට්ටියම අපෙ ගෙදර තුන්සිය හතර ගහනවා.

Saturday, October 17, 2020

කිං කරිස්සන්ති තාරකා

 

සාමන්‍යයෙන් ලෝකේ ආර්ථික විද්‍යාඥයෙකුට ලබන්ඩ පුලුවන් ලොකුම ගෞරවය කියල සැලකෙන්නෙ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ලැබෙන නොබෙල් තෑග්ග ලබා ගන්න එක. 2020 අවුරුද්දේ මෙ වාසනාව උදා උනේ පෝල් ආර් මිල්ග්‍රම්ටයි රොබට් බී විල්සන්ටයි. ඒ වෙන්දේසි න්‍යාය වැඩි දියුණු කිරීමට ඔවුන් දක්වපු දායකත්වය වෙනුවෙන්. ඔවුන් මේ වෙන්දේසි කිරීමේ න්‍යාය ගැන කොච්චර පර්යේෂණ කරාද කියනවනං අලුත් වෙන්දේසි ක්‍රම පවා ලෝකෙට අදුන්නලා දෙන්ඩ ඔවුන්ට පුලුවන් උනා. වෙන්දේසි න්‍යාය වෙනුවෙන්       නොබෙල් තෑග්ගක් හම්බ වෙච්ච පලවෙනි පාර මේක නෙවෙයි. 1996 දි විලියම් විකරිට නොබෙල් තෑග්ග හම්බ උනෙත් මෙ න්‍යාය ගැන කරපු පර්යේෂණ වෙනුවෙන්. මෙච්චර ලෝක අවධානය යොමු වෙන්ඩ වෙන්දේසි කියන එව්වා ලෝකෙට අලුත් දෙයක්ද? කොහෙත්ම නෑ. අවුරුදු දෙදාස් පන්සීයකට විතර උඩදී ඉතිහාසඥ හෙරඩෝටස් පවා තමන්ගේ බිරින්දෑවරුන්ව වෙන්දේසියේ දාපු ආදරණීය ස්වාමි පුරුෂයන් ගැන ලියලා තියෙනවා!! ඉතින් දැං මොකද්ද මේ ඇතිවෙලා තියෙන උනන්දුව?



ඒ ගැන වැඩි විස්තර කථා කරන එක ආර්ථික විද්‍යාව ගැන නිතර කථා කරන අපේ ඉකොනොමැට්ටාතුමා වගේ කෙනෙකුට බාර කරලා අපි අපේ කථාවට යමු.

Sunday, July 5, 2020

ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය


සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...

කාලේ මට ඉංග්රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ඉංග්රීසි පොතේ තිබ්බ පාඩමක්. ඇත්තටම ඒක කතන්දරයක්. පහුවදාට කතන්දරේ ගැන ඉස්කෝලෙදි සාකච්චා කරන හිංදා කතන්දරේ කියවගෙන එන්ඩ කියල ඉංග්රීසි මැඩම් කිව්වා. මම නවාතැන් අරං හිටපු ගෙදර අයියාගෙන් ඇහුවා පාඩම කියල දෙන්ඩ පුලුවන්ද කියල. ඔහු කැමති උනා. මම දැන් සද්ද නගල පාඩම කියවනවා.

ඔය කියන්නේ කතන්දරේ නෙවෙයිනේ? අයියා කියනවා.

මේ කතන්දරේ නෙවෙයිද?

ඔයා කතන්දරේ පටන් තැනවත් දන්නේ නැද්ද?

Friday, April 10, 2020

පෙර පිනක් තියෙනවානම්......!!!


වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද් එළිමහන් රංග පීඨයෙදි කියන්නේ සුප්රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ මනු ලෝකෙට බැහැලා අන්දරේලා නාට්යය බලන්ඩ බැරිවෙච්ච දුකට අර හඳ සුසුම් ලනවා වගේ. හුළඟ සීතලයි. වල අසබඩින් ගලාගෙන යන මහවැලියේ  වතුර ගලන්නෙත් හරියට අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ 'දහසක් අපගේ ප්රාර්ථනා' එක්කහු කරගෙන වගේ.

අදත් එහෙම රැයක්. කඳු මුදුනින් ලස්සනට හඳ පායලා. කොහෙන්දෝ එන සීත සුළං රැල්ලක් ගත කුල්මත් කරනවා. මොනවද මේවගේ කොරෝනා කාලේ නිවාස අඩස්සියේ ඉන්න දවසක, ලස්සන හවස් යාමෙක වෙලාවක ඉටු කරගන්ඩ තියෙන මහාවැලිය මහා ගඟ උතුරා යන තරමේ ප්රාර්ථනා? අනේ මට ලස්සන ගැමි ඌරුවට ගැයෙන කවියක් අහන්ඩ තියෙනවා නං ලස්සන බෙර පදේකුත් එක්ක....මම දෑස් පියා ගන්නේ රසය විඳින්ඩ.

Thursday, April 2, 2020

වෙසක් සඳ නොකියන රහසක් තිබේද?



කොරෝනා බය හින්ද ගෙදරට වෙලා හිටියත් කට්ටකාඩුව පැත්තේ ගොඩ වෙන්ඩ වෙලාවක් නැති උනේ ' ගෙදර ඉඳන් වැඩ' සංකල්පයක් ක්රියාත්මක වෙන හිංදා. හින්ද ඇත්තටම වෙනදට වඩා වැඩ කිව්වොත් වඩා නිවැරදියි. ඉතාලියේ, ස්පාඤ්ඤයේ,  ඇමරිකාවේ, විතරක් නෙවෙයි ලෝකේ හතර දිග් බාගෙම කොරෝනා මරණ සංඛ්යාව දහස් ගණනින් වැඩි වෙන මේ වෙලාවේ   රාජ්ජවල ඉන්න හැමෝටම ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ කියල ප්රාර්ථනා කරන ගමන්  තවමත් ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන සමහර දෙනාට කරුණාකර ගෙදරට වෙලා ඉඳලා කොරෝනාව මර්දනය කරන්ඩ රජයට සහය දෙන්ඩ කියල ඉල්ලන ගමන්ම  අදවත් කතාවක් ලියන්ඩ කියල හිතුනා.

ඇෆ්රිකාවේ තියෙනවා බුරුන්ඩි කියල රටක්. රටේ තවම කොරෝනා රෝගීන් කිසිම කෙනෙක් වාර්තා වෙන්නේ නෑ. හින්දම කොරෝනා වලට ලොකු සූදානමක් හෝ වට බැඳීමකුත් පේන්ඩ නෑ. ඉතින් එක මාධ්යවේදියෙක් මේ රටේ ජනාධිපතිතුමාට කතා කරලා ඇහුවලු ' කොහොමද ජනාධිපති තුමා බුරුන්ඩිය කොරෝනා වෙන නිදහස්ව තියා ගන්නේ කියල? ජනාධිපති තුමා ගත් කටටම කිව්වලු " ...ඒක හරි ලේසියි අපිට තවම කොරෝනා තියෙනවද කියල ටෙස්ට් කරන්ඩ පහසුකම් නෑ!!!! කියල"  මේ කතාව විහිලුවකට ගොතපු එකක් නෙවෙයි කියල මම හිතුවත් මීට පැය දෙක තුනකට ඉස්සර බුරුන්ඩි ආණ්ඩුව මේ ටෙස්ට් කිට් නැති වීමේ කතාව බොරුවක් බව ප්රකාශ කරලා තිබ්බා. කොහොම නමුත් තවම එහෙ කොරෝනා ලෙඩ්ඩු නෑ!!!. මට නිකමට හිතෙනවා අර ලංකාවෙත් ඉන්න "ඉදිරිපිට පෙනෙන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි ගන්නේ නැතිව මරි මෝඩ හැසිරීමක් දක්වන" මිනිස්සු වගේ කොරෝනා ගැන ටෙස්ට් නොකර ඉන්න එකත් රෝගීන් ගණන කෘතිමව අඩුවෙන් තියාගන්ඩ තියෙන එක ක්රමයක් කියල.

මේ බුරුන්ඩි කතාව වගේ ඉදිරිපිට පේන්ඩ තියෙන නමුත් ඇත්ත පිලි නොගන්න අවස්ථා කොච්චර තියෙනවද? වර්තමානයේදී වගේම ඉතිහායේදීත් එහෙමයි. මට මේ ලඟදි කියවන්ඩ ලැබුණු පර්යේෂණ පත්රිකාවකින් මේවගේ දෙයක් ගැන මටත් දැනගන්ඩ ලැබුනා. ගැන 'කොරෝනා නිවාඩුවේදී' ටිකක් හොයල බලපුවාම ඇත්ත කියලත් හිතන්ඩ පුළුවන් සාධක ගණනාවක්ම ලැබුනා. අද මම කට්ටකාඩුවෙන් කියන්ඩ යන්නේ සිද්ධිය  ගැන.