Monday, March 26, 2018

උඩරට මැණිකෙට - අන්තිම කොටස



ඔන්න ඉතිං සුද්දව අල්ලගෙන  කෝච්චි පාරක් හදන්ඩ ට්‍රයි එකක් දුන්න විදිහ ගැන මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. ඒ ලිපි ආපහු බලන්ඩ ඕන නං මෙන්න පළවෙනිලිපියට සම්බන්ධතාවය. මෙන්න දෙවැනි එක. 


අර කවුද කට්ටඩි රාළ කෙනෙක් යකෙක් ව බැඳ ගෙන වැඩ ගත්තු කතාව දන්නවනේ. ඒත් යකාට දෙන්ඩ වැඩ තරං හරි හමං වැඩක් නැති වෙච්චි කොට අර මොකක්දෝ එකක් කෙලින් කරන්ඩ අභියෝගයක්  දුන්නු කතාවත් දන්නවනේ. හොරා වගේ බොරුවට නෑ දන්නේ නෑ කියන්ඩ එපා මම දන්නවා බොලා ඒ කතාව දන්නවා කියලා.

ඉතිං අපිත් සුද්දට දුන්නේ ඒ වගේ වැඩක්. සුද්දට අපිව එපා වෙලා, කප්පං ගෙවලා, මෙහෙන් නිදහස් වෙලා යන දවසක් ඇත්නං එදා වෙනකල් කොර කොර ඉන්ඩ තමයි මේ කෝච්චි පාරෙ වැඩේ උන්ට පංගරාර්තු  කොලේ. පහුගිය ලිපි දෙකින් කිව්වේ අපේ බලාපොරොත්තු සපල කරමින් කෝච්චි පාර හදන්ඩ ගිහිල්ලා සුද්දා දස අතේ ඇණ ගත්තු විදිහ. දවසක් දෙකක් නෙවෙයි බොලව් අවුරුදුම දහ අටක් උං එලෝ මෙලෝ නැතුව කම්පනා කොලා කොහොමෙයි මේ වැඩේ ඉවර  කියල. ම්හ්...කිසියම්ම කිසි අයිඩියා එකක් ආවේ නෑ.

Friday, March 23, 2018

සුබ උපන් දිනක්!



එක කාලයක් තිබ්බ මගේ ජීවිතේ හැම දෙයක්ම රුවිතෙට ගිය. කොටිම්ම ජීවත් වෙන්ඩ තිබ්බ ආසාව රැඳිලා පැවතුනේ අම්මට සලකලා ආදරෙන් මාව හදපු වඩපු ණය අනන්තයෙන් එකක් හෝ ගෙවන්ඩ තිබ්බ ආසාව විතරයි. වෙනකොට අප්පච්චිත් මේ ලෝකෙන් ගිහිං.

අම්මා බල කරනවා 'කටයුත්තක්' කර ගන්ඩ කියල. අකටයුතු, කටයුතු වෙච්ච ලෝකේ මොන කටයුතුද?


මම, මගේ හිතේ තිබ්බ ආදරේට මෙහෙම කියන්න ඇති....

Wednesday, March 21, 2018

උඩරට මැණිකෙට - දෙවෙනි කොටස


අපි සුද්දව අල්ලගෙන කෝපි වගාව පටන් ගන්ඩ උන්ව පාවිච්චි කරපු හැටි ගැන මම කිව්වනේ පහුගිය ලියුමෙන්. අද කියන්ඩ යන්නේ ඊගාවට කෝච්චි පාර හදපියව් කියල අපි අනාඥාවක් නිකුත් කරපුවම ගුද මාර්ගය මැහුම් දාල මහල ඉවර වෙලා අරළු පෙති දෙක තුනක් බීපු එව්වෝ වගේ සුද්ද දඟලපු විදිහ ගැන කියන්ඩ. අවාසනාවට එහෙම දඟල දඟල ඉන්න පොටෝ එකක් නං නෑ ඒත් මේ වෙච්ච සංගදි ගැන උම්ම ලියල තියන විස්තර කියවපුවම අපිට හිතා ගන්ඩ පුළුවන් දඟලපු විදිහ.


එහෙනං ඔන්න පටන් ගන්ඩයි යන්නේ. මේ ටිකට් ගත්ත නොගත්ත කියල තරහක් නෑ කැමති තැනකින් වාඩි වෙලා ඔන්න කියවන්ඩකෝ කතාව.

Sunday, March 18, 2018

උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක



පස්සෙන් පහු දවසක අනුරාජපුරේ 'ජාතියට ඔටුන්න - මට සිහසුන' පොරදර්සනේ පැවතිච්ච කාලෙ වෙච්ච කතාවක් මට මතක් උනා. ඒ කාලේ ඔය පොරදර්සනෙට ගියපු අපේ කට්ටියක් අනේ කොච්චර කාලෙකින්ද මේ අනුරාජපුරේට පය තියන්නේ...ඉතිං එහෙව් එකේ රුවන්වැලි සෑ හාමුදුරුවන්වත් වැඳ ගෙනම ගියොත් මක්ක වෙනවද කියල හිතල පොරදර්සනේ ඉවර වෙලා එන දවසේ ගියපි මහ සෑ වඳින්ට. ඉතින් කට්ටියම හිතේ හැටියට වන්දනා කරලා හෙම එන්ට බලනකොට එකෙක් අඩුයි. ආය ගණන් කරලා බැලුවා එකෙක් අඩුම තමා. කවුද මේ අඩු කියල බලන කොට කන්තෝරුවේ පියන් කොලුවා මිසිං. දැන් කට්ටියම මලුව පුරා මූව හොයනවා. බැලින්නං මළුවේ කොනක ඉඳගෙන බොහොම සර්දාවෙන් සෑය දිහා ඇහි පිය නොගහා බලා ඉන්නවා.

අනේ සාදු කොච්චර සර්දාවක්ද කියල හිතල කට්ටිය මූට කරදර කරන්නේ නැතුව තව විනාඩි දහයක් විතර බලා හිටියා. කිසි වෙනසක් නෑ අර විදිහටම බලාගෙන ඉන්නවා. කොළඹ යන්ද වෙලාවත් පරක්කු වෙන හිංදා අන්තිමට අපේ යාලුවෙක් තීරණය කරා ටිකක් ඉක්මනට වැඳලා ඉවර කරන්ඩ කියලා කියන්ඩ. ඉතින් එහෙම හිතා ගෙන ලඟට යනකොටම අපේ පියන් මල්ලි මෙහෙම කියනවා.

"සර් මම මේ කල්පනා කලේ මොකක්ද දන්නවද?"

"නෑ!"

"මේ සෑය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ හදපු එක කොච්චර දෙයක්ද කියලා!"

"ඇයි ඒ?"

"නෑ සර් දැන්හෙම මේ සෑය හදන්ඩ යෝජනාවක් ආවනං ඒ ගැන සාකච්චා කරන්ඩ මීටිං කී දාහක් තියන්ඩ වෙයිද? ඒ මීටිං වලට  කොච්චර නං තේ හදන්ඩ වෙයිද?.....සමාහර විට ඒ තේ හදන්ඩ ඕන වෙන කිරිපිටි තොගේ එක්කහු කරා නං මීට වඩා ලොකු වෙන්ඩ ඉඩ තිබ්බා නේද?"

"හ්ම්....වරෙන් යන්ඩ ඉක්මනට අපිට කොළඹ යන්ඩ ඕන....හවස මීටිමක් තියනවා!!"

Tuesday, March 13, 2018

දෙමටෙ අංකල්



පොලිස් කාරයෙක් කිව්වම අපේ හිතට එන්නේ කොහොම රූපයක්ද? කොයි වගේ හැසිරීමක්ද එයාට තියෙන්නේ? මොන වගේ පිලි ගැනීමක්ද එයාට සමාජෙන් තියෙන්නේ? ඔබට මේ ප්‍රශ්න වලට තියන උත්තර එකකට එකක් වෙනස් වෙන්ඩ පුළුවන්. හැබැයි පොඩි එවුං බත් කන්නේ නැති කොට ඔන්න පොලිස් කාරයක් එනවා කියල අම්මලා පොඩි එවුන්ව බය කරවනවා. මෙතෙන්දි පොලිස් කාරයා සමාන වෙන්නේ ' ගෝනි බිල්ලට', 'ගොර ගොර බිල්ලට' එහෙම නැත්තං 'හොල්මං' වලට. සමාජ පිළිගැනීම ගත්තොත් 'පැන්ෂන් ගිය පොලිස් කාරයා වගේ' ඉන්ඩ වීම මහ පජාති වැඩක් බවයි කියවෙන්නේ.

මේක කාටූන් එකක් උනාට මූණුවර දෙමටේ අංකල්ට සමානයි මගෙ හිතේ 

ඒ කොහොම උනත් අන්තිමට ගත්තහම පොලිස් කාරයා ගැන සමාජේ තියෙන්නේ එච්චර හොඳ කම්පනාවක් නොවිච්චි. මම අද කියන්ඩ යන්නේ ඊට සම්පූර්නෙම්ම වෙනස් චරිතයක් ගැන.  අපේ අප්පච්චිගේ ඉස්කෝලෙ සමකාලීනයෙක්. දෙන්න හිටියෙ එක පංතියේද නැද්ද කියන්ඩ නං මං දන්නේ නෑ හැබැයි බොහොම ළඟ යාලුවො. නම දෙමටෙ කියල විතරක් කියමු අපේ අප්පච්චි කියපු විදිහටම. දෙමටෙ අංකල් ගැන කතා දෙක තුනක් කියවන්ඩ කැමති නං අද තමයි ඒකට දවස!!

Saturday, March 10, 2018

අන්ධයා සහ කොරා



ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියල නොදන්න කෙනෙක් ගන්න එක  ගිය සතියේ මහනුවරදී උනේ මොකද්ද කියල නොදන්න ලාංකිකයෙක්  එකට වඩා අමාරුයි. ඔය අයින්ස්ටයින් මහත්තයා  ප්‍රසිද්ධ කියමනක් තියනවා. ඒ තමයි ආගමකින් තොර විද්‍යාව කොරකු වැනිය. විද්‍යාවකින් තොර ආගම අන්ධයෙකු වැනිය කියල. මට හිතෙනවා ගිය සතියේ උනේ මේ කොරයි අන්ධයයි දෙන්න එක්කහු වෙලා ගමන් කරන්ඩ පටන් ගත්තු එක කියල. අන්ධයාගේ පිටේ කොරා නැග්ගහම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට නොවුනත් දෙන්නටම අනතුරුදායක තැනකින් බේරිලා පැනල යන්ඩ පුළුවන්. ඒ කියන්නේ ශික්ෂණයකින් තොර දැනුමටත්, දැනුමකින් තොර ශික්ෂණයටත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්ඩ හොඳ අවස්ථාවක් තමයි ගිය සතියෙදි ලැබුනේ.



අද මම කියන්ඩ යන්නේ ඒ ගැන කතාවක්. කැමතිනං එන්ඩ කියවන්ඩ අන්ධයා සහ කොරාගේ වික්‍රමය!

Sunday, March 4, 2018

ආර්ය කතාව III - වර්ණ හා ජාති



මතකද අපි කතා කර කර හිටියා ආර්යයෝ ගැන. පොඩි වෙනසකට පහුගිය ලිපි දෙක තුන ලියවුනේ වෙනත් මාතෘකා යටතේ. එහෙම කියලා පටන් ගත්තු වැඩේ නවත්තන්ඩ හොඳයැ? ඉතින් ඔන්න මම ආර්ය කතාවේ දෙවෙනි කොටස (දෙවැනි ලිපියෙදි මම කිව්වා එක කොටසක් පන්නලා කතාව කියනව කියල. ඒ පන්නපු කොටස තමා අද ලිපියේ මුල් කොටස) හා හතරවෙනි කොටස අඩංගු තුන්වැනි ලිපිය ලියන්ඩයි යන්නේ. පහුගිය ලිපි කියෙව්වේ නැත්තං මෙතනින් පලවෙනි ලිපියත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියත් බලා ගන්ඩ පුළුවන්.

දෙවෙනි ලිපියේ තියෙන්නෙ තුන්වැනි කොටසලු තුන්වැනි ලිපියේ දෙකයි හතරයි දෙකම තියනවලු...මේ මොන හරුපයක්ද කියල ඔබ තුමාලට හිතෙන්ඩ ඉඩ තියෙනවා. ඇත්තටම ආර්යයන්ගේ ඉතිහාසයත් එහෙමම තමයි. මොකක්ද ඉස්සරලා උනේ මොකක්ද පස්සේ උනේ කියල හරියටම කියන්ඩ තාම කාටවත් බෑ. ඉතිං ඒ වගේ අවුලක් තියන කොට එක එක මත ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මම මේ කියන්ඩ යන්නේ එක මතයක් ගැන විතරයි. ඒ මතය ඇත්ත වෙන්නේ කොහොමද කියල කෙනෙක් ඇහුවොත් දෙන්ඩ තියන උත්තරේ දැනට හොයා ගෙන තියන කරුණු අනුව පුරා විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සංස්කෘතිකමය, වාග් විද්‍යාත්මක හා ජාන විද්‍යාත්මක කරුණු එකකට එකක් ගලප්පන්ඩ පුළුවන් මේ මතයෙන් විතරක් හිංදා මේ මතය දැනට ඇත්තක් විදිහට ගනං ගන්නවා කියලයි. හෙට අලුත් යමක් හොයා ගන්ඩ පුළුවන්. එහෙම උනොත් මේ කතාව වෙනස් වේවි. එහෙනං කියවමුද ආර්ය කතාව දෙවෙනි කොටස?

Thursday, March 1, 2018

අධෝවාත චක්‍රවර්තී


කවුරු කවුරුත් දන්නවනේ අධෝවාතයක් කියන්නේ මොකද්ද කියලා. සරළ සිංහල  බාසාවෙන් කියනවනං පඩයක් ගැන තමයි අද කතාව. කතා නායකයා ජෝසප්. අධෝවාත යැවීම චිත්‍ර කලාවක් නං මේ තමයි පිකාසෝ. ඒක චිත්‍රපටියක් නං මේ අකිර කුරසෝවා. සංගීත සංධ්වනියක් නං බීතෝවන්. මූර්තියක් නං මයිකල් ආන්ජිලෝ.

ජෝසප් කියන්නේ අල්ලපු ගමේ රබර් වත්තක වැඩ කරපු තරුණයෙක්. තරුණයෙක් කිව්වට ආයිබෝං ඒ මම මේ කාලේ. දැන්නං අවුරුදු හැටකට කිට්ටු කරලා ඇති මගෙ හිතේ.ජෝසප් ගේ මල්ලි සූසුමනී. ගෙදර හිටපු පොඩි එකා රාජු. ඔය රාජු කියන්නේ ජෝසප් ගේ මල්ලියෙක් නෙවෙයි. ජෝසප් ගේ තාත්තා උකස් ගත්තු කොලුවෙක්. ඇත්තම කතාව නං ජෝසප් ගේ තාත්තා- අපි එයාට කිව්වේ කංකානි කියලා- මනුස්සයෙකුට ණයක් දෙනවා. ඒ මනුස්සයාගේ ගෑණු කෙනා, මනුස්සයාව දාලා යන්නේ ඔය අතරේ. ඒ වෙනකොට අත දරුවෙක් වෙච්ච රාජුව හදා ගන්ඩ විදිහක් නැතුව මේ මනුස්සයා වත්තේ රස්සාවට යන එක නවත්තනවා. ඒකෙන් තට්ටු වෙන්නේ කංකානිට. එයා දුන්නු ණය 'බොල් ණය' බවට පත්වෙමින් තියෙද්දී කංකානිගේ නෝනා මහත්තයාට ගණ දෙවි නුවණක් පහල වෙනවා. ඒ තමයි අර කිරි සප්පයාව උකසට අරං එන එක! බලාපොරොත්තුව රාජුගේ තාත්තා රස්සාවට ගිහිං සල්ලි එක්කහු කරලා ණය බේරලා රාජුව අරන් යයි කියලා. ඒත් වෙන්නේ වෙනස් දෙයක්. පොර වෙන කසාදයක් කරගෙන ගමෙන් පැනලා යනවා. රාජු, කංකානිට සින්න වෙනවා! දැන් දුන්නු ණයත් නෑ...ඒ මදිවට පොඩි එකෙකුට කන්ඩ අඳින්ඩ දෙන්ඩත් වෙලා!!