Sunday, February 25, 2018

හාල් සේරුවේ දේශපාලනේ


එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ එතරම් රසවත් නොවිච්ච හිංදා විවේක කාලය සම්පූර්ණයෙම්ම වගේ යෙදෙව්වේ මේ අමුතු මනුස්සයා කරන කියන වැඩ ගැන හොයල බලන්ඩ. වැඩියක්ම ඒ වැඩේ හිතට ඇල්ලුවේ ප්‍රාන්ත මැතිවරණේකුත් ඔය අල්ල පනල්ලේ පවත්තන්ඩ නියමිත වෙලා තිබ්බ හිංදා.

අද කාලේ අපේ රටේ චන්ද ලංවෙනකොට එක එක බඩු බෙදනවා කිව්වට එහෙ ඒ කාලේ තිබ්බ බඩු බෙදිලිත් එක්ක හැරෙන්ඩවත් අපේ උන්දලාට බෑ. ටකරං වගේ දේවල් කෙසේ වෙතත් වැඩි පුරම බෙදුවේ සල්ලි, බයිසිකල්, සාරි, කමිස, ඔරලෝසු, හරක් පැටව්, එළු පැටව්, ප්ලාස්ටික් කළ, වතුර බූලි, බෝනික්කෝ, සෙරෙප්පු, හඳුන් කූරු, කෝච්චි ටිකට්, ත්‍රී වීල් ටයර් වගේ දේවල්. අම්මප මේක මාර රටක් නේ කියල හිත හිත ඉන්නකොට ටීපු රාවෝ මහත්තයා හම්බ උනේ. ඒ මහත්තය අපි නැවතිලා හිටපු හයිද්‍රාබාද් නුවරම කෙනෙක්. ඔහු හරි උනන්දුවක් දැක්වුයේ රාම-රාවණ කතාවට. ඉතින් ලංකාවෙන් ආපු මාත් එක්ක බොහොම ටික වෙලාවකින් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තු ඒ මහත්තයා දවසක් මාව එතුමාගේ ගෙදරත් රෑ කෑමකට එක්ක ගියා. ඒ දවසේ මම දැන ගත්තු කතා ටික කොලේක ලියල තිබිල පහුගිය දවසක හම්බ උනා. මට හිතුනා ඒ කතාව ඔබත් සමග බෙදා ගන්න.

Friday, February 23, 2018

පුතු ඉපදුනු මේ දෙරණේ උරුමය පුතුටයි


හැමදාම අපේ රටේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කතා කරනවා. හැබැයි මේ මොන අඩුපාඩු තිබ්බත් මට නං මේ රට තරං වටින රටක් තවත් නෑ. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ආයතනය තවත් ආයතන කීපයක් එක්ක එකතු වෙලා පල කරපු වාර්තාවක් මේ වටිනාකම ගණන් හිලව් ඇතිවම පෙන්නලා තිබ්බා. අද මම වාර්තාව පාදක කරාගෙන ලියන්නේ අපේ රටේ ඇති සෞඛ් සේවය ගැන හිතේ උපන්න ආඩම්බරේකුත් එක්ක. මේ තත්වෙට විවිධ භාධක මැද්දේ රට ගෙනාපු හැම දෙනාටම පිං දෙන ගමන් කැමති නං කියවමු දකුණු ආසියාවේ ඉපදෙන දරුවෙකුට ඉපදෙන්ඩ තියන හොඳම රටේ ප්රගති වාර්තාවක්.

Levels and Trends in Child Mortality Report 2017  තමයි මම මේ කියන වාර්තාව. අද මම ඒ ගැන ටිකක් ලියන්ඩ හිතුවා.   

Tuesday, February 20, 2018

නැවත උපන් මූසිල


අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා. මොනවහරි කවට කමක් කලොත් අපිට මතක් වෙන්නේ අන්දරේ. අති පණ්ඩිත වැඩක් කරලා අනාගත්තොත් මහදැනමුත්තා තමයි මතක් වෙන්නේ. කෙලෙහි ගුණ නොදන්නා කමට නම් දරාපු චරිතේ මූසිල. මේ චරිත බිහිකරපු කවියෝ එහෙම නැත්තං කතන්දර කාරයෝ ඒ චරිත වලට ආභාෂය ලබා ගත්තේ අපේ සමාජෙන්ම තමයි. ඒ කාලේ ඒ ඒ චරිත වලට පන පොවපු හැබෑ චරිත හිටිය වගේම අද කාලෙත් එහෙම චරිත ජීවත් වෙනවා.  උදාහරණෙකට මූසිල ගම්මුකො. කොහොමින් කොහොම හරි මිනිස්සු රවට්ටලා ඉහලටම ගියත්, කෙලෙහිගුණ නොදන්නාකම හිංදා පජාති වෙන චරිත නැද්ද හා අද රටේ ලෝකේ?


නෑ? එතකොට නෑ කියලමද හිතන්නේ? හා...ඉතිං ඔබ තමුන්නහෙලා එහෙම හිතනවනං මට මොකෝ? හැබැයි නිකමට වගේ මතක් කර ගම්මුද මූසිල ගේ කතාව?

මූසිල... මූසිල.... කියනකොට නිකං මහා මූසල ගතියක් දැනෙනවනේ. සමහර විට නමද දන්නේ නෑ මිනිහට හෙනහුරාට හිටියේ. එහෙම නැතුව සිරිදාස වගේ ලස්සන, සිරියාවක් තියන නමක් තිබ්බ නං සමහරවිට ගුත්තිල පඬිතුමාට වඩා මූසිලට නෑ... නෑ ...පොඩ්ඩක් වැරදුනා සිරිදාස කැමති මිනිස්සු ප්රමානේ වැඩි වෙන්ඩත් තිබුනා. ඔන්න හිංදා අද කාලේ මූසිලට මම කියන්නේ සිරිදාස කියලා හොඳේ. ඔබ තමුන්නැහෙලා කැමති කැමති නමක් දා ගන්ඩලා.

Saturday, February 17, 2018

ආර්යයෝ සොයා යෑම


පහුගිය ලිපියෙන් අපි කතා කරානෙ භාෂා ගස් කියල හඳුනා ගන්ඩ පුළුවන් එක මව් බසකින් නිර්මාණය වෙච්ච එහෙම නැත්තං එක බසක් මූලික කරගෙන සම්භවය වෙච්ච භාෂා ගණනාවක් අදත් ලෝකයේ පවතින බව. ඇත්තටම අපේ කතාව පටන් ගත්තේ බටහිර ආසියාවේ හා මධ්යම යුරෝපයේ ජීවත් වෙච්ච එඬේර ගෝත්රිකයන් පිරිසක් අලුත් වාසස්ථාන හොයාගෙන නැගෙනහිර දෙසට හා බටහිර දෙසට සංක්රමණය වීම ගැන කතා කරලා. එහෙම බටහිර පැත්තට ගියපු අය යුරෝපයේ බොහෝ ප්රදේශ වලට සංක්රමණය උනා. අද අපි හොයල බලන්නේ නැගෙනහිර පැත්තට ගිය කට්ටිය එහෙම නැත්තං අපේ ආදී මුතුන් මිත්තෝ පිරිසක් ගැන. මේ සිතියමේ දැක්වෙන්නේ අය පැතිරිලා ගිය විදිහ.



කොහොමද පැතිරිලා ගියේ? දඬුමොනරෙන් රූං ගාලා ඉගිලිලා නේද? නෑ බොලව් බොහොම මහන්සියෙන්, අඩියෙන් අඩිය, භාධක මැද්දෙන්, සීතලට, රස්නෙට, ගං වතුරට, කාන්තාරේ රස්නෙට, පිපාසාවට, බඩගින්නට එකා මත්තේ එකා නැහෙද්දී තමයි මේ ගමන ගියේ.

ඒ උනාට ඔය අවුරුදු සිය ගානක් සමහරවිට දාස් ගානක් ගත වෙච්ච ගමන බලාගෙන හිටපු කවුරුවත් දැන් ඉන්නවය? ඊට හපන් ඒ මුලිං ආපු කට්ටිය දැන් වෙන වෙන නං ගං හදා ගෙන. තමුංගේ ආරම්භය බොහොම අහිංසක විදිහට පටන් ගත්තු ගමනක් කියල පිලි ගන්ඩත් කැමති නෑ. ඉතින් මේ ගැන තියන වාද විවාද බොහොමයි. ඉතිං මම හිතුවා අපේ කතාවේ එක පියවරක් පන්නලා තුන්වැනි කොටසට යන්ඩ. මොකද දෙවැනි කොටස නිකං සුරංගනා කතාවක එහෙම නැත්තං විද්‍යා ප්‍රබන්ධෙක හැඩ රුව ගන්න හිංදා. ඒක පස්සේ කියන්නං.
තුන්වැනි කොටස පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඔය මුලින් පටන් ගත්තු ගමන ඉන්දියාවට ඇවිත් නතර උනාය. ඒ මිනිස්සුන්ගෙන් තමයි අද ඉන්න බොහෝ උතුරු ඉන්දියානුවන් පැවත එන්නේ සහ හුගක් උතුරු ඉන්දීය භාෂා වල ඇරඹුම වෙච්ච සංස්කෘත භාෂාව ගෙනාවෙත් මේ සංචාරක ගොපලු පිරිසය (ගමන පටන් ගන්නකොට ගොපල්ලෝ උනාට ගමන අතර මගදී මේ අය හොඳ ගොවියන් බවට පත්වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්දියාවට එන්නේ හොඳ ගොවීන් පිරිසක්) කියන කතාව දිරවගන්ඩ ඉන්දියානුවන්ට බැරි උනා. ඒ හිංදා ඒ අය, මේ මතයට නොයෙක් ප්‍රති විරුද්ධ මත ගෙනාවා. හරියට පහුගිය පළාත් පාලන චන්දෙ පැරදිච්ච අපේ බුලත් කොළ පාක්ෂිකයෝ වගේ. මේ පටලැවිල්ල ලෙහා ගන්ඩ කිසි මගක් නැතුව ඉන්දැද්දී අන්තිමට නවීන විද්‍යාව තමයි උදවු උනේ. අද කතාව ඒ ගැන.

Tuesday, February 13, 2018

බස් ගස දිගේ නගිමු



තැනිතලා බිම් වල ගෙවූ එඬේර ජීවිතය එපා වෙමින් තිබිණි. උපතේ සිට මරණය දක්වා ගොපල්ලන් ලෙස ගෙවන ජීවිතය කර්කශ විටෙක විනෝදජනකද වුවත් සැමවිටම අනතුරෙන් පිරී පැවතියේ විය. බඩගින්නද, පිපාසාවද, ලෙඩ දුක කිසිදා ජීවිතය හැර නොගිය තරම්ය. දැන් පැරණි තර්ජන මතට තවත් අභියෝගයක් එල්ල වී ඇත. මේ තැනිතලා ප්රදේශයට දැරිය නොහැකි තරමට ජනගහනය වර්ධනය වී ඇත. අපේ සියලු සතුන්ට කෑම සැපයීමට තවදුරටත් මේ තැනිතලාවට නොහැක. අප ඉදිරියේ ඇත්තේ විකල්ප දෙකකි. එකක් බඩගින්නත් සමග එන සමූහ මරණය පිලි ගැනීමය. දෙවැන්න නොදන්නා කඳුකරයට ගොස් පදිංචි වීමය. මේ කොයි තීරණය ගත්තත් අපි එක් කරුණක් හොඳාකාරවම දනිමු. අපේ අම්මා ගෙන් සදහටම සමුගන්නා බවය. අපි කඳුකරයටද ඉන් ඔබ්බටද යන්නෙමු නම් අපිට ගෙනයාමට ඇත්තේ අම්මා පිලිබඳ මතකය පමණකි.  අපි මතකය අපේ දරුවන්ටද, ඔවුන්ගේ දරුවන්ටද දෙන්නෙමු. දිනෙක මතකය ඔවුන් ඈත එපිට බිමක වෙසෙන ඔවුන්ගේ මුල් බිම් වල දිවි ගෙවන මිතුරන් හඳුනා ගැනීමටද, සහෝදරත්වයෙන් වෙලා ගැනීමටද උපකාරී වනු ඇත.

කාළය ගතවුනි. වසරක් දෙකක් නොව වසර දහස් ගණනක් ගතවුනි. කාළය ඒ පුරෝගාමීන් පැමිණි පිය සටහන් මකා දැමීය. එදා තැනිතලා වාසී එඬේරුන් කොටසක් මධ්‍යම ආසියාවේ සිට මැද පෙරදිගටද එතැනින් දකුණු ආසියාවටද පැමිණි අතර තවත් කොටසක් යුරෝපානු මහාද්වීපය කරා ගමන් කළහ. අද ඔවුන් කොහේ ඇද්ද? ඔවුන්ට මවු භූමිය අමතකද? ඔවුන් කෙසේ සිය වෙන්ව ගිය සොයුරන් සොයුරියන් හඳුනා ගන්නද?