Wednesday, September 29, 2021

ඩෙන්මාර්ක් ඔපෙරාව

 

හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව.

අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා ඒ ඒ දේසේ හැටියට තේරුං ගන්ඩ ඕන බවට පොඩි උදාහරණයක්. කැමති නං අහන්ඩලා.

දැනට අවුරුදු පහලොවකට විතර ඉස්සර ලොකු මලයා සති දෙක තුනක් හිටියෙ ඩෙන්මාර් කෙ ආණ්ඩුවේ වැඩකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා. ඔය වැඩේ අතරතුරේ කෝපන් හේගන් වල බලන්ඩ තියෙන ලස්සන තැන් වලට- වැඩියක්ම අඩු ගානක් වියදම් කරල වැඩි දෙයක් බලන්ඩ පුලුවන් තැන් වලට යන්ඩ තමයි කල්පනාව තිබ්බේ. වැඩේ ඉවර වෙන්ඩ කිට්ටු දවසක අපි කාණ්ඩෙටම ආරාධනාවක් හම්බ උනා ඒ කාලෙ ඩෙන්මාක් රටෙ විදේශ අමාත්‍යාංශයෙන්. අප්පද බොල කෝපන් හේගන් ඔපෙරා හවුස් එහෙම නැත්තං ඔපෙරා පෙන්නන නෘත්‍ය ශාලාවේ රෑ කෑමකට ආරාධනයක් එහෙ විදේශ අමාත්‍යාංශයේ උප ලේකම්  එක්ක. රෑ කෑමට වඩා මට ඕන වෙලා තිබ්බේ අමුතු හැඩයකට හදලා තිබ්බ මේ ඔපෙරා හවුස් එක බලන්ඩ යන්ඩ. ඒක රෑට ලයිට් දාපුවම තැඹිලි පාටින් දිලිසෙනවා දැකලා තිබ්බට මං ඒක ළඟටවත් ගිහිං තිබ්බෙ නෑ.

ඔන්න ඔය තියෙන්නෙ කෝපන් හේගන් ඔපෙරා ශාලාව

ඉතිං ඔන්න නියමිත දවස එළඹුනා. බණ්ඩ කොළඹ ආව වගේ අපිත් ඔපෙරා හවුස් එකට යන්ඩ ලක ලැහැත්ති උනා. ඔය බිල්ඩිම තියෙන්නෙ එහෙ වරාය කිට්ටුව. ඒ විතරක් නෙවෙයි ඔය ඔපෙරා හවුස් එක ගාවට ගියාම පොඩි ගඟකින් තමයි ඩෙන්මාක් රාජ මාළිගේ වෙන්වෙලා තියෙන්නෙ.

ඉතිං මට මතක විදිහට අපිව මේ ඔපෙරා හවුස් එකට එකගෙන ගියේ බෝට්ටුවකින්. රෑ කාලෙ ලස්සනට තැඹිළි පාටින් දිලිසෙන මේ ලස්සන ඔපෙරා හවුස් එක මගේ හිත වශී කලා. දැං මට රෑ කෑමටත් වඩා ඕන මේකෙ ඇවිදලා බලන්ඩ. ඔය අතරේ අර උප ලේකම්තුමාත් ආවා. කරුමේ කියන්නෙ එතුමා වාඩි උනේ අපි හිටපු මේසෙමයි. දැං ඉතිං ටිකක් පිළිවෙළකට හැසිරෙන්ඩත් එපායැ. නැත්තං හිතයි ලංකාවෙන් ආපු එකා මහ නැහැදිච්ච එකෙක් කියල!!

අනිත් රටවල් වල  එව්වො ගල් ගිල්ලා වගේ ඉන්නවා. අර ලේකම්තුමාටත් හිතෙන්ඩ ඇති මුං ඉන්න මේසෙට ආපු මෝඩකම කියල. ඉතිං එතන තිබ්බ නිශ්ශබ්ද ඔපෙරාව නවත්තන්ඩත් එක්කලා මං අර ඔපෙරා හවුස් එකේ ඉතිහාසෙ හාරා අවුස්සන්ඩ පටං ගත්තා. බැලින්නං ඒක හදල තිබ්බෙ ඒ ළඟදි. ඉතින් ඒ මාතෘකාවත් එච්චර දුර ගියේ නෑ. ඒ හින්දම මම නොවරදින ඉලක්කෙ ගත්තා. ඒ තමයි එතුමාගේම අතීත වැඩ කිඩ අහන එක. නිසි ගෞරවේ දීලා අහනවා නං ඕනම මනුස්සයෙක් කැමතියි තමුන්ගෙ අතීත වික්‍රම කියන්ඩ. ඕන තරං වෙලාවත් ඔපෙරා හවුස් වගේ පොෂ් පරිසරේකුත් තියෙනවානං වැඩේ හරියටම හරියනවා!!

දැං වැඩේ අල්ලලා යනවා. පැය බාගෙයක් විතර ගියාම සූර වීරකං විතරක් නෙවෙයි පොඩි පොඩි කපටිකං, ගොංකං එහෙමත් ඒ වගේ පිළිසඳරකදී එළියට එනවා.

ඔන්න මට අවස්ථාවක් හම්බ උනා චීනෙට යන්ඩ! ඒ කාලෙ චීනෙට වැඩිය කවුරුවත් යන්ඩ කැමති නෑ. හරි නොදියුණු රටක්. සභාපති මාවෝ තමයි ඒ කාලෙ එහෙ පාලකයා.

ඔහ්...ඔබට සභාපති මාවෝ හම්බ උනාද? ඒ කාළෙත් ඔබ ඩෙන්මාක් රජයේ ඉහළ නිළධාරියෙක්ද?

මොන..!! මගෙ හිතේ මං ආණ්ඩුවේ සේවයට බැඳිච්ච අලුත. කිසිම ලොකු වගකීමක් තිබ්බෙ නෑ. ඇත්තටම ඒ හින්දම තමයි ඒ ගමනට මගේ නම යෝජනා උනෙත්.

ඒ මොකද ඒ?

අයි ඉතින් ලොක්කො යන්ඩ අකැමැති ගමන් යවන්නේ පොඩි එවුන් නේ. විස්කි වඩි දෙක තුනක්ට පසු මෙතරම් නිදහසේ ඔහු අතීත කතන්දර පවසන්නේ බීමතින් වීමට බැරිය. මේ කතාවේ යම් වැදගත්කමක් තිබිය යුතුය.

ඉතිං මට විනාඩි දහයක් කාලය වෙන කරලා තිබ්බා මාවෝ ව හම්බ වෙන්ඩ.

ඔබ කොහොමද සූදානම් උනේ ඒ විනාඩි දහයට. එතරම්ම ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් නොවුනත් ඔබ වැදගත් රටක් නියෝජිතවරයෙක් විදිහටනේ එහෙ ගියේ!!

ඒක ඇත්ත! මං ඉතින් හුගක් පුරුදු උනා එතුමාව හම්බ වෙන්ඩ යන්ඩ ඉස්සර. අතට අත දෙන විදිහ. ඇඳගෙන යන ඇඳුම...කොන්ඩෙ පීරන විදිහ...රැව්ල කපනකොට මූණ සීරෙන්නෙ නැති වෙන්ඩ පරිස්සමින් කපන විදිහ...ටයි පටියේ පාට...මොන ටයි ගැටයද දාන්ඩ ඕන...කොයි පාට සපත්තුද...මේ ඔක්කොම මං හිතෙන් සැලසුම් කරා.

ඉතින්..ඉතින්...?

ඔන්න අපි සභාපති මාවෝ හම්බ වෙන්ඩ ගියා. එතුමා හිටියේ පුටුවක වාඩි වෙලා. පත්තරයක් බල බලා.

ආ මේ තරුණයා කොයි රටෙන්ද? සභාපති මාවෝ ඇහුවේ මාත් එක්ක ගිය චීන නිළධාරීන්ගෙන්.

ඔහු ඩෙන්මාර් ක් වළින් නායකතුමනි

ඩෙන්මාක්?

ඔව්...බටහිර යුරෝපේ රටක්.

හ්ම්...ඉළන්දාරියා මං ආසයි ඔබේ බාසාවෙන කතා කරනවා අහන්ඩ!

මේ අපූරු ඒත් බලාපොරොත්තු නොවුනු ඉල්ලීමෙන් මාව පුදුමයට පත් උනා.

ඇයි අමාරුයිද ඔබේ මවු බසින් කතා කරන්ඩ? සභාපති මාවෝ අහනවා.

නෑ සභාපති තුමනි! එහෙම කියල මං විනාඩියක් විතර ඩෙන්මාක් බාසාවෙන් කතා කලා.

හරි ලස්සන බාසාවක්නෙ. ඉතින් ඔච්චර ලස්සන බාසාවක් තියාගෙන ඇයි ඔබලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ? (ඇත්තටම ඩෙන්මාක් ජාතිකයන් තමන්ගේ දෙවෙනි බස ලෙස සලකන්නේ ඉංග්‍රීසි බසය. ඔවුන්ට වඩා කිට්ටු ජර් මන්, ප්‍රංශ වැනි මහාද්වීපික යුරෝපීය බසකට වඩා ඩෙන්මාක් ජාතිකයෝ ඉංග්‍රීසි බසට කැමැත්තක් දක්වති) [ එයට හේතු වූ කරුණු කාරණා ප්‍රා ජේ මහතාගේ කමෙන්ටුවෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි]

සභාපතිතුමනි ඉතිහාසෙ විවිධ අවස්ථාවල අපි එංගලන්තෙත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධකම් තියාගෙන ඉඳලා තියෙනවා.  ඒ හිංද වෙන්න ඕන අපි අනික් අසල්වැසියන්ට වඩා ඉංග්‍රීසි භාවිතා කරන්නෙ!

කොච්චර විතර ජනගහනයක් ඉන්නවද ඔයාලගෙ රටේ?

ලක්ශ 50 විතර කියල මම කිව්වා

ලක්ශ 100 විතර! මාවෝතුමාගේ භාෂා පරිවර් තකයා කිව්වෙ ඒ වගේ ගානක් කියල මට තේරුනා.

නෑ...නෑ එච්චර නෑ...ලක්ෂ පනහකටත් අඩුයි. මම ඔහුව නිවැරදි කරන්ඩ කිව්වා.

කමක් නෑ...කමක් නෑ අපි කියමු ලක්ශ 100 කියලා.

අයියෝ...හරි පොඩි ජනගහණයක් නේ!! මාවෝ කිව්වා.

සභාපතිතුමනි එය හුගක් පොඩි ජනගහණයක්ම නෙවෙයි!

හොඳයි චීන ජනතාවගේ තෑග්ගක් විදිහට ඔබලාගේ භාෂාව වඳවෙමින් යන භාෂාවක් විදිහට සලකලා භාෂාව නගා සිටුවන්ඩ අපි උදවු කරන්ඩ බලන්නම්. ඔබලාගෙ රජය කැමති නම් අපිට කියන්ඩ!!

රැස්වීම ඉවර බවට ඔහු ඇඟෙව්වා. මටත් කළහැකි වෙන දෙයක් තිබ්බේ නෑ. මම නැඟිටලා රැස්වීම් කාමරෙන් එළියට එනකොට මාවෝගේ භාෂා පරිවර් තකයාත් ආවා.

ඇයි ඔබ බොරු කිව්වේ අපේ රටේ ජනගහනය ගැන?

ආ..ඒක මෙහෙමයි. මම මිලියන් දහයක් කියලත් සභාපතිතුමා හිතපු හැටි දැක්කානේ. ඉතිං මම ලක්ෂ 50 කිව්වා නම් එතුමාට තේරුම ගන්ඩම බැරිවෙනවා. ඔබ තේරුම් ගන්ඩ ඕන සභාපතිතුමා පාලනය කරන්නේ කෝටි අසූවක ජනගහණයක් කියලා. ඔහු මොනවා හිතන්ඩද කෝටි බාගෙක ජනගහණයක් ගැන. එතුමාට තේරුම් ගන්ඩ පහසු වෙන්නයි මම කෝටියක් කියලා කිව්වෙ!!

ඒ කියන්නෙ අහන කෙනාට තේරෙන විදිහට ගණං කියන්ඩ ඕන!!!

හරියටම හරි!! දැං බලන්ඩ මේ ඔපෙරා හවුස් එක. මේක හැදුවේ අපේ රටේ ඉන්න ලොකු සල්ලි කාරයෙක්.

ඔව්. මං අහලා තියෙනවා. මර් ස්ක් කොම්පැනියෙ අයිතිකාරයා නේද?

හරියටම හරි. හැබැයි ඇත්තටම වියදං කලේ ඩෙන්මාක් ජනතාව!

ඒ මොකද ඒ? මං හිතුවේ ලෝකෙ පුරා ඔවුන්ගේ බඩු ප්‍රවාහන සේවා ලබා ගන්න මිනිස්සු කියලා!!

නෑ...නෑ...ඔවුන් ලොකු සල්ලි ගානක් වියදම් කරා මේ ගොඩනැගිල්ල හදන්ඩ. ඒ හිංදා ඔවුන්ට ලොකු පිළිගැනීමක් ලැබුනා මිනිස්සුන්ගෙන්. හැබැයි ඔවුන් ඒ ගිය වියදම ඔක්කොම ගෙවන්ඩ තියෙන බදු මුදල් වලින් අඩු කරා!! ඒ කියන්නේ අපේ රජයට හම්බ වෙන්ඩ තිබ්බ සල්ලි වලින් තමයි ඔවුන් මේ ලස්සන ගොඩනැඟිල්ල හැදුවේ. ඒ කියන්නේ ඇත්තටම ඩෙන්මාක් මිනිස්සු සල්ලි දීලා ගොඩනැගිල්ල හදලා මර් ස්ක් කොම්පැනියට නම දාගන්ඩ දුන්නා!!

ඊට පස්සෙත් අපි පැයක් විතර කතා කරමින් හිටියා. ඒත් ඒ මොනවද කියලා මට මතක නෑ. මාවෝ සභාපතිතුමා පාලනය කරපු චීනය අද වන විට ලෝකෙ පුරා තම්න්ගේ බලය පතුරවමින් ඉන්නවා. මර් ස්ක් වගේ සමාගමුත් ඊට දෙවෙනි වෙන්නෙ නෑ. ඒ අතරේ ඩෙන්මාක් බස නොවුනත් වෙනත් හුගක් ජාතීන්ගේ සංස්කෘතිය, වටිනාකම්, අදහස්, හර පද්ධති නැතිවෙමින් යනවා. සිංහල බ්ලොග් කලාවත් මිය ඇදෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙන කාලෙක ආපහු ඒකට පන එනවා නම් ලොකු මල්ලිත් වෑ බැම්මට වෙලා සංතෝසෙන් වැවේ දියවර දිහා බලාගෙන ඉන්නවා!

පුළුවන් උනොත් ආයෙත් දවසක හම්බ වෙමු!!

 

90 comments:

  1. මොකෙක් බැලුවා.
    උතුරු ඉන්ගලන්තෙ ඩේනිශ් රාජධානියක් තිබුනනෙ. ස්කොට්ලන්තෙ (උතුර හා හේබ්‍රයිඩ්ස් දූපත්) වැඩිපුර නෝර්ස්

    ස්කැන්ඩිනේවියානු ඔරිජින් අය හුගාක් උතුරු ඉන්ගලන්තෙ ඉන්නවනෙ.

    ස්වීඩිශ් හා නෝර්වීජියානු වයිකින්ස්ලට වැඩිය ඉන්ගලන්තෙ ආක්‍රමණය කලේ ඩේනිශ් වයිකින්ස්ල මගෙ මතකෙ විදිහට.

    ඉන්ග්‍රීසි හා ඩේනිශ් භාෂාත් සමානයි. පොඩ්ඩක් ඉන්න ලින්ක් හොයල දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මම ආයෙමත් The Last Kingdom කියෝනවා ප්‍රාජේ.

      Delete
    2. ඔක්කොම පොත් දැනට 13ක් තියනව මං දන්න තරමට. මං කියවල තියෙන්නෙ 6ක් විතර. ඉතුරු ටික Z library එකෙන් ඩවුන්ලෝඩ් කලා. මං ඊ බුබුක්ස්වලට ඒතරම් කැමති නැතිවුනාට වෙන ඔප්ශ්න් එකක් නැහැ මෙහෙ.
      ලාස්ට් කින්ඩම් හා වයිකින් ටීවී සීරියස් ඉවරකලා. හැබැයි මං ඕවා කියවලා / බලලා ඉවරවුනාට පස්සෙ ඇත්‍ත හිස්ට්‍රි පොතක් හෝ ගූගල් බලනවා

      Delete
    3. ස්තූතියි ප්‍රා ජේ පළමුවෙන්ම මම ලිපියේත් ඉල්ලලා තිබුනු විදිහටම ඕන කරන ලින්ක් ටික සැපයුවාම.
      මට පොත් කියවන්ඩ නං කඩදාසි අල්ලන්ඩ පුලුවන් වෙන්ඩ ඕන. කැමති කැමති තැන් වල ඉරි අඳින්ඩ පුලුවන් වෙන්ඩ ඕන. කිසිම පොතක් සම්පූර්ණ කතාවම කියන්නේ නෑනෙ. ඒ ඒ පොතට අවශ්‍ය ප්‍රමානෙට තමයි කතාව කියන්නෙ. හැබැයි එකම කාළයට අයිති එකම විෂයේ පොත් දෙකක් කියෙව්වොත් අපිට පුලුවන් වෙනවා මේ කතා අතර පාලම් ගොඩ නගන්ඩ. ආන්න ඒ වැඩේට මං හරි මනාපයි. ඇත්තටම පහුගිය මාස හයේදි මං කලේ යුරෝපීය ඉතිහාසය කියවන එක. සත්‍යය හැමවිටම ප්‍රබන්ධයට වඩා චමත්කාරජනකයි!!
      අනේකවාරයක් ස්තූතියි නැවතත්!!

      Delete
    4. @ බුරතිනෝ...ලාස්ට් කිංඩම් එච්චර සිරා එකක් කියල මං හාංකවිසියක්වත් දැනං හිටියේ නෑ!! ස්තූතියි ඔත්තුවක් දුන්නට!!

      Delete
    5. මට කොහොමත් රෝමන් බ්‍රිටන්, සැක්සන් බ්‍රිටන් ගැන තියෙන කතාවලට ලොකු ආසාවක් තියෙනෝ. ඒකයි ඔය වැඩියක්ම.

      // මට පොත් කියවන්ඩ නං කඩදාසි අල්ලන්ඩ පුලුවන් වෙන්ඩ ඕන //

      කාලයක් මටත් ඔහොම කේස් එකක් තිබුනා. ඒත් බ්ලොග්වලින් ඈත්වෙලා හිටපු අවුරුදු කීපයෙ මම පුරුදු වුනා කෝච්චියෙ වැඩට යනිං එමින් ගමන් ෆෝන් එකෙන් ඊ-බුක්ස් කියවන්න. කඩදාසි පොත්වලින් කියවන්න හිටියානං කවදාවත් කියවගන්න බැරි වෙන විදියෙ පොත් පවා (සීරිස් පිටින්) මම කියෝලා ඉවර කලා ඒ කාලෙ. මම තේරුං ගත්තු දේ තමා 'අපි ජීවිතේ වැඩිය ඩිමාන්ඩ් කරන්න යන්නෙ නැත්තං අපට ගොඩක් දේ විඳින්න පුළුහං' කියලා. අනික මේ යන විදියට අපි අද හෙට මැරෙන්නත් පුළුහං නෙව. ඉතින් මම නං දැන් වැඩිය ඩිමාන්ඩ් කරන්න යන්නැතුං ඕනම ෆෝමැට් එකකින් කියෝනවා.

      Delete
    6. ඒක ඇත්ත! ඒත් පොතක පිටුවක් පෙරලනකොට එන කනට නොඇහෙන හිතට ඇහෙන පුංචිම පුංචි සද්දෙ, පිටුවක් ඇඟිලි දෙකක් අතරට අහූ උනාම දැනෙන උත්කර්ෂය, පොතේ කියවපු පිටු ගාන වැඩිවෙනකොට දැනෙන සීතල රෑයක් පුරා සුවපහසු නින්දක් ලැබුවා වගේ වන සනීපෙ...එව්වා මොනවත් ඊ රීඩිං වලින් ලබා ගන්ඩ බෑ නොවැ!!! හැබැයි ඔබතුමා කියන එක සහතික ඇත්ත. අත ඇරපු තරමට තමයි ජීවිතේ විඳින්ඩ පුලුවං!!!

      Delete
    7. සමහරවිට, මුද්‍රිත පොත් ආව මුල් කාලෙ අපේ මීමුත්තො කියන්ඩැති නේද, පුස්කොල පොතක තියෙන ගැම්ම කඩදාසිවල නෑ වගේ කතා? (මාත් මුද්‍රිත පොත්වලට තමයි වැඩිය ආස, ඊ බුක්වලට වඩා)

      මේක මට මේ දවස්වල නිතර හිතෙන දෙයක්. දැන් කාලෙ සමහර දොස්තරල පවා ළමයිට ෆෝන්, ටැබි දෙන්න එපා කියනව. අපි පොඩි කාලෙ තිබුණු අදහසක් තමයි, ගෙදර ටීවී එකක් තියෙනව නං ළමයි ඉගෙන ගන්නෑ කියල. අපේ තාත්තලෑ කාලෙ තිබුණු අදහසක් තමයි, පොත් කියවන ළමයි වල් වෙනව කියන අදහස.

      මට පේන්නෙ ඒ් ඔක්කොම, අලුත් දේ ට හුරු වෙන්න තියෙන අකමැත්ත සහ බය වෙන්න බැරිද?

      Delete
    8. වෙන්ඩ පුලුවන් ඩ්‍රැකී. මගේ යාලුවෝ ඉන්නවා ඇපල් බ්‍රෑන්ඩ් එකට පිස්සු වැටිච්ච. අයි පොඩ්, අයි ෆෝන්, අයි වොච්....ඒ විතරක් නෙවෙයි අලුත්ම වර්ෂන් එකක් එළියට එනකොට පරන එක කොයි තරම් හොඳට වැඩ කලත් ඒක අහක් කරලා අලුත් වර්ෂන් එක ගන්න!! මම කවදාවත් ඇපල් උපාංගයක් පාවිච්චි කරලා නෑ. ඒ කියන්නෙ බ්‍රෑන්ඩ් ලෝයල්ටි නැති උනත් තිබ්බත් දෙගොල්ලටම එකම දේ කරගන්ඩ පුලුවන් කියන එක. සමහර විට ඒ අපි හුරු වෙච්ච් හැටි වෙන්ඩ ඇති!

      Delete
    9. ඇපල් උපාංගයක් නැහැ කියන්නේ ඉතින් ආපහු මේකට එන්ඩ හිතෙන්නෙත් නෑ හේ හේ අලුත්ම වර්ෂන් එක ගන්නවද නැත්ද කියල හිතමින් ඉන්නේ

      Delete
    10. මාත් ඔය කතා සෙට් වලට හරි ආසයි බුරතිනෝ. මම ආසම කතාවල් අර අයිවන් හෝ ගේ එක. සැක්සන් කතාවක්.

      Delete
  2. https://en.m.wikipedia.org/wiki/Danelaw

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේක ඇති ඉන්ගලන්තෙ ඩේන්ස්ලා ගැන හා රාජධානි ගැන. ඒත් මගෙ ෆේවරිට් Lords of the Isles නිසා ස්කොටිශ් නෝර්ස් ගැනත් දෙන්නම්.


      Delete
    2. https://en.m.wikipedia.org/wiki/Lord_of_the_Isles

      මගෙ ෆේවරිට් අයිතිහාසික කැරැක්ටර් එකක් සමර්ලඩ්

      Delete
  3. https://www.nordictrans.com/blog/how-close-is-danish-to-english/

    https://www.fluentin3months.com/scandinavian/

    ඇති නේද? වයිකින්ස්, ස්කොටිශ් ( ටිකක් ඉන්ග්‍රීසි) ඉතිහාසෙ ගැන ලියනවනම් මං කමෙන්ට් පුලුවන් තරං දාන්නං ලොකුමල්ලිතුමා

    ReplyDelete
    Replies
    1. මෙහෙම සපෝට් එකක් තියෙනවා කියල දන්නවා නං අපි කලින්ම ලියනවා...කමිං සූන්...කමිං සූන්!!

      Delete
  4. කට්ටලා වගේ උදවිය ලියනවනං අපි කියවන්න එඤ්ඤා. කට්ටා ඉතිං ලියන්නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. අපි දැං වයසයි...අපි බලමුද අපේ තරුණ පරම්පරාව අතරේ සිංහල බ්ලොග් ජනප්‍රිය කරන්ඩ මොනවහරි යමක් කරන්ඩ!!
      ස්තූතියි ඔබතුමාගේ දිරිගැන්වීමට!!

      Delete
    2. බර්නාඩ් ෂෝ වියතාණන් හැට පැන්නට පස්සේ නේද කිව්වේ මම දැන් හැටක තරුණයෙක් කියලා.

      Delete
  5. කට්ටකාඩුවේ ලොකු ඔබ වැනි අයට
    ඇහැකිද මොකුත් නොලියා දිගු කල් ඉන්ට
    ලියන සැණෙන් ඒවා නොකියෙව්වාට
    කවුරු හරි බලයි නේදෝ මතුවකට

    හැමටම ගයනු බැහැ- නටනුත් බැරිය ලොවේ
    ලියනුත් එහෙමමයි - එවැනියො අඩුය ලොවේ
    හය මාසයක් හිටියා ඇති නිවාඩුවේ
    ඇරියස් කවර් කරමුද කට්ටකාඩුවේ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ...කවි ලියපුවම අපි කොහොමද උත්තර දෙන්නේ?? ස්තූතියි ලොකා!!

      Delete
    2. කවිය කියන්නේ 'හද බස' කියලයි ගුණදාස අමරසේකර මහත්තයා කිව්වේ.

      Delete
    3. නිදි, අමරසේකර මහත්තයා පොතක් ලිව්වා ගණඳුරු මැදියම දකිනෙමි අරුණළු කියලා. අපිත් උත්සාහ කරමුද අරුණළු දකින්ඩ!!

      Delete
    4. ඔව්වොව්!
      අරුණෝදය උදාවෙන්න කලින් අඳුර තදට තියෙනවයි කියනවනේ... ඔය තිබ්බ අඳුරත් ඒ වගේ වෙන්ඩ ඇති.

      (අමරසේකර මහත්තයාගේ පොත් ගොඩක මුද්‍රණ කටයුතුවලදී එතුමාව යන්තමින් හරි ඇසුරු කරන්නත් මට වාසනාව ලැබුණා. විශේෂයෙන් 'ගල් පිළිමය හා බොල් පිළිමය' පළමු මුද්‍රනයෙදී. එතැනදී තමයි මම ඉගෙන ගත්තේ 'ලියූ වචන කීපයක වෙනසක් කරන්නට හිතිලා - හරියටම ගැළපෙන වදන් හිතට එනතුරු දින කීපයක්ම කල් මරණ අයත් ඉන්නව'යි කියලා. මේ ගැන මම බ්ලොගයෙදීත් ලිව්වා.)

      Delete
  6. ++++++++++++++++
    නැගිට්ටා විතරයි. කුණු කෙල පිටින් බ්ලොග් කියවන්න එපා කියල ප්‍රාජේ තමයි කිව්වෙ. පස්සෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. ආන්න කියන දේ අහන සත්තු!! ප්‍රා ජේ එහෙමයි සත්තු හදල තියෙන්නෙ!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. හෙට එනව කියවන්න

    ReplyDelete
    Replies
    1. ආං අම්බලන්ගොඩයත් ලියල. ඒකත් හෙටම කියපවං ඈ?

      Delete
    2. ඩ්‍රැකී එන්නේ මහ රෑ...සීතල නුවර ඒලියේ ඉඳලා...සෙවණලි අතර සරමින් (මං කිව්වෙ ඇඳුම ගැන නෙවෙයි ඈ)...මංමුලා වූවන් සොයමින්...පිපාසිතව උණු ලේ සොයමින්....

      Delete
    3. ඒ අතරෙ බස්සා, ළඟ ළඟ ම දෙකක් ලියල. ට්‍රැෆික් වැඩියි අයියෝ!

      කට්ටෙ මං මුලා වී සිටු!

      Delete
  8. ඔන්න කියෙව්වා. නියමයි ලොක්කා. මට බුරා, ප්‍රාජේට වගේ ඉතිහාස දැණුමක් නෑ, ඒත් කතාව රසවින්ඳා.

    කස්ටිය ආයෙ ලියන්න එනවා, කිව්වට ඇත්තටම මම විස්වාස කලේ නෑ. දැන් නං පොඩි බලාපොරොත්තුවක් තියනවා. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ජීවත් කරවන්නෙ බලාපොරොත්තු!! ඒ මදැයි!! ස්තූතියි අනේක වාරයක් ඔබතුමාට.

      Delete
    2. පැන්ඩෝරාගේ පෙට්ටිය වහගෙනමද හිටියේ ලොකූ?

      Delete
    3. පැන්ඩෝරා ගේ පෙට්ටිය!! මංලියන එව්වා සමාජයට අහිතකර වෙන්ඩත් පුලුවන්ද ලොකා?? එහෙනං පරිස්සං වෙන්ඩ ඕන!!

      Delete
    4. නෑනෙ මහත්තයෝ, පැන්ඩෝරාගේ පෙට්ටියේ හිටිය 'මානව සංහතියටම හිතකර බලාපොරොත්තුව' ගැනයි මම අදහස් කළේ. බයවෙලා හිටි පැන්ඩෝරා අන්තිමටමනෙ ආයෙමත් පෙට්ටිය ඇරියේ.

      Delete
  9. මොකා නැතත් හැට්ටර් නං එනවා ලොකු සර්.
    ඩෙන්මාක් කාරයො හොඳ 'බටර්' කාරයෝ. ඕඕ යේස්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එච්චරයි ලොක්කා වෙන්ඩෝන! බටර් කාරයෝ දැන අඳුනාගෙන ඉන්න එක වටිනවා මේ වෙලාවට. මොකද මෙහෙ සිද්ධ වෙන දේවල්වල හැටියට!!

      Delete
  10. ඉතාම සුන්දර ලිපියක්! එය ඔබ ගොඩ නගා ඇති අපූරුව! "ඩෙන්මාර්ක් ජනතාව සල්ලි දුන්නා. මර්ස්ක්ලා නම දාගත්තා!" ඒකත් මරුම වැඩක් තමයි. හැබැයි ඉතිං අපිත් දෙවෙනි නෑ! අර අම්මා අප්පච්චිගේ සොහොනක් අපි හදලා දුන්නේ!

    ReplyDelete
  11. කොහොම උනත් ආපහු ලියන්න පැමිණීම ගැන බලවත් සතුට!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම දෙයක් කතා කරමු...මොකටද නිකං රාජ්‍ය රහස් කතා කරන්ඩ ගිහිං තලා ගන්නේ!!

      Delete
  12. 'මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව'. අය්යෝ ඇයි එහෙම කියන්නෙ. දැන් මේ පෝස්ට් එක කියවලා මම නොදන්න දේ කීපයක්ම දැනගත්තට අමතරව Pra Jay සහ Buratinoගෙ කමෙන්ට්ස් කියවලා යුරෝප ඉතිහාසය ගැන වැඩියෙන් කියවන්න හිතාගත්තා. (ඩ්‍රැකී ලියන කතාව නිසාත් එහෙම හිතිලා තියෙනවා). අනිවාර්යයෙන්ම තව කෙනෙකුට දෙන්නෙකුට නොදන්න දෙයක් ගැන වැඩියෙන් දැනගනීමේ අශාව ඇතිවෙන්න ඇති. පෝස්ට් එකකින් ඇතිකරන impact එකයි වඩා වැදගත්. Just want to say that your posts are impactful and please don't judge that by comments only.

    ReplyDelete
    Replies
    1. යුරෝපා ඉතිහාසේ කියන්නේ අපේ ඉතිහාසයට තදින් බලපෑම් කරපු කාරනාවක්. උදාහරණයක් විදිහට ඇයි ඕලන්දක්කරයින් ලංකාව එංගලන්තෙට බාර දෙන්නෙ? ඇයි නැපෝලියන් එක්ක ආපු දේවල් අපිට නොඑන්නේ...වික්ටෝරියානු අගයයන් ඇති නොවුනානං ලංකාවෙ එව්වො මීට වඩා සුදු හමක් තියෙන සෙට් එකක් වේවිද? අටවැනි හෙන්‍ රි නොහිටියා නං කතෝලික පල්ලියට එරෙහි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාර්ථක වෙයිද? එහෙම නොවුනානං කොන්කීස්ටඩෝර් වරුන්ට වඩා ලන්දේසි හරි ඉංග්‍රීසි හරි යටත් විජිත පාලකයෝ වෙනස් වෙයිද? මේ වගේ හුගක් දේවල් යුරෝපා ඉතිහාසෙත් එක්ක ඉගෙන ගන්ඩ පුලුවන්!!
      ස්තූතියි ලෝටස් ඔබේ දිරිමත් කිරීමට!!!

      Delete
  13. ලොකූ, මම ආපහු ආවා ඔයා කියල තියෙන්නේ මොනවද බලාගන්න. තාම නැති නිසා හැරිලා යනවා. ආයෙ එන්නං...

    ReplyDelete
    Replies
    1. ආයෙ ආවා... ලියන්න තියෙන දේත් ලිව්වා. මං බ්ලොග් ලියන්න ආව දවස්වල ඔයාලා තමයි දිගටම දහිරිය දුන්නේ.... එව්වා අමතක නැහැ හොඳේ.

      Delete
  14. "මම එනවා, බලනවා, යනවා. අලුතෙන් මුකුත්ම නෑ. ලොකු මල්ලිටත් ඇස්වහක්වත් වැදුනද?" - ඇස්වහ පෝස්ට් එක කියවලා ජුලි 31 මම දාපු කොමෙන්ට් එක.නැවතත් ලියනවා දකින්න සන්තෝශයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමින්දතුමා. මං කාලෙකින් බ්ලොග් එකට ඇවිත් කමෙන්ට්ස් කියවනකොට ඔබතුමාගේ ජූලි මාසෙ කමෙන්ටුව දැක්කා. ඇත්තටම ඒක හින්දා මට හිතුනා ආයෙත් මොන්වහරි ලියන්ඩ ඕන කියලා. ස්තූතියි දිරි ගැන්වීමට. දිගටම මේ පැත්තේ එනු ඇතැයි සිතනවා.

      Delete
    2. කට්ටකාඩුවේ ලොකූ, උපරිමයෙන්ම සමාව දෙන්න ඕනි. චමින්ද හිතවතා 'තට්ටයාගේ කොලම'ට ලියා තිබුණු කමෙන්ටුවකට ලියාපු උත්තරයක් මෙතැන පළ කරනවාට. මොකද දහ පහළොස් වතාවක් try කරලා බැරිම තැන හමයි මේ ක්‍රමය තෝරාගත්තේ.

      'දවස් දෙකක හිට try කරනවා චමී, ඔයාට උත්තරයක් ලියන්න. උත්තරේ කොටලා පබ්ලිෂ් කලාම වාෂ්ප වෙනවා. බැරිම තැන වැඩේ අල්ලලා දාලා තට්ටයා මහතාටත් කිව්වා අවුල ගැන. මේ වතාවෙත් හරි නොගියොත් සොරි.com

      මෙච්චර try කළේ, වැඩ ගොඩක් අස්සෙ වුණත් වෙලාව හොයාගෙන අපේ බ්ලොග් නොකඩවා කියවන කෙනෙකු හැටියට ඔයාව සනිටුහන් වෙලා තියෙන නිසා- නිතර කමෙන්ට් නොකළත්. ස්තුතියි!'

      Delete
    3. අනිවාර්යයෙන්ම. ලොකුමල්ලිටත්, නිදිටත් දෙන්නටම ස්තූතියි.

      Delete
  15. බොගෙ ලිපිවලට කවදාවත් කමෙන්ට් නැති වුණේ නෑ. බලන්නැති නිසා ලියනව කියන කතාව වහාම ඉල්ලා අස් කරගනු. නැත්තං, ශීත කළ ලේ රාත්තලක් දඩ!

    ReplyDelete
    Replies
    1. උතුමාණන්ගේ අණ පරිදි එම ගැසට් එක ඉල්ලා අස්කර ගනු ලැබේ.
      මීට
      අණ පරිදි
      ක.කා.ලො.ම

      Delete
    2. ඒ ගමන මූත් රිවස්...

      Delete
    3. ලොක්කන්ට හොඳ නං අපි වගේ සොක්කන්ට මොකද ආයිබෝං???

      Delete
  16. ආමි.. කියෙව්වෙමි...

    ReplyDelete
    Replies
    1. කියවල නතර වෙන්ඩ බෑ ලිකී. ලියමු ආපහු. අර මොවානා ට ලියපු කවිය වගේ ටිකක්...

      Delete
    2. අප්පේ අපේ ලිඛිතා මැඩමුත් ඇවිල්ලා....තේකක් බොමුද? බත් ටිකක් කමුද?

      Delete
    3. ඩ්‍රැකී>>>> ආනේ.. මොවානා ගැන ලියපු කවිය මම හිතුවෙම කවුරුත් වින්දේ නැහැ කියල.. මට ඒ චරිතේ හරියට හිතට වැදුනා.. කොටින්ම මෞවී මාරයි නේද? කොච්චර ලස්සන කතාවක්ද? අපේ කතා ඇත්තටම හොඳ මනුස්සයෙක් අතරට ගියා නම්, සිරාවට ඒවා ඩිස්නි එකේ බොක්ස් ඔෆිස් වෙනවා කියල හිතුන.
      මට ඒ කවිය ගැන කියපු කෙනෙක් මේ අහුනමයි... ( වටයක් නටමින්)

      Delete
    4. කට්ටේ අයියා >> ආවා නේන්නම්... කියන්න වැඩි දෙයක් නැහැ.. කොටින්ම මම එතරම් ඉතිහාස දැනුමකුත් නෑනේ මේ ගැන. ලිපියේ තියෙන රසවත්කම නිසා අහක බලාගෙන යන්න හිතුනේ නෑනේ...
      බත් එපා. සීනි කිලෝවක් වගේ නැද්ද?

      Delete
    5. නැතුව නැතුව ලිකී. ඒ කවි නියමයි. ඒකෙ තිබුණු හැඟීම ඇත්තටම ෆිල්ම් එක බලද්දි මටත් ඇතිවුණා. ඒකයි වැඩියත්ම ඒ කවියට මං කැමති.

      ආපහු ලියමු අප්පා. ඔයාල නැතුව පාළුයි (පොඩ්ඩක් විතර)

      Delete
  17. ඔක්කම පරණ ඈයො ආපහු ලියන්න පටං ඇරං. බ්ලොග්ස් ටිකත් අර කාලෙකට පස්සෙ වැ⁣ටිච්ච වැස්සකට පස්සෙ ලඳු කැලෑ අස්සෙං එන එකේක සත්තුන්නෙ සන්තෝස සද්ද වගේ වෙලා.

    මේ ගැම්ම දිගටම තියේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැස්සකට පස්සෙ කැලෑ අස්සෙන් සත්තු වෙනස් විදිහට කෑ ගහනව නේද?!! සමහර විට කොරෝනා හුදෙකලාවත් එක්ක හුගක් දෙනෙකුට හිතෙන්ඩ ඇති තමන්ගෙ අදහස් පුලු පුලුවන් විදිහට බෙදා ගන්ඩ ඕන කියල අනික් අයත් එක්ක!!

      Delete
  18. Kalekin kiyawapu harima rasawath lipiyak.Baluwahama ape rate wagema wada wenath ratawalath sidu wenawa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්තුමා! ඒක නේන්නං කියන්නෙ!! අපි වගේම තමයි උනුත්....උන් වගේම තමයි මුනුත්!!

      Delete
  19. ලංකාවේ විතරක් නෙමෙයි බලා ගෙන ගියාම ලෝකෙම ඈයො සෑහෙන ගේම් ගහනව නෙහ් මිනිස්සු හා බදු සල්ලි එක්ක.

    ReplyDelete
    Replies
    1. තව තියෙනව ඔහොම කතා...අද විතරක් නෙවෙයි ඊයෙත්...ඒ විතරක් නෙවෙයි හෙටත්!!

      Delete
  20. අපේ සල්ලි වලිං හදල වෙන එකෙක්ගෙ නම දාගන්න.... මේ රටේනං ඕව කවදාවත් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ
      අපේ ඈයො තමුන්ගෙ නම දා ගන්නෙ නෑ!!
      අයි ඩෝන්ට් නෝ වයි...එහෙම වෙන්නෙ ඇයි???

      Delete
  21. කමෙන්ට් කියවන්න ආයෙ ආව. ඔහොම ඇදගෙන යං:)

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. කලින් කොමෙන්ට් එක අකුරු වැරදීම් නිසා මැකුවා..

    ඔයාල ලියන්නෙ නැති එක අපි වගේ නිහඬ පාකටයොන්ට හරි පාඩුවක්... මගේ බ්ලොග් රෝල තමයි හැලප බ්ලොග් එක.. හැමදාම ඇවිත් බලල යනවා... ආයේ ලියන්න.. සද්ද නැති උනාට අපිත් කියවනවා... මේ නිහඬ පාකටයෙක් බ්ලොග් වල ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන්..

    ReplyDelete
    Replies
    1. නිහඩ පාඨකයෝ සිටින බව දැන ගැනීමත් සතුටක්...උත්සාහ කරන්නම් නොනවත්වා ලියන්ඩ...ස්තූතියි

      Delete
  24. හරිම අසාවෙන් කියෙව්වා. නිතර ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ...ඔබලාගේ පැමිනීම නැවත ලියන්ඩ දිරි දෙනවා!! දහසක් වැඩ අතරේ ලියන්ඩ වගේම ලියන දේ හරියි කියල විමසලා බලන්ඩත් සෑහෙන කාලයක් යනවා. ඒ කාලය හොයාගන්ඩ අමාරු උනාම තමයි ලියන වැඩේ අමතක කරන්නේ!!

      Delete
  25. ලොක්කා අනුරුද්ධ වැලිගමගේ ගේ අප්‍රතිහත ධෛර්ය , බ්ලොග් කෙටිකතා , නවකතා කවි එයාගේ රේඩියෝවේ දාලා උදව් කළා, ඒ මදිවට ඊයේ පෙරේදා අපට කතා කළා , සාකච්ඡාවකට. ඊට පස්ස ඒ ගැන ලියපු තට්ටයගේ කොලම නිසා වැඩේ උච්චස්ථානයකට ගියා. මම මේ අද නිකන් බ්ලොග් රෝල බැලුවා . පරණ බ්ලොග් වැඩ අරඹලා , අළු ගසා දාල ඇවිත්. ලිව්ව එක හොඳයි. ලිපිය නියමයි , ලොක්කාගේ සීල් එක තියනවා.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ වැලිගමගේ සිංහල බ්ලොග් පල්ලෙහාටම වැටිලා තිබ්බ වෙලාවක බ්ලොග් වලට අලුත් මානයන් පෙන්නපු සහෝදරයෙක්. මං ඔහුට සහෝදරයා කියන්නේ ඔහුත් 'තමාට පෙර රට' ආදර්ශ පාඨය කරගත්තු ඉස්කෝලෙ හිංදා!! :)

      Delete
  26. මට අමතක වුනා, මම බ්‍රිටිෂ් ලයිබ්‍රරි රිඩින් කාඩ් එකක් ගත්ත. ඒකට වෙනම දවසක ගියා. දැන් යන්න විතරයි තියෙන්නේ අරක බලන්න. තවම වෙලාවක් වැටුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මං දැක්කා ෆේස් බුක් එකේ ඔබතුමා ඒ පුස්තකාලෙ කරක් ගහනවා. මතකයිනෙ එක පාරක් ගිහිං රාවණා හම්බ උනා....මේ පාර මොකා හම්බ වෙයිද දන්නෙ නෑ..පරිස්සමින්...ඒ ලිපියෙ කියවෙන දේ මං හිතන දේ එක්ක සමපාත උනොත් අපි කොහොමද සමහර උපායමාර්ගිකව වැදගත් තැන්වල වැඩකරේ කියල කට්ටකාඩුවට ලියන්ඩ පුලුවන්!!

      Delete
    2. ඒ කියන්නේ ෆේස්බුක් එකේ ඔබතුමා ඉන්නවා මම දන්නේ නැහැ කවුද කියල. කේජිබි සී අයි ඒ වගේනේ . බයේ බෑ. දැන් මේ ආයේ appointment දාන්න කියල තියනවා. හෙටනිද්ද යන්නම් ආයි

      Delete
  27. කාලෙකට පස්සේ...ඉතින් ඔන්න අපිත් ආවා..

    ReplyDelete
    Replies
    1. එන්ට එන්ට...ඇවිත් ඉඳගන්ඩ...තේ එකක් බොමු නේද බත් ටිකක් කනවාද?

      Delete
  28. සංතෝසෙන් මේ කමෙන්ට් එක දාන්නේ....බ්ලොග් ලියවිල්ල පටන් ගන්න ඕනි වගේ ආයෙත්....!

    ReplyDelete
    Replies
    1. වගේ නෙවෙයි මහත්තයෝ, පටන් ගනිමු... අවුරුද්දක්ම නිවාඩු ගත්තා මදැයි!

      Delete
    2. අපි ආවෙත් ඔබතුමන්ලා කපපු පාරෙ... පාර කපා, තාර දමා ඊළග පරපුරට දෙමු!!

      Delete
    3. ඒක තමා වෙන්න ඕනී..ඈත ඉඳන් බලා ඉමු....🤣

      Delete