Friday, March 23, 2018

සුබ උපන් දිනක්!



එක කාලයක් තිබ්බ මගේ ජීවිතේ හැම දෙයක්ම රුවිතෙට ගිය. කොටිම්ම ජීවත් වෙන්ඩ තිබ්බ ආසාව රැඳිලා පැවතුනේ අම්මට සලකලා ආදරෙන් මාව හදපු වඩපු ණය අනන්තයෙන් එකක් හෝ ගෙවන්ඩ තිබ්බ ආසාව විතරයි. වෙනකොට අප්පච්චිත් මේ ලෝකෙන් ගිහිං.

අම්මා බල කරනවා 'කටයුත්තක්' කර ගන්ඩ කියල. අකටයුතු, කටයුතු වෙච්ච ලෝකේ මොන කටයුතුද?


මම, මගේ හිතේ තිබ්බ ආදරේට මෙහෙම කියන්න ඇති....


මේ සක්වළෙහි කොතැනක
කොහේ හෝ සිටින්නෙය
මගේ දිවි මග එකළු කල හැකි
සුන්දර ලඳක් නිසැකින්....
කම්පනය වන මහද තත් වෙණ
ගයන්නේ ඒ බවය නිතැතින්....

සිය අසල්වැසියන්
කෙරෙන් සැඟවූ අගේ මියුරස
පුරන්නේ අඩ හදක් නම්.....
ඉතිරි අඩ හද පුරා ගන්නට
පෙරුම් පුරමින් ඈ සිටීනම්....
යුක්තියේ බලකොටුව නොබිඳම
මන ලෝල දද ලෙළවමින්  නම්.....
ඇගේ ගතිගුණ වෙනස් නොකරම
මගේ ආලය පිලි ගනී නම්....

රැජිනක් තරම් නොවුනත් මා අත හරින
පසන් සිනාවක් ඇත්නම් ඈ සතුව
උතුම් කුළැති මුත් එතරම් ඔද නොවන
සිනිදු කෙස් රොදක් සරළව හිස දිලෙන

අඩ සඳ දිලෙන නළලින් එළිවුනු මූන
සරස්වතිය නිමවූ වැනි ඈ දෙතොල
නිදිබර දෑස ඔප කරවන ඇගෙ දෙබැම
මේ හැම ලකුණු ඇතිමුත් ඇසි පිය සලන 

නිහඬ නිසසල මුහුදු තෙරදිත්
ගොර බිරම් රැළි හමා එද්දිත්
නිවී සැනසුණු ගුණෙන් යුතු නම්...
සිනිදු මද නළ රුවල වැලදිත
දියඹ මත ඈ ගමන යා නම්....
පරෙවියන්ගේ පියාපත් සර
ඇගේ මුදු හඬ සම කෙරේ නම්...
ඇයයි මා සොයනා සොඳුරු රුව
මෙසක්වල ඉපදී සිටී නම්....

නවතින්නට තනන විට අප ආදර පහුර
නොගිලී  පදින නැවි මෙන් නිති අත හුරුව
මුදු බස් කියන ඒ සුමිහිරි දෙතොලතර
සොයනෙමි හිම පියළි වැනි සුසිනිදු පහස

සඟවා නොසඟවන කෙළිලොල් කතා වෙනී
සිතු පැතු සැපත සාදන ඇගෙ මුදු අතිනී
නොබියව සතුට මත දිවයන පා දරණී
නිදි නැති රැයේ රැඟුමට ඈ හරි හපනී

යනු ඉදිරියට මා ප්‍රේමය
සොයා මේ යුවතිය !!
සොයා ගනු ඈ සිටින තැනකින්
කොතැන හෝ සැඟවී මෙසක්වළ
නොබා පවසව මගේ ආලය
යදිනු ඈ සිත අතද හදවත
පවසමින් මා හදැති ශෝකය!!!
එවැන්නෙක් නැත්නම් මෙලෝ තුල
ඉතින් සමුගමු අප දෙදෙන දැන්
නුඹෙන් මට කම් නැත මෙදිවි මම
ගෙවා දමනෙමි නුඹෙන් තොරවම

විලියම් කෝරි ජොන්සන් ගේ Amaturus (පෙම් කරන්නට නම්) කවි පන්තියේ අනුවාදයකි

එහෙම ගියපු ආදරය කෙනෙක්ව හොයං ආවා. එයා කැමති උනා මේ රුවිතයාගේ අත ගන්ඩ. එදා ඉදං අද වෙනකල් මගේ මොන වැරදි තිබ්බත් ඔක්කොම එක්ක ජීවත් වෙන දුක සැප දෙකම සමව බෙදා ගෙන ඉන්න ඇගේ උපන් දිනේ අදයි!

සුබ උපන් දිනක් ආදරණීය චා!!! 

18 comments:

  1. චා ට අපිත් සුබ පැතුවයි කියන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් චා! එහෙම තේරුම් ගැනීම් හිඟයි...

    ReplyDelete
  4. කට්ටකාඩුවේ ලොකු මල්ලි මහත්තයා එක්ක පවුල් කාගෙන මුන්නැහැව ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නා කට්ටකාඩුවේ ලොකු අක්කා නෝනා මහත්තැන්ට සුභ උපන්දිනක් වේවායි කාරුණිකව පතමු.

    මීට යාංහෑල්ලේ සුරංගෙ

    පිටපත: ලොකු අක්කා, කට්ටකාඩුව බ්ලොග් ඉස්පොට්. කොම්. - කා.දැ.ගැ.පි

    ReplyDelete
    Replies
    1. කාර්යාල ලිපිගොනුවට.
      පිටපත: සුරංග තුමා, යාංහෑල්ල බ්ලොග් ස්පොට්.කොම් කා.දැ.ගැ.පි.

      Delete
  5. ලොකු මලය සෑර් නම්වූ රුවිත හේර ගේ
    හාරත පොරවට
    අත් දෙකම එකතු කර
    ආයු බෝ වන්!
    කියමි.
    Enjoy your day, and have fun Cha !
    (යූ ඈස් වෙල් මයි ෆ්‍රෙන්ඩ් ලොකු මලය සෑර් හොඳේ)

    (Are you bo one - ඔබද ඒ බෝ පැලේ වන් කෙනා? )

    ReplyDelete
  6. සුභ උපන් දිනක් වේවා!

    ReplyDelete
  7. උපන් දිනේට මෙහෙම කවියක් හමාරක් ලියන එක ගෙදර කාර්මික සාමය පවත්වා ගෙන යන්නට බොහොම වැදගත් මෙව්ව එකක්.
    ඔබේ ආදරණීය චා ට අපිත් සුබ පැතුවාය කියන්න.

    ReplyDelete
    Replies
    1. කාර්මික සාමය! කාර්මික සාමය!! කාර්මික සාමය!!!

      Delete
  8. මගේ ගානේ ඔහේ කිස් දෙකක්ම දෙන්නකෝ...
    වැඩිය දුන්නොත් ඩිස් මිස් වෙයි හොදෙයි....

    ReplyDelete
  9. සුභ උපන් දිනක් වේවා!

    ReplyDelete
  10. හැප් බර්ත් ඩේ චා

    ReplyDelete
  11. අපෙනුත් සුබම් සුබ උපන්දිනයකට සුබ පැතුම්

    ReplyDelete
  12. කට්ටකාඩුවේ ලොකු නංගිට සුභ උපන් දිනයක්!

    ReplyDelete
  13. යකො..මෙවා මෙහම අත අරින්න බැහැ..අඩියක් ගහලා සමරන්න..ඔනෙ...

    ReplyDelete
  14. මගේ ස්වදේශ කටයුතු, ආරක්ෂක කටයුතු, මුදල් කටයුතු, විදේශ කටයුතු, ආගමික කටයුතු, ආපදා කළමනාකරණ කටයුතු, අධ්‍යාපන කටයුතු, ප්‍රවාහන කටයුතු, සමාජ සේවා කටයුතු ඇතුළු සියලුම වැදගත් අමාත්‍ය ධූර (කොටිම්ම වනිතා කටයුතු ඇරුනම අනිත් හැම ඇමති ධූරයක්ම) දරන අපේ චා තුමිය ඔබ සියලු දෙනාගේ සුභ පැතුම් ඉතා සතුටින් බාර ගත් බව ඔබ සියලු දෙනා හට දන්වා සිටින ලෙස මා වෙත කරුණා පෙරදැරිව දන්වා සිටියාය.
    ඒ වගත් මෙසේම,
    කට්ටකාඩුවේ ලොකු මල්ලි වෙමිය.

    ReplyDelete