බොර්ජියාවරු ගැන ලියන්ඩ පටන් ගත්තු වෙලාවේ මට හිතුනේ සිටුවර මොන්ත ක්රිස්තෝ පොතේ පාරියා පූජක තැන ශතෝ දීෆ් බන්ධනාගාරේ අඳුරු බිම් ගෙයක් ඇතුලෙදි සීසර් බෝර්ජියා ගැනත් ඔහුගේ පියා වෙච්ච හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ගැනත් කියපුවා මතක තියෙන්නේ මං වගේ මොන්ත ක්රිස්තෝ පිස්සන් කීප දෙනෙකුට විතරයි කියල. ඒත් බලා ගෙන ගියාම හුග දෙනෙකුට ඒ කතාව මතකයි. හුග දෙනෙක් ඇහුවේ මේ මං කියන්නේ අර ඒ පාප් වහන්සේ ගැනද කියල. නෑ. 1492 දී තමයි හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ඒ පදවියට පත් වෙන්නේ. මේ මම කියන්නේ 1455, ඒ කියන්නේ ඊට අවුරුදු 37කට ඉස්සර
කතාවක්. කාට හරි ඒ කතාවේ
මුල මතක නැත්නං මෙන්න මෙතනිං පරණ ලිපියට යන්ඩ පුළුවන්.
තුන්වෙනි කැලික්ස්ටෝ පාප් තුමා
ඔය අස්සේ ජනාධිපතිවරණ උණුසුමත් ඉහල යන බව පේන්ඩ තියෙනවා. සමහර යාලුවන්ගේ හැසිරීම් දැක්කම හිතෙන්නේ ඔවුන්
සහය දෙන අපේක්ෂකයා බැරි වෙලාවත් පැරදුනොත් එහෙම මට මල ගෙවල් හය හතක යන්ඩ වෙන බවයි. නූතන වහල් සේවය ක්රියාත්මක වෙන ආකාර හරි පුදුමයි. ඒ කතා පැත්තකින් තියලා අපි යමු 1455 ඉතාලියට. මිල්ලෙ සොයා නෙවෙයි...පාප් නිළවරනෙට මොකද්ද වෙන්නේ කියල බලන්ඩ.
ඔන්න එහෙනං ඒ කතාව.



