Monday, October 30, 2017

සතුරන්ගේ බෙල්ල කපා ඔලුව ගෙදර ගෙනියන ඉබන් වරු


පහුගිය දවසක මැලේසියාවට යන්ඩ උනේ රාජකාරි වැඩකට. අපි හිටියේ සරවක් දූපතේ කුචින්  නගරයේ. වැඩ කටයුතු අතරේ දවසක් නිවාඩු ලැබුනාම අපේ මැලේසියානු මිත්රයෝ ඇහුවා නිවාඩු දවස හෝටල් කාමරේට වෙලා ඉන්නවට වැඩිය මොනව හරි බලන්ඩ යමුද කියලා. මාත් එක පයින් කැමති උනේ කුචින් කියන්නේ බොහොම විවිධත්වයකින් රටක් කියලා අහලා තිබ්බ හිංදා.

ගාව ප්රශ්නේ කොහෙද යන්නේ? ඔරන් ඔටන්ලා බලන්ඩ ? බාකෝ ජාතික වනෝද්යානය බලන්ඩද? නැත්නම් සංස්කෘතික ගම්මානයක් බලන්ඩද?
මං මැලේ මිතුරාගෙන් ඇහුවා අපි හෝටලෙන් එලියට යනවා කිව්වා නේද කියලා. ඔහු කියනවා ඔව්.. ඔව්.. මේ තැන් තුනම තියෙන්නේ හෝටලෙන් පිට කියලා.

හෙහ්... හෙහ්... ඔරන් ඔටන් ලා බලන්ඩ නම් කාමරේ තියන කන්නාඩියක් ලඟට ගියාම හරිනේ!

එදා ටිකක් වැහි බර දවසක්. බාකෝ වනෝද්යානය බලන්ඩ යනවා නම් පැය තුන හතරක් ඇවිදින්ඩ ඕන. වැස්සක් ආවොත් වැඩේ අංජ බජල් වෙනවා  මිත්රයා කිව්වා. ඉතින් වැස්ස වලාහක දෙයියන්ට බැන බැන ඉතුරු වෙච්ච එකම විකල්පෙට යන්ඩ මං කැමති උනා.
සරවක් වල ප්රධාන ජන කොටස් හතක් ජීවත් වෙනවා. බිදායු, ඔරන්ග් උලු, මෙලනෝ, චීන, මැලේ, ඉබන්, පෙනාන් කියන්නේ වර්ග හත. හැබැයි මේ ප්රධාන වර්ග හත ඇතුලේ උප කණ්ඩායම් ගණනාවක් ඉන්නවාලු. උදාහරණයක් විදිහට ඔරන්ග් උලු ගෝත්රය ඇතුලේ පොඩි පොඩි කණ්ඩායම් හතළිහක් විතර ඉන්නවලු. මේ හැමෝටම එකිනෙකින් වෙනස් සංස්කෘති තියනවලු...මේ විදිහට අර කිව්ව සංස්කෘතික ගම්මානෙට යනකල් අපේ මිත්රයා මට විස්තර කිව්වා. මානව විද්යාව කියන්නේ මං කාලයක් බොහොම ආදරය කරපු විෂයක් හැබැයි කාලයත් එක්ක උනන්දුව නැතිවෙලා ගිහින් තිබුනා. හෝටලේට වෙලා ඉන්ඩ තිබ්බ කම්මැලි කමට යං කියල කිව්වට මගේ හිත වැඩ කලේ නිකං බාගෙට බාගෙට වගේ. ඔන්න ඔහොම තව ටික දුරක් යනකොට මගේ යාලුවා මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

Thursday, October 26, 2017

බාචිගේ බඹර චක්කරේ


පහුගියදා බාචි ගැන ලියපුවාම (මේ තියෙන්නේ පෝස්ට් එක) කීප දෙනෙක් මගෙන් ඇහුවා 'අමරණීය චරිතයක්' කියල මං බාචි ගැන කිව්වට මොකද, ඔය වගේ වැඩ දෙක තුනක් වෙච්ච ඕන තරං මිනිස්සු හැම ගමකම වගේ ඉන්නවය හිංදා බාචිගේ ඔය කියන තරං විශේෂත්වයක් නැතිය කියලා. මගේ පපුව හෝස් ගාලා ගියා හත් දෙයියනේ අපේ ගමේ හිටපු අමරණීය චරිතෙකට මං මහා අසාධාරණයක් කෙරුවා නේදෝ කියලා. හරියට අර අමරණීයයි කියල ලෝකෙම දැනගෙන හිටපු ජර්මන් වීරයා සිග්ෆ්රීඩ්ගේ මරණෙට හේතු වෙච්ච පුංචි කොළ කෑල්ල වගේ මාව අකම්පාල වෙලා ගියා. අපේ ගමට ඔහොම මිනිස්සු හිටියේ හරි අඩුවෙන්. එහෙම හිටපු එකාටත් මං මදි පුංචි කමක් කළා නේද කියලා මට වාවන්නේ නැතුව ගියා. ඉතින් මං කල්පනා කළා බාචිගේ තවත් කතා දෙකක් ඔක්කොමලා එක්ක බෙදා හදා ගන්ඩ.

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හරි පුදුම කාලයක්. මිනිස්සු හරි සන්තෝසෙන් ඉන්න එහෙම කාලයක් අවුරුද්දකට දෙතුන් වතාවක් වත් එනවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතින් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් අපිට කරන්ඩ පුළුවන් දේ තමයි එහෙම අවුරුදු කාලෙක වෙන දේවල් මතකේ තියාගෙන ඉඳලා රස විඳින එක. ඔන්න එහෙම අවුරුදු කාලෙක තමයි මේ සිද්දිය උනේ.

Sunday, October 22, 2017

කව්රුවත් බය වෙන්ඩ එපා


අපේ ගමේ හිටපු අමරණීය චරිතයක් ගැන තමා අද කියන්ඩ යන්නේ. අමරණීය කියපුවම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්ඩ පුළුවන් මේකා අමුර්තේ බීපු දෙවියෙක්ද කියලා. අමුර්තේ බීපු දෙවිවරුත් පිං පිරිහුනාම චුත වෙනවලු. හැබැයි අපේ ගමේ මිනිස්සු ජීවත් වෙන තාක් කල් මේ චරිතේ මතක් කරනවා. ඒක  බඩේ බඩ්ඩිංග වගේ සුවර් තමා. මොකක් හරි චරිතෙකට සම්බන්ධ අවස්තාවක මිනිස්සුන්ට අනිවාර්යයෙන් අදාළ චරිතේ මතක් වෙනවනං අන්න අමරණීය චරිතයක්!!. උදාහරනෙකට  අවුරුදු කාලෙ ගම්මුකො. හැමෝටම  අවුරුද්ද මතක්  කොටම කොහාව මතක් වෙනවා. නත්තල් කාලෙට අපේ ගමේ එහෙමට නත්තල් සමරන්නේ  උනාට නත්තල් සීයා ගැන මතක් නොකරන්නේ කව්දබඩු මිල දවසින් දවස වැඩි වෙනකොට ආණ්ඩු කරන අයගේ අම්මලාත් අමරණීය තත්වෙට ලං වෙනවා.

ඒ කොහොම උනත් අපේ අමරණීය කතා නායකයට ගමේ අය කිව්වේ බාචි කියලා. එයාගේ උප්පැන්න සහතිකේ තියන නම වෙන එකක් උනාට මුළු ගමම අදුරනවා බාචි කිව්වහම. බාචි අඩි පහ මාරක් විතර උස, සුදු, හීන්දෑරි කොලු ගැටයා. පොරට ලස්සනට අකුරු ලියන්ඩ පුලුවන්. ඒක හින්දම ඒ කාලේ ඉස්කෝලෙ කොල්ලෝ කෙල්ලෝ අතරේ ලියුං කාරයාගේ ජොබ් එක හම්බ වෙලා තිබ්බේ බාචිට. දැන් කෙනෙක් හිතන්ඩ පුලුහං මට වැරදුනා ලියුං කාරයා නෙවෙයි ලියුං ලියන්නාගෙ චරිතේ නේද කියලා. හුහ්: එහෙම කොහෙද මට වරදින්නේ? ලියුං කාරයාගේ ජොබ් එක තමයි බාචිට හම්බ උනේ.

Thursday, October 19, 2017

වල් ඌරන්ගේ සතුරෝ


ඉස්සර කාලේ වල් ඌරෙක් එලා ගන්නවා කියන්නේ ලොකු රාජකාරියක්. අපේ පැත්තෙ භාවිතා වෙච්ච මදු වලින් ඌරෙක් වගේ ලොකු සතෙක් අල්ලගන්නවා තියා හිතිල්ලත් බොරු. හින්දා බේත් කොටන තුවක්කුවෙන් හරි බොරු වලක් කපලා හරි තමයි ඌරෙක්ව අල්ල ගන්ඩ වෙන්නේ. අනික වල් ඌරෙක් හොයනවාට වඩා ලේසියි කෝදුරු තෙල් හත් පට්ටයක් හොයා ගන්න එක. හැබැයි පස්සෙන් පහු වෙනකොට මේක ටිකක් ලේසි උනා. හාවෝ බෝවෙන්නැහේ ඌරො බෝ වෙන්ඩ පටං ගත්තා. හමුදාවේ වැඩ කරලා පැන්සොං අරන් ආපු නොම්බර එකේ වෙඩික්කාරයෝ ගමට එකතු උනා. බේත් කොටන තුවක්කුවට වඩා හොදින් එල්ලේ ගන්ඩ පුළුවන් තුවක්කු දෙක තුනකුත් ගමට ආවා. කොහොමද කියල අහන්ඩ එපා. ඒක කෝක කෝක හරි තුවක්කු හම්බුනා කියල ලියල තියා ගන්ඩකෝ. ඔය අල්ල පනල්ලේ අපේ ගමේ අයියලාගේ අක්කලාගේ ඌරු මස් කෑමේ ආසාවත් දවසින් දවස ඉහල ගියා. ඉතින් සැපයුම කොච්චර වැඩි උනත් ඉල්ලුම ඊට හපං විදිහට ඉහල ගිය හංදා ඌරු මස් වල වටිනාකමත් ඉහලටෝම නැගගෙන නැගගෙන ගියා.

මේ කාලේ සිද්ද වෙච්චි කතා දෙකක් තමා අද මං මේ කියන්ඩ තනන්නේ. කැමතිනං හොමරි කමට ගුලි ගැහිලා ඉන්නෙ නැතුව එන්ට ඌරු මස් සුට්ටක් හොයා ගන්ට...