Friday, September 15, 2017

අප්පුහාමි අත්තගේ වැඩ



මේ දවස්වල අපේ ගම් පැත්තට අනෝරා වැස්සසැහෙන කාලෙකට පස්සේ මේ පාරවත් 'උල් හොල්ලන්ඩවහියි කියල තමයි කාගේත් බලාපොරොත්තුවපාරෙ යන ‘බට ලයින් එක හිංදා දැන් හැම ගෙදරකටම වතුර තිබුනට පහු ගිය කාලේ තිබ්බ පෑවිල්ල වගේ පෑවිල්ලක් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ආවනං තමා බලන්ඩ තිබ්බෙ කොල්ලොයි බල්ලොයි ඔක්කොම මා ඔයටම යන හැටි නා ගන්ඩ!!.  නා ගන්ඩ කියන කොට පරිස්සං වෙන්ඩ ඕන මොකද ඔය වචනේ එක එක තේරුං තියනවනේසමහරු වතුර නානවාසමහරු මඩ නානවාසමහරු තමුනුත් නාලා අහල පහල ඉන්න මිනිස්සුන්වත් නාවනවාතමුං නොනා එහෙම නැත්තං පොඩ්ඩක් මූණ හෝදගෙන අනිත් එවුං නාවන කට්ටියකුත් ඉන්නවාඒත් තමුන් නොනා තමුන්ගේ වටේ ඉන්න පවුලේ උදවියයි තමුන්ගෙ අනාගත පරම්පරාවක් දෙකකුයි නාවපු කට්ටිය හරි අඩුයිඅද මං කියන්ඩ යන්නේ අපේ ගමේ හිටපු එහෙම චරිතයක් ගැන.



අප්පුහාමි අත්තාකියන්නේ මගේ පොඩි කාලේ ගමේ හිටපු තලත්තෑනි අහිංසක මනුස්සයෙක්පොඩි කොණ්ඩ ගැටයක් බැඳපු පරණ තාලෙ චරිතයක්මගේ පොඩි කාලෙදි අප්පුහාමි අත්තයි  කිරිඅම්මයි දෙන්නා තමුන්ගේ මහ ගෙදර තනියෙන් ජීවත් උනත් මේ කට්ටියට දරු මුනුපුරෝ අටෝ රාසියක් හිටියාඅප්පුහාමි අත්තලාගේ ගෙදරට කිව්වේ ‘බිලිංමඩුවේ ගෙදර කියලාඉතින් මහ ගෙදරින් පිට ජීවත් උනත් අප්පුහාමි අත්තගේ දුවල පුතාලවත් , මුනුපුරු මිනිපියන්වත් ඇදින්නුවේ ‘බිලිංමඩුවේ ගෙදර කට්ටිය කියලාවයසට ගියගමේ වැදගත් චරිතයක් වෙච්චි අප්පුහාමි අත්තට පොඩි දුරුවලතාවක් තිබ්බ කියන්ඩකෝ දුරුවලතාව හින්ද තමයි එයාගෙ සනුහරේම නෑවේමෙන්න අප්පුහාමි අත්තගෙ කතා දෙක තුනක්….. ඔයාලටම තේරෙයි මොකද්ද අප්පුහාමි අත්තට තිබ්බ ප්රශ්නේ කියලා.



එක්දාස් නවසිය හතලිස් ගණන් වල, පනස් ගණන්වල අප්පුහාමි අත්තා අපේ පැත්ත පළාතේ තියන එක එක පොළවල් වලට, අපේ ගමේ වැවෙන එළවලු, පොල් වගේ දේවල් ඇන්න ගිහින් විකුනලා තියනවාකඩුගන්නාවේ පොළ තියෙන්නෙ ඉරිදටඔය කියන දවසේ අප්පුහාමි අත්තා ඉර පායන්ඩත්  කලිං කරත්තෙක බඩු පටවාගෙන ගෙදරින් පිටත් වෙලාමාවනැල්ල, හිඟුලගනේතැන්න පහුකරගෙන දැන් කරත්තේ කඩුගන්නාවේ කන්ද නගිනවා…. ගල විදපු හරියත් පහු කරගෙන යන කොට අප්පුහාමි අත්තට පොඩි බයක් හිතට ආවාතමුන්ගෙ කාමරේ පත්තු කරලා තිබ්බ කුප්පි ලාම්පුව නිව්වද නැද්ද කියල මතකයක් නැති හිංදා තමයි මේ බය ඇති උනේ!!!  

ගෙදර තියන දාහක් වැඩ රාජකාරි මත්තේ නැහෙනකොට ආය ඉතින් කිරිඅම්මට  කියන්නේ අප්පුහාමි මාමගෙ ගෙදර උන්දැට ඔය ලාම්පුව දිහා බලන්ඩ වෙලාවක් හම්බ වෙන්නෙ නෑ.... බැරි වෙලාවත් පොඩි එකෙක් අතින් ලාම්පුව පෙරලුනොත් පොල් අතු හෙවිලි කරලා තියන මුළු ගෙටම ගිනි අරං තමයි වැඩේ කම්මුතු වෙන්නෙ..... එහෙම උනොත් ආය ඉතින් මේ සම්මජ්ජාතියේ ගෙයක් අටවගන්ඩ වෙන්නෙ නෑ.... ගෙට ගිනි ගත්තොත් පොඩි එවුංට ඉන්ඩ තැනක් වත් නැතිවෙනවා..... ගේ තියනවනං වේලක් ඇර වේලක් කාල හරි වැටිලා ඉන්ඩ තැනක් තියනවා...මෙහෙම දාහක් දේවල් අප්පුහාමි අත්තගේ හිතට එනවාකරත්තෙ ඉස්සරහට ඇදෙනවා කන්දෙ.

පොලට බඩු ගෙනැත් ආපහු යන අදුනන කෙනෙක් වත් ඉන්නවද කියල අත්තා හොයල බැලුවාම්හ්...ඔක්කොමලා පොළ පැත්තට යනවා මිසක්ක ගම පැත්තට යන එකෙක් නෑ...ඕං වැඩකට නැති වෙලාවකනං අදුනන එවුන් දාහක් විතර හම්බ වෙනවාඅද මේ හදිස්සියට එකෙක් වත් නෑ...කරුමෙක හැටි බලමුකෝ නේදආය දැන් වගේ ටැලිපෝං තියන එකක්යැ කතා කරල පණිවිඩයක් කියන්ඩදැන් කඩුගන්නාව ටවුමටත් කිට්ටුයි....ගන්න තීරණයක් ගන්ඩ ඕන ඉක්මනටනැත්තං ගෙදර දුවං යනකොට දකින්ඩ වෙන්නෙ ගින්දර තමයි...!!

මේ වෙලාවේ තමයි අප්පුහාමි මාමට ගණ දෙවි නුවණ පහල උනේමාමා බැලුවා කරත්තේ දිහාපතෝල ගෝනි තුන හතරකුයි පොල් අතුයි තමා කරත්තේ පුරෝල තිබ්බෙමාමා ඇදලා ගත්තා පතෝල කරල් දහයක් දොළහක්කොහු ලණු පොටක් ඇන්න පතෝල ටික පාරුවක් වගේ වෙන්ඩ ගැට ගැහුවාපොල් අත්තකුත් අරන් පතෝල පාරුව උඩින් තිබ්බාමාමා ඉඳ ගත්ත පොල් අතු උඩිං පල්ලමට මූණ දාලාකිව්වා පොඩි තල්ලුවක් දාන්ඩ කියල පාරේ ගිය මිනිහෙකුට.    පතෝල පාරුව ලිස්සන හිංදා සුරූ........................ස් ගාලා පා………………….වෙලා වගේ කඩුගන්නාව පල්ලම බැහැලා නතර උනේ ගනේතැන්නේ!!! ඉතුරු ටික ඩග් බග් ගාලා දුවගෙන දුවගෙන දුව.........................ගෙන ගෙදෙට්ට ඇවිල්ල බැලින්නං ලාම්පුව තාම පත්තු වෙනවාහොඳ වෙලාවට අප්පුහාමි අත්තා ගෙදර ආවේ.... ආය මොකද ගෙදර ඉන්න උන්ට මේ ලෝකෙ නිච්චියක් තියෙන එකක්යැ!!!

 අත්තෙ  කාලෙ කඩුගන්නාව පල්ලමේ වංගු තිබ්බෙ නැද්ද?” අප්පුහාමි අත්තා ඔය කතාව කියපු දවසක කට පියාගෙන ඉන්ඩ බැරි අපේ එකෙක් ඇහුවා.

හුහ්...තොපි මේ පොල් කට්ටක් පිරෙන්ඩ මුත්තරා කොරගන්ඩ බැරි ඇටයෝ...තොපි කොහෙද බොලව්  කාලේ කඩුගන්නාව පල්ලම ගැන දන්නේඅපිනේ ගියෙ පොලේ!!!” අප්පුහාමි අත්තා ආඩම්බරෙන් කිවුවා!!

ගාට ගාට කඩුගන්නාව පල්ලම බහින ප්රයිවෙට් බස් එකක ගෙදර එනකොට මට හැමදාම වගේ අප්පුහාමි අත්තගේ පතෝල පාරුවයි වියාපු පොල් අත්තයි දෙක මතක් වෙනවා!!.

දෙවැනි කතාවට අර අපේ ගමේ නාන මහ ලිඳ ගාව තියන කිතුල් මණ්ඩිය සම්බන්ධයිඔයාලට මතකයි නේ තැනඑතැන හබරළ ගාල උනාට කිතුල් මලක් කපන කාලෙට ඔතන හොදට සුද්ද වෙනවාඅපෙ ගමේ එදා ඉදම්ම හිටියෙ කාපු බීපු තැං වල පැලවෙලාකුණු වෙලාවමනේ කරලාචූ කරලා කොටිම්ම වැසිකිලියක් කරලා යන රැස්පොට්ටබල් මහත්තුරු!! ඉතිං ආය හබරළ ගාල ඉතුරු වෙයියැඔය කිතුල් මණ්ඩියේ ඉඳලා අප්පුහාමි අත්තලාගේ ගෙදෙට්ට හූ බාගෙක විතර දුරදවසක් මග රෑ අප්පුහාමි අත්තට ඇහැරුණාජරස්...මරස්...ගාල හෙන සද්දයක් ඇහෙනවාහොඳට කං දිහලා බැලින්නං සද්දේ එන්නෙ මහා ලිඳ දිහායින්....හරියටම කිව්වොත් කිතුල් මණ්ඩිය පැත්තෙන්ටික වෙලාවක් බලං හිටියා සද්දෙ නවතියි කියල….. ම්හ්...සද්දෙ නවතින පාටක් නෑ...අප්පුහාමි අත්තට හෙන කුතුහලේ මේ මොකද්දෑ කියල බලන්ඩඋන්දැ පත්තු කරගත්ත හුළු අත්තක්ගියා තට්ට තනියමේ කිතුල් අරඹ දිහාටමොකද්ද දන්නවද දැක්කෙහා මොකද්ද කියමු බලන්ඩ පුලුවන්නං?
.
.
.
.
.
.
.

කිතුලේ රා මුට්ටිය ඉතිරිලාරා බිමට වැටිලාබිම මඩවෙලාඌරො රංචුවක් ඇවිල්ල එතන ජබි ගහනවා!!! ඌරො රංචුවක් ඇවිස්සිලා මනුස්සයෙකුට ගැහුවොත් ඉතින් ආය දෙයියංනාන්සෙ ආවත් කෑලිවත් හොයන්ඩ හම්බ වෙන්නෙ නෑඉතින් අප්පුහාමි අත්ත හිමීට ඌරො රංචුව මග ඇරලා ආපහු ගෙදෙට්ට ඇවිත් නිදා ගත්තලු!!!

හැබැයි ඕං මං නං මේ සම්මජ්ජාතියේ දැකල නෑ රා වැටිලා මඩ වෙච්චි තැං කාලෙ තිබ්බ කිව්වට!!! යකෝ රා වැටිලා පොලව මඩ වෙනකල් බලං ඉන්නෙ ඇයි ගං වල උගුඩුවො එකෙක්වත් නැද්ද?

තව කාලෙක අප්පුහාමි අත්තා කොළඹ වරායේ වැඩ කරාලු ඕංවරායේ කිව්වට පිටරටිං ගෙන්නන බඩු පරීක්සා කොරන්ට තමයි උන්දැ ඉඳල තියෙන්නෙ කතාව හරි නං මගේ හිතේ අපේ පැත්ත පලාතෙම්ම රේගුවේ වැඩට මුලිම්ම ගිහින් තියෙන්නෙ අප්පුහාමි අත්තාඔය කාලේ ලංකාවට ආවලු ඉදිකටු පුරෝපු නැව් තුනක්!! ආය ඉතිං ලේසි වැඩක්යැ ඉදිකටු පරීක්සා කිරීම...ඊට හපං නැව් තුනක ඉදිකටු!!!  උනාට අප්පුහාමි අත්තා අත ඇරියෙ නෑ ඔක්කොම පරීක්සා කොලාහොඳ වෙලාවට බැලුවේඑක ඉදි කට්ටකවත් හිල් නෑ!!! අප්පුහාමි අත්තා ඔය පගාවට යට වෙන ජාතියේ කෙනෙක් නෙවෙයිඋන්දැ නැව් තුනම ආපහු හරෝල යැව්වා!! අන්න අපේ ගමේ මිනිස්සුජරාවට නම්ම ගන්ඩ බෑ කාලේ ඉදම්ම එහෙම තමයි!!! (හැබැයි කසිප්පු කියන්නෙ ජරාව නෙවෙයි …)

අප්පුහාමි අත්තපගාව කාල ඉදි කටු නැව් තුන  එලියට දැම්ම නං බලාගන්ඩ තිබ්බ කට්ටිය මහන හැටි!! පනහෙහැටේහැත්තෑවේ කාලේ ඇදුං ඇඳපු එව්වො බොක්කෙම්ම ඉස්තූති කොරන්ට ඕන අපේ ගමේ අප්පුහාමි අත්තට!!!! 

දැන් තෙරුනානේ අප්පුහාමි අත්තගේ දුර්වලකමඋන්දැට කට්ටියක් ඉන්න තැනක් සෙට් උනොත් ගල් පැලෙන බොරුවක් කියනවා බොරු හිංදා කාටවත් ලොකු කරදරයක් උනා කියල නං දැනගන්ඩ නෑ සමහරවිට අප්පුහාමි අත්තා කට ඇරියොත් කියන්නෙ බොරුවක් බව මුළු ගමම දැනං හිටපු හිංදා වෙන්ඩ ඇතිඑව්වා බොරු කියල අහපු ගමං තේරෙනවාඒත් අපේ කිරි අත්තලාගේ වයසේ හිටපු අප්පුහාමි මාමා අර බොරු කතා ටික අපේ අප්පච්චිලාටත් කියලා ටිකම වගේ අපිටත් කිව්වා.

මට මතක විදිහට එක්දාස් නවසිය අසූ ගණන් අගදී අප්පුහාමි අත්තා මැරුණා උනත් අදත් අපේ ගමේ මිනිස්සු ඇත්තාව මතක් කරනවා උන්දැගේ මුණුපුරු මිනිපිරියෝ හරි මී මුනුපුරෝ, මී මිනිපිරියෝ හරි ටිකක් විස්වාස කරන්ඩ අමාරු දෙයක් කිව්වහම...”ඔව් ඉතිං උඹලා බිලිංගෙදර අප්පුහාමි අත්තගේ කට්ටියනේ!!!” කියල තමයි අපේ ගමේ අය  කට්ටියගේ ජාතකේ මතක් කරලා දෙන්නෙබිලිං ඇඹුල් වගේම අර විදිහට ජාතකේ මතක් කරලා තමුන්ගෙ පරපුරේ ශ්රේෂ්ට ආරම්භකයා මතක් කරලා දුන්නහම අහන්ඩ හම්බ වෙන වචනත් ලුණු ඇඹුල් පදමට තියන එව්වා!!!


පුරුදු විදිහටම කතාව ඉවරයිදැන් මට හිතෙන දේ... අප්පුහාමි අත්ත කියපු බොරු වලට වඩා දාස් ගුණයක් භයානක බොරු පුරුද්දක් විදිහටම කියන ඇත්තෝ අපිට නිතර දෙවේලේ දකින්ඩ  පුළුවන්නේසමහරු කට අරින්නෙම බොරුවක් කියන්ඩඅර දියවන්නාවේ ගෙදර ඉන්න එවුන් වගේඅපේ ගමට සෑහුනාට 'බිලිංගෙදර කට්ටිය අප්පුහාමි අත්තගේ කට්ටියකියන නම්බු නාමයක් දෙන එක මුළු රටම ගත්තහම සෑහෙන්නේ නෑඉතිං නරකද මතු පරම්පරාවල් වලටත් මතක් වෙන්ඩත් එක්ක ඔය සෙට් එකේ පච්චයක් කෙටුවොත් කාරිය කාටත් පේන තැනක....'මං දියවන්නාවේ ගෙදර එකෙක්කියලාඔය පච්චේ උන්ගෙ දරුවන්ටයි මුනුපුරන්ටයිත් කෙටුවට මගෙ නං අමනාපයක් නෑ ඕං!!


15 comments:

  1. Replies
    1. තඩියා මොකො බන් උඹේ බ්ලොග් එකේ තද පොරවල් කොමන්ට් දන්නේ නැත්තේ උන් උඹව ගණන් ගන්නේ නැද්ද?
      ඇදපන් වලියක් කොමට් දාන්න කියලා උඹ ලියන බ්ලොගේ
      අනික උඹේ ඇඟේ හැටියට උඹට ඕන එකකුට කෙලින්න පුළුවන්නේ උඹට මොලේ නැති වුනාට

      කට්ටකාඩුවේ ලොකු මල්ලි උඹලවත් ගොඩ වලා බලපන් පවු නේ බන් මෙයා ජාති ආලෙන් ඉන්න පට්ට සුපිරි ඩයල් එකක් ගේම ඉල්ලනෙම තම්බි එක්ක

      Delete
  2. දැන් බලන්ඩ ඒකෙත් හැටි නේද?

    අර බුද්ධ සාසනේ චිරස්ථිතියට වැඩකරපු උන්දලාත්.. නෑ එක්කෝ ඕනේ නැහැ.. මොකටද ආයේ බිලිං ආතලට ඉහලින් ඉන්න අය ගැන කියවන්නේ.

    හැබෑටම කියන්ඩ අර රා මුට්ටියේ කතාව මම දෙපාරක්ම කියෙව්වේ ඒකෙ බොරුව හොයන්ඩ. අපේ කණුත් දැන් ටියුන් වෙලා මම හිතන්නේ. තව ටික කාලෙකින් තේරෙන්නම නැතුව යයි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ගහක රා වැටෙන ප්‍රමාණය ඒ මල කපන කෙනා දන්නවා. එකට සෑහෙන මුට්ටියක් එල්ලන්නේ රා වලට හොඳ ඉල්ලුමක් තියන හිංදා ඒක අපතේ යන එක වලක්වන්ඩ. එහෙම මුට්ටියකට රා එකතු වෙලා වැඩි ටික බිමට වැටිලා ඌරො ලගින තරමේ මඩ වලක් හැදෙන්ඩ කොච්චර විතර රා එක මලකින් එන්ඩ ඕනද දවස් බාගයක් ඇතුලත..? එහෙම වෙනවා නම් ඒක ගහක් නෙවෙයි රා පොම්පයක් වෙන්ඩ ඕන....

      Delete
    2. හරි හරි හලෝ වෙන්න පුළුවන්.... කෝ කොහෙද ඉතින් 'කොමන් සෙන්ස්' වල 'සෙන්සර්' ගිහිල්ලනේ

      Delete
  3. අපරාදෙ බං රා ටික ඌරු මසුත් තිබ්බ එකේ මයියොක්කා ටික්කුත් එක්ක ගත්තනම්

    ReplyDelete
  4. කළින් කලට ඇසු දුටු දේ රැස් කරලා
    පෙලින් පෙලට ඒ දේවල් අමුණාලා
    බිලින් ගෙදර අත්තා තව රහ කරලා
    තොලින් වචන පිට කරවයි හිනා වෙලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පෙලින් පෙලට ඇසු දුටු දේ කියන කොට
      නිරන් තරෙන් මේ පැත්තේ ඇවිත් හිට
      රසෙන් ගුණෙන් යුත් පද වැල් බඳින කොට
      තවත් කියන් නට හිතෙනව ඉතිං මට

      ස්තූතියි දුමින්ද...!!!

      Delete
  5. ඕක ඇබ්බැහිකමක් වගෙ දෙයක්. ඔය වගෙ පච කෙලින එකෙක් අපේ පන්තියෙත් හිටියා.ඌ ඒකාලෙ කියන්නේ ගැන් සෙට් වෙලා වෙන ගැන් වලට ඇටැක් කරපු කතන්දර.උගේ ස්ටෝරි වල හැටියට උන්ගෙ ගැන් එක කොළබ ඉන්න තරන් ඔක්කොම ගැන් එක්ක වලි දාගෙන ගේම දීල.ඒවා ඔක්කොම ඌ හිතෙන් මවාගෙන කියන කතා.

    පොර අඩි 5ක් විතර උස, බෝතල් කණ්නාඩි දාන පඩි හතරක් නැග ගන්න පණ නැති ගෙදරින් ඉස්කෝලෙට ඉස්කොලේන් ගෙදරට වැන් එකේ යන එකෙක්. කොල්ලො ඌව කොච්චර බයිට් කලත් උට බොරු කියන එක අත ඇර ගන්න බැරි උනා ඉස්කෝලෙ ඉන්නකම්ම

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ ඒක ඇබ්බැහි කමක්. ලඟදි දවසක ලියන්නං කැම්පස් එකේ හිටපු නාග රාජයෙක් ගැන...නිකං නයෙක් නෙවෙයි නාග රාජයෙක්!!!!

      Delete
  6. අපි පුන්චි ඈයො සන්දියෙ පෙළ පොතකත් තිබ්බ ඔහොම කෙබර කෙලින අත්තෙක් ගැන....""සේතන් සීයාගේ අරුම ගමන"" පාඩමේ නම...සුපිරි නිර්මාණාත්මක කෙබරයක්...

    ReplyDelete
  7. එක අතකින් ඒ අත්තලා කියපු බොරු හරි අහිංසක බොරු. ලෝක අන්ඩපාලයොත් නොහිටියා නොවෙයි.

    ReplyDelete
  8. ඒ කලේ ඉතින් ඔය වගේ කතා කාරයෝ හැදුනේ ඒවා අහන්ඩ කස්ටිය හිටපු හින්දනේ.දැන් වගේ කොම්පුටර් ටී වී නැහැනේ බොරුවක්කි කිව්වත් අහිංසක විනොදයකටනේ.මට තියන ප්‍රස්නේ ඔය ගල් පැලෙන බොරු කියපු උන් ඇත්තටම් හිතුවද දන් නැහැ අහපු එවුන් ඒවා විස්වාස කළද කියල

    ReplyDelete