මතකද එක්ස් ෆයිල්ස් කියල ඉංග්‍රීසි කතා මාලාවක් තිබ්බා? ඒජන්ට් මල්ඩර්
සහ ඒජන්ට් ස්කලී කියලා එෆ්.බී.අයි. ඒජන්ත වරුන් දෙන්නෙක් සාමාන්‍ය ලෝකයේ සිද්දවෙන
විද්‍යාත්මකව අසාමාන්‍ය දේවල් හොය හොයා ගිය අපූරු කතා මාලාවල් කීපයක්!! මේ නමින්ම
චිත්‍රපටි දෙක තුනකුත් ආවා. ඉන්දියාවේ හදන ගොං පාට් කොපි කරන ඒවා රහ කර කර බලන (මට
හිතෙනවා සමහරු ඒවා බලන විදිහට ටී වී එක බලනවා නෙවෙයි ගිලිනවා කියලා) අපේ රටේ මේ
සම්මජ්ජාතියේ එක්ස් ෆයිල්ස් වගේ එකක කොපියක් හැදෙන්නේ නැති උනාට කාලෙකට ඉස්සර
ජාතික රූපවාහිනිය මේ කතා මාලාව උප සිරැසි දාලා පෙන්නුවා. (මේ ලඟදි රෑ හතට පටන්
ගත්ත විශේෂ වැඩසටහන් මාලාවේ බ්‍රහස්පතින්දා දවස වෙන් උනේත් එක්ස් ෆයිල්ස් වලට. ඒත්
අපේ උන්දැලාට ඒක දිරවන්නේ නැති හින්දද කොහෙද දැන් එක නවත්තලා දාලා).
ඔය කතා මාලාවේ
ඉන්න ඒජන්ට් ස්කලී විතරක් නෙවෙයි මල්ඩර් වත් ඒ කාලේ අපේ හිත් පැහර ගත්තු චරිත. මගේ
මතකේ හරිනං අගහරුවාදා හරි බ්‍රහස්පතින්දා හරි දවසක රෑ දහයට තමයි ඔය කතා පෙන්නුවේ.
මාත් එක්ස් ෆයිල්ස් පිස්සෙක්. ඒ දවස් වල එක කතාවක් හරි බලන්ඩ බැරි උනොත් නිකං සති දෙක තුනක් කෑවේ නෑ වගේ, ලංකාව
බංග්ලාදේසේට පැරදුනා වගේ කොටිම්ම ගෙදර ගිහිං හිටපු නෝනා ආපහු ආවා වගේ.
මේ ඉන්නේ ස්කලී සමග මල්ඩර්