පස්සෙන් පහු දවසක අනුරාජපුරේ 'ජාතියට ඔටුන්න - මට සිහසුන' පොරදර්සනේ පැවතිච්ච කාලෙ වෙච්ච කතාවක් මට මතක් උනා. ඒ කාලේ ඔය පොරදර්සනෙට ගියපු
අපේ කට්ටියක් අනේ කොච්චර කාලෙකින්ද මේ අනුරාජපුරේට පය තියන්නේ...ඉතිං එහෙව් එකේ
රුවන්වැලි සෑ හාමුදුරුවන්වත් වැඳ ගෙනම ගියොත් මක්ක වෙනවද කියල හිතල පොරදර්සනේ ඉවර
වෙලා එන දවසේ ගියපි මහ සෑ වඳින්ට. ඉතින් කට්ටියම හිතේ හැටියට වන්දනා කරලා හෙම එන්ට
බලනකොට එකෙක් අඩුයි. ආය ගණන් කරලා බැලුවා එකෙක් අඩුම තමා. කවුද මේ අඩු කියල බලන
කොට කන්තෝරුවේ පියන් කොලුවා මිසිං. දැන් කට්ටියම මලුව පුරා මූව හොයනවා. බැලින්නං
මළුවේ කොනක ඉඳගෙන බොහොම සර්දාවෙන් සෑය දිහා ඇහි පිය නොගහා බලා ඉන්නවා.
අනේ සාදු කොච්චර සර්දාවක්ද කියල හිතල කට්ටිය මූට කරදර
කරන්නේ නැතුව තව විනාඩි දහයක් විතර බලා හිටියා. කිසි වෙනසක් නෑ අර විදිහටම බලාගෙන
ඉන්නවා. කොළඹ යන්ද වෙලාවත් පරක්කු වෙන හිංදා අන්තිමට අපේ යාලුවෙක් තීරණය කරා ටිකක්
ඉක්මනට වැඳලා ඉවර කරන්ඩ කියලා කියන්ඩ. ඉතින් එහෙම හිතා ගෙන ලඟට යනකොටම අපේ පියන්
මල්ලි මෙහෙම කියනවා.
"සර් මම මේ කල්පනා කලේ මොකක්ද දන්නවද?"
"නෑ!"
"මේ සෑය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ හදපු එක කොච්චර
දෙයක්ද කියලා!"
"ඇයි ඒ?"
"නෑ සර් දැන්හෙම මේ සෑය හදන්ඩ යෝජනාවක් ආවනං ඒ ගැන
සාකච්චා කරන්ඩ මීටිං කී දාහක් තියන්ඩ වෙයිද? ඒ මීටිං වලට කොච්චර නං තේ හදන්ඩ වෙයිද?.....සමාහර විට ඒ
තේ හදන්ඩ ඕන වෙන කිරිපිටි තොගේ එක්කහු කරා නං මීට වඩා ලොකු වෙන්ඩ ඉඩ තිබ්බා නේද?"
"හ්ම්....වරෙන් යන්ඩ ඉක්මනට අපිට කොළඹ යන්ඩ ඕන....හවස
මීටිමක් තියනවා!!"
ඇත්තටම අපි දැන් සහභාගී වෙන රැස්වීම්, සාකච්චා, සම්මන්ත්‍රණ
අටෝ රාසියක කිසිම වැඩක් නෑ. නිකං වෙලාව කා දැමීමක් විතරයි වෙන්නේ. ලංකාවේ විතරක්
නෙවෙයි මේක මගේ හිතේ ලෝකේ පුරාම තියන ප්‍රශ්නයක්. සමහර රටවල් වල හරි සමහර ආයතන වල
හරි මීට වෙනස් කාර්යක්ෂම රැස්වීම් තියනවා වෙන්ඩ පුළුවන්. හැබැයි හුගක් වෙලාවට
වෙන්නේ ඇත්තටම වැඩේට යන වෙලාවට වඩා වෙලාවක් තීරණයක් ගන්ඩ යන එක.
මට මතක විදිහට කොළඹ කටුනායක අධිවේග පාර හදන්ඩ අඩුම ගානේ
1965 විතර ඩඩ්ලි මහත්තයගේ ආණ්ඩුවේත් සැලසුමක් තිබුනා. එහෙම හදන්ඩ පටන් ගත්තු පාලං
කෑල්ලක් ඔය දැන් තියන අධිවේගය හදන්ඩ පටං ගන්න කල්ම පෑලියගොඩ හන්දියේ තිබුනා. ඒක
පාවිච්චි කරේ නං පෝස්ටර් ගහන්ඩයි වැස්ස වෙලාවට නොතෙමී ඉන්ඩ හෙවනක් විදිහටයි
විතරයි. අපිට අඩු ගානේ අවුරුදු හතලිහක් ගියා කටුනායක අධිවේග පාර හදා ගන්ඩ මුල්ම
සාකච්චා වල ඉඳං. හැමදාම අපි ඔහොමද? අවුරුදු විස්සක් තිහක් කතා කරලා ලෝකෙටම ණය
වෙලා පාඩු පිට පවත්තගෙන යන දේවල්ද අපි හදන්නේ? මම ඕක ගැන හිත හිතා හිටියේ කාලෙක ඉඳලා.
ටිකක් කල් ගියත් අන්තිමට, හරියට කරපු හත් පොලේ නා ගන්ඩ
නොවිච්ච වැඩක් ගැන අහන්ඩ හම්බ උනේ මේ ලඟදි. මම ලඟදි ඒ ගැන ඇහුවට වැඩේ වෙලා තිබ්බේ
මීට අවුරුදු සිය ගානකට කලින්. මම ඒ වැඩේ ගැන දැන ගත්තේ හරි ෂෝක් පොතක් කියවන්ඩ
ලැබිච්ච හින්දා. ලියල තියෙන්නේ ඉන්ද්‍රානි මුණසිංහ මැතිණිය. පොතේ නම The Colonial Economy on Track – Roads and Railways in
Sri Lanka (1800-1905). ප්‍රකාශනය සමාජ විද්‍යාඥයන්ගේ
සංගමය. අවුරුද්ද 2002. ඒ පොතේ තියනවා
කොහොමද ලංකාවේ මහ පාරවල්,කොච්චි පාරවල් හදන්ඩ
අඩිතාලම වැටුනේ කියල. කැමති නං
කියවන්ඩ උඩරට කෝච්චි පාර හැදිච්ච හැටි බේං.
අපිට සුද්ද අහු උනේ 1815 දි නේ. අපේ විදිහ
තමයි මොකෙක් හරි අහු උනොත් 'දත් තිස් දෙකම ගලවන එක'. ඉතිං ආය සුද්ද කියල
වෙනසක් නෑ!!! සුද්දව
අල්ලගත්ත මදිවට අපි ඌට කිව්ව….
"දැන් ඉතින්
තොපි මෙහෙ ආවනං වැඩ කරපියව් නිකං ගොබිලො වගේ කකා බිබී ඉන්නැතුව!" කියල.
සුද්දෝ ඇහුව "මොනවද හාන්දුනේ කොරන්ට ඕන වැඩ?" කියල.
කියපංකො චන්දයක් තියලා පරම්පරා හත අටක් ගොඩ යනවා වගේ
ලේසි වැඩක්...එව්වා කොහෙද අපිත් එක්ක. අපි කිව්ව කැලේ කපල ලෝක වෙළඳ පොලට අපිට
යවන්ඩ පුලුහන් දෙයක් වවාපල්ලා කියලා.
එතකොට ඌ අහපි "එහෙනං හාන්දුනේ අපි වී වවන්ඩද?" කියල
"හුහ්..වී!!?...යකෝ අපි
වවන්නං වී...අපේ වී ගැන මුළු ලෝකෙම දන්නවා දැනටම...තොපි වවපියව් වෙන දෙයක් කම්මැලි
හැත්ත එනවා මෙතන අපි කරන දේ කොපි කරන්ඩ!!" කියල.
සුද්ද එදා තමයි තේරුං ගත්තෙ උං මෙදා පාර නං අහුවෙලා
තියෙන්නේ ලේසි පාසු ගැන්සියකට නෙවෙයි කියල. ඉතිං උං ලෝකේ පුරා හොයනවා මොනවද මෙහෙ
වවන්ඩ පුළුවන් ඒ වගේම ලෝක වෙළඳ පොලේ විකුණන්ඩ පුළුවන් දේ කියල.
ඔන්න ඔය කාලේ වෙනකොට කෝපි බොන එක මාර ප්‍රසිද්ධයි ප්‍රන්සෙ, බෙල්ජියම වගේ
රටවල් වල. එහෙට අඩු ගානට කෝපි එව්වේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින්. මොකෑ දන්නවද
එහෙ වතුවල වැඩකලේ වහල්ලු. ඔන්න අපේ වාසනාව වැල්ලේ කැරකෙන්ඩ පටං ගත්තා. ජැමෙයිකාව, ඩොමිනිකන්
ජනරජය වගේ රටවල්වල වහල් සේවය නැවැත්තුවා ඒ රටවල්. දැන් වැඩ කරනවට සල්ලි දෙන්ඩ ඕන.
ඒ හින්ද කොපි වලට යන වියදම වැඩියි. ලෝක වෙළඳ පොලේ කෝපි මිල වැඩි උනා සුටුස් ගාල.
ඔය වෙනකොටත් ලංකාවේ කෝපි තිබ්බ. හැබැයි 1835 විතර කාලේ
වෙච්ච මේ සංගදිය හිංද බලා ඉන්දැද්දී වගේ කොපි මිල වැඩි උනා. ඒත් එක්කම අපි
සුද්දන්ව අල්ලගෙන කොපි වතු වවන්ඩ පටං ගත්තා ඕසෙට!
1806-1813 කාලේ - ඒ
කියන්නේ අපි සුද්දව සම්පූර්ණයෙම්ම අල්ලගන්ඩ කලියෙන් ලංකාව පිටරට යවපු කෝපි ප්‍රමානෙ
කිලෝ 1,202 යි. ඒක 1820-1833 කාලෙදි 935,035 ට වැඩි උනා.
අර මං කියපු වෙස්ට් ඉන්ඩීස් කචල් එකට පස්සේ මේක තවත් වැඩි උනා. 1842 දී කොපි
වගාවට විකුනපු ඉඩම් ප්‍රමාණය විතරක් අක්කර 48,534 ලු. මධ්‍යම පළාතේ
විතරක් ලොකු කෝපි වතු 130 විතර තිබ්බ
කියලයි කියන්නේ.
ඔන්න සුද්ද ආයෙත් අපිට කිට්ටු කරල මෙහෙම අඬනවා.
"හාන්දුනේ අපි
ඉඩං ටික නං හොයා ගත්තා. දැන් වතු වල වැඩටවත් එන්ට පුලුවන්ද අපිට මෙව්වා තනියම
කොරන්ඩ අමාරුයි!!" කියල.
"එක පාරක්
කිව්වනේ බෑ කියල. තොපිම කොහොම හරි වවලා අපිට සල්ලි ටික විතරක් දියල්ල අපි මොකටෙයි
වතුවල බැල මෙහෙ කරන්නේ. අපි ගොවි කුලේ උන්
ඩෝ!"
සුද්දත් හිතුව බැඳ ගත්තනං බෙරේ ගහන්ඩම එපායැ කියල දකුණු
ඉන්දියාවෙන් ගෙන්නන්ඩ ගත්තා වතුවල වැඩට මිනිස්සු. 1839 දි 2,719 ඉන්දියාවෙන්
ඇවිත් මෙහෙ වැඩ කළා. ඒ ගාන 1839 වෙද්දි 73,401 වෙනකල් වැඩි උනා. (ඔය
ඉලක්කං දිහා බලනකොට පොඩ්ඩක් මතක් කර ගන්ඩ මිනිස්සු ප්‍රමානේ වැඩි වෙනකොට කන්ඩ
බොන්ඩ තියන අවශ්‍යතාවලුත් වැඩි වෙනවා. ඔය කාලේ අපිට ඕන හාල් ඔක්කොම වගේ ගෙන්න
ගත්තේ පිටරටිං!!)
ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි කෝපි වැවිල්ල පටං ගත්තා
කියමුකො. කෝපි වල
අස්සැන්න එනකොටත් සුද්ද ආව අපි ගාවට.
"හාන්දුනේ කෝපි
ලෑස්තියි. තමුන්නැහෙලා උදේ දවල් රෑට කොපි බොන්ඩ පටං ගත්තේ නැත්තං අපි කොහොමද
මෙව්වා විකුණා ගන්නේ?"
කියල.
අපි ඇහුව "තොපිට පිස්සුද යකෝ ඔහොම කෝපි බීලා පස්ස
පැත්තේ රැස්පොට් බලන්ඩ උනාම තොපිද එන්නෙ වස්ති කොරන්ඩ?" කියල!
හුහ්... සුද්ද එනවා අපිට උගන්නන්ඩ..! අපි ඔය පංතිය පාස්
කරලා බොලව් ඉන්නේ!
දැන් සුද්දා කෝපි ටික යවනවා ඉස් ඉස්සරෝම නුවරට. එතැනින්
කොළඹට. හොහොමද යවන්නේ ගොන් කරත්තෙන්. නුවර ඉඳන් කොළඹට හැතැම්ම 72 යි. ඒ
කියන්නේ කිලෝ මීටර් 116. දවස් දොළහක්
ගියා ඒ කාලේ කෝපි කරත්තෙකට කොළඹ එන්ඩ.
කිලෝ 762 කෝපි පුරවගෙන
කොළඹ එන්ඩ ඒ කාලේ පවුම් 2 සිලිං 10 ගත්තා අපි.
දැනගනියව් පැන්ස 12 ක් සිලිමයි.
සිලිං විස්සක් පවුමයි. ඒ කියන්නේ කරත්තෙකට පවුම් 2.042. අද කාලේ වටිනාකමට
හැරෙව්වොත් රුපියල් 52,
300 විතර වෙනවා. ඒ කියන්නේ කිලෝ එකකට රුපියල් හැට නවයක්
විතර වෙනවා. ඉතුරු රුපියල කොහොමත් මාරු කාසි නෑ කියල දෙන්නේ නැති හිංද කිලෝ එකකට
රුපියල් හැත්තෑවයි කියලම හිතා ගනිල්ලා.
මට කියන්ඩ ඕන උනේ දැන් අපි කිලෝ පනහක විතර මල්ලක් බස්
එකට දාගෙන එන්ඩ හදන කොට කොන්දොස්තර මහත්තයා රුපියල් පනහක විතර ටිකට් එකක් කඩන්ඩ
හදනවා. අපි එතකොට පොරගේ මව් දෙමවුපියෝ අහවල් කාරිය කරපු හැටි මතක් කරල හිත ඇතුලෙන්
බනිනවා!! හා නැද්ද? නිකමට හිතන්ඩ
ඒ වෙලාවට අපි සුද්දව අල්ලගෙන පාර හදවාගෙනත් ඌ කෝපි කිලෝ එකක් නුවර ඉඳන් කොළඹට
යවන්ඩ ඒ කාලේ රුපියල් 70 ගෙව්ව බව.
කොහොමද අපි සුද්දව අන්දපු ඇන්දිල්ල!!!!!
ඔය කාලේ මුළු ලංකාවෙම තිබ්බේ ගොන් කරත්ත 5,000. 1847 වෙනකොට කොළඹ
නුවර අතර කරත්ත ගමන් අවුරුද්දකට 79,000 උනා කියල තමයි ඇස්තමේන්තු කරල තියෙන්නේ.
වැඩේ ඒක නෙවෙයි. වැස්ස කාලෙට ඔය දවස් දොළහේ ගමන තව දික්
උනා. වැස්සට අහු වෙලා කෝපි සවුත්තු උනා. එතකොට කොපි ලංඩන් මාකට් එකේ විකුණන්ඩ උනේ
කුණු කොල්ලෙට. කිලෝ එකකට රුපියල් හැත්තෑවක් දීලා කොළඹ එවලා එතනින් ලංඩන් යවපුවම
කොලිටි නෑ කියල ගාණ අඩු වෙන එක වතු සුද්දන්ට දරා ගන්ඩ බැරි උනා. මෙච්චර පහසුකං
තියන අද කාලේ තේ ටිකක් රුසියාවට යවපුවම ඒකෙ මොකෙද්ද කුරුමිණියෙක් හිටිය කියල
පහුගිය දවස් වල කළබැගෑනියක් තිබ්බේ. එහෙව් එකේ ඒ කාලේ කොහොම ගේම් තියෙන්ඩ ඇද්ද? ඒ හිංදා
ඉක්මනට, ආරක්ෂිතව, අඩු මිලට කෝපි
කොළඹ එවන කෙරේමයක් හොයා ගන්ඩ ඕන උනා.
ඔන්න ඔහොමයි කෝච්චි සේවාවක් අපේ රටේ පට්.....ටාන් ගම්මු
කියල අපි සුද්දට යෝජනාව දැම්මේ. ඌ මේ යෝජනාවෙන් අන්දොස් වෙලා අපේ මොලේ ගැන පුදුම
වෙලා නගුට පස්ස පැත්තේ ගහ ගත්තු බල්ලෝ වගේ කොච්චි පාර හදපු විදිහ ඊගාව ලිපියෙන්
කියවමු.
එතකල් අපි එදා ඉඳලම වැඩ කරපු විදිහ ගැන දුකක් හිතුනොත්
පොඩ්ඩක් ඉවසලා ඉන්ඩ කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව. හොඳ හොඳ සෙල්ලං ගැන තව විස්තර
තියනවා.
ආශ්‍රිත ග්‍රන්ථ හා වෙබ් අඩවි
The Colonial Economy on Track- Roads and
Railways in Sri Lanka (1800-1905), Indrani Munasinghe, Social Scientist’s
Association (2002)
http://ceylonrailway.com/sri-lanka-railway-history/history-of-sri-lanka-railway-part-1/
(Accessed on 18-03-2018)
ඒකත් එහෙමද
ReplyDeleteඇයි සුද්ද ගැන දුකයිද අටමා තුමනි?
Deleteඔය පීඩනේ දරාගන්න බරුව සුද්දො කී දෙනෙක් හැංගඩැං ඩයි උනාද නෙහ්.
ReplyDeleteනැතුව නැතුව....අපරාදේ උං අපෙන් බේරුනා නේ 48 දී. නැත්තං තව වැඩ ගන්ඩ තිබ්බා....
Deleteඅම්මපා ඒ කියන්නෙ ඒ කාලෙ කරත්තයක් තිබුන කියන්නෙ දැං කාලෙ 1510 ලොරියක් තිබුණා හා සමානයි. එක ටර්න් එකෙන් පනහක් හැටක් අතේ. බලපුවහම ඒ කාලෙ එහෙම නොගෙන බෑ. ඔය ගමන් මගේ පවුල් කීයක් නඩත්තු කරන්නත් කියලද ඉතිං.
ReplyDeleteදවස් දොළහක් එක පැත්තකට යන්ඩ ගතවෙනවා කියන්නේ මාසෙකට එක ට්‍රිප් එකයි. ඔය අල්ලපනල්ලේ පාළුවක් කාන්සියක් දැනුනම පොඩි පොඩි කොටු පැනිලි නොවුනානං තමා පුදුම සුරංග මලයෝ...
Deleteඅර රැස්සිම් ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මම කාළයක් වැඩ කරපු රටේ ගෲප් මීටින් නෑ. තියෙන්නේ ඉන්ඩිවිජුවල් මීටින්. අනික එවා තියෙන්නේ මීටිම තියන්න ඕන එකාගේ කාමරේ නෙමෙයි. ඌ හරි ඒකි හරි යනවා ඌගේ අවශ්‍යතාවය තියෙන එකා ළඟට. ඒ ගිහින් ඇවිල්ලා මම වැඩ කරපු තැන නම් මේ විදියට සිස්ටෝන් එක ගෙනිච්චා.
ReplyDeleteතා නියම වැඩක් උනා. මෙහේ ආපු ගමන් කොම්පැනියේ ඩිපියුටි චෙයාර්මෑන් කෙනෙක් එක්ක මීටිමක් තිබුනා. ඌ ළඟ පළතුරු බෝල් එකක්. ඌ මීටිම අස්සේ අරකේ තියෙන ඇපල් කෑලී මිදි අරවා මේවා චර බර ගාලා කනවා. මම කරපු වැඩේ මාත් කෑල්ලක් දෙකක් කාලා අනික් උන්ටත් ඇල්ලුවා. එකෙක් නෙමෙයි කෑවේ. මීටිමත් ඉවර උනා. අනික් උන් ටික කට ඇරගෙන බලාගෙන ඉන්නවා. යකෝ ඒක කන්නේ ඩිපියුටි චෙට්යාමන් විතරෙයි කියලා. මම ඒ ආයතනේ ඉන්නකන් උගේ හැම මීටිමේම උගේ පළතුරු බෝල් එකට වැඩේ දුන්නා. මම ඒවට කිව්වේ ෆෘට් ඊටින් නෝ ප්‍රෝග්‍රෙස් මීටින් කියලා. ඌ මගේ ලොක්කා හින්දා උගේ මිටින් වලට ගියාට. මම අර පිට රට ක්‍රමේ ඇප්ලයි කලා.
ඉතින් බං ඔය හයි වේ ටික ඇර සුද්දා හදාපු පාරවල් ටික නේ තාමත් අපිට තියෙන්නේ.. හයි වේ හැදිල්ලත් දැන් නෝ වේ වෙලා තියෙන්නේ. උන්ට උන්ගේ පාටි හදාගන්න බැරුව පුක ඉරා ගන්නවා.
ෂෙහ්.... ප්‍රභාකරන් මළා නේ අප්පා....
ow banz marune nathnam oththuwak deela keeyak hari hoya ganna thibba chaaa,,,
Deleteඅන්න ඒකට අපේ ලොක්කෝ....නිකමට වත් අපිට කෙහෙල් ගෙඩියක් ඇපල් කෑල්ලක් තරම දෙන්නේ නෑ. හිටපු ගමං චොකලට් පෙත්තක් නං දෙනවා ඒරොප්පෙන් ගෙනාපු...ඒ හිංදා අපේ තියෙන්නේ නෝ ෆ්රුට් ඊටිං නෝ ප්‍රෝග්‍රෙස් මීටිං. ඔන්ලි ටයිම් ඊටිං!!
Deleteඑතකොට අපිද සුද්දව යටත් කොර ගත්තේ......
ReplyDeleteනැතුං? ඌ අපිව යටත් කොර ගත්ත නං අපෙන් වැඩ ගන්ඩ එපෑ. දැන් බලන කොට උන්නේ වැඩ කරලා තියෙන්නේ. එතකොට අපි උන්ව යටත් කරගෙන නෙවෙයිද? අම්මප මගේ වැඩ ටික කවුරු හරි කරලා දෙනවනං මාත් කැමතියි යටත් වෙන්ඩ.
Deleteදුටුගැමුණු ගේ කාලෙ ----- ගේ චින්තනයට අනුකූලව , ---------ගේ සංකල්පයක් ලෙස,------- විසින් මුලගල තබා ------ගේ උපදෙස් මත, -----ගේ අනුදැනුම ඇතිව. ------ගේ අධීක්ෂණයෙන්, ------ ගේ මගපෙන්වීම යටතේ ----ගේ ප්‍රතිපාදනවලින් ------මූලිකත්වයෙන් ඉදිකර, -----ගේ ---- ගේ ගේ -----ගේ සහ ----ගේ සහභාගිත්වයෙන් -----ගේ ආරාධනයෙන් ------ ගේ සුරතින් විවුර්ත කලේ නැති නිසා තමයි ඕවා නටඹුන් වුනේ.
ReplyDeleteඊලඟට ඔය මෝඩ අකාර්යක්ෂම සුද්දො හදපු පාලං එහෙම බලන්න. ඒවාගේ හදපු කම්පනි එකේද කොහෙද නම ගහලා තියෙන්නෙ. ඒකත් පොඩි තහඩුවක්. බිල්ඩිංවලත් විවුර්ත කරපු එකා දෙන්නෙකුගෙ නම් ගහලා තියනව ඉඳල හිටල. ඉතින් රටක් දියුණුවෙයිද!!!
අඩුගණනේ "ගරු " 15ක් 16 ක් බෝඩ් එකේ තියෙන්න ඕනෙ මේ අපේ වගේ දියුණුවක් ලබන්න
එහෙම කියන්න එපා ප්‍රා.... අපේ අනාගත දූ දරුවන්ටත් සෙල් ලිපි කියන දේ බලාගන්ට තියෙන්න එපාය හිටන්....
Deleteදුටුගැමුණුගෙ කාලෙ හිටිය ඔක්කොම ගේ අයද? හැක්..
Deleteඔන්න අනුරාජපුරේ කච්චේරියට ගිය වෙලාවක බලන්ඩකෝ සමරු පලකෙ. හදපු ඉංජිනේරුවගේ නම විතරයි දාලා තියෙන්නේ. හරිම ලැජ්ජයි. එහෙමද දැන් කක්කුස්සියක් හැදුවත් අඩි විස්සක් දිග තිහක් පළල බෝට් ලෑල්ලක් එල්ලනවා. පේනවනේ දියුණුවේ ආශ්චර්යය!!
Delete"ජාතියට ඔටුන්න" ඔයාමඩුවේ තිබුන වකවානුව (2012) ගැන මතකයක් වෙන්ඩෑ ඔබතුමා මුලින්ම අවදි කොරන්නේ. ඕකට රාජ්‍ය සේවකයෙක් විදියට මමත් ගිහින් අටමස්ථානයේ එහෙමත් ඇවිදලා අවා නෙව.
ReplyDeleteරාජ්‍ය නිලධාරීන්ගේ ගොඩක් මීටින් ගැන ඔබතුමාගේ අදහසට නම් මම එකඟයි. කයිය විතරයි වැඩට වඩා.
එත් පුද්ගලික අංශයේ සේවය කොරන අවධියේ නම්, ඉඳගන්නෙවත් නැතුව හිටගෙනම project plans ගැන කියල ඉක්මනින් විසිර යන මිටින් ජාතියකුත් තිබුණා. (මොකක්ද නමකුත් කියනවා ඕකට, මතක නැහැ නෙව)
Stand-up meetings
Deleteනුවන් තුමා කියන උස්සවේ එක්ක තමයි මුලින් කියපු සිද්දිය උනේ. හුගක් රැස්සීම් NATO - No Action Talk Only. මං නං ප්‍රාර්ථනා කරන්නේ ඔය ලිඛිත මැඩම් කියනවා වගේ හිටගෙන ඉන්න මීටිං තියන කන්තෝරුවක වැඩට යන්ඩ නෙවෙයි. මීටිං තියන කොට ඇඳක හාන්සි වෙලා ඉන්ඩ පුළුවන් කන්තෝරුවකට යන්ඩ. එතකොට පොඩි නැප් එකක් දාන්ඩ පුළුවන් හිටගෙන හෝ ඉඳගෙන නිදා ගන්නේ නැතුව. එහෙම කන්තෝරු තියනවනං කියන්ට ඕන හොඳේ!!
Delete//මීටිං තියන කොට ඇඳක හාන්සි වෙලා ඉන්ඩ පුළුවන් කන්තෝරුවකට යන්ඩ. එතකොට පොඩි නැප් එකක් දාන්ඩ පුළුවන් හිටගෙන හෝ ඉඳගෙන නිදා ගන්නේ නැතුව. එහෙම කන්තෝරු තියනවනං කියන්ට ඕන හොඳේ!!//
Deleteආ.... ඒ ජාතියෙන් ඒවා තිබ්බනේ බටලන්දේ එහෙම, යන්න බැරි උනාද? සැක් නේද?? බයවෙන්න කාරියක් නෑ , ඊළඟ පාරට යන්න පුලුවන්වෙයි.
අපොයි මම නම් අපේ chairman තුමා එක්ක තියෙන මීටින් එකක වුනත් පොඩි නින්දක් නම් දානවා කොහොමත්. මට අදාළ මාතෘකාවක් කතා වෙද්දී හරි, මගේ නම කොහෙන් හරි කියනකොට හරි ක්ෂණිකව අවධි වෙනවා. හැක් හැක් ...
Delete@ Likitha;
Deleteඕවටම scrum meetings කියලත් කියනවා නේද?
@Nuwan :
Deleteඔව්. Scrum වල මීටින් කියන්නෙම ඔය වගේ පොඩි පොඩි ඒවා. හරිම effective and practical
This comment has been removed by the author.
ReplyDeleteමට පොඩි එඩිටින් වැඩකට ලංකාවෙ ලස්සන ගැන කරපු වීඩියෝ බලන්න වුනා. ඒ හැම එකකම නොවරදාම තිබ්බ එකක් තමා , ආරුක්කු නමයේ පාලමෙන් කොච්චි එක හැටි.
ReplyDeleteඑතෙන්දි නං සුද්දා අපිව ඇන්දුව නේද, ලොකු මලයො? අර කව්ද අප්පුහාමියෙක්ව අන්දලා වැඩේ කරගත්තා කියන්නෙ. ඇලවල් ගාව තියෙන ගොඩනැගිලි හිටපු ගමන් ගිලාබහින මේ කාලෙ, ඒ පාලම නං තාම තියනවා යස අගේට. ඒ ගැනත් ලියන්න ඈ?
ඔය ආරුක්කු නවයෙන් කියවෙන්නේ අපේ සමාජේ තියන මූලික වටිනාකම් පද්ධතිය ගැන.
Delete1. බොරුව 2. ඉරිසියාව 3. වංචාව 4. පගාව 5. සුරාව 6.ඇණ ගැනීම 7. කම්මැලිකම 8.ණය වීම 9. මෙව්වා මොනවා උනත් අපි තමයි පොරවල් කියල හිතා ගෙන ඉඳීම
අපේ අර අප්පුහාමි ඔය ගැන තමයි සුද්ද්දව අල්ලගෙන අනාගත පරම්පරාවට පණිවිඩේ දුන්නේ.
දවසක පාලම් ගැනත් ලියන්නං ස්තූතියි ඔබේ අදහසට.
ගුඩ් මෝනිං එකක් වේවා!.
ReplyDeleteදැන් ලොකු මල්ලි සෑර් කියන්නේ අපිට සුද්ද අහු උනේ 1815 දි කියලනේ. සුද්ද අල්ල ගන්ඩ දුන්නු ගේම් එක ගැන සෑර් කියන්නේ නැහැනේ. එව්වත් අපි පැහැදිලි කොරල කියන්ඩ ඕනේ. නැද්ද සෑර්. ඒ වැඩෙත් නොම්මර එකේ මේඩින් සිලෝන් ගේම් එකක්ම තමයි සෑර්.
ශ්‍රී වික්‍රම රාජසිංහ මහා රජ තුමා ගැන සෑර් අහල තියෙනවනේ. එතුමාට ගේම දෙන්ඩ අපේ කන්ද උඩරට නිලමේ සෑර්ල කොච්චර ට්‍රයි කොලත් වැඩේ හරිගියේ නැහැනේ. අන්තිමේ මොකක්ද කොළේ?. අර අහක වේලි වේලි WWN (වැලේ වැල් නැතුව) හිටපු සුද්දව 'පොදු අපේක්‍ෂකයා' කොරල දුන්නේ නැද්ද රජාට බැෂ්ටිය. අන්න එහෙමයි එදත් අපේ වැඩ. (හැබැයි සුද්ද ඉතින් කලිසම තියෙද්දීම තමයි ඇරියේ අපිට. එව්වා ඉතින් වෙන කතා.)
හැබැයි ඇත්තටම අද ගැන කියන්ඩනං මං දන්නේ නැහැ සෑර්.
ජයවේවා!
ඔය පොදු අපේක්ෂකයා ගැන කතා නොකර ඉම්මු. මොකටෙයි නිකං ලේ රත් කර ගන්නේ. හැමදාම පොදු අපේක්ෂකයෝ කරේ අර හැට්ටර් තුමා සුද්ද අපිට කළා කියන දේම තමයි.
Delete