අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා. මොනවහරි කවට කමක් කලොත් අපිට මතක් වෙන්නේ අන්දරේ. අති පණ්ඩිත වැඩක් කරලා අනාගත්තොත් මහදැනමුත්තා තමයි මතක් වෙන්නේ. කෙලෙහි ගුණ නොදන්නා කමට නම් දරාපු චරිතේ මූසිල. මේ චරිත බිහිකරපු කවියෝ එහෙම නැත්තං කතන්දර කාරයෝ ඒ චරිත වලට ආභාෂය ලබා ගත්තේ අපේ සමාජෙන්ම තමයි. ඒ කාලේ ඒ ඒ චරිත වලට පන පොවපු හැබෑ චරිත හිටිය වගේම අද කාලෙත් එහෙම චරිත ජීවත් වෙනවා. උදාහරණෙකට මූසිල ගම්මුකො. කොහොමින් කොහොම හරි මිනිස්සු රවට්ටලා ඉහලටම ගියත්, කෙලෙහිගුණ නොදන්නාකම හිංදා පජාති වෙන චරිත නැද්ද හා අද රටේ ලෝකේ?
නෑ? එතකොට නෑ කියලමද හිතන්නේ? හා...ඉතිං ඔබ තමුන්නහෙලා එහෙම හිතනවනං මට මොකෝ? හැබැයි නිකමට වගේ මතක් කර ගම්මුද මූසිල ගේ කතාව?
මූසිල... මූසිල.... කියනකොට නිකං මහා මූසල ගතියක් දැනෙනවනේ. සමහර විට ඒ නමද දන්නේ නෑ මිනිහට හෙනහුරාට හිටියේ. එහෙම නැතුව සිරිදාස වගේ ලස්සන, සිරියාවක් තියන නමක් තිබ්බ නං සමහරවිට ගුත්තිල පඬිතුමාට වඩා මූසිලට නෑ... නෑ ...පොඩ්ඩක් වැරදුනා සිරිදාස ට කැමති මිනිස්සු ප්රමානේ වැඩි වෙන්ඩත් තිබුනා. ඔන්න ඒ හිංදා අද කාලේ මූසිලට මම කියන්නේ සිරිදාස කියලා හොඳේ. ඔබ තමුන්නැහෙලා කැමති කැමති නමක් දා ගන්ඩලා.
මගේ හිත ගිය මුල්ම කවිය අර බරණැස් නුවර ඉඳලා ගිය වෙළෙන්දෝ ඉස්සරහට සිරිදාස ගෙන්නන හැටි. හවස් ජාමේ පොඩි ජොලියක් ගන්ඩ හිතන මේ වෙළෙන්දෝ ගෙන්නනවා වැඩර් කෙනෙක්.
දනන් මන් තුටු කොට - වීණා ගායනාවට
ඇදුරෙකු තම වෙතට - ගෙනෙන ලෙස පැවසූය එකෙකුට
ඒ කියන්නේ මිනිස්සුන්ට ආතල් දෙන්ඩ පුළුවන් චරිතයක් තමයි හෙව්වේ. එහෙම වැඩක් කරන්ඩ පුළුවන් කියලා අතරමැදියෝ එහෙම නැත්තං බ්රෝකර් ලා හිතුවේ සිරිදාස ගැන. කොටිම්ම ඒ පැත්ත පළාතේ ඒ වෙනකොට හිටපු හොඳම වැඩ කාරයා තමයි සිරිදාස. එතකොට අපිට අනික් වීණා කාරයෝ ගැන හිතා ගත්ත හැකි නේ. උං මීට වඩා කුජීතු අයියලා.
ඔන්න ඉතින් සිරිදාසත් එනවා වැඩ පෙන්නන්නං කියලා හිතාගෙන.
වෙළෙන්දෝ මෙයාට ගතමනාව දීලා සතුට්‍රු කරනවා. අද කාලේ විදිහට මොකක් හරි ලොකු තනතුරක් හරි තෑග්ගක් හරි කියල හිතමුකෝ.
දැක ඔහු උන් වෙතට - කැඳවා වුත් පළමු කොට
මිල දී සතුටු කොට- යෙදී වීණා ගායනාවට
ගතමන්ට් එක හම්බුනාට පස්සේ සිරිදාසත් ට්‍රයි කරනවා තමුන්ට පැවරිච්ච වැඩේ කරන්ඩ. දෙතුන් විදිහක් ගැන හිතලා අන්තිමට ඉතාම ලිහිල් විදිහට වැඩේට බහිනවා.
වෙළෙන්දෝ මෙයාට ගතමනාව දීලා සතුට්‍රු කරනවා. අද කාලේ විදිහට මොකක් හරි ලොකු තනතුරක් හරි තෑග්ගක් හරි කියල හිතමුකෝ.
දැක ඔහු උන් වෙතට - කැඳවා වුත් පළමු කොට
මිල දී සතුටු කොට- යෙදී වීණා ගායනාවට
ගතමන්ට් එක හම්බුනාට පස්සේ සිරිදාසත් ට්‍රයි කරනවා තමුන්ට පැවරිච්ච වැඩේ කරන්ඩ. දෙතුන් විදිහක් ගැන හිතලා අන්තිමට ඉතාම ලිහිල් විදිහට වැඩේට බහිනවා.
එදසා තුටු නොවන - ඒ වෙළඳ දනන් ගේ මන
තුටු කරවන සිතින - ලිහිල් සැදුමෙන් වෙණ සදාගෙන
පොර දාගෙන ප්ලේ කරනවා. හැබැයි හරිම ලිහිල් විදිහට. තත් ටික නිකං තමන් කැමති විදිහට වැනෙනවා. එහෙම වැනෙන කොට පොඩි සද්දෙකුත් එනවා ඕනෑවට එපාවට වගේ. සිරිදාස හිතන්නේ මේ තමයි මිනිස්සු කැමති ටියුන් එක
කියලා
වෙළෙන්දෝ වගේ වගක් නැතුව උඩ බලං ඉන්නවා දැන් පටං ගහන්ඩ ගනියි
දැන් ගහන්ඩ පටන් ගනියි කියලා.
බසකින් නොදන්නා - කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා - දනන් මෙන් උන් බලා ඉන්නා
සිරිදාසත් අවුරුදු දෙක තුනක් ප්ලේ කරලා වෙළෙන්දෝ දිහා බලනවා. උං තක්බීර් වෙලා වගේ බලාගෙන ඉන්නවා.
බසකින් නොදන්නා - කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා - දනන් මෙන් උන් බලා ඉන්නා
සිරිදාසත් අවුරුදු දෙක තුනක් ප්ලේ කරලා වෙළෙන්දෝ දිහා බලනවා. උං තක්බීර් වෙලා වගේ බලාගෙන ඉන්නවා.
වෙසෙසින් නියම කොට - දුන්නත් ඉසුරු මුළු රට
තුටු නොවෙන එකෙකුට - ගමක් දෙන මෙන් සතුටු පඬුරට
රටක් කරලා ඇති නොවිච්ච එකා ගමක් හම්බ උනාම සෑහෙයිද? නෑ. ඒ
වගේම තමයි වෙළෙන්දොත්. ෆුල් අඤ්ඤ කොරොස් වෙලා බලාගෙන ඉන්නවා. ඒ හිංදා වීණාව පරණ පුරුදු ඔතෑනි විදිහට ගහන ගමම්ම පොඩි කොමිට් කෑලි දෙක තුනක්, කඩු පයිට් දෙකක් වගේ ගැලරියට ආතල් දෙන වැඩක් දෙකක් කරනවා.
මිහි රස ගී සමග - කර ගායනා මන රඟ
එවිටද උන් එරඟ - බලා නොසුතුටු සිතින් උන් රඟ
(එදා වෙච්ච විදිහ ගැන තමයි පොතේ තියෙන්නේ. අද වෙන විදිහ ගැන අලුත් කවියක් ලියන්ඩ වෙයි මගේ හිතේ...)
ම්හ්...ඒත් හරියන්නේ නෑ. වෙළෙන්දෝ කිසි සතුටක් නොපෙන්වා ඉන්නවා. මේ මොකෑ බොල මුං මේ ගලේ පහරපු බළල්ලු වගේ මං ප්ලේ කරනවා මේ තරං අජූතද?
මෙහෙම හිතපු සිරිදාස පොඩි චන්දෙකට යනවා නොහොත් වෙළෙන්දන්ගෙන් කැමැත්ත අකමැත්ත විමසනවා.
නොමිහිරිද මේ වෙණ - ඇසූහුද මින් වැඩි වෙණ
නැතහොත් නැත නුවණ - කියව නොසතුටු වන්ට කාරණ
මෙන්න එතකොට වෙළෙන්දෝ දෙන උත්තරේ!
ඇදුර තුටු නොවෙතියි - නොසිතප සිප් නොදනිතියි
උනිමු වෙණ සදතියි - නොදත්තෙමු ගායනා කරතියි
අපි හිතුවේ ඔයා තාම ටියුන් කරනවා කියල. කවුද දන්නේ ඒ තමයි ඔයා දන්න හොඳම සෙල්ලං කියලා? (මෙහෙම කිව්වම සිරිදාසට මොකක් හිතෙන්ද ඇත්ද? බඩ කපාගෙන කැලේ රිංගන්ඩ නොහිතුනා නං තමයි පුදුම)
ඔන්න දැන් සිරිදාසට නප්පියට තද වෙනවා. හුහ්..කව්ද යකෝ තොපි මට එහෙම කියන්ඩ? මට වඩා පොරක් තොපි දැකලා තියනවද?
නින්දා බස් කියන - වෙළෙඳුනි වෙණ වැයීමෙන
මට වැඩි තරම් වන - එකෙකු දුටුවා ඇද්ද වෙන තැන
හොඳ වෙලාවට වෙළෙන්දෝ සිරිදාසට කියල දෙනවා වැඩ දන්න ගුරුවරයෙක් ගැන. හැබැයි සිරිදාසට පුළුවන් වෙයිද තමන්ගේ නොදැනුවත්කම පිලි අරගෙන හැදෙන්ඩ? අර කතාවක් තියනවනේ මෙහෙම...
යමෙක් දන්නේද දන්නා බව දන්නේද, ඔහු උගතෙකි. ඇසුරු කරන්න!
යමෙක් දන්නේද දන්නා බව නොදන්නේද, ඔහු නින්දෙනි. අවදි කරන්න!
යමෙක් නොදන්නේද නොදන්නා බව දන්නේද, ඔහු අසරණයෙකි. පිහිට වන්න!
යමෙක් නොදන්නේද නොදන්නා බව නොදන්නේද, මෝඩයෙකි. දුරු කරන්න!!
දැන් සිරිදාසට විකල්ප දෙකයි. එක්කෝ අසරණයෙක් විදිහ ඉන්න එක. එක්කෝ මෝඩයෙක් විදිහට චාටර් වෙන එක. මෝඩයෙක් උනොත් අන්තිම ප්රථිපලේ බඩේ බඩ්ඩිංග වගේ සුවර් තමා ඈ.
හොඳයි අසරණයෙක් කියල පිළිගත්තොත්? ඒත් ඉස්සරහ ලේසි නෑ. මෙන්න මේ වගේ පීචං වෙන අවස්ථා වලට මූණ දෙන්ඩ වෙන්ඩ පුළුවන්.
මේ ගුත්තිල පඬිතුමාගේ ගෙදර ගිහිං වීණාව අල්ල අල්ල ඉන්න කොට ගුත්තිල පඬිතුමාගේ දෙමව්පියෝ කරන දේ.
අඳ මවු පිය දෙදෙන - ඔහු වයන බව නොම දැන
කතී වෙණ මීයන - සු සූ යැයි ඇත ගැසූ සැකයෙන
ආශ්‍රිත ග්‍රන්ථ
කෝට්ටේ යුගයේ පද්‍ය ප්‍රබන්ධ - ද්විතීය භාගය, එච්.එම්. මොරටුවගම, රත්න පොත් ප්‍රකාශකයෝ (2010)
ලොකුමල්ලිට හිතෙන්නේ නැද්ද මේ පාර නම් සිරිදාස වීනාව ටියුන් කරගෙන ටිකක් සතුටුවෙන්ඩ පුළුවන් සෙල්ලමක් දමයි කියල. මට නිකමට හිතෙනවා.
ReplyDeleteඑහෙම කලොත් අපි හැමෝටම හොඳයි නේද දසනායක මහත්තයා.හැබැයි අර උපන් ගෙයි පුරුදු කියල ජාතියකුත් තියනවනේ. අපි බලමු මොකද වෙන්නේ කියල.
Deleteමොරටුවෙගම මහත්තයල අපි එකට කෑවෙ බිව්වෙ කාලයක්. අපි කස්ටියගෙ හොඳම සොමිය තිබ්බෙ කෝච්චියෙ. එයා පදිංචි වෙලා හිටියෙ අපේ ගම් පළාතේ නොවැ. වෙලාවක ලියන්න ඕනෑ.
ReplyDeleteබලන්ඩකෝ හලපතුමනි කොච්චර දේවල් තියනවද ලියන්ඩ. අර ස්වප්නා එක්ක කජු කෑව කතාව ලියලම මහත්තය ගැන ලියන්ඩ. අපි බලාගෙන ඉන්නවා කියවන්ඩ.
Deleteකොළේ ඉරාගන්නෙපා..ඇඟේ හලා ගන්නෙපා..කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මං ලඟට එන්නෙපා !..!! _ පොළොන්නරු ජන කතා.ඒ වගත් එසේමැයි.
ReplyDeleteහැබැයි ලලිත් ගුණවර්ධන තුමනි තමංම කොලේ ඉරා ගත්තොත්, ඇඟේ හලා ගත්තොත් මොකද කරන්නේ කියල ඒ ජනකතාවේ නෑ නේද?
Delete“There comes a time when one must take a position that is neither safe, nor politic, nor popular, but he must take it because conscience tells him it is right.”
― Martin Luther King Jr
Politicians have a whole heap of con-science but not a shred of conscience.
Delete- PJ
The issue in this case is that the guy is not taking any position at all. Today he is taking one stand and tomorrow a complete opposite stand!!
DeleteI totally agree with you on the con-science thing!!
ලොකු මල්ලි අය්යේ ,
ReplyDeleteඋඹලා කියන්නේ පුටුවේ වාදී කරවපු නිසා ඕනෙම දෙයක් කරන්න දෙන්න කියලාද
රන්සකු මල්ලියේ අම්මපා උඹලා වගේ ඉලන්දාරි කොල්ලන්ගේත් මොලේ කොලොප්පන් වෙනවනේ මේ කාලේ. පුටුවේ වාඩි කරපු හිංදා ඔහේ ඕන දෙයක් කොරගන්ඩ දුන්නොත් යස අගේට තියෙයි!! ඕන ඕන දේවල් කොරන්ට මේක උන්ගේ බූදලයක් නෙවෙයි මලයා. මේක අපි ඉස්සරහ පරම්පරා වලින් ණයට ඉල්ලාගත්තු එකක්. ඒක පරිස්සං කොරලා පොළියත් එක්ක ආපහු බාර දෙන එක අපේ පරම්පරාවේම වගකීම!!
Deleteටියුං කරල කම්බි කැඩෙයිද දන්නෑ.
ReplyDeleteගුත්තිල පඬිතුමාගේ නම් කම්බි කැඩුනත් සද්දේ ආවලු. හැබැයි එතුමාට සක්කරයගෙ සපෝට් එක තිබ්බා. එහෙම සපෝට් එකක් නොතිබ්බ මූසිල ඒ වැඩේ කරන්ඩ ගියාම වෙච්ච දේ මෙන්න.
Deleteකෙළෙහි ගුණ සින්දේ - මූසිල අන්දමන්දේ
ජයෙහි ලොබ බැන්දේ - තමා වීණා තතද සින්දේ (287)
අනුවණකම් කෙළේ - ගුරුන් ගුණ සිහි නොකෙළේ
නද ඉන් නොපතළේ - අයසමය මුළු දියත පතලේ (288)
මූසිල මෙපුර තට - නුවරෙක් නොවෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට - යවයි නෙරපූය යම පුරයට (317)
අනුවණකම් කෙළේ - ගුරුන් ගුණ සිහි නොකෙළේ
Deleteනද ඉන් නොපතළේ - අයසමය මුළු දියත පතලේ (
රචනාව ඉරිදා පත්තරේක පලකරන්න වටිනවා..!
ReplyDeleteස්තූතියි පැනිකු තුමණි ඔබේ අදහසට.
Deleteදේශපාලන ප්‍රහසනයේ මා දුටු සුපිරිම නිර්මාණ කරුවා ඔබයි...
ReplyDeleteකැලැසික්
ANE PALAYAN BAN BORU NOKIYAA E KALE Ravi lokkara murunga ate thibba
Delete:)
Deleteස්තූතියි ඔබලාගේ අදහස් වලට.
Delete