තැනිතලා බිම් වල ගෙවූ එඬේර ජීවිතය එපා වෙමින් තිබිණි. උපතේ සිට මරණය දක්වා ගොපල්ලන් ලෙස ගෙවන ජීවිතය කර්කශ ද විටෙක විනෝදජනකද වුවත් සැමවිටම අනතුරෙන් පිරී පැවතියේ විය. බඩගින්නද, පිපාසාවද, ලෙඩ දුක ද කිසිදා ජීවිතය හැර නොගිය තරම්ය. දැන් ඒ පැරණි තර්ජන මතට තවත් අභියෝගයක් එල්ල වී ඇත. මේ තැනිතලා ප්රදේශයට දැරිය නොහැකි තරමට ජනගහනය වර්ධනය වී ඇත. අපේ සියලු සතුන්ට කෑම සැපයීමට තවදුරටත් මේ තැනිතලාවට නොහැක. අප ඉදිරියේ ඇත්තේ විකල්ප දෙකකි. එකක් බඩගින්නත් සමග එන සමූහ මරණය පිලි ගැනීමය. දෙවැන්න නොදන්නා කඳුකරයට ගොස් පදිංචි වීමය. මේ කොයි තීරණය ගත්තත් අපි එක් කරුණක් හොඳාකාරවම දනිමු. ඒ අපේ අම්මා ගෙන් සදහටම සමුගන්නා බවය. අපි කඳුකරයටද ඉන් ඔබ්බටද යන්නෙමු නම් අපිට ගෙනයාමට ඇත්තේ අම්මා පිලිබඳ මතකය පමණකි.
අපි ඒ මතකය අපේ දරුවන්ටද, ඔවුන්ගේ දරුවන්ටද දෙන්නෙමු. දිනෙක ඒ මතකය ඔවුන් ඈත එපිට බිමක වෙසෙන ඔවුන්ගේ මුල් බිම් වල දිවි ගෙවන මිතුරන් හඳුනා ගැනීමටද, සහෝදරත්වයෙන් වෙලා ගැනීමටද උපකාරී වනු ඇත.
කාළය ගතවුනි. වසරක් දෙකක් නොව වසර
දහස් ගණනක් ගතවුනි. කාළය ඒ
පුරෝගාමීන් පැමිණි පිය සටහන් මකා දැමීය. එදා තැනිතලා වාසී
එඬේරුන් කොටසක් මධ්‍යම ආසියාවේ සිට මැද පෙරදිගටද එතැනින් දකුණු ආසියාවටද පැමිණි
අතර තවත් කොටසක් යුරෝපානු මහාද්වීපය කරා ගමන් කළහ. අද ඔවුන් කොහේ ඇද්ද? ඔවුන්ට මවු
භූමිය අමතකද? ඔවුන් කෙසේ
සිය වෙන්ව ගිය සොයුරන් සොයුරියන් හඳුනා ගන්නද?
කාලෙකට පස්සේ දේශ ගවේෂණයේ යෙදුනු සමහරුන්ට තේරුං ගියා
පදිංචිය අතින් ඉතා දුර ජීවත් උනත් කතා කරන බාසාව අතින් සමහර සමහර ජන කොටස් හරි
ලඟයි කියලා. උදාහරණෙකට
දෙවියන්ට සංස්කෘත බසින් දේවා කියල කියද්දී ඉතාලි බසින් ඩියෝ කියනවා සර්පයාට ඉතාලි
බසින් කියන්නේ සෙර්පෙන්තේ කියලා. මෙහෙම සමාන
කමක් ඇති උනේ කොහොමද කියලා හිතපු අයට එක උත්තරයක් හම්බ උනා. නිකමට හිතන්ඩ අද කාලේ
භාවිතා වෙන ඔය වගේ සමාන කමක් දක්වන භාෂාවන් ඇති උනේ එක මව් බසකින් කියලා. එක අම්මෙක්ගේ දරුවන්
ශරීර ලක්ෂණ වලින් අඳුනා ගන්ඩ පුළුවන් වගේ එක මවු බසක දරුවන් අඳුනා ගන්ඩ බැරිද?
ඔය සිතියමේ තියෙන්නේ මධ්‍යම යුරෝපයේ හා ආසියානු තැනිතලා වල ඉඳලා එකම ජනවර්ගයක් පැතිරිලා ගිය විදිහ.
උත්තරේ පුළුවන් කියන එකයි. ඉතින් ලෝකේ පුරා තියන
භාෂාවන් විශ්ලේෂණය කරපු විද්‍යාඥයෝ හොයා ගත්තා 'භාෂා ගස්' ගැන. එකම මුලකින් පටන් ගෙන
අතු පතර විහිදිලා මහා රූස්ස ගහක් වගේ වැඩිලා තියන ලෝකයේ භාෂාවන් ගැන හොයාගෙන යනකොට
ඒත් එක්ක අලුත් ඉතිහාසෙකුත් ගොඩ නැගෙනවා. තමන් අනුන්ට වඩා උසස්ය, අනික් එවුන්
අපේ වහල්ලුය කියලා කවුරු හරි කෙනෙකුට හිතුනොත් එහෙම හිතෙන එක හරි මෝඩ වැඩක් බව බලා
ගන්ඩ හොඳම තැනක් තමයි භාෂා ගස.
කට්ටකාඩුවේ ඉදිරියට ලියවෙන ලිපි පෙළක ඇරඹුම තමයි මේ. අර මධ්‍යම ආසියානු
තැනිතලාවල ඉඳලා උතුරුදිග ඉන්දියාවටත් එතැනින් දකුණු දිග වින්ධ්‍යා කඳු පංතිය තෙක්
මහා භූමි භාගය පුරාත් ඊට අමතරව දකුණු ඉන්දියාවෙන් දකුණට වෙන්ඩ තියන ලංකාව, මාල දිවයින
වගේ රටවල්වලටත් එකම මුලකින් ඇතිවෙච්ච ජන වර්ග පැතිරිලා ගිය හැටිත් ඒ එක්කම කුළ
බේධය, ජාති බේධය වගේ
දේවල් පැතිරිච්ච හැටිත් තමයි මේ ලිපි පෙලේ තියෙන්නේ. මට ඕන කරන්නේ සිංහල
ජාතිය අද ඉන්න තැනට ආපු පාර හොයාගෙන යන්ඩ මම ගත්තු උත්සාහය ඔයාලත් එක්ක බෙදා ගන්ඩ. දැනුම තියෙන්නේ බදා
ගන්ඩ නෙවෙයි බෙදා ගන්ඩ කියන දේ මම
තදින් විශ්වාස කරන හින්දයි මේ ලියන්නේ. නැතුව අපි අනික්
මිනිස්සුන්ට වඩා උසස්ය කියන මතයක් වත් අපි අනික් මිනිස්සුන්ට වඩා පහත්ය කියන මතයක්
වත් ඉදිරිපත් කරන්ඩ නෙවෙයි. මේ සියලු ලිපි
වල පදනම වෙන කවුරුහරි ලියපු පොත පත. නැතුව මම තනියම හොයා ගත්තු කිසිම
දෙයක් මෙහි නෑ. මම කරන්නේ ඒ
තොරතුරු පෙළ ගැස්වීම පමණයි. ඉතින් මගේ පෙළ
ගැස්වීම වැරදි වෙන්ඩ ඉඩක් තියනවා. ඒ වැරදි හේතු
සහිතව පෙන්නලා දුන්නොත් හදා ගන්ඩ අපි ඕන වෙලාවක සූදානං. එහෙනං අපි පටන් ගම්මුද?
ඔය එක එක බාසාවන් අතරේ ලොකු සමානකමක් තියනවා කියපු
හින්දම මම ටිකක් හොයල බැලුවා සිංහල බසේත් අනික් බාසාවල් කීපෙකිනුත් ගණන් කරන විදිහ. මේ තියෙන්නේ ඒ සටහන. බලන්ඩකෝ මොකක් හරි
සමාන කමක් එහෙම පේන්ඩ තියනවද කියලා.
අංකය
|
සිංහල
|
බෙංගාලි
|
හින්දි
|
ඇසෑම්
|
පර්සියානු
|
1
|
එක
|
ඇක්
|
ඒක්
|
ඒක්
|
යෙක්
|
2
|
දෙක
|
දෝයි
|
දෝ
|
දුයි
|
දෝ
|
3
|
තුන
|
තීන්
|
තීන්
|
තිනි
|
සේ
|
4
|
හතර
|
චාර්
|
චාර්
|
සාරි
|
චාහාර්
|
5
|
පහ
|
පංච්
|
පාන්ච්
|
පාස්
|
පන්ජ්
|
6
|
හය
|
ච්හොයි
|
චාහ්
|
සොයි
|
ශේෂ්
|
7
|
හත
|
ෂාත්
|
සාත්
|
ක්සාත්
|
හෆ්ට්
|
8
|
අට
|
ආට්
|
ආත්
|
ආත්
|
හෂ්ට්
|
9
|
නවය
|
නෝයි
|
නවු
|
නො
|
නෝ
|
10
|
දහය
|
දොෂ්
|
දස්
|
දෝහ්
|
දාහ්
|
එක භාෂා ගසකට අයිති වෙන භාෂාවල් අතරේ සමාන කමක් දකින්ඩ
පුළුවන් වගේම වෙනස් භාෂා ගස් වලට අයත් භාෂා අතරේ වෙනස්කමකුත් දකින්ඩ පුලුවන්නං මේ
වෙනස් ගස් ගැන සංකල්පය පිළිගන්ඩ පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු වෙනස් 'බස් ගස්'
වලට අයිතියි කියල විද්‍යාඥයෝ පිළිගන්න භාෂා කීපෙකින්
ගණන් කරන විදිහ.
අංකය
|
දෙමළ
|
තෙලිඟු
|
කන්නඩ
|
මලයාලම්
|
අරාබි
|
1
|
ඔන්ඩ්රු
|
ඔකාති
|
ඔණ්ඩු
|
ඔන්නු
|
වාහිඩ්
|
2
|
ඉරන්ඩ්රු
|
රෙණ්ඩු
|
යෙරදු
|
රණ්ඩු
|
ඉත්නාන්
|
3
|
මූන්රු
|
මූඩු
|
මූරු
|
මූණු
|
තලාතා
|
4
|
නාන්කු
|
නාලුගු
|
නාල්කු
|
නාලු
|
අර්බා
|
5
|
අයින්දු
|
අයිදු
|
අයිදු
|
අංචු
|
ඛම්සා
|
6
|
ආරු
|
ආරු
|
ආරු
|
ආරු
|
සිට්ටා
|
7
|
ඒලු
|
ඒඩු
|
යේලු
|
ඊසු
|
සබා
|
8
|
එට්ටු
|
එනිමිදි
|
යෙන්ටු
|
එට්ටු
|
තමනියා
|
9
|
ඔන්පතු
|
තොම්මිදී
|
ඔම්බතු
|
ඔන්පතු
|
ටිස්සා
|
10
|
පත්තු
|
පදි
|
හත්තු
|
පත්තු
|
ආශ්රා
|
ඔබට පේනවද දෙමල, තෙලිඟු, මලයාලම්, කන්නඩ බාසාවල් අතරේ සමාන කමකුත් ඒ බසාවල් හා
අරාබි බස අතර වෙනස් කමකුත්?
ඒ වගේම මුලින් දැක් වූ සිංහල, බෙන්ගාලි වගේ
බාසාවල් එක්ක මේ දෙවෙනි වගුවේ තියන කිසිම වචනයක් සමාන නොවන බවත් දකින්නට ඇති. මේ වෙනසට හේතුව මොකක්ද?
හේතුව තමයි මුලින් දක්වපු සිංහල බෙන්ගාලි වගේ බාසා එක 'බස් පවුලකටත්' දෙමළ, තෙලිඟු වගේ
බාසා වෙනම 'බස් පවුලකටත්' අරාබි බස වෙනම
ම බස් පවුලකටත් අයිති වීම. ඒ කියන්නේ එක
පවුලක සාමාජිකයෝ අතරේ සමාන කම් තියනවා වගේම වෙනස් පවුල් වල සාමාජිකයන් අතරේ වෙනස්
කමුත් දකින්නට පුළුවන්. තවත්
විදිහකින් කිව්වොත් ලෝකේ තියන හැම බාසාවකම ඇරඹුම එක බසක් නෙවෙයි. තව පැහැදිලි කලොත්
ලෝකේ අද වෙනකොට භාෂා ගස් ගණනාවක් තියනවා.
එක එක විද්යාඥයා ලෝකේ අදට පවතින බස් ගස් ගණන ගැන විවිධ
මත පල කලත් සාමාන්‍යයෙන් මේ ගණන 14-15 වෙන බවයි පිළිගැනීම. ඒ අතරට සිංහල වගේ
භාෂාවල් අයිති වෙන ඉන්දු -යුරෝපීය භාෂා
පවුල, දෙමළ වගේ භාෂා
අයිති වෙන ද්‍රවිඩ භාෂා පවුල, අරාබි වගේ භාෂා අයිති වෙන ඇෆ්රිකානු ආසියානු භාෂා පවුල, චීන, බුරුම වගේ
භාෂා අයිති වෙන චීන - ටිබෙටියානු
භාෂා පවුලත් අයිති වෙනවා.
ඔය තියෙන්නේ ඉන්දු යුරෝපීය භාෂා ගස දළු දාලා වැඩිලා තියන විදිහ
සිංහල අපිට හුගක් වැදගත් වෙන්නේ ඉන්දු -යුරෝපීය භාෂා පවුල
හින්දා අපි ඒ ගැන ටිකක් වැඩිපුර හොයලා බලමු. මේ භාෂා පවුලට විවිධ
භාෂාවන් හා බස හසුරුවන ඌරුවන් ගණනාවක් අයිති වෙනවා. සමහරු මේ ගණන 445 විතර වෙනවා
කියලා ඇස්තමේන්තු කරද්දී තවත් සමහර විද්‍යාඥයන්ට අනුව ඒ ගණන 585 විතර වෙන්ඩ
පුළුවන්. ඒ කොහොම උනත්
බහුලව භාවිතා වෙන මේ කාන්ඩේට අයිති භාෂා අතර අපිට හොඳින් අහලා හුරු පුරුදු භාෂා
ගණනාවක්ම තියනවා. ඕන්න බලන්ඩකෝ ලැයිස්තුව.ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, පෘතුගීසි, බෙංගාලි, පන්ජාබි, රුසියානු, සිංහල, ජර්මන්, ඉතාලි...පුහ් කාටද ආඩම්බර නේ?
ඒ කියන්නේ
අපියි ඉංගිරිස් කාරයොයි නෑදෑයෝ? වයි නොට් - වයි නොට්? ඇයි නැත්තෙ -ඇයි නැත්තේ? බලන්ඩකෝ ඒකෙත්
හැටි. හොරා වගේ
හිටිය මෙච්චර කල් නොකිය නේද?
ඔය හොරා වගේ තියාගෙන හිටපු තවත් දේවල් තියනවා. එකක් තමයි
අපි ආර්යයෝ ය කියන දේ. ඒ ගැන අපි ඊළඟ ලිපියකින් කතා කරමු. එතකල් කඩ්ඩට බය වෙන්ඩ
එපා. ඌ අපේ නෑදෑයා. ඇයි අපේ නැන්දම්මගේ පුතාට බය වෙන්නේ?
This comment has been removed by the author.
ReplyDeleteමේක නං හොඳට තියෙයි. ඒත් අපේ බාසාවෙත්, ඔය වෙන ගහකින් එනවයි කියන දෙමල, මලයාලි බාසා වල වචන ගෙඩි පිටින් තියනවා නේද?
ReplyDeleteසිංහල පරිප්පුවයි, දෙමල පරිප්පුවයි දෙකම එකයි ( දේසපාලුවො අපි දෙගොල්ලන්නට ඒක නෙව එකටම පරිප්පුව දුන්නෙ}
සිංහල - කරවල, දෙමල -කරවාඩු.
සිංහල- ස්තූති , මලයාලි- ස්තූති
ගෝදම්බා රොටි ( හින්දි -සිලෝන් පරෝටා) - රොටිය නං දෙමල, හින්දි, බෙංගාලි, මලයාලි මොකෙන් දැම්මත් රොටියම තමා. ඒත් ගෝදම්බා කියන්නෙ මලයාලි වලින් ධාන්‍ය.
කඩ්ඩට බයවෙන්න එපා කිව්වාම, මට මතක් වෙන්නෙ " විනෝද සමයෙ" අමාරිස් අයියව.
හාමු මහත්තයා සුද්දට ඇඳලා මෙහෙම කියනවා
He was the first Kandyan went to England, and got married there.
අමාරිස් අයියා පරිවර්ථනය කරනවා, මෙහෙම:
ප...ස් කණ්ඩියෙන්...වැටිල.....මලා.
ගහේ අතු අතර වචන හුවමාරුව සිද්ද වෙන්ට පුළුවන් නෙවැ බස්සො..
Deleteබොලා වගේ කුරුල්ලො එක අත්තකම වහලා ඉන්නෙ නෑ නෙවැ.. අත්තෙන් අත්තට පනින ගමන් ඒ අතුවල තියෙන අරවා මෙවුවාත් අරන් තමා පනින්නෙ..
//ප...ස් කණ්ඩියෙන්...වැටිල.....මලා
Deleteමේක මරු.
බස්සෝ මලලසේකර උන්නැහෙත් ඔය ජාතියේ කතාවක් කළා.චෞ එන්ලායි ගේ චීන කතාවක පරිවර්තනයක් චීන වචනයක්වත් බැරුව.
බස්සා තුමනි ඔබ කියන දේ ඇත්ත. උදාහරණයක් විදිහට සිංහල බසට වෙනත් භාෂා වලින් ආපු බොහෝ වචන තිබෙනවා. මේවට කියන්නේ තත්සම හා තත්භව ආකාරයට පැමිණි වචන කියලා. වැඩි විස්තර බලා ගන්ඩ පුළුවන් කට්ටකාඩුවේ පළවුණු 'කසාද ජීවිතේ සහ බූරු කුට්ටම' ලිපියෙන්. එලෙස වෙන භාෂාවලින් පැමිණි වචන ගැන නෙවෙයි මේ ලිපියේ කියවෙන්නේ.
Deletehttp://www.applet-magic.com/sinhaleselan.htm
Deleteබස්සන්ට වැදගත් බස් ගස් බෙණ
බෝට ජාන ගහෙත් නගින්න වෙයි වගේ ඉස්සරහට.එක බාසාවක් යටවෙන්න හේතු හොයද්දි එහෙම.
ReplyDeleteනගිමු සිරිබිරිස් තුමනි නගිමු ඕන උනොත් එල්ලුං ගහ ඇර වෙන ඕන ගහක. මට හිතෙන විදිහට නං ජාන ගහට වඩා වෙනස්කන් වලට බලපෑවේ වෙන දේවල්. ඉස්සරහට කතා කරමුකෝ.
Deleteඅපුරු ලීපියක්.මිනිසුන් වන අපට හිතන්න මේ දෙවල් ඉවහල් වෙනවා.
ReplyDeleteස්තූතියි ඔබේ දිරිගැන්වීමට. දිගටම කට්ටකාඩුව සමග රැදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.හිතන්න පුළුවන් කමින් ප්‍රයෝජන ගන්නේ අපි කීයෙන් කී දෙනාද?
Deleteවටිනා ලිපියක්.යම් දෙයක් නිවැරදි කරන්නම්.ඉතාලි බසින් සර්පයාට කියන්නේ "සෙර්පෙන්තේ" කියා.මේ එම උච්ඡාරනය.මොකද අපිට හුරු ඉංග්‍රීසි අකුරු නොයෙක් රටවල ජනතාව හසුරුවන්නේ වෙනස් විදියට.ඉංග්‍රීසි ඒ අකුර ඉතාලි අය කියන්නේ ආ කියා.බී බී ලෙසටත් සී අකුර චී විදියටත් කියන්නේ.ඔබ තුමාගේ ලිපි ඉතා සාරවත්.serpente\il serpente.
ReplyDeleteස්තූතියි ලලිත් ගුණවර්ධන තුමනි. මම යොදා ගත්තේ ඉතාලි උච්චාරණය කියවෙන වෙබ් අඩවියකින් ඇසුණු ආකාරයට. එය වැරදි විය හැකියි. එනිසා මම ඔබේ උපදෙස පරිදි ලිපිය යාවත්කාලීන කළා. බොහොම ස්තූතියි නැවතත්. මෙන්න මෙයයි සිදු වෙන්න ඕන. එකිනෙකාගේ වැරදි හදා ගන්න උපදෙස් දෙන්න.
Deleteඔබේ මහත්මා ගුණයට මගේ ආචාරය!
Deleteඒ ආචාරය මගේ සියලු ගුරුවරුන්ට හිමි වේවා!! ඔවුන් නැත්නම් අපි කොහෙද?
Deleteවටිනාකමින් ඉතා ඉහල ලිපියක්!
ReplyDeleteස්තූතියි ඔබේ දිරිගැන්වීමට. දිගටම කට්ටකාඩුව සමග රැදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Deleteනියමයි වටිනව.
ReplyDeleteස්තූතියි මද්දා තුමනි!!
Deleteවැදගත් ලිපි පෙළක් වෙයි මේක. අර සිරිබිරිස් කියල තියෙනව වගේ මේක නිරවුල් කරගන්නනං තව තව ගස් වලත් නගින්න වෙයි තමා.
ReplyDeleteස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ප්‍රසන්න තුමනි.අපි ඔක්කොම උත්සාහ කලොත් පුළුවන් වෙයි සම්පූර්ණ කෙසේ වෙතත් දැනට හොයා ගෙන තියන කරුණු වල සාරාංශය හරි දැන ගන්ඩ.
Deletevery good post ....!
ReplyDeleteThank you very much for you comment!!
Deleteවැදගත් ලිපියක්...
ReplyDeleteස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ලොකු පුතා තුමනි.
Deleteපැහැදිලි ලියමනක්. මගේ හැඟීමේ හැටියට dravidian languages හරි ප්‍රබලයි.. අපේ indo aryan ඒවාට වඩා.. ඔබේ ඊළඟ පියවර වෙන්න ඕනේ ඔය භාෂා කුලක වලින් ගොඩ නැගුණු සාහිත්‍යය හොයන එක..
ReplyDeleteස්තූතියි කොච්චි මිරිස් තුමණි ඔබේ අදහසට. ඒත් සාහිත්‍යය වගේ ගැඹුරු දේවල් සංසන්දනය කරන්ඩ තරම් මම දැනුමැත්තෙක් නෙවෙයි. කොටිම්ම ද්‍රවිඩ සාහිත්‍යය ගැන මට ඇත්තේ නොගිනිය හැකි තරම් සුළු දැනුමක්. ඉතින් සාහිත්‍යය ගැන කතා කරන්ඩ උත්සාහ ගැනීම විහිළුවක්. නමුත් ඒ ගැන දැනුමක් තියන ඇත්තෙක් ලිපියක් ලිවුවොත් හුගක් වටින බව පිලි ගන්නවා.
Deleteතනිකරම අහඹු ලෙසත් ඉඳල හිටල සමාන වචන තියනව වෙනස් බාසාවල. ඒ මත තඩි තියරි ගොඩනගන අයත් ඉන්නවා. ( නිකම් ප්‍රංශයේ Calais කියන්නේ වනයක් වගේ _DD ). රාවණාවාදීන් ලෝකෙ පුරාම රාවණා හදපු ඒවා පෙන්නන්න ඔය අහඹු වචනත් භාවිතා කරනවා
ReplyDeleteමොනවාද කියන්නේ Pra Jay සෑර්, ශේක්ස්පියර් මේ දෙවුන්දර හාදයෙක් කියලනේ අහවලා කිව්වේ.
Deleteඅපොයි ඔව් ප්‍රා ජේ තුමනි. එවැනි අහඹු වචන ගැන නෙවෙයි මෙතැනදී කතා වෙන්නේ. අනික කිසිදු බසක් ආරම්භයේදී ඇතිවූ ආකාරයට නෙවෙයි අද පවතින්නේ. අනෙක් ජාතීන් සමග කිට්ටු සම්බන්ධයක් වර්ධනය වෙන්ඩ වෙන්ඩ ඒ ඒ භාෂා අතර වචන හුවමාරුව සිද්ධ වෙනවා. එතකොට මේ භාෂා ගස් ගැන සැලකිල්ලක් නෑ. උදාහරණයක් විදිහට අද වෙනකොට ඉංග්‍රීසි බසට මගේ හිතේ ලෝකේ සියලු ප්‍රධාන භාෂාවල වචන එකතු වෙලා තියනවා....භාෂාවක වර්ධනය යනු එයයි නැතුව පොළොන්නරු යුගයේ තිබ්බේ මේ විදිහට කියල ඒකම හණමිටිය වගේ කරේ තියාගෙන යෑම නෙවෙයි.
Deleteහැට්ටර් තුමා ඔය සෙක්කු පීරිස් කියල මොරටුවේ හාදයෙක් නේද එංගලන්තෙට ගිහිං නාට්ටිය ලිව්වා කියන්නේ මේ කට්ටිය? :):)
Deleteලෝකේ භාෂාවන් 6000කත වැඩිය තියනවා හැබයි ඒවායින් හරි අඩක්ම භාවිතයෙන් ඉවත් වීමේ තර්ජනයට මුහුණ දීල කියල අහල තියනවා.කොහොමත් සිංහලයත් වදවීමේ තර්ජනයක් තියනවා කියනවනේ එතකොට සිංහල භාෂාවත් ඉවරවෙයි
ReplyDeleteහැමදේම අනිත්‍ය ලෝකේ අයි අපි බශාවක් විතරක් නිත්‍යයි කියල හිතන්නේ? කවද හරි සිංහල බස නැතුව යයි. සිංහල විතරක් නෙවෙයි අපි දන්නා සියලු භාෂා නැතුව යයි. කව්ද දන්නේ හිතන දේ කෙලින්ම තව කෙනෙකුට ප්‍රේෂණය කරන්ඩ පුළුවන් ක්‍රම ඉදිරියේදී හොයා ගනියිද කියලා. එහෙම උනොත් කිසිම බශාවක ප්‍රයෝජනයක් නැතුව යයි නේද?
Deleteගහේ පූසොත් ඉන්නවා. :)
ReplyDeleteමට හිතෙන හැටියටනම් ඔය ගස් කතාව ඒ තරම් අර්ථවත් නෑ.
සමහර වෙලාවට අත්තක් දෙකට බෙදිලා අයේ හා වෙන්න පුළුවන්.
සමහර විට සමහර විට ගස් දෙකක අතු එකට බට් වෙන් පුළුවන්.
තව දෙයක් සිංහල බසට දෙමළ සහ මලයාලි බස් වලින් ආව වචන වලින් වැඩි හරියක අර්ථය මුල් බසේ අර්ථයට වඩා වෙනස්.
එනම් එතනදි සිංහලයෝ ඒ වචන අනුවර්තනය කරගෙන තියෙනවා.
උදාහරණ
දෙමළ/මලයාලි වචනය සිංහල වචනය
අම්මා: මව, මැතිනිය අම්මා: මව
අයියා: වැඩිමල් සහෝදරයා අයියා:වැඩිමල් සහෝදරයා
මහත්තයා
පොන්: ගැහැණු පොන්න: ගැහැණු පිරිමි ලක්ෂණ මිශ්‍රව ඇති
සන්තෝශම්:සතුට සන්තෝසම: ප්‍රසාද අල්ලස
විගඩම්: විහිළුව විගඩම: මෝඩ විහිළුව
ජගත් පතිරණ තුමනි බොහොම ස්තූතියි ඔබේ අදහසට. බස් ගස් ගැන බොහෝ විද්වතුන් විවිධ පර්යේෂණ කරලා තියනවා. ඔවුන් සියලු දෙනාම පාහේ බස් ගස් වල පැවැත්ම මූලික අදහසක් විදිහට පිලිගන්නවා. නමුත් කුමන භාශාවල කුමන කොටස් මොන මොන ගස් වලට අයත්ද කියන එක ගැන නම් පොඩි පොඩි මත ගැටුම් තියනවා.
Deleteඔබ කියන වෙනත් භාෂාවලින් ආපු වචන ඕනෑම බසක තියනවා. අද ලෝකයේ පවතින කිසිම බසක් 'පිරිසිදු' මුල් අවස්තාවේ තිබුණු විදිහටම නැහැ. එව්වා කාලයත් එක්ක පරිනාමය වෙලා. අලුත් සංස්කෘතීන් එක්ක ගැටෙන කොට අලුත් වචන එකතු වෙනවා. සිංහල හා දෙමළ භාෂාවන් ලංකාව තුල වසර දහස් ගණනක් එකට පැවතුනා. ඉතින් ඒ දෙක අතර වචන හුවමාරු නොවුනා නම් තමයි පුදුම. මලයාලම් බස වගේම අනික් ද්‍රවිඩ සම්භවයක් සහිත භාෂාවල් හා සිංහල බස අතර මිශ්‍ර වීම් ඇති උනේ කොහොමද කියන එක අපේ ඉතිහාසය දිහා බැලුවොත් හිතා ගන්ඩ පුළුවන්.
මට ඇත්තටම මේ ලිපි පෙලින් කියන්ඩ ඕන උනෙත් අපි මේ මහා ලොකු කමෙන් බොහොම සුද්දවන්තයි කියල කියන ජාතීන්වත්, භාෂාවල් වත්, සංස්කෘතීන් වත් කිසිම දෙයක් අමිශ්‍ර, පිරිසිදු දේවල් නොවෙයි කියන එක පැහැදිලි කරන්ඩ. ඊට ඔබේ දායකත්වය ඉහලිම්ම අගය කරනවා. දිගටම කට්ටකාඩුවට ඔබතුමා පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් මට තියෙන ගැටලුවක්. සිංහල අයිති ඉන්දුයුරෝපීය ගසට. දෙමළ අයිති ද්‍රවිඩ ගසට. නමුත් භාෂා දෙකේ අකුරු ටිකක් එකවගේ. අනික් අතට ගත්තම පර්සියන් අකුරු සිංහල අකුරු වලට වඩා සෑහෙන්න වෙනස්. මොකක්ද හේතුව?
ReplyDeleteප්‍රමුදිත හේමාංග තුමනි ස්තූතියි ඔබේ අදහසට. මම වරක් අන්ද්‍රා ප්‍රදේශයේ වැඩ වගයක් කරමින් හිටියා. මට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි එහෙ තියන බෝඩ් ලෑලි වල අකුරු කියවන්ඩ 'අනිච්චානුගව' උත්සාහ කිරීම. එව්වා ඒ තරම්ම සිංහල බසට ලඟයි. නමුත් අකුරු හා භාෂාව පටලවා ගැනීම අපි නොකළ යුත්තක්. උදාහරණයක් විදිහට හින්දි හා උර්දු භාෂා දෙක ගන්ඩ. ඕනෑම හින්දි කතා කරන කෙනෙකුට උර්දු බසත් 99% තේරෙනවා. අනික් පැත්තටත් එහෙමයි. නමුත් ලියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අකුරු වර්ග දෙකකින්. මීට හේතුව පසු කාලීන දේශපාලන, ආගමික හා සමාජ අවශ්‍යතා මත අකුරු වර්ග හා හැඩතල වෙනස් වීම. උදාහරණයක් ලෙස තුර්කි බස වසර දහස් ගණනක් තිස්සේ ලියවුනේ එක්තරා ආකාරයක අරාබි අකුරු යොදාගනිමින්. නමුත් 1862 පමණ සිට ඇරඹුණු ව්‍යාපාරයක් මගින් ලතින් අකුරු යොදා ගැනීම ජනප්‍රිය කෙරුණා. මේ තත්වය 1928 ඉඳලා නීතිගත වෙලා අද තත්වයට වෙනස් උනා. නමුත් තුර්කි බසට ඉතා සමානකම් දක්වන මොන්ගෝලියානු බස හෝ කසාක් බස ලියන්නේ තුර්කි හෝඩියට වෙනස් අකුරු භාවිතා කරමින්. සෝවියට් විප්ලවයට පසු එතෙක් හෝඩියක් නොතිබුණු සමහර සෝවියට් දේශයට අයිති ජන කොටස් මත රුසියානු හෝඩිය බලෙන් පටවනු ලැබුවා. මේ උදාහරණ වලින් පැහැදිලි වෙනවා නේද භාෂාවක් හා එහි අකුරු අතර ඇති සම්බන්ධය විවිධ කරුණු නිසා බිදී යන්ඩ පුළුවන් බව.
Deleteඈ කට්ටො.. අර උඩ බස්සගෙ කමෙන්ට් එකට යටින් මම තව කමෙන්ට් එකක් දාලා තිබුනා, ඒක නැහැ නෙවැ බං.. බලහංකො ඔය ස්පෑම් පෙට්ටියටවත් වැටිලද කියලා..
ReplyDeleteබුරතෙනෝ තුමනි ඔබේ එක අදහස් දැක්වීමක් තාම තියනවා. ඔබ කියන්නේ දෙවැන්නක් ගැනද? එවැන්නක් නම් මට පේන්ඩ නෑ. ඉතින් ඔබේ අදහස නැවත පලකරන්ඩ පුළුවන් නේ!!
Deleteවයි නොට් - වයි නොට්? ඊළග ලිපිය තෙක් ඉවසා සිටිමි
ReplyDeleteස්තූතියි පොලියානා තුමියනි. මම ඊයේ දෙවැනි ලිපිය - මේ කතාවේ තුන්වැනි කොටස පලකලා.
Delete