අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය විතරයි කියන්නෙ. වැරදි ඇතොත් සමාවෙලා මේ කතාව රස විඳින්ඩ.
මේ සිද්දිය වෙන්නෙ ඈත
අතීත කාලෙ. අපි නෙවෙයි අපේ අත්තලා මුත්තලා, කිරි කෑ මුත්තලාවත් ඒ කාලෙ ඉපදිලා නෑ
ඕං.
ඒ කාලේ හිටියා හරිම
පොහොසත් වෙළෙන්දෙක්. එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි,
හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට. එයාගෙ අතට පයට සේවකයෝ
හිටියා ඕන තරං. ඉතිං මේ වෙළෙන්දා එයාගෙ හාමිනෙයි පවුලේ අනික් අයයි එක්ක කාලෙන්
කාලෙට මේ එක එක ගෙදරට ගිහිං ටික කාලයක් නැවතිලා ඉන්නවා. ඔන්න ඇති කියල හිතුනම වෙන
ගෙදරකට ගිහිං ටික කාලයක් ඉන්නවා. ඔහොම සැපෙන් සනීපෙන් කාලෙ ගත උනා. ආ තව ඩිංගෙන්
මට කියන්ඩ අමතක වෙනවා. මේ වෙළෙන්දට හරි අපූරු හැකියාවක් තිබුනා. ඒ තමයි සත්තු කතා
කරන දේවල් තේරුං ගන්ඩ පුළුවං වීම. හරියට දොස්තර හොඳහිතට වගේ. හැබැයි දොස්තර
හොඳහිතට සත්තු එක්ක කතා කරලා දැන ගන්න දේවල් අනිත් අයට කියන්ඩ පුලුවං. හැබැයි මේ
වෙළෙන්දාට සත්තු කතා කරන දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ තහනං. මැරුවත් සත්තු කියපු
දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ බෑ. එහෙම කිව්වොත් වෙළෙන්ද තමුන්ගෙ රහස කියන කෙනාගෙ ජීවිතෙත් විනාශ වෙනවා. පේනවනේ ඕන බලයක් හම්බ වෙන්නෙ කොන්දේසි වලට යටත්ව.
ඔන්න එක දවසක් මේ වෙළෙන්දා
ඈත පළාතක තිබ්බ ගෙදරකට ගියා. මේ ගෙදර සත්තුන්ට ඉන්ඩ වෙනම කොටුවක් හදලා තිබ්බා. මේ
කොටුවේ හිටියා ගොනෙකුයි බූරුවෙකුයි. වෙළෙන්දා මේ සත්තු ඉන්න හරියෙ ඉඳගෙන ළමයි
සෙල්ලං කරනවා බල බල ඉන්න ගමන් ඇහුනා සත්තු දෙන්නා කතා කරන සද්දෙ! වෙළෙන්දත් ටිකක්
උවමනාවෙන් මේ වැඩේ කරන්ඩ හිතාගෙන සත්තුන්ට නොපෙනෙන හැබැයි සත්තු කතා කරන දේ හොඳින්
ඇහෙන මානෙකට ගිහිං හරි බැරි ගැහිලා වාඩි උනා.
ඔන්න දැං ගොනා කතා කරනවා
බොහොම උනන්දුවෙන්. කාටද? වෙන කාටද ඉතිං බූරුවාටනේ.
ඔයාටනං මොන සුදියක්ද?
ජීවිතේ කොච්චර නං පහසුද ඔයාට? කොච්ච්ර අඩුවෙන්ද වැඩ කරන්ඩ තියෙන්නේ? හාම්පුතාගෙ
සේවකයෝ ඇවිත් බොහොම පරිස්සමින් ඔයාව අත ගානවා. හෝදනවා. හොඳට සුද්ද කරපු ඉරිඟු තමයි
ඔයාට කෑමට දෙන්නෙ! බොන්ඩ දෙන්නෙ අලුත් පිරිසිදු වතුර! ඔයා ඉතිං කරන ලොකුම වැඩේ
හාම්පුතාව කරේ තියාගෙන යන එකනේ. ඒකත් එයා ඔය කොහේ හරි අහල පහල ලඟ තැනකට යනකොට. ඒකත්
නොකළොත් ඉතිං ඔයාට තියෙන්නෙ නිකම්ම ඉන්ඩනේ.
බුදු සන්තෝ මට එහෙමද? යාන්තං ඉර එලිය වැටීගෙන එනකොට මාව නඟුලට තියලා
බඳිනවා. ආයෙ ඉතිං රෑට රෑ වෙලා ගාලට එනකල් විසුමක් නෑ පොළොව හාරන එක තමයි මගේ
වැඩේ!! මහන්සිය කියන එකේ ඉවරයක් නෑ. සමහරදාට පාං කියාගන්ඩ පන නැතුවයි මං ගාලට
එන්නෙ. ඒ විතරක් නං මදැයි අර රාස්සයෙක් වගේ ඉන්න සේවකයා!! උගෙ වැඩේ මං පිටිපස්සෙං
ඉඳගෙන කෝටු පාර දෙන එකමයි. මහ එපා කරපු එකෙක් ඌ නං!! උදේ ඉඳං රෑ වෙනකල් කඹුරලත්
අන්තිමට මෙතෙන්ට
ආපුවම මොනවද කන්ඩ හම්බ වෙන්නෙ. වකුටු දකුටු ගැහෙන කල් වේලිලා කරකුට්ටං වෙච්ච පිදුරු
කඩමාලු! අඩු ගානෙ වැලි ටිකවත් පිහදාලා නෑ. රොඩු එහෙම්මයි. ඔව්ව කෑහැක්ද සතෙකුටවත්
අම්මපා!! මට ඉවසන්ඩම බැරි දේ තමයි ඔය මොනව හරි කාලා බඩ පුරවා ගත්තත් අන්තිමට මගේ
ගොම ගොඩේම නිදියන්ඩ වෙන එක. ඔන්න ඕක හිංද තමයි මට උඹ ගැන ඉරිසියා හිතෙන්නෙ!!
බූරුවා නෙවෙයි කොයි
වෙලාවකදිවත් ගොනා කියන දේට හරස් කැපුවෙ. ඌ ගොනාට කියන්ඩ තියෙන ඔක්කොම කියල ඉවර
වෙනකල් හොඳට අහගෙන හිටියා. ඔක්කොම කියල ඉවර උනාට පස්සෙ බූරුවා මෙන්න මෙහෙම කිව්වා.
උඹනං මහ තකතීරු ගොනෙක්ම
තමයි. උඹ ඕනවට වඩා සරළයි. උන්ට ඕන තැනකට උඹව දක්කගෙන යන්ඩ උඹ ඉඩ දෙනවා කිසිම
විරුද්ධත්වයක් පෙන්නන්නෙ නැතිව! හා ඒක නං කමක් නෑ කියමුකෝ. හැබැයි උඹට මොකද්ද ඇති
පලේ ඔය කඹුරන කැඹිරිල්ලෙන්? උඹ නිකං මැරෙන්ඩ හදනවා උඹ ගැන කිසි හෙවිල්ලක්
බැලිල්ලක් නැති උංගෙ පහසුව, ලාභය, සතුට වෙනුවෙන්!! උඹට වෙන අසාධාරනේට විරුද්ධ
වෙන්ඩ උඹට ශක්තියකුයි එඩිතරකමකුයි තියෙනවා නං උං ඔහොම කරන්නෙ නෑ. නගුලෙ බඳින්ඩ උඹව
ගෙනියන්ඩ එනකොට ඇයි පොඩි ගන්තියක් දාන්නෙ නැත්තෙ? ඇයි උඹේ ඔය නිකං තියෙන අං වලින්
උන්ට අනින්නෙ නැත්තෙ? උඹ තරහින් ඉන්න බව ඇයි උන්ට දැනෙන්ඩ අරින්නෙ නැත්තෙ? ගොනෙක්
උනාම පොළොවෙ අඩි හප්පලා තමුන්ගෙ හයිය පෙන්නන්ඩ ඕන. එතකොටයි අනික් මිනිස්සු හිතන්නෙ
උඹටත් යමක් කමක් පුලුවන් ය කියලා!! කොටිම්ම කියනවා නක් ඇයි උඹ උංව බය ගන්නන්නෙ නැත්තෙ
අඩු ගානෙ හයියෙන් කෑ ගහලවත්? බොට උපතින් ඕන තරං දේවල් ලැබිලා තියෙනවා ගරු සරු ඇතිව
ජීවත් වෙන්ඩ පුළුවන් විදිහට. තෝ ඉතිං ගොනා වගේ එව්ව එකක්වත් පාවිච්චි කරන්නෙ නැතුව
මෙතන ඥරු ඥුරු ගානවා. නෙද්දකිං විතරක්!! මං නං කියන්නෙ කන්ඩ එපා ඔය උං ගෙනත් දෙන
වකුටු දකුටු වෙච්ච පිදුරු පඬරැල්. ඕන නං නිකං හොම්බ දාල ඉව කරලා බලපං හැබැයි කන්ඩ
නං එපා රජෝ!! උඹ මං කියන විදිහට කරොත් ඉක්මනටම අරුං උඹට සලකන විදිහේ වෙනසක් දකින්ඩ
පුලුවන් වෙයි. අන්න එදාට උඹ මට පිං දෙයි!!!
ගොනා, බූරුවාගෙ උපදේසෙ
ඉහ මුදුනින් පිළිගත්තා. ඒ උපදේසෙ වෙනුවෙන් බොහොම ස්තූති කරා.
මගෙ හොඳ බූරු යාලුවා,
බොහොම ස්තූතියි ඒ උපදේසෙට. මං ඔයා කියපු විදිහටම කරන්නං. උඹටත් බලාගන්ඩ පුලූවන්
වේවි මම බේරෙන විදිහ.
මේ මුලු කතාවම හාම්පුතා
ඒ කියන්නෙ අපේ වෙළෙන්දා අහගෙනයි හිටියෙ.
ඊළග දවසෙ උදේ සේවකයො
ඇවිල්ලා ගොනාව නඟුලෙ බැදලා උගේ දවසේ සාමාන්‍ය වැඩ වලට ඒ කියන්නෙ හාන්ඩ අරං ගියා.
ගොනා එතකොට බූරුවා දුන්න හැම උපදේසයක්ම පිළිපදින්ඩ පටං ගත්තා. ඌ එදා හැසිරුනේ හරිම
කලබලකාරී විදිහට. මේක සේවකයන්ට හරිම කරදරයක් උනා. හවස වරුවේ සේවකයෝ ගොනාව ගාලට අරං
ඇවිල්ලා බඳින්ඩ හදන කොට වෙනදා වගේ කීකරුව අං දෙක පාත් කරගෙන ඉන්නෙ නැතුව මහ
කලබලෙන් එක පාරට පිටි පස්සට පැන්නා. ඊට පස්සෙ තමයි හොඳම හරිය. මෙන්න කවදාවත් නැතුව
මේකා එක සේවකයෙකුට අනින්ඩ වගේ පැන්නා. කොටිම්ම කියනවා නං අර බූරුවා ඊයෙ දීපු උපදේශ
අකුරටම ක්‍රියාත්මක කරන්ඩ පටං ගත්තා.
ඊගාව දවසේ උදේ ආයෙත්
සේවකයෝ ආවා ගොනාව වැඩට දක්කගෙන යන්ඩ. අප්පද බොල මේකා ඌට කන්ඩ දුන්න එක පිදුරු
ගහක්වත් කාලා නෑ. කකුල් හතරත් දිගෑරගෙන ගොනා බිම දපනෙ දාලා බුදි!! හුස්ම ගන්නෙත්
අමුතු විදිහකට!! සේවකයෝ හිතුවා ගොනා අසනීප වෙලා තමයි ඉන්නෙ කියලා. අනේ මේ සතා
අසනීපෙන් ඉන්දැද්දි වැඩ ගන්න එක හොඳ නෑ කියල හිතපු සේවකයෝ මේ විස්තරේ කියන්ඩ
වෙළෙන්දා හොයාගෙන ගියා.
වෙළද හාම්පුතා තේරුං
ගත්තා වෙලා තියෙන වැඩේ. මේ ගොනා ගනං උස්සන්නෙ බූරුවාගෙ කීමට බව ඔහුට තේරුනා. මේ
වගේ ‘කම්කරු කැරළි’ ඇතිකරනවාට බූරුවාට හොඳ පාඩමක් උගන්නන්ඩ ඕන කියලා හාම්පුතා
හිතුවා. එහෙම හිතලා මෙන්න මෙහෙම කිව්වා.
ගිහිං අර බූරුවාව නගුලේ
බැදලා මුළු දවසම වැඩ ගන්ඩලා. ඌ වැඩ කරන්ඩ කම්මැලි බවක් තේරුනොත් හොඳට තලන්ඩ!
සේවකයොත් හාම්පුතා කියපු
විදිහටම කළා. බූරුවාට ඒ වැඩ කරලා පුරුදුත් නෑනෙ. ඉතිං හොඳටම හති. වැඩේ පරක්කු වෙනකොට
අම්බානකට කෝටු පාරත් හම්බ උනා. හවස ගාලට දක්කගෙන එනකොට බූරුවාට ඇවිදිනවා තියා හිටගෙන
ඉන්ඩත් අමාරු තරමට මහන්සියි.
ඒ අතරේ ගොනා හරි අපූරු
විවේකී දවසක් ගත කරා. ගාලෙ තිබ්බ තරමක් පිදුරු ඔක්කොම කාලාබොහොම විවේකෙන් ඌ දවස
ගතකරා. හොඳ වෙලාවට මම අර බූරුවාගෙ උපදෙස් පිළිපැද්දෙ. අනේ ඌට පිං සිද්ද වෙන්ඩ මම
අද සැපෙන් ඉන්නවා!! ඔන්න ඔහොමයි ගොනා දවස පුරා හිතුවෙ. හවස් වරුවෙ බූරුවාව ගාලට ගෙනාපුවම
කට පුරා ඌට ස්තූති කරන්ඩත් ගොනා අමතක කලේ නෑ. ඒ උනාට බූරුවා නෙවෙයි එක වචනයක්වත්
කිව්වෙ!! ඌට එදා සේවකයො අන්තිම නරක විදිහට සලකපු හැටි හිංද බූරුවාගේ හිත හොඳටම
පෑරිලයි තිබුනෙ. හැබැයි බූරුවා තමන්ටම මෙහෙම කියා ගත්තා.
මගෙම මෝඩකම හින්දනෙ මේ කරුමෙ
මට පාත් උනේ. මං හොඳ සන්තෝසෙන් ජීවත් උනා. මට ඕන හැමදේම මට තිබුනා. එහෙව් වෙලාවෙදිනෙ ඕනවට වඩා පණ්ඩිතයා වෙලා උපදෙස්
දෙන්ඩ ගිහිං ඇණ ගත්තේ!! මේ වලෙන් මම ම උනන්දු වෙලා ගොඩ ආවෙ නැත්තං මං ඉවරෙටම ඉවරයි.
මේ ටික හිතන කොටත් උගේ ශක්තිය
බිංදුවටම බැහැලයි තිබුනෙ. ඉතිං ඌ ගාලෙ මැරිලා වගේ බිම වැටිලා ටික වෙලාවක් විවේක ගත්තා.
වෙළෙන්දාට තේරුනා බූරුවා
ඉන්නෙ නයා රෙද්ද අස්සෙ දාගත්තු මිනිහෙක් වගේ අප්සෙට් ගහලා කියලා. ඒ හින්දම වෙළෙන්දට
ඕන උනා දැං බූරුවා මොනවද ගොනාට කියන්නෙ කියල දැනගන්ඩ. ඒ හිංදා රෑ කෑමෙන් පස්සෙ, හඳ
එළියෙන් විතරක් එළිය වැටිලා තිබ්බ ගාල ගාවට හිමින් සැරේ වෙළෙන්දා ගියා. වෙළෙන්දගෙ මායියත්
එයා එක්කම ආවා ගාල ගාවට. ඔන්න දැන් වෙළෙන්දට ඇහෙනවා බූරුවා මොනවද කියන්නෙ කියලා ගොනාට.
සහෝදරයා උඹ මොනවද හෙට කරන්ඩ
හිතාගෙන ඉන්නෙ? සේවකයෝ කෑම අරං ආපුවම උඹ මොකද කරන්නෙ?
මං මොනවා කරන්ඩද? ඔයා කියල
දීපු විදිහටම කරන එකනෙ තියෙන්නෙ!! මං සේවකයගෙන් ටිකක් ඈතට යනවා. ඊට පස්සෙ ඊයෙ කරා
වගේ අං දෙකෙන් අනින්ඩ වගේ ඉන්නවා. ඊට පස්සෙ මම මැරෙන තරමට ලෙඩ වෙලා වගේ බිම වැටිලා
ඉන්නවා.
හැබැයි පුතෝ හෙට නං පරිස්සං
වෙයං ඈ. මං අද ගොවිපොලේ ඉඳං එන ගමන් මට ඇහුනා උඹ ඊයෙ හවසයි අද උදෙයි හිටපු විදිහටම
හිටියොත් කරන්ඩ ඕන දේ ගැන හාම්පුතා කියපු දේ. මට උඹ ගැන බය හිතුනා මචං.
මොනවද ලොක්ක උඹට ඇහුනෙ.
අනේ ඉතිං උඹ මට ආදරෙයිනෙ. කියපංකො මචං හංගන්නෙ නැතුව මොකද්ද හාම්පුතා කිව්වෙ?
මට ඇහුනා අපේ හාම්පුතා බොහොම
දුකෙන් එයාගෙ සේවකයෙකුට මෙහෙම කියනවා. අර ගොනා දැං කන්නෙත් නෑ. වැඩ කරන්ඩත් ඌට බැරි
ගානයි. ඒ හිංදා අපි හෙට ඌව මරලා උගේ මස් ටික දානයක් විදිහට දුප්පත් මිනිස්සුන්ට දෙමු.
උගේ හමෙන් නං අපිට වැඩක් ගන්ඩ පුලුවං වෙයි. ඒ හිංදා අමතක නොකර සත්තු මරන මනුස්සයාට
එන්ඩ කියල පණිවිඩයක් යවපං. ඔන්න ඕකයි හාම්පුතා කිව්වෙ. මං ඉතිං උඹ ගැන හොයල බලන එකානෙ.
කොටිම්ම උඹට ඉන්න එකම යාලුවා වෙච්චි ඉතිං මං අහපු දේ නොකිය බෑනෙ.
අප්පට සිරි. ඉතිං මං මොකද
කරන්නෙ?
උඹ බයවෙන්ඩ එපා මං ඉන්නකල්.
මං උඹට කියල දෙන්නං බේරෙන හැටි. හෙට උදේ සේවකයෝ උඹට කන්ඩ පිදුරු අරං ආපුවම උඹ හොඳට
නැගිටලා බොහොම ආසාවෙන් ඒ පිදුරු ටික කාපං. එතකොට හාම්පුතා හිතයි උඹට දැං සනීප වෙලා
කියල. එහෙම හිතල උඹව මරණ අදහස අත් ඇරලා දායි. එහෙම නැතුව ඊයෙ හවසයි අද උදෙයි කරපු
විදිහටම හිටියොත් නං ඉතිං බඩු තමයි!
අනේ අර ගොනාත් බූරුවා කියපු
දේ ඉහ මුදුනින් පිළිගත්තා. ගොනාට දුකයි උගේ සැප සම්පත් අඩුවෙන එක ගැන. හැබැයි මරණ
බය ඊට වඩා වැඩියි.
බූරුවාගෙයි ගොනාගෙයි කතාබහ
අහගෙන හිටපු හාම්පුතාට හරි හිනා!! වෙළෙන්දගෙ මායියට මේ මොකුත් තේරුනේ නෑ. ඇයි ඉතිං
එයා දන්නවයැ සත්තුත් එක්ක කතා කරන භාශාව!! ඉතිං එයා පුදුමෙන් වගේ මෙහෙම කිව්වා.
අනේ කියන්ඩකො සුදා මොකටද
ඔයා ඔය තරම් හිනා වෙන්නෙ? මටත් කියන්ඩකො හිනා වෙන්ඩ හේතුව.
උඹට මොකටද ඒ වගක් ගෑණියෙ?
මං හිනා වෙන එක අහං හිටපුවම හොඳටම ඇති. හේතුවක් හොයන්ඩ එපා! වෙළෙන්දා කැමති උනේ නෑ
තම්න්ට සත්තුන්ගෙන් අහගන්ඩ ලැබුන දේ මායියත් එක්ක කියන්ඩ. ඇයි එයා දන්නවනේ එහෙම කිව්වොත්
ඒ කියන කෙනා මැරෙනවා කියලා.
නෑ මට දැනගන්ඩම ඕන හේතුව!
මායියත් ගස්සලා කිව්වා.
මට ඒ හේතුව ඔක්කොම කියන්ඩ
බෑ යෝදියේ. හැබැයි මෙන්න මේක විතරක් දැන ගන්ඩකො. මං හිනා උනේ අපේ බූරුවා, ගොනාට කියපු
දෙයක් මට ඇහිච්ච හිංදා. තව විස්තර අහන්ඩ එපා. ඒක රහසක්. ඒ රහස් එලි කරන්ඩ මට බෑ.
ඔයාට ඉතිං මට තමයි කියන්ඩ
බැරි. මොකද්ද වෙන්නෙ ඔය රහස එලි කරොත්?
ඒ රහස මං කිව්වොත් උඹට මැරෙන්ඩ
වෙනවා ගෑණියේ!!
ඉහි...ඉහි...ඔයා මට ආදරේ
නෑ ඉස්සර තරං...ඉස්සර නං මට ඔයා මොනවත් හංගන්නෙ නෑ. දැං තමයි ඔය රහස් ඔක්කොම. කවුරු
හරි සක්කරවට්ටමකට හිත ගිහිල්ලා ඇති. ඒකනෙ ඔය. දැං අපි එපානෙ. අපි...(මේ කතාව කියවන
ඕන කසාද බැදපු පිරිමියෙක් දන්නවා ඔය වගේ වෙලාවක බිරින්දෑවරු හැසිරෙන විදිහ. ඒ කාලෙ
කියල, අරාබිය කියල වැඩි වෙනසක් නෑ. ඉතිං හුගක් දෙනෙක් දන්න දේ ආපහු ආපහු ලියන්ඩ මම
මොකටද කාලෙ නාස්ති කරන්නෙ. බැන්දෙ නැති තනිකඩ කවුරු හරි මේ කතාව බලනවා නං ඒ අයට බැඳලම
මේ වගේ වෙලාවක බිරින්දෑවරු හැසිරෙන විදිහ තේරුම් ගන්ඩ ඉඩ ඇරලා- පොඩි කුතුහලයක් ඉතුරු
කරලා- අපි කතාවෙ ඉතුරු හරියට යං.
....කියන්ඩකො ඔය තරං මොකද්ද
ඔය රහස. කියන්නෑ?? කියන්නෑ එහෙනං? අම්මපා වරෙන්කො අනේ පනේ ගාගෙන කාමරේට...මට ඔය සත්තු
කතා කරේ මොකද්ද කියල අද..මේ දැම්ම කිව්වෙ නැත්තං මං ගන්නෙ නෑ තමුසෙව ගේ ඇතුලට! (හපොයි
අපි විනාඩි දහයක් විතර කතාව ෆාස්ට් ෆෝවඩ් කරාට තාම අරුන්දැගෙ කච බචේ ඉවර නෑ!!)
මෙන්න මෙහෙම කියපු වෙළෙන්දගෙ
බිරිඳ ගස්සගෙන ගේ ඇතුලට ගිහිං දොර වහගත්තා. උන්දැ එදා මුලු රෑම ගත කරේ ඇඬූ කඳුලින්.
වෙළෙන්දා තනියෙම ගෙයි පිළිකන්නට
වෙලා ඉන්න ගමං හිතුවා ඔය ගෑණිට සත්තු එක්ක කතා කරන ප්‍රශ්නෙ හෙට උදේ වෙනකොට මතක වෙලා
තියෙයි කියල. වෙළෙන්දා වෙළදාමට දක්ශ වෙන්ඩ පුලුවන්, සත්තු එක්ක කතා කරන විදිහ දැනගන්ඩ
දක්ශ වෙන්ඩ පුලුවං, හැබැයි මට ඉත්තේරුවෙන්ම කියන්ඩ පුලුවං උන්දැ කාන්තාවො හිතන පතන
ආකාරය දන්නෙ නෑ කියල. අම්මප නැත්තං මේ වෙළෙන්දා හිතයිද ඒ වගේ ගොං කතාවක්!!
පහුවදා වෙළෙන්දා විපරං කරල බලන කොටත් බිරින්දෑ ඇඬූ කඳුලින්. ඉතිං හැමදාම හැමතැනම වෙනවා වගේ වෙළෙන්දා බිරිඳව සනසවන්ඩ පටං ගත්තා.
ඕක ඔය තරං මහ ලොකුවට ගණං
ගන්ඩ දෙයක් නෙවෙයි යෝදියේ. උං කතා කරේ හරි පොඩි දෙයක්. ඒක දැන ගත්තා කියල ඔයාට වෙන
සෙතක් නෑ. හැබැයි කිව්වොත් ඔයාට ලොකු අනතුරක් වෙනවනේ. ඒ හිංදා ඔන්න ඕක අමතක කරල දානවකො
ඕයි!
තමුසෙ ඔහොම කියන එකෙම්ම තේරෙනවා
ඔතන මොකක් හරි ලොකු දෙයක් ඇති කියල. ආයෙ දෙකක් නෑ මගෙ අම්මයි තාත්තයි ගැන නරකක් වෙන්ඩ
ඕන ඔය. මොකද ඉතිං තමුසෙට ඔය විදිහට ඔලොක්කුවට හිනා යන්නෙ අපේ ගෙදර කට්ටියට මොනව හරි
නරකක් උනොත් විතරයිනෙ. ඉහි..ඉහි..ඉහි...මට ඔය රහස කියනකල් දිගටම අඬනවා...ඉහි...ඉහි.....!!
මේ ගෑණියෙ! හොඳ හිතින් කියන්නෙ
නවත්තගන්නවද නැද්ද ඔය මුස්පේන්තු ඇඬියාව. මේ ගෙදරත් එක්ක කාළකන්නි වෙනව උදේ ඉඳං ඔහොම
හොටු හූරන්ඩ ගත්තහම!! තමුසෙට ඔය කතාව කිව්වොත් තමුසෙ මැරෙනවා කියන එකවත් තේරෙන්නෙ
නැද්ද වාහෙ?
---------------------------------------------------------------------------------------------------------------------
මේ නිවාඩු දවසෙත් උදෙම්ම
පටං ගත්තා බ්ලොග් ලියන්ඩ...ඕක ලිව්වෙ නෑ කියල මොකුත් වෙන්නෙ නෑ. හැබැයි ගෙදර එළවලු,
හාල් මොකුත් නෑ. එව්ව ගෙනාවෙ නැත්තං ඉතිං දවල්ට බඩගින්නෙ තමයි ඈ...ආය දවල් වෙලා ඇවිල්ලා
මෙව්ව කන්ඩ බෑ, රහ නෑ, අරව මෙව්ව කියන්ඩ බෑ හරිද?
(න්...නෑ ඒ අරාබි නිසොල්ලාසෙ
නෙවෙයි අපේ ගෙදර එක්කෙනා. වෙළෙන්දට වෙච්ච වැඩේ ගැන විස්තර ලිය ලියා හිටියොත් මගෙ බත්
කාඩ් එකයි කැපෙන්නෙ. ඒ හිංද මං ගිහිං එන්නං. මට කියන්ඩ ඕන උනේ ඔය අරාබි නිසොල්ලාසෙ,
නස්රුදීන්, මහදැනමුත්තා, ග්‍රිම් සහෝදරයන්ගෙ සුරංගනා කතා, හාන්ස් ක්‍රිස්ටියන්
ඇන්ඩර්සන්ගෙ කතා, ග්‍රීක රෝම සුරංගනා කතා, කොහොල්ලෑ බබාගෙ කතාව වගේ ඔය මොන විදිහේ කතා
උනත් ඒ කාලෙ විතරක් නෙවෙයි අදත්- මේ අපි අතරෙත් - වෙනවා කියන එක කියන්ඩ.
අර වෙළෙන්දයි උන්දැගෙ මායියයි
අතරෙ රණ්ඩුවෙදි කියපු එව්ව අරාබි නිසොල්ලාසෙ නෑ. එව්ව මම ලිව්වෙ අපේ ගෙදර හිටපු ගමං
වෙන ශාස්ත්‍රීය සංවාද ඇසුරෙන්. අනේ ඉතිං ඔය හිටපු ගමං කුරු කුරු ගගා ඇඬුවට අපේ ගෙදර
උන්දැ නැත්තං මං මෙලහකට පිස්සං කොටුවක තමයි! උන්දැ මාත් එක්ක දුක සැප බෙදා ගන්ඩ පටං
අරං ගිය බදාදට අවුරුදුම එකොළහක්!!
කතාවෙ ඉතුරු ටිකත් ඇන්න සුටුස්
ගාල එන්නං ඈ!!
++++++++++++😊🙏👌
ReplyDeleteමං කියල තියෙනවා ඔය දවල් කාලෙ එහෙ මෙහෙ යනකොට පරිස්සමින් යන්ඩ කියල. ඇස් පේන එකක් කියලයැ...කෝ කනකටවත් ගන්නවද? මේ පාර මොන වැටේද ඇමිනුනේ?
Deleteමෙව්වා ඉතින් සදාකාලික ජාත්‍යන්තර ප්‍රශ්නනේ ආයිබොවන්ඩ.
ReplyDeleteඒ මොනවා උනත් Happy anniversary!
නන්ඩ්‍රි....නන්ඩ්‍රි....මිච්චම් නන්ඩ්‍රි...ඔය ජාත්‍යන්තර ප්‍රශ්න ගැන තමා මං දැං කල්පනා කරන්නෙ. මොකද දේශීය ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා රට සුඛිත මුදිත වෙලානෙ මහේෂ් මහත්තයෝ තියෙන්නෙ!
Deleteඒ ඇත්ති අවුරුදු එකොළහක් ලොකු මල්ලිත් එක්ක ඉහ ගහගෙන හිටියම මදැයි. කොහොම උනත් දෙන්නටම සුබ සංවත්සරයක් පැතුවා කියන්න.
ReplyDeleteකිව්වට මොකද මාත් හිතන්නෙ එහෙමම තමයි. අනේ මගේ තියෙන කුප්පදු වැඩ ඔක්කොම ඉවසා දරා ගෙන ඉන්ඩ කොහොම ඉවසිල්ලක් තියෙන්ඩ ඕන ඇතිද අම්මපා?
Deleteමං ඔය කතාව කියෙව්වා, විජය පත්තරෙන් සතියකට වරක් දුන්න කතන්දර පොත් පිංචකින්. ඒක ලංකාවෙ ක්‍රමේට ගළපලා තිබුණෙ. අන්තිමේ ගමරාළ විවේචනය කරන කුකුළෙක් කියන දේ අහගෙන ඉඳලා ගමරාළ හරි විසඳුමක් ක්‍රියාත්මක කරනව. හැබැයි ඒක හෙණ ම පුරුෂාධිපත්‍යවාදීයි.
ReplyDeleteකට්ටකාඩුවෙ ලොකු මල්ලිටත් එසේ ම වේවා!
ලංකාවට ගැලපෙන විදිහට පෙරළන්නෙ කොයි තරමටද කියන එක මට තාම ප්‍රශ්නයක්. ඊරියගොල්ල මහත්තයා ජෝන් වැල් ජෝන් ව ජනවර්ජන කරපු තාලෙටද හෙන්රි ජයසේන මහත්තයා ඇසළ ගස යළි මල් දරන තුරු කරා වගේද හුණුවටයේ දි?
Deleteඑසේම වේවා කිවෙ ගොනාට උනා වගේද බූරුවාට වගේද?
ඔය කතාවෙ විජය පත්තරේ වර්ෂන් එකේ හැටියට, ගමරාළ කෙනෙක් උන්නෙ. උන්දැට යකෙක් මන්තරයක් කියල දීල තිබුණ, සත්තු කතා කරන දේ අහගන්න. ගෙද හිටියෙ ගොනෙකුයි අස්සයෙකුයි. (අස්සය තමා ගැළපෙන්නැත්තෙ)
Deleteමෙහෙම රහට ලියන ලොකුමල්ලිට එහෙම රහට උයලා දෙන ඒ ඇත්තිට අපේ හදපිරි මෙව්වා එක.
ReplyDeleteමගේ හිතිවිල්ල චමී කලින්ම අකුරු කරලා ලොකූ!
Deleteස්තූතියි දිසානායක මහත්තුරු දෙන්නටම? කොහොමද එකම වාසගම තියෙන දෙන්නෙකුට එකම කල්පනාව පහල වෙන්නෙ?
Deleteටෙලිපති වෙන්නැති!
Deleteටෙලිපති කියපුවමත් මට අමුතු හැගීමක් ආවා. මං දන්න තරමට ටෙලිපති කියන්නෙ ග්‍රීක වචනයක්. ටෙලි (Tele) කියන්නෙ දුර. පතියා-(patheia) කියන්නෙ හැඟීම. සිංහල බසෙන් නං පති කියන්නෙ අයිතිකාරයා කියන එකනෙ. සභාපති- සභාවෙ මූලිකයා, අයිතිකාරයා. එතකොට ටෙලිපති කියන එකට හරියන සිංහල වචනෙ මොකක්ද? ටෙලිපති කියලම ගත්තොත් කෙනෙක් හිතන්ඩ පුලුවන් ටෙලි අයිතිකාරයා කියල. පොඩි පටලැවිල්ලක් තියෙනවා නේද ලොකා? වදන් මැවිසුරුවෙකුගේ පිහිට පතන්ඩ වෙනවා වගේ.
Deleteවදන් මැවිසුරෝම මැදිහත් වෙත්වා!
Deleteලොකූ, මම සිංහල බසට ඉතාම ආදරේ කරන- ගරු කරන කෙනෙකු වුණත් අනෙක් භාෂාවලින් එන වචන අපේ බසට කෙලින්ම උකහා ගන්නවාටත් කැමතියි. අනෙක ඉතිං කාලෙන් කාලෙට තියෙන වචන වුණත් වෙනස් තේරුම් දෙනවනේ වහරන්න ගත්තාම.
ඉස්සර කාලෙ 'පක' කිව්වේ ගෙඩියට. දැන්?
එතකොට අර වයසක මන්ත්‍රීතුමා කිව්වෙ ගෙඩියා කියල වෙන්ඩ බෑද? අපි ඔය ආදරේට වගේ කියන්නෙ හොර ගෙඩිය!! කියල?
Deleteහෙහ්
ReplyDeleteඑහ්..හෙනං!
Deleteහ්ම්.. සුබ ඇනිවසරියක් වේවා!
ReplyDeleteතැන්ක් යූ...තැන්ක් යූ...සේම් ටු යූ!!
Deleteසේම් ටු යූ - තනිකඩ මට!
Deleteතනිකඩ උනත් දෙකඩ උනත් දස එකඩ උනත් මොකෝ නමියතුමා සුභ පැතීමක් නෙ. ඔන්නොහෙ පිළිගන්ඩ!!
Deleteහාකෝ හාකෝ ඉතීම්..
Deleteලොක්ක කතාව පැරණ ගන්නේ වෙළෙන්දා ඈත ගම ගෙදරකට ඈත ගිය වෙලාවක අහපු දෙයක් ගැන මිසක් එයාගේ සතුන්ට වෙන දෙයක් කියල නෙමේනේ. හාමිනේ බනින කොට පැත්ත මාරු වෙලා. 😀 එහෙනම් බත් කාලම එන්නකෝ
ReplyDeleteමං ආයෙත් බැලුව කෑල්ලක් හැලිලවද්ද කියල. නෑ..මේ තියෙන්නෙ ගෙඩිය පිටිම්ම..."ඔන්න එක දවසක් මේ වෙළෙන්දා ඈත පළාතක තිබ්බ ගෙදරකට ගියා. මේ ගෙදර සත්තුන්ට ඉන්ඩ වෙනම කොටුවක් හදලා තිබ්බා. මේ කොටුවේ හිටියා ගොනෙකුයි බූරුවෙකුයි...."
Deleteහාමිනේ බනින කොට පැත්ත මාරුවෙන්නෙ පුදුමයක් නං නෙ. අනේ අපිට නං ඔව්ව හොඳට හුරු පුරුදුයි!! හෙහ් හෙහ්!!
/"ඔන්න එක දවසක් මේ වෙළෙන්දා ඈත පළාතක තිබ්බ ගෙදරකට ගියා. මේ ගෙදර සත්තුන්ට ඉන්ඩ වෙනම කොටුවක් හදලා තිබ්බා. මේ කොටුවේ හිටියා ගොනෙකුයි බූරුවෙකුයි...."// හරි ඉතින් ඊට පස්සේ කතාව යන්නේ වෙළෙන්දා ම හැගෙන ඉඳල වෙලෙන්දම හාම්පුතා වෙච්ච සීන් එකක් නේ. වයර මාරු වුනා වත්ද
Deleteකීවත් වගේ යාලුවෝ හැමෝම සුභ පතනවා වගේ. බුකියේ දැක්ක කියල මතකයකුත් නැහැ.
Deleteසුභ විවාහ සංවත්සරයක් වේවා
මටනේ වයර් මාරු වෙලා තියෙන්නේ // එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි, හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට.//😀 සොරි ලොක්කා . කියන්න අමතක වුනා එලේන් ගියා තමන්ගේ රටට දරුවා එක්ක
Deleteසුබ විවාහ සංවත්සරයක් වේවා!
ReplyDeleteස්තූතියි ඉකොනොතුමනි.
Deleteවාසනාවන්ත සංවත්සරයක්!
ReplyDeleteපොඩි කාලෙ හිට ආසාවෙන් හිටියේ අරාබි නිසොල්ලාසේ කියවන්න. බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තයා ඇඳපු චිත්‍රකතා එහෙමත් නිසා.
ඒත් ඉංග්‍රීසි දන්නා එකක්යැ. මුල්ම පරිවර්තනය 'අරාබි නිසානන්දය' කොහොමටවත් දැකගන්න තිබුනේ නෑ එතකොටත්.
අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතා එක්ක 'රයිකී' පොත මුද්‍රණයට අනුමැතිය ගන්න ගොඩගේ එකට ගියාමනේ දැක්කේ, එහෙත් තිබ්බා 'අරාබි නිසොල්ලාසය' පොතේ පරිවර්තනය. එකක් නෙවෙයි; කොටස් 10ක්.
ඒ තරමට දැවැන්ත පොතකි ඒ.
දැන් අතුරු කතාවට. එදා මං ඒ පොත් තෝරනවා දුටු අරවින්ද ඒවා හොඳදැයි අහලා මිලට ගත්තේය. මාව ගෙනවිත් කාරයෙන් බස්සද්දී අර පොත් ගොඩ මගේ අතේ තිබ්බේය. '##****&^%$' කියලාත් කියමිනි, ඒ විස්තර සේරම මෙතනට ගියෝතින් කියවිය හැකිය:
'Desert Rose, අරවින්ද හා රයිකී'
https://nidigepanchathanthare.blogspot.com/2019/08/desert-rose-reiki.html
ඒවා කිව්වේ මේ ලියන බූරු මට පිං පලදෙන හැටි කියන්නටත් එක්කය!
මෙතන කියන බූරුවා නං අපේ ගමේ කියන විදිහට කස්ට කපටි කෛරාටිකයෙක්. ලොකා එහෙම නෙවෙයි කියලයි මං හිතන්නෙ. නැත්තං ලොකු යාලුවෝ ප්‍රමානයක් එක්ක හුගක් කල් යාලු මිත්තරකං පවත්තන්ඩ බෑ නේද?
Deleteනෑ, නෑ, ලොකූ. ඇත්ත කිව්වට කමක් නෑ- බර හෑල්ලු නොකර වුණත්. මං කස්ට- කපටි කයිරාටිකක් තමයි. ඒවා ඔක්කොම පාවිච්චි කරලා තියෙන්නේ මගේම ගැලවිල්ලට හා පරෙස්සමට විතරයි. සම්යක් ප්‍රයෝග විදිහට.
Deleteඉතාම අභිමානයෙන් කියන්නේ මෙතෙක් කාලයකට මම කිසිම කෙනකුව රවට්ටලා අයුතු වාසි ලබාගෙන නෑ, පගා අරගෙන නෑ.
ලොකු යාළුවො ප්‍රමාණයක් එක්ක ඇසුර දිගටම පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙන්නේ නිහතමානී වීමත්, ඇත්තම කීමත්, (වසන් කල යුතුදේ වසන් කරගෙනම හිඳීමේ පුරුද්දත්), අනුන්ට හිනා වීම හොඳටම අඩුවෙන් කරමින් මටම වැඩියෙන් හිනා වීමත් නිසා වෙන්නොනි.
සේරටමත් වඩා එයාලගේ හොඳකම!
ඒ බූරුවාට වඩා බූරුවෙක් නේ වෙළෙන්දා 😃😃😃 ඕ වගේ රහසක් රකින්න ඕන නං ඒ ගැන ඉඟියක් වත් මායියට දීීලපුලුවනෑ. 😃😃
ReplyDeleteමරු ඒ කතාව..
සුබ විවාහ සංවස්සරයක් ලොකූ... ජය ❤️❤️
ස්තූතියි මහේෂ් තුමා....ඒක නෙවෙයි ඔබතුමා අරණායක පැත්තෙ තවම වැඩද? මාත් ඉන්නෙ ඒ අහළ පහළ තමයි!!
Deleteඔව්. තාම අරණායක.
Deleteඉඩපාඩුවක් ඇත්තං දාසක හම්බෙමුකෝ 😃😃😃
maheshrmx@gmail.com
ලොකු මලය ෂර්ටත් හිච්චි නගා මිශීටත් ගුඩ් මෝනිං එකක්ම වේවා!
ReplyDelete(හැට්ටර් තනි වචනේ මිනිහ, එක එක දවසට වෙන වෙන ග්‍රීටින් අපි ළඟ නෑ ලොකු ෂර්, ඕඕ යේස් )
කතාව බලලා කොමෙන්ට් කියවන් යනකොට ටිකක් වෑර් මරුඋනා වගේ ෂර්. එතකොට බූරුවා රහස කිව්වේ මුදලාලිගේ හාමිනේට නෙවෙයිද?
ජයවේවා!
Myself Hattor
වෙරි ගුඩ් මෝනිං එකක් වේවා හැට්ටර්තුමා!!නෑ යෝදයෝ කොහෙද එහෙම එකක් කියල තියෙන්නේ? "ඔන්න දැන් වෙළෙන්දට ඇහෙනවා බූරුවා මොනවද කියන්නෙ කියලා ගොනාට." ඔය තියෙන්නෙ සුද්ද සිංහලෙම්ම...
Deleteගෙදර වලිය ඇහුනට පස්සෙ ගොනයි බූරුවයි හිකෙනුත් පුනා වෙන්න ඇති. හැක්..
ReplyDeleteසුබ විවාහ සංවත්සරයක් වේවා !
Belated wishes for Happy Annivarsary. Loku
ReplyDelete