Tuesday, August 29, 2017

ලොකු අයියගේ පසික්කාඩු වැඩ



ඉන්දියාවෙයි, නේපාලෙයි ගංවතුර හිංදා 250 කට වඩා මැරිලා. ගිය සතියේ හැම පත්තරේකම වගේ තිබුණු ප්රවෘත්තියකින් මගේ මතකය අවුරුදු දොළහක් දහතුනක් අතීතයට ගියා. කාලෙ කට්ටකාඩුවේ ලොකු මල්ලි දකුණු ආසියානු ආපදා කළමනාකරණ වැඩසටහනක වැඩ කළා. නේපාල්, පකිස්ථාන්, ඉන්දියා, ශ්රී ලංකා වගේම බංග්ලාදේශෙත් මේ වැඩ සටහන ක්රියාත්මක උනා. මේකෙදි තේරිච්ච දෙයක් තමයි ලංකාව ඇරුනහම අනිත් හැම රටකම තියන ගංවතුර ආපදා හුගකට වග කියන්ඩ ඕන අපේ කලාපේ ලොකු අයියා වන ඉන්දියාව කියන එක. අද මං කියන්ඩ යන්නේ එක උදාහරණයක්, අපේ ලොකු අයියාගෙ පසික්කාඩු වැඩ ගැන

මං වැඩ කලේ නෙපාලේ 'තරායි කලාපය' කියලා හඳුන්වන තැනිතලා බිම් ප්රදේශයේ. ලුම්බිණිය අයිති වෙන්නෙත් මේ කොටසට. මේ හරියේ තියෙන ඉතා වැදගත් වනාන්තරයක් තමයි චිත්වාන් ජාතික වනෝද්යානය. මේ වනාන්තරේ ඉන්න රයිනෝසිරස් සත්තු හින්දා ලෝකයේම අවධානය දිනාගත්තු,ලෝක උරුමයක්’ විදිහට නම් කෙරිච්ච කැලෑවක්. ඔය කැලෑවේ එක පැත්තකින් ගලාගෙන යනවා රප්ති කියලා ගඟක්. වැඩි ප්රසිද්ධියක් නැති මේ ගඟ, චිත්වාන් වලදී එක්කහු වෙනවා ගන්ධකි එහෙම නැත්නම් නාරායනි කියන ලොකු ගඟකට. මෙන්න මේ ගන්ධකි තමයි කිලෝමීටර් කීපයක් එහා තියන නේපාල-ඉන්දියානු දේශ සීමාව පැන්න ගමන් ගන්ධක් ගඟ කියලා හඳුන්වන්නේ. මේ ගන්ධක් ගඟ, සුප්රසිද්ධ ගංගා නම් ගඟේ වම් අතු ගංගාවක්. ගංගා නම් ගඟ ඉන්දියාවේ සංස්කෘතියේ මුදුන් මල් කඩක්. හින්දු ආගමිකයන්ට මේ තරම් වටිනා ගඟක් මුළු ලෝකෙම තියනවද කියලා මට සැකයි. කොච්චර වැදගත් උනත් බිහාර්, ජාර්ඛන්ද්, බෙංගාලය වගේ ඉන්දියාවෙ නැගෙනහිර ප්රදේශ වල ඇතිවෙන ගංවතුර පාලනය කරන්ඩ නම් මේ ගංගා නම් ගඟ පාලනය කරන්ඩ ඕන බව ඉන්දියාව 1950 ගණන් වලදීම තේරුම් ගන්නවා.

Sunday, August 27, 2017

එම්බාම් මුත්තා ගේ පෙරහැර


මුත්තයියා කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ මුරලිදරන්වඑත් මං මේ කියන්ඩ යන්නේ මුරලි ගැන නෙවෙයිහැබැයි ලංකාවේ ක්රිකට් ගැන ලියන කෙනෙකුට මුරලිව අමතක කරන්ඩ බෑ වගේම අපේ ගමේ ස්වර්ණමය ඉතිහාසයස්වර්ණමය අකුරෙන්ස්වර්ණමය පත් ඉරු වල ලියන කෙනෙකුටත් අපේ මුත්තයියව අමතක කරන්ඩ බෑගමේ කාටත් ඕනෑ උන කාගේත් දුකේදී සැපේදී ලග හිටපු මේ වගේ මිනිස්සු ඕනෑම ගමකට ආඩම්බරයක් වගේම මුත්තයියා කරපු කියපු දේවල් අද උනත් හිනා වෙලා මතක් කරන්ඩ පුළුවන් ගමේ හැමෝටමගමේ අයට මුත්තා පුතාමුත්තයියාමුත්තා මාමා උනාට එයාගේ නියම නම මුතු බණ්ඩා කාලේ ගමේ බක්කරේ තමයි මුත්තයියා.

මුත්තයියා කියන්නේ ආශ්රය කරන්ඩ වටිනා මනුස්සයෙක්අඩි පහක් - පහ මාරක් විතර උසතල එළලුපොඩි බඩක් තියනකොටට කපපු ඉත්තෑ කූරු කොණ්ඩයක් තියනමැදි වයසේ හිටපු මේ මනුස්සයා සරම ඇඳලාඋඩු කය නිරුවත්වදාඩිය දාගෙන බේකරියේ වැඩ කරනවා මට තාම මතකයිමුත්තයියලාගේ ගෙදරට කිවුවේ 'ඉඟුරු හේනේ ගෙදරකියලාබොහොම ඉස්සර කාලෙක හේනක් තියෙන්ඩ ඇති උනාට ගම හරහා ගිය මහ පාර අයිනේම තමයි මේ බේකරිය තිබුනේ.

මුත්තයියාගේ අප්පච්චිගේ කකුලේ පොඩි ප්රශ්නයක් තිබුනා හින්දා එයා ඇවිදින කොට පොඩ්ඩක් කකුල අද්දලා අඩිය තියන ගතියක්  තිබුනාඑයාගේ හමේ පාටයි, මේ කකුල අද්දන ගතියයි දැක්ක ගමේ හිටපු අනික් මිනිස්සු එයාගේ මූනට කිවුවේ ඉඟුරු හේනේ ගෙදර මල්ලිඅයියාපුතාමාමා කියලාඑත් එයා නැති තැන හැමෝම එයාට කිවුවේ 'අද්දං කාක්කාකියලයි කාලේ ඉඳම්ම අපේ ගමේ හිටියේ අන්න එහෙම කෙළිං වැඩ කරනඅනුන්ට ඇද කුද නොකියනඅහිංසක මිනිස්සු!!!.

Thursday, August 24, 2017

වැඩ බැරි දාස ගැන සහ තවත් අය ගැන කතා


අසූව දශකයේ ළමා කාලයත් තරුණ කාලයත් ගෙවූ අපට සෝවියට් රුසියානු ළමා කථා, නව කථා, කෙටි කථා ආදිය අපූරු ලෝකයක් මැවීය. ගුරු ගීතයේ දුයිෂෙන්, අපේ කාලයේ වීරයෙක් ලෙස අලෙක්සි මෙරෙස්යෙව්, අම්මා සමග ආ පාවෙල් මෙන්ම හත් පෙති මලත්, වැඩ බැරි දාසත් අපේ ලෝකයේ දේදුණු විය. මල් විය. බඹරු මෙන්ම ඇල දොළ විය. හිරු හා සඳු විය. මගේ පළමු ප්‍රේමනීය අත්දැකීම 'පලාවන් තණ නිල්ලක හිද මද හස පාන ඔල්ගා වැනි තරුණියක් සමග වේවායි මම රහසින් පැතීමි. ඒ සිහිනයේ අලෙක්සෙයි මමය. හිම මත කරස්... කරස්... හඬ නගමින් පා තබන, හොර රහසේ පාවෙල්ට උදව් කරන ඇනා මට හමු වෙතියි සිතුවද ඇයද හමු නොවිණි. ගුරු ගීතයේ මෙන් පොප්ලර් ගස් වසර බොහෝ ගණනකට පසුව මා දුටු නමුත් එතන පාසලක් නොවීය. හත් පෙති මලක් පහල වී මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දෙනු ඇතැයි සිතුවද තවම එයද සිදු නොවිණි. කොටින්ම රුසියානු සාහිත්‍යයත් සමග අප මැවූ සිහින සැබෑ නොවිණි. 

ඒ රුසියානු පොත් ද ගිනි දෙවියාට පුදන්නට සිදු වූයේ එකල තිබූ රජය සහ එහි යාන්ත්‍රණයන් විසින් රුසියානු පොත් කියැවීම භයානක අපරාධයක් ලෙස සැලකු නිසාය. තනි කකුලෙන් යුධ ගුවන් යානා පැදවීමේ මෙරෙස්යෙව් ගේ සහෘද සිහිනය සිහිනය පසෙක තබා ජීවිතය රැක ගැනීමට පොත් පිච්චීමට අපට එකළ සිදු විය.

එහෙත් අපට දැන්  රජයේ අනුග්‍රහයෙන් නැවත ඒ සිහින ලෝකයට යෑමට අවස්තාවක් ලැබී තිබේ. ඇත්තෙන්ම සිහින ලෝකයට අප සියලු දෙනා ගෙන යාම වියදම් අධික කටයුත්තක් නිසා ඔවුන් ඒ සිහින චරිත සැබෑ ලෝකයට ගෙන එම පටන් ගෙන තිබේ. එවිට සිදු වන්නේ සිහිනය සහ සැබෑව එක් වීමකි. හෝකින්ගේ භෞතික විද්‍යාවට අනුව පදාර්ථය (matter) සහ ප්‍රති පදාර්ථයේ (anti-matter) එකතුවකි. තවත් අකාරයකින් කියන්නේ නම් ෆැන්ටසිය හා රියලිටිය එක් වීමකි. මුළු ලංකාවම එකම ඩිස්නිලන්තයක් වීමකි.

Tuesday, August 22, 2017

ඇටබෝල මණ්ඩලේ රහස් සාකච්චාවක්


උදෑසන දහය පමණ වන විට කොළඹ හතේ ඇටබෝල සංගමේ මහා ගෙදර මේසයක් වටේ ලංකාවේ කප් ගහපු කට්ටඩියෝ විස්සක් විතර, ප්ලාස්ටික් සර්ජන්ස් ලා පහක් හයක්, දේශපාලකයෝ හතක් අටක් සහ බුකි කාරයෝ පනහක් හැටක් වාඩි වෙලා හිටියා.

"දන්නවනේ අපේ ඇට බෝල ටීම් එකට වෙලා තියන දේ!!" ලොකු මහත්තයා කතාව ඇරඹුවා.

"ඇයි අපි ඇෆ්ගනිස්තානෙටත් පරදිලාද?"

"තාම නෑ..ඒත් ළගදීම ඒකත් වෙනවා.."

"හතර විලි ලැජ්ජාවයි…." හුග දෙනෙක් කිව්වා.

"මෙතන තහනම් වචනෙ විලි ලැජ්ජාව.... එහෙම එකක් තිබුන නම් දැනටමත් කීප දෙනෙක් බඩ කපාගෙන මැරෙන්ඩ එපාය. තවම එහෙම වෙලා නෑ.... හැබැයි ප්රශ්නේ අපිට දැන ගන්ඩ හම්බ වෙලා තියනවා කොන්ගෝවයි, සුඩානෙයි, සෝමාලියාවයි ඇටබෝල ටීම් හදනවා කියලා."

"ඉතිං?"

"ඉතින් ඔය කට්ටිය කියන්නේ අපිට උන්ටත් පරදින්ඩ කියලද?"

"බෑ...බෑ..බෑ.. තත්වෙට පත්වෙන්ඩ බෑ." හැමෝම ඒකමතිකව උත්තර දුන්නා.

"අපි ගැන හිතුවා. හිතලා සැලසුම් හැදුවා. අපි ගාව තියනවා උත්තර පහක්. අපිට උදව් ඕන ඔය කට්ටියගෙන් හොඳම ක්‍රමය තොරගන්ඩ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්ඩ. දන්නවනේ අපිට උදව් කරොත්, අපේ වැඩේ හරි ගියොත් ආය ඉතින් පරම්පරා හතක විතර ගොඩම තමා..."

අපි කැමතියි...අපි කැමතියි...කවුද අකමැති තමුන්ගෙ රටට උදවු කරන්ඩ නේ..?