Saturday, August 5, 2017

මාත්  [නො]දකින  පුර හඳ ඔබටත් 
හැකිය දකින්න..!

කාලෙකට පස්සේ පේරාදෙණියට ගියේ අපේ නෝනත් එක්ක නුවර නෑදෑ ගෙදරක යන ගමන්.

යංද කැම්පස් එක පැත්තේ?” මම නිකමට වගේ නෝන මහත්තයාට යෝජනා කලේ වෙලාවත් ටිකක් ඉතුරු වෙලා තිබුණු හින්දාඑයා 'පේරාදෙණියේ' නොවුනත් පේරාදෙණියේ පස් පාගපු හුගක් දෙනෙකුට හැදෙන 'පේරාදෙණි මනෝ රාජ්ය සහසාධකයකියන මානසික රෝගය මටත් තියෙන බව එයා හොදටම දැනගෙන හිටියා

වෙලාව තියනවා නම් යං ...නැත්තං සතියක් දෙකක් යනකල් සාංකාවෙන් දොඩවනවනේ...”

ඒක සම්පූර්ණ ඇත්තම නොවුනත් බාගෙට ඇත්තහරියට කානු පල්ලක නිදා ගෙන ඉන්දැද්දී දිව් ලෝකේ ගැන හීනයක් දැකලා ඇහැරුනාම පොඩි 'මෙව්වා එකක්හිතෙනවා නේද සිතිවිල්ලපේරාදෙණිය පහු කර ගෙන යන්ඩ එන්ඩ උනත් කැම්පස් එකට විනාඩි කීපෙකටවත් ගොඩ වෙලායන්ඩ බැරි වෙන හුගක් පේරාදෙණි විද්යාර්ථීන්ට අමුතු දෙයක් නෙවෙයිබුදු හාමුදුරුවෝ නම් කියලා තියෙන්නේ "නිත්තරනත්තාය නො ගහනත්තාය(එතෙර වීම පිණිස මිස කර තබා ගෙන යෑම පිණිස නොවේකියල උනත් පේරාදෙණියට ගියපු හුගක් දෙනෙක් 'පේරාදෙණිය' කර තියා ගෙන යනවා ජීවිතේ ඉවර වෙනකල්ම (අනික බුදු හාමුදුරුවෝ එහෙම කිව්වේ ධර්මය ගැන මිසක් කැම්පස් එක ගැන නෙවෙයිනේ අපේ හේතු දැක්වීම).


ගලහ පාර දිගේම ගිය කාර්එක වෙනද වගේම නවත්වන්නේ හිල්ඩා එක ලග   බව අපේ නෝනාට ලාවට මතකයිඔව්...තට්ටු තුනකින් සමන්විත ගොඩනැගිලි හතක් යා කරමින් තැනුණු කොරිඩෝ කීපයක් හින්දා එක ගොඩනැගිල්ලක් විදිහට හදුන්වන, හිල්ඩා ඔබේසේකර ශාලාව කියන නිළ නාමයෙන් පොත් පත් වල තියෙන, ඒත් හැමෝම හිල්ඩා එක කියල ලේසියට හදුන්වන හොස්ටල් එක. අපේ කැම්පස් ජීවිතෙන් සැහෙන කාලයක් ගෙවුනේ හිල්ඩා එකේහරියටම කියනවනම් ඒකෙ සෙවන්ත් විංග් එකේ නොහොත් හත්වැනි ගොඩනැගිල්ලේ නොහොත් ‘සයිබීරියාවේ’!.

හැබැයි මගේ පම්පෝරිය පටන් ගන්නේ ඊට හැතැම්මකට විතර කලින් ජයතිලක හෝල් එක හරියේ ඉදන්අපේ නෝනා මහත්තයා මං කියවන දේ අහගෙන ඉදං විදින වදේ  ඔයාලත් විදින්නේ මොකටද නේදඔන්න එබුවා ෆාස්ට් ෆෝවඩ් බටන් එක!

….මේ අරුනාචලම් එක අපි කන්ඩ ආවේ මේකේ ....අල්විස් පොන්ඩ් එක...ග්රවුන්ඩ් එක...ටී එක...ලවර්ස් ලේන්...කිස් වංගුව.. වල...ස්ටොප්ස්ටොප්!! ස්ටොප්!!!

වල ගාව නම් ටිකක් නැවතිලාම යන්ඩ ඕන...ලවර්ස් ලේන් එකේ නැවතුනේ නැතත් වල ගාව නම් නවතින්ඩ  ඕනඑදිරිවීර සරච්චන්ද් එළිමහන් රඟහල කියලා ගහලා තිබුනට හැමෝම කියන්නේ වල කියලනේවලේ නාට්යයක් නොබලපු ‘පේරාදෙණියෙක් මේ ලෝකේ නම් ඉන්ඩ බෑ...අපි ඉස්සර ටිකට් ගන්ඩ සල්ලි නැත්නම්  හිල්ඩා එකේ ඉදගෙන නාට් අහගෙන ඉන්නවා..හන්තානට උඩින් ලස්සනට හද පායලා තියෙද්දී ...එහෙම නැත්නම් පොඩි සිරි සිරි පොද වැස්සකුත් එක්ක..හිල්ඩා එකේ දෙවෙනි මහල් යා කරමින් දිවෙන ඉස්සරහ කොරිඩෝවේ ඉඳ  ගෙන නාට් අහපු කාලේ  හන්තානට උඩින් පායන හඳ වගේම ලස්සනයි.

පේරාදෙණියේ උන්ට තියන තව උණක් තමයි හන්තාන... ඒ එක්කම  මහවැලි ගඟ. වෙන කිසිම කැම්පස් එකක කට්ටිය තමුන්ගේ නොවෙන දේවල් තමුන්ගේ  සංකේත විදිහට මෙහෙම පාවිච්චි කරනවා මං දැකලා නෑ...'කොළඹ උන්' මූද අයිති තමන්ට කියලාවත්'කැලණියේ උන්' කැළණි පන්සල අයිති තමුන්ට කියලා වත් 'ජපුරේ උන්' අත්තිඩිය ගැනවත් අයිතිවාසිකම් කියනවා මං අහලා නෑ...සමහරවිට එක්කෝ උද්ඝෝෂණ හින්දා එහෙම නැත්නම් පාඩම් කරන හින්දා උන්ට  දේවල් අයිති කර ගන්ඩ කල්පනා වෙන්ඩ නැතුව ඇති...අන්න එකට පේරා!...හන්තාන අපේ කොමන් රූම් එක වගේ!!...මහවැලි ගඟ පටන් ගන්නේ පේරාදෙණියේ නාදන් එකෙන් වගේ...!!! 

කතාවේ ට්රැක් මාරු උනා...සොරි..සොරි...ඕක මම ඉස්සරලා කියපු ලෙඩේ ලක්ෂණයක්...පේරා ගැන කතා කරන කොට මුල අමතක වෙනවා..අග පැටලෙනවා...හරියට අපි ඉපදුනාට පස්සේ මුලින්ම දෙයක් ඉගෙන ගත්තේ කැම්පස් එකෙන් වගේ හිතලා මුලින් ගිය ඉස්කෝල අමතක වෙනවා...අපේ ඉගෙනුම පේරා වලින් ඉවර උනා වගේ ජීවිත ගමන් මගේදී ඉගෙන ගත්තු දේවලුත් පේරා ගිණුමට  බැර වෙනවා...අග පැටලෙනවා.

ඉතින් කොහොමින් කොහොමින් හරි මගේ පොර ටෝක් ගගේ පීනමින් අපි හිල්ඩා එක ඉස්සරහටම ගියා...

ගෑනු ළමයි රොත්තක් හිල්ඩා එකෙන් එලියට එනවා...! තවත් කට්ටිය ඇතුලට යනවා...උඩ කොරිඩෝ එකෙත් ගනු ළමයි දෙතුන් දෙනෙක් සක්මන් කරනවා...!!!! මගේ ඇස් අදහා ගන්ඩත් බැරි උනා!!

ඔයා කිව්වේ මේ හොස්ටල් එකේ නේද හිටියා කියලා?” නෝනා එහෙම ඇහුවේ පුදුමෙන්ද නැත්නම් ලැජ්ජාවෙන්ද  එහෙමත් නැත්නම් ඔච්චමටද කියලා හිතා ගන්ඩ බෑ!.  

ඔව්...මේකේ තමයි!”  

ඉතින් මේක ගෑණු ළමයින්ගේ හොස්ටල් එකක් වගේ නේ?”

පිස්සුද මේකේ තමයි අපි අවුරුදු දෙකක්  හිටියේ...මට මතක නැද්ද අපි හිටපු තැන!”

අපි කිව්වේ...? කපල්ස් විදිහට ඉන්ඩ ඉඩ තිබුනද මෙහේ?” මගේ පැටිකිරිය 
දන්න නෝනා ඇහුවේ තරහින් වගේ.

නෑ ...නෑ ...නෑ ... මං කිව්වේ අපේ බැච් එකේ කොල්ලෝ....” මේ වෙලා තියන 
සන්තෑසිය තේරුම් ගන්ඩ බැරුව හිටපු මට තව රණ්ඩුවක් පටන් ගන්ඩ උවමනාවක් නෑ.

ඉතින් දැන් ඉන්නේ ගෑණු ළමයි නේ!!?”

ඒක තමයි මාත් බැලුවේ....”

ඔයා මෙච්චර වෙලා කියව කියව ආවේ බොරු නෙවෙයි නේ..?”

අන්න මටත් යකා නගින පොයින්ට් එක
පේරා ගැන මම මොකටද බොරු කියන්නේ...අපි අවුරුදු හතරක් හිටියේ මේ 
අඩවියෙනේ ...ඉතින් අපි...නෑ වැරදුනා ..මං කියන්නේ මම...දන්නේ නැද්ද හිල්ඩා එක ගැන?”

ඉතින් ඕකට තරහ ගන්ඩ දෙයක් යෑ?...

අපි මේ ළමයෙක් ගෙන් අහලා බලමුකෝ...”

ෂෝක් අදහස...ඇත්තට මට ඒක අමතක උනා නේ!

මේ...නංගි දැන් හිල්ඩා එකේ ඉන්නේ ගර්ල්ස් ලා ?” ෂටර් එක පාත් කරපු මං 
ලගින් ගිය ගෑණු ළමයෙක් ගෙන් ඇහුවා... මං දිහා හොදට බලපු  ළමයා

ඔව් අංකල්  කියපි.

ඇත්තදඅපේ කාලේ කොල්ලෝ තමයි හිටියේ...”

...වෙන්ඩ ඇති...එත් හුග කාලෙකට ඉස්සර ආපහු මේ හෝල් එක ගර්ල්ස් 
ලට දීලා...”

හුග කාලෙකට ඉස්සර...?”

ඔව්...මං  හිතන්නේ දැන් අවුරුදු පහළවකට විතර  ඉස්සර වෙන්ඩ ඕන...”

වෙන්ඩ බෑනේ අපි 98 දී මෙහෙ හිටියානේ...”

ඉතින් අංකල් 98 කියන්නේ දැන් අවුරුද 19 කට ඉස්සරනේ....”

හෑ...එච්චර කල් ගිහිල්ලද?”

මං දිහා පුදුමෙන් වගේ තත්පරයක් දෙකක් බලා හිටපු  ළමයා පොඩි හිනාවක් දාලා ඉස්සරහට ගියාමම ෂටර් එක උඩට උස්සන ගමන් කල්පනා කලේ 
කාලේ ගතවෙලා තියන ඉක්මන ගැනපුදුම වෙන්ඩ දෙයක් නෑ  ළමයා මට 
අංකල් කියපු එක...මං කැම්පස් එකෙන් අවුට් වෙනකොට ඉපදිලා වත් ඉන්ඩ 
නැතුව ඇති  ළමයා.

මං අසරණ විදිහට නෝනා දිහා බැලුවා...එයාට තේරෙන්ඩ ඇති මගේ අපහසුතාවය.

කමක් නෑ...අපි කොහොමත් හෝල් එක ඇතුලට යන්ඩ හිතාගෙන ආවේ නෑනේ...පිටින් හරි ඔයා දැක්කනේ ඔයා හිටපු තැන...” එයා මාව අස්වැසුවා.

අපි තව ටිකක් ඉස්සරහට ගිහින් කාර් එක ආපහු හරවාගෙන ආවාමං තාම කල්පනාව මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා...අපේ සුන්දර මතක ගණනාවක් තියන හිල්ඩා එකේ දැන් ඉන්නේ ගෑණු ළමයි!

මේ අතරේ නෝනා ටැබ් එක අරන් මොනවද සර්ච් කරනවා....ටික වෙලාවකට පස්සේ එයා මෙහෙම කිව්වා... අහන්ඩකෝ මේ සිංදුව....මිල්ටන් මල්ලවාරච්චිගේ ලයාන්විත කටහඩ කාර් එක පුරාම පතුරුනා.   

දෙනෝ දහක් ගැවසෙන සර සවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළගක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ එක ලග ඉදගෙන
පාසල් ගිය හැටි හිතට නැගේ

ඔබ හා අත්වැල් බැද ඇවිදින්නට 
පෙරුම් පිරූ පාසැල් සමයේ
ශිල්ප සතර රැදුනේ නැත මා සිත
 හින්දයි අපි දුරස් උනේ

ඉතින්? දැන් මේකත් අහන්ඩකෝ..ඒ ගමන අමරසිරි පීරිස්ගේ දිව්‍යමය හඩ.

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින  පුර හඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න 
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

ඔයා කියන්නේ ඇත්ත ආදරවන්තයෙක් ඉන්නේ කොයි සිංදුවේද?”බෙල්ල 
ගහල යන ප්රශ්නයක්...

දෙවෙනි එකේ...” ටික වෙලාවක් කල්පනා කරපු මම කිව්වා.

 කියන්නේ...”

හන්තානට පායන හඳ එකේ...”

ඇයි?”

පළවෙනි එකේ ඉන්න එකා තමුන්ගේ වැරැද්ද නැත්නම් දුර්වලතාවය පිලි ගන්ඩ බැරි දුර්වලයෙක් වෙලා ඉදගෙන ආදරය කරපු කෙල්ලව හිර කරගෙන ඉන්ඩ හදනවා… දෙවෙනි එකේ කොල්ලා හරි ශක්තිමත් හිතක් තියන කෙනෙක්… එයා තමුන් යාලු වෙලා ඉන්න කෙල්ලට ඉඩ දෙනවා කැමති තීරණයක් ගන්ඩ...තමුන් තනි වෙන්ඩ තියන ඉඩ අමතක කරලා... ඇත්තටම ගෑණු ළමයට තියන ආදරේ හින්දා...”

හරියටම හරි..මාත් හිතන්නේ එහෙමමයි...” නෝනා කිව්වේ හිනාවෙමින්.

ඉතින් ඔයා කැමති නැද්ද  දෙවෙනි ප්රේමවන්තයා වෙන්ඩ..?”

 කියන්නේ ඔයාට වෙන කෙනෙක් එක්ක යන්ඩ  දෙන්ඩ කියලද?” බ්රේක් 
පාරකුත් ගහන ගමන් මං ඇහුවේ පුදුමෙන්.

නෑ... අනේ...” එයා මගේ අත උඩින් අතක් තියන ගමන් කිව්වා...පේරාදෙණිය කැම්පස් එක කියන ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් ගැන මං කිව්වේ!”

 මං ආයෙත් ගමන පටන් ගත්තාඒක ඇත්ත...අලුත් අයට පේරාදෙණියෙ  ලස්ස බාර දීලා පේරාදෙණියේ වගේම ආශ්වාදය විදින්ඩ පුළුවන් තැන් රට පුරාම  හදන එක නේද අපේ අභියෝගය?


2 comments:

  1. very nice .Still remember the life we had in preradeniya about 45 yrs agao

    ReplyDelete