Friday, March 22, 2019

සාජම්මහත්තයගේ කතා


ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි

ඒකෙත් හැටි. එතුමා අපේ ගමට එතුමා සාජම්මහත්තයා උනේ පොලීසියට බැදෙන්ඩ ඉන්ටවීව් ගිය දවසේමයි. ඉන්ටවීව් ගිය දවසේ හවස උන්දැ හැමදාම කන බුලත් විටට එදා මත් වෙන පුවක් ගෙඩියක් හපලා කානුවක වැටිලා ඉන්දැද්දී අපේ එකෙක් එතුමාගේ සරම ගලවලා ඔලුව වටේ ඔතලා එක අතක් සැලියුට් ගහන විදිහට හදලා හැමෝටම පෙන්නුවට පස්සේ. වාසනාවකටද අවාසනවකටද මංදා කාලේ ඔය හැම කොල්ලයි බල්ලයි අතේම කැමරා තියන ෆෝන් තිබ්බේ නැතිකොට අමර දසුනේ මතකය තියෙන්නේ අපේ - කාලේ කොල්ලෝ- කීප දෙනෙක් ගේ හිත් වල විතරයි. හැබැයි සාජම්මහත්තයා මුළු ගමටම ඇහෙන්ඩ කියපු කුණු හරුප ටිකත්, කවද හරි දවසක එතුමා පොලීසියේ සාජම්මහත්තයෙක් වෙච්ච දවසට අර නසරානි වැඩේ කරපු එකාගේ අම්මාට දඩාවතේ යන බල්ලෝ ලව්වා කරවනවා කියපු දේවල් ටිකත් අපේ ගමේ අදටත් පුරාවෘත්තයක් විදිහට පවතිනවා!

එදා ඉදන් තමයි සාජම්මහත්තයා කියන නම වැටුනේ.

අද කට්ටකාඩුවට අපේ සාජම්මහත්තයගේ වැඩ දෙක තුනක් ලියන්ඩ කියල හිතුවා. කැමතිනං කියවන්ඩ මගේ මොකෝ!!?


ඔන්න සාජම්මහත්තයා කොස්තාපල් වෙලා ටික කාලයක් ගියාම කෑගල්ල දිස්ත්රික්කේ පොලීසියකට අනුයුක්ත උනා. ඔය අනුයුක්ත වීම සාජම්මහත්තයාගේ  කටේ නිතරම තියන වචනයක් පොලීසිය ගැන කතා කරන කොට. මට පොලීසියෙන් වාහන ඇක්සිඩන්ට් එකක රිපෝට් එකක් ගන්ඩ උනේ ඔය කාලෙදි. දවසක් දෙකක් ගිහින් හෙන කට්ටක් කාලා බැරි වෙච්ච තැන මම ගියා සාජම්මහත්ත්යලගේ ගෙදර. එතුමාගෙන් උදව්වක් ඉල්ලගන්ඩ.
මල්ලි එන්ඩ එන්ඩ ඉඳ ගන්ඩ! සාජම්මහත්තයා කට පුරා හිනා වෙලා කිව්වේ බුලත් කෙල පාරක් මිදුලේ ක්රෝටන් ගස් ගොන්නට ගහල ඉවර වෙලා.

අයියෙ පොඩි උදව්වක් ඉල්ලගන්ඩ කියල ආවේ අයියට කියල

ඇයි මල්ලි මොකද්ද වෙන්ඩ ඕන?

මේ පොලිස් වාර්තාවක් ගන්ඩ ඕන ඇක්සිඩන්ට් එකක. .............පොලිසියෙන්!

මාත් අනුයුක්ත වෙලා හිටියේ පොලිසියටනේ මල්ලි.

ඒක තමයි..ඇයි අයියා දැන් එහෙ නැද්ද?

නෑනේ මල්ලි...මාව කිලිනොච්චියට අනුයුක්ත කරලනේ ගිය මාසේ ඉඳන්!

ඇත්තට? මොකද එක පාරටම?

පොඩි අවුලක් උනා නේ මල්ලි.

මොකද්ද අයියා අවුල?

දවසක් රෑ දහයට විතර මාව අනුයුක්ත කරා මල්ලි කරඩුපොන හන්දියේ ඩියුටියට. ලගදි ආපු ගම් බට්ටෙකුයි අලුත්ම බැච් එකේ පොලිස් රාළහාමි කෙනෙකුයි එක්ක.

ඉතින්.

ඔය වගේ වෙලාවල් වල මල්ලි අපි උන්ව හදා ගන්ඩ ඕන. නැත්තං උං අපේ කරේ නගින්ඩ එනවා පොලිසිය ඇතුලෙදි.

හ්ම්...ඉතිං..

ඔහොම ටික වෙලාවක් යනකොට කාර් එකක් ආවා ඉර කපාගෙන. මං හිතන්ඩත් කලින් අර අලුත් එකා ගැහුවා විසිල් එක. දැන් ඉති මට සෙකන්ඩ් වෙන්ඩත් බෑනේ. මම හොඳ කුණු හරුප දෙකක් කිව්වා. කියල ගියා අර කාර් එක ලඟට.

ඉතිං

ඉතින් කියන්නේ මල්ලි කාර් කාරයා කැබි හෝල් එක අරගෙන මොනවද හොයනවා. අතරේ අරුන් දෙන්නත් ආව මං ගාවට. මටත් හොද වෙලාවනේ මල්ලි. මම කාර් කාරයාට තව කුණු හරුප තුන හතරක් කියල ඇහුව මොකද ...වෙවුලන්නේ තෝ බීලා නේද ඉන්නේ කියල?
කාර් කාරයා කිව්වා නෑ. රාළහාමි. මම මේ නුවර යන ගමන්. බීල එළවන්ඩ තහනං නේ නේද කියල.

ඉතිං ඇත්තනේ.

ඇත්ත තමයි මල්ලි. හැබැයි කොහොමද මට නීතිය උගන්නන්නේ? මම උගේ කොලර් එකෙන් ඇදල මගේ මූණ ගාවට උගේ මූණ ලං කරලා බැලුවා ගඳයිද කියල. එහෙමට ගඳකුත් තිබ්බේ නෑ. උනාට මං ඌට දුන්න බැලුමක් පුම්බන්ඩ. උනත් ඒක නෙගටිව් උනා. උනාට මට ෂුවර් බීලා ඉන්නේ කියල. මම මොකද අද ඊයේ පොලීසියට අනුයුක්ත වෙච්ච එකෙක්ද නෑනේ!!

ඊට පස්සේ?

ඊට පස්සේ මෙන්න මූ කියනවා එකනේ රාලහාමි මම කිව්වේ මම බීලා නෑ කියල. අපරාදේ බැලුම කියල!

මං පැනපු ගමන් කාර් කාරයාගේ කනට දෙකක් ගැහුවා. හිටිය නිකං හිමිජ්ජා වගේ. මං දන්නවා මල්ලි බීපු එවුන්ව දැක්ක ගමන්ම. මං උගේ බෙල්ට් එකෙන් අල්ලගෙන හොඳ කුණුහරුපෙන් පැවසුවා ඇති වෙන්ඩ. වෙලාවේ මල්ලි අර ගම් බට්ටයි රාලහාමියි තක්බීර් වෙලා බලං හිටියේ. මටත් හොඳ අවස්ථාව නේ ඉතින් මාත් ටිකක් තදේටම හිටියා කාර් කාරයාට.

මං ලයිසන් ඔක්කොම අරගෙන අරූව පොලීසියට ගෙනිච්චා කූඩුවේ දාලා දෙකක් අනින්නං කියල. කොහොමද මට නීතිය උගන්නන්නේ?

ඊට පස්සේ?

අපි පොලීසියට යන කොටම අපේ .අයි.සී ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්ඩ යනවා. පොර අර කාර්  ගමන් සැලියුට් එකක් ගහලා අයි සර් මේ මොකද කියල අහපි.

නෑ මේ පොඩි ප්රශ්නයක් උනා නෙ. මේ රාලහාමි හිතුවේ මම ඩ්රින්ක් එකක් දාලා කියල ඒකයි කියල කාර් කාරයා කිව්වා.

ඊට පස්සේ සර් මනුස්සයව ඔෆිස් එකට එක්කගෙන ගියා. මම ආපහු කරඩුපොන හන්දියට අනුයුක්ත උනා. පහුවදා ට්රාන්සර් එක ආවා මල්ලි කිලිනොච්චියට. මං තාම වැඩ බාර ගත්තේ නෑ. ගෙදරින් කියනවා කලබල හින්ද යන්ඩ එපා කියල.

අර කාර් කාරයා .අයි.සී. ගෙ යාලුවෙක්ද?

වෙන්ඩ ඇති මල්ලි. ඔය ලොක්කො පගා මරුවෝ. උන් රුපියල් දාහට අම්ම අප්පා උනත් විකුණයි. එහෙව් එකේ මං වාගේ නීති ගරුක නිලධාරියෙක් ගැන බලයිද?

මේ කතාවේ තිබ්බ අමුතු ගතිය හින්දම මම පහුවදා අර පොලීසියට ගියාම තව රාලහාමි කෙනෙකුගෙන් අහල බැලුවා. එයා කියපු විදිහට නං අපේ සාජම්මහත්තයා බඩට ඇනල, කුණු හරුපෙන් බැනලා තියෙන්නේ ළඟදී වැඩ බාර ගත්තු, සිවිල් ඇඳුමින් සැරසිලා හිටපු, මධ්යම පළාත බාර ජ්යෙෂ්ට නියෝජ් පොලිස්පති තුමාට! එතුමා බොහොම නිරහංකාර විදිහට තමන්ගේ බලපත් ඉදිරිපත් කරද්දී තමයි සාජම්මහත්තයා අර විදිහට තග දාලා තියෙන්නේ. තමන්ගේ පොලිස් බලය පෙන්නන්ඩ ගිහිං කුජීත වෙච්ච සාජම්මහත්තයා කිලිනොච්චියේ වැඩ බාර නොගත්ත හිංදා 'සේවය අත් හිටවූ සේ' සලකන්ඩ ආණ්ඩුව තීරණය කළා.

උනාට සාජම්මහත්තයා අපේ ගමට නං සේවයේ හිටියා දිගටම.

ඔන්න ඔහොම ඉන්න කොට බක් මෑ ඇවිල්ලා අපේ ගමේ අවුරුදු උත්සවේ ලෑස්ති උනා. මේකෙ එක තරඟ ඉසව්වක් තමයි 'සැගවුණු භාණ්ඩය සෙවීම'. මේක වෙන්නේ හරි සරල විදිහකට. ගමේ රහසක් රැක ගන්ඩ පුළුවන් වැදගත් කෙනෙක් මොනවා හරි බඩුවක නමක් ලියල පෙට්ටියක් ඇතුලට දානවා. ඊට පස්සේ අර පෙට්ටිය සීල් කරනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් රුපියල් දෙකක් දීලා අර භාණ්ඩය මොකක්ද කියල තමුන්ගේ අනුමානය කියන්ඩ. දිනන කෙනාට  වටිනා තෑග්ගකුත් අර රුපියල් දෙක  ගානේ එක්කහු වෙච්ච සල්ලි ටිකත් හම්බ වෙනවා.

ඔන්න ඔය කියන අවුරුදු උත්සවේ සැගවුණු භාණ්ඩය මොකද්ද කියල තීරණය කරලා කොලේ නම ලියන්ඩ බාර උනේ සාජම්මහත්තයාට. මේ ඉසව්ව කොච්චර නැගලා ගියාද කියනවා නං දවල් දොළහ වගේ වෙනකොට රුපියල් හයසීයක් විතර එකතු වෙලා ක්රීඩකයන්ගෙන්. කියන්නේ හරියට භාණ්ඩෙ නම කිව්වොත් රුපියල් දාහක් විතර දිනාගන්ඩ පුළුවන් තෑග්ගේ වටිනාකමත් එක්ක. රුපියල් දෙකකින් දාහක් දිනා ගන්නවා කියන්නේ සෙල්ලං වැඩක්ද? ඔය කියන කාලේ දාහක් කියන්නේ සතියක් විතර කුදාර් වෙන්ඩ කසිප්පු බීලා බූරුවා අතකුත් ගහන්ඩ තරං සල්ලි ප්රමාණයක් ඕං.

අපේ රණසිංහ අයියට ගණදෙවි නුවණ පහල උනේ එතකොට. සාජම්මහත්තයා අරක්කු වලට මල පෙරේතකමක් දක්වන බව දන්නා රණසිංහ අයියා දවල් දොළහ හමාරට විතර සාජම්මහත්තයත් එක්ක බොන්ඩ සෙට් උනා. එක වගේ වෙනකොට සාජම්මහත්තයා කන කඩා වැටෙන්ඩ ඔන්න මෙන්න.

ඔන්න රණසිංහ අයියා වැඩේ පටන් ගන්නවා.

මේ.... සාජම්මල්ලි මොකද්ද අර හැංගිච්ච භාණ්ඩේ විදිහට දාලා තියෙන්නේ?

මේ කොස්සක් නේ....කොස්ස..කොස්ස..ගේ අතු ගාන්ඩ ගන්නෙ

රණසිංහ අයියා සස් ගාලා පුතාට රුපියල් දෙකක් දීලා කියනවා කොස්ස කියල ටිකට් එකක් ගන්ඩ කියල...

තව වීදුරු බාගයක් විතර බොනකොට සාජම්මහත්තයා කියනවා මෙහෙම...

රණේ අයියා ...මං ගෙදර යනන්කොට කොස්සක් අරං යන්ඩ මතක් කරනවද? ගෑණි මට කිව්වා කොස්සක් අරන් එන්ඩ කියල කඩේට ගිහිං.. ආපු පාර නේ මේ අවුරුදු උත්සවේට සෙට් උනේ...

එතකොට සැගවුණු භාණ්ඩේ කොස්ස නෙවෙයිද?

කොහෙද යකෝ ඒක සැගවුණු භාණ්ඩේ උනේ...? මම පිහියනේ ඒකට දැම්මේ!!

රණසිංහ අයියා තව රුපියල් දෙකක් දීලා පුතාට කියනවා පිහිය කියල ටිකට් එකක් ගන්ඩ කියල.

තව ටිකකින් සාජම්මහත්තයා කියනවා මෙහෙම

අයියට කියන්ඩ කවුද එවුන් වගයක් මගෙන් ඇහුවා සැගවුණු භාණ්ඩේ මොකද්ද කියල. අයිය නං එහෙම අහන්නේ අඩු ගානේ අරක්කු ටිකක් වත් දීලනේ. අරුන් එහෙමත් නෑ. මං උන්ට කිව්වා පිහිය කියල.

කියන්නේ පිහිය නෙවෙයිද?

නෑ..අයිය කවුද කියන්නේ පිහිය කියල...මම දැම්මේ කැත්ත නේ!!

ඔහොම දහ දොළොස්  පාරක් උනාට පස්සේ රණසිංහ අයියා සැගවුණු භාණ්ඩය දිනා ගැනීම පැත්තකින් තියල අර බීපු බෝතලෙම්ම සාජම්මහත්ත්යගේ ඔලුවට තඩි බෑවා. වැඩේ නතර උනේ ඉස්පිරිතාලේ ගිහින් ඔලුවට මැහුම් තොගයක් දාලා. වැඩේ තවත් දෙල් උනේ මේ කතාව ගමේ කොල්ලෝ බල්ලෝ ඔක්කොම අතරට ලීක් උනාම.  කාලයක් යනකල් රණසිංහ අයියා දැක්කමයි සාජම්මහත්තයා දැක්කමයි කවුරුත් ඇහුවේ දැන් එතකොට සැඟවුණු භාණ්ඩය මොකද්ද කියල. එහෙම අහපු ගමන් සැගවුණු භාණ්ඩය කෙසේ වෙතත් සැගවෙච්චි අවයව ගැන නං අහගන්ඩ පුළුවන් කම තිබ්බා!

ඔහොම කාලේ ගතවෙලා ගිහිං ටික දවසකින් සාජම්මහත්තයා ආපහු පොලීසියට ගියා. උනත් මනුස්සයා බුලත් විට කෑම වත් පිනා අරක්කු ෂොට් එකක් දමා ගැනීමවත් නතර කලේ නෑ.

45 comments:

  1. එතකොට මොකක්ද සැගවූ බාන්ඩෙ?

    ReplyDelete
    Replies
    1. ඕ ඉතිං මද්දෝ උඹ සාජම් මහ්ත්තෑගෙන් විතරක් නෙවෙයි මේක කියෝපු අපෙනුත් අහගන්න හදන්නේ! එළ!

      Delete
    2. අද කමෙන්ට්ස් වලට උත්තර දෙන්නෙ සාජම්මහත්තයා...හැංගුවෙ...? හැංගුවෙ මේං මේක ..##$$&&*-====&&$$$#&&. අසභ්‍ය ද‍ර්ශනයක් නිසා වාරණය කරන ලදී...

      Delete
  2. Replies
    1. සහෘද බව තරම් වටිනා අගයක් තවත් නැත - Sir කට්ටකාඩුවේ ලොකු මල්ලි

      Delete
  3. එතකොට මොකක්ද සැගවූ බාන්ඩෙ? x 1

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නේ ගමේ කඩමණ්ඩියෙදි ඇහුවම සාජම්මහත්තයා කියන සුද්ධ සිංහල අහන / ඇහෙන අපේ ගමේ ඉස්තිරියාවො නං මූණ ජම්බෙ වගේ රතු කරං ඉක්මනට එතිනිං මාරුවෙනවා...ඕං

      Delete
    2. හප්පේ සඳවතී

      Delete
  4. මම නම් කියන්නේ බ්‍රා එකක්

    ReplyDelete
    Replies
    1. ඔහොම යං...ඔහොම යං....සාජම්මහත්තයා හිතපු විදිහ ලගට හරි එන්ඩ පුලුවන් ජගතෙක් මේ ලෝකෙ තව ඉන්නවා කියල දැනගත්තු එකත් ලොකු දෙයක්.

      Delete
  5. සාජම්මහත්තයා තාම කොස්තාපල්ද ...මේ කියාපු මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති තුමා හොද කෙනෙක් පාටයි නේද ... ආ මේ තව එකක් අර කුරහංහේනේ මල්ලිව දැක්කෙත් නැ නේද කාලෙකින්

    ReplyDelete
    Replies
    1. හරියට හරි අටංතුමා.පොර තාම කොස්තාපල්. කරපු වැඩවල හැටියට ඒකත් ලොකු දෙයක්....මටත් හිතුනා අර ඩී.අයි.ජී හොද කෙනෙක් කියලා. කුරහංහේනේ මල් මල්ලි කාලෙකින් මේ පැත්තෙ ආවෙ නෑ. ඒ විතරක් නෙවෙයි හුගක් බ්ලොග් ලියන්නෝ, කියවන්නෝ මහත් උකටලී ස්වභාවයකින් පසුවෙන බවක් පෙනේ සිංහල බ්ලොග් කලාවට අධිපති අටං දෙවිතුමනි!!!

      Delete
    2. //සිංහල බ්ලොග් කලාවට අධිපති අටං දෙවිතුමනි!!!//

      අපහාසාත්මක උපහාසකයක්

      Delete
  6. සැගවුන භාන්ඩේ කියවන්න ගිහිල්ලා ඉල ඇටයකුත් ඇදුනා

    ReplyDelete
  7. තව කොහොමද ඒක දැක්කනං නූලක් දාන්ඩ තමයි වෙන්නෙ....!!!!!

    ReplyDelete
  8. අපේ ගමෙත් හිටිය ඔය සාම්පලේම සාජම්මහත්තයෙක් ගමේ වැඩිහිටියෝ මිනිහට සාන් මහත්තය සාජම්මහත්තය කියුවට අපිනම් කියුවේ අන්කල් කියල. මුළු ගමටම ඒ කාලේ මස් කඩෙන් මස් අරන් දෙන්නේ ඔය සාම්මහත්තය තමයි.. පොර කොස්තාපල් කාලේ ඉඳලම හැමෝම සාම්මහත්තය කියල අන්තිමේ රිටෑ වෙන්න කිට්ටුව එස්සයි වෙලත් කට්ටිය සාම් මහත්තය කියුවක් කියල වතාවක ඩෙගා නැටූව ගමටම ඇහෙන්න :))

    ReplyDelete
    Replies
    1. අනේ අපේ සාජම්මහත්තයා නං ඉජුහ් ඉජුහ් කියල කතා කරත් ඕන ගුබ්බෑයමකට එනව පිනා අරක්කු වීදුරුවක් දෙනව කිව්වොත්...ආන්න ගුණ යහපත් නිරහංකාර මිනිස්සු. ඔය වගේ අරක්කු ටිකකට ඕන පදිරි වැඩක් කරන නිරහංකාර මිනිස්සු ආශ්‍රය කරන්ඩ නිකං බෑ...පෙර පිං තියෙන්ඩ ඕන....ඕං..හා බොරුද?

      Delete
  9. Hamadama wage adath harima rasawath kathawa!

    ReplyDelete
  10. ඕන් දවසක් අපි ඉන්නව ගාලු පාරේ අයිනේ.
    ට්‍රැෆික් රාලහාමි නැවැත්තුවා කාර් එකක්

    රියදුරාට බනිනවා කුණු හරුපෙන්.
    හිටු කියලා

    පිටි පස්සෙන් ආව මෝටර් බයිසිකලයක් පොරක් ඇත දෙක උස්ස්ස උස්ස රාලහාමිට මොනවදූ කියනවා අංග චලනයෙන්

    රාලහාමි ඇරියේ නෑ බැනලා බැනලා දඩ කොලයක් ලියලා කාර් එක යැව්වා

    අර මෝටර් බයිසිකලයේ ආවෙත් රාලහාමි කෙනෙක්
    එකා මොනවදූ කිව්වා

    ට්‍රැෆික් රාලහාමි නැග්ගා බයිසිකලයට ඇරලා ගියාඅ කාර් එක පස්සේ

    එකත් දී අයි ගී කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඕකනේ අපේ සාජම්මහත්තයා කොස්තාපල් තනතුරෙන් උඩට යන්නෙ නැත්තෙ...එහෙම උසස් තානාත්තරේකට ගිහිං පාරෙ ඩියුටි අනුයුක්ත වෙලා ඉන්න එකෙග්ගෙං කුණු හබ්බ අහපුවම කාටද ලැජ්ජ...තනතුරටනේ!!??නැත්තං මුන්දැ කරපු වීර ක්‍රියාවල හැටියට මෙලහට අයි.ජී.පී....නෑ සාජම්මහත්තයා ඒ තරම්ම පීචං නෑ...අපි කියමුකෝ මෝස්ට් සීනියර් ඩී.අයි.ජී. කියලා.....

      Delete
    2. අදාල පලාත බාර උසස් නිලධාරින් නොදැන සීටීම පොලිස් පොඩ්ඩාගේ විතරක් නෙමෙයි ... අන්‍යයුක්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිගෙත් වරදක්ලු බං

      Delete
  11. Replies
    1. Cha..cha...chaa..Ransaku malli saajammahaththayaa ehema pajathi weda karanne bonda salli nethi unaama witharayi. Anith welaawata manussaya ammata hari adareyi!!

      Delete
  12. මෙතැන කොටන්ඩ ඕනේ දේවල්වලට වැඩියෙන් ඔළුව දුවන්නෙම සැඟවුණු භාණ්ඩේ මොකක්ද කියන එකට! ලොකු, මට විතරක්වත් කියන්ඩ බැරිද අප්පා. මේස් දෙකපල්ලා වෙනින් කාටවත් කියන්නෑ නෑ නෑමයි!

    ReplyDelete
    Replies
    1. හරි හරි...හොද රෙසිපි පහක් දුන්නොත් කියනවා...සාජම්මහත්තයා එයාගෙ අම්ම තාත්තගෙන් උනත් පගා ගන්න එකේ මං මොකටද නිකං දෙන්නෙ...අනික අපිට පාටිය කිව්වෙත් නෑ....

      Delete
    2. තනියම පාටි දාල අපිට මේස් දෙක දෙක ඔට්ටු අල්ලන්ඩත් එනවා.
      රෙසිපි පහ දෙනකං ඕකනං කියන්ඩ එපා ලොකු මලය සෑර්.

      ජයවේවා!

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. කියන්නෑ කියන්නෑමයි හැට්ටර් සර්. පහ දෙනකල් නෑමයි!!!

      Delete
  13. සාජම් මහත්තය හංගන්න ඇත්තෙ ෂුවර් එකටම ජොකා වෙන්න ඇති.

    ඩීඅයිජී කෙනෙකුට පාට් දාල මේ මනුස්සය අනුයුක්ත වෙලා බේරුනා මදැයි.

    ReplyDelete
    Replies
    1. ළගයි...ළගයි....ඔහොම යං...අම්මප සබරගමු පලාතෙ හිංදද කොහෙද සභාපතිතුමත් හිතන්නෙ සාජම්මහත්තයා ව්දිහටමයි.

      Delete
  14. ඊයේ ඔහේලගෙ හතරකෝරලේ පැත්තේ ආවා.එතකොට කතා ටිකත් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හතර කෝරළේට ආවට.ආයෙත් එන්න.කලින් දන්නවනං සාජම්මහත්තයව මුන ගස්සවන්ඩ තිබ්බා.

      Delete
  15. මගෙ කමෙන්ට් එක කෝ?

    ReplyDelete
    Replies
    1. සාජම්මහත්තයා පල්ල එහෙම කමෙන්ටුවක් මං නං දැක්කේ නෑ දැති හුළහතුමනි. සමහරවිට සාජම්මහත්තයා පොඩි ෂොට් එකක් දා ගන්ඩ කමෙන්ට් එක වික්කද දන්නෙ නෑ. පොර ඒ ජාතියේ පුතයා!!!

      Delete
    2. බලපං ඉතිං... ආපහු දාන්ඩත් ඒ කමෙන්ට් එක මට මතක නෑනෙ...

      Delete
    3. ඒක නොදාපු එකහොඳා.

      Delete
  16. මේ වගේ සාජන් මහත්තෙලා තමා ලංකාවේ වැඩිහරියක් ඉන්නේ සුවර් එකටම පෙට්ටියේ තිබ්බ තෑග්ග පොරම ගන්ඩ ඇති.

    ReplyDelete
  17. නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ගහල ඔයින් බේරුනා ඇති

    ReplyDelete
    Replies
    1. ඩී අයි ජී තුමා හොද කෙනෙක් වෙන්ඩැති මයෙ හිතේ...නැත්තං අපේ ලොක්කා ගෙදර...

      Delete
  18. මොකාද මේ බීල බීල සිහියක් පතක් නැතුව උර්දු වගේ බාසාවකින් කමෙන්ට් කරන එකා...සාජම්මහත්තය වද්ද?

    ReplyDelete
  19. සැගවුන භාණ්ඩය ඒක නෙමෙයි

    ReplyDelete