"මේ මොන කරදරයක්ද අනේ...මහන්සි වෙලා වෙලා ගෙදරට ආපුවම නිදහසේ නිදාගන්ඩවත් නැද්ද අප්පා"...ගෙදර මායියා ගේ නොනවතින 24/7 කන්කරච්චලය දැන් අලුත් මාතෘකාවක් ඔස්සේ ඇදී යයි.
"ඇයි
මොකද ඒ පාර වෙලා
තියෙන්නේ ?" මම ඇසුවේ උත්තරයක්
බලා පොරෝත්තුවෙන්ම නොවේය. සිරිතක් විදිහටය...ඇත්තම කිව්වොත් බයටය. මොකද
මගෙන් කිසිදු උත්තරයක් නොලැබුණහොත් ඇයගේ මාතෘකාව මගේ
ගොළු වෘතය වන නිසාය.
"ඉතින් මරුනේ අපිට ගෙදර ඉදන්ම
ටිකට් ගන්නේ නැතුව ම කානිවල් බලන්ඩ පුළුවන්නේ"...කියවෙනවාත් සමගම මම අත්
බෝම්බයේ ඇණය ඉවත් කලබව
සුෂුම්නාවට දැනිණ.
හුහ්.. මේ මනුස්සයට මොලේ කළදක් නැති හැටි...ඇයි මනුස්සයෝ කානිවල් පෙන්නන්නේ වට කරපු කූඩු ඇතුලෙනේ... අපි උඩ ඉදන් බලපුවම ඒ කූඩාරන් ඇතුල පේනවද ? අනික සති දෙකක් කනක් ඇහිලා ගෙදරක ඉන්ඩ බැරිනම්, වැඩ ඇරිලා ඇවිල්ලා නිදහසේ නිදා ගන්ඩවත් නැත්තන් මොක බැලුවත් වැඩක්ද?
"එකත් ඇත්ත".. මම ඇයට එකග වන බව පෙන්නුවද ෆ්ලැට් එකේ කොටුවී ගෙවන ඒකාකාරී ජීවිතයට කානිවල් එක නිසා පොඩි වෙනසක් ලැබෙන නිසා හීනි සන්තොසයකුත් මෝදු විය.
"අනේ ඕක ගණන් ගන්ඩ එපා. මාස දෙකක් නෙවෙයිනේ සති දෙකයි නේ" මම නැවත කීවෙමි.
"ඔව් පොඩි එවුන් නිදි කරවන්නේ තමුසේ නෙවෙයිනේ!!"...කියමින් බිරිද පත්තරය අතට ගත්තේ කියවීමටද මා සමග ඇති කෝපය වසා ගැනීමටද යන්න සිතමින් සිටින අතර මට සිරිපාල අන්කල් මතකයට නැගිණ.
"පව් අප්පා... ඔයා කිව්වා වගේම සිරිපාල අන්කල් කොහොම ඉන්ඩද ඔය කාලේ කන ලග හෙන ගහන්න වගේ සද්ද තියන කොට...උන්දැ දැනුත් නිදා ගන්නේ බොහොම අමාරුවෙන් වෙච්චි"...මානසික රෝගයකට ප්‍රතිකාර ලබන සිරිපාල අන්කල්ට නින්ද අත්‍යාවශ්‍යය. නින්ද හරිහැටි නොලැබුන හොත් පහුවදාට උන්දැ නටන නාඩගම් මුළු ෆ්ලැට් එකම දනී.
අනික ග්‍රවුන්ඩ් එකේ සිට බැලූ කල අපේ ෆ්ලැට් එක ඇත දිග හරින දුරිනි. මහා රෑ වනතුරු කානිවල් එකේ ආතල් ගන්නා අය්යලා ගෙදර යන ගමන් හූවක් කියාගෙන, මල් පෝච්චියක් කුඩු කරගෙන, බෝතලයක් කඩා තරහ කාරයෙකුගේ ඇග දිගේ චිත්‍ර අදිමින් යන්නේ ෆ්ලැට් එක ලගිනි. මර ලතෝනි දෙන්නන් ඉස්පිරිතාලයටද එතනින් පොලීසියටද ගෙන යාමේ ස්වෙච්චා බලකාය අපේ ෆ්ලැට් එකේ නේවාසිකයන්ය. මුන් සති දෙකක් කානිවල් නැටීම යනු අපි සති දෙකක් පොලිසි ගානේ තැපීම බව මට තේරෙන්නේ දැන්ය.
"මල කෙළියක්නේ යකෝ මේක..උන් ආතල් ගන්ඩ අපි නැහෙන්ඩ මේක යකාගේ කානිවල් එකක්නේ ඕයි" ...නප්පියටම තද වූ මම පැවසීමි.
"මේ... මේක අහන්ඩකෝ අනේ... මේක නම් ෂෝක් වැඩක්" ...!!
මොකක්ද?
සූ එක...
ඇයි ඒකත් ග්‍රවුන්ඩ් එකට ගේනවද ..?
නෑ... නෑ... අනේ ලගදීම සූ එක රෑ දහය වෙනකල් ඇරලලු..අපිට වැඩ ඉවර වෙලා ඇවිල්ලා පොඩි උන්ව සූ එකට එක්ක යන්ඩ පුළුවන් එතකොට නේද?
හ්ම්.. එක අතකින් අපි හරි වාසනාවන්තයි නේද?
ඇයි එහෙම කියන්නේ බිරිද ඇසුවේ නළල රැලි ගන්වමිනි.
අපිට ග්රවුන්ඩ් එකේ කානිවල් එක සති දෙකයිනේ තියෙන්නේ.
ඉතින්?
"සූ එකේ සත්තු ඉස්සරහා හැමදාම කානිවල් උදේ ඉදන් රෑ දහය වෙනකල්. උන්ට කොහොම මල පනිනවා ඇත්ද? උන්ට කතා කරන්ඩ වචන නැති හින්ද කුණු හබ්බ අහන්ඩ වෙන්නේ නෑ අපි ගිහාම".
බිරිද පත්තරය පුටුව උඩට දමා කුස්සිය පැත්තට ගියාය.

අග සිට මුලට ඔක්කොම කියවගෙන ආව.. මට වැඩිය ඇල්ලුවේ නැත්තේ දේශපාලන කතා දෙක තුන විතරයි.. අනිත් ටික පට්ට ආතල්.. අපි සම වයස්වල උන් වගේ.. ඒ නිසා මේවා දැනෙනවත් වැඩිද මංදා.. ඉඩ තියෙන විදියට දිගටම ලියපං.. ජය!
ReplyDeleteමුල සිට අගට කියවන්න හදන්නෙ. මේ තරම් පොස්ට් ගානක් ලියවෙනකම් මේ බ්ලොග් එක දැක්කෙ නෑනෙ
ReplyDeleteOnna patan gaththaa maath
ReplyDeleteමාත් ආව...
ReplyDelete