Thursday, December 30, 2021

කුකුළා සහ බල්ලා

 

අපි ගිය පෝස්ට් එකෙන් අර්‍රාබි නිසොල්ලාසෙ පළවෙනි කතන්දරේ අහන්ඩ පටං ගත්තනේ. කවුරුහරි ඒ කොටස බැලුවෙ නැත්තං මේං මෙතනින්- බූරුවා, ගොනා සහ සේවකයා- ඒ කොටසට ගිහිල්ලා බලලා එන්ඩ. නැත්තං මේ කාලේ අපේ සිරි ලංකාවෙ ජීවත්වෙන මේ අපි වාගෙ පොඩි මිනිස්සු හුග දෙනෙක් ඉන්නවා වගේ අංදුං කුංදුං වෙලා තමයි අද කතාව කියවන්ඩ වෙන්නෙ.

 


වෙන දෙයක් වෙච්චාවෙ! තමුසෙ කියන බොරු අහල අහල මට ඇතිවෙලා තියෙන්නෙ. මං දන්නව ඔය කිව්වට මාව ලේසියෙන් මැරෙන්නෙ නෑ කියල!! හුහ් එනව මෙතන මාව රවට්ටන්ඩ. ඉස්සර ඔය කතා වලට රැවටුනාට දැං මං ඔව්වයින් රැවටෙන්නෙ නෑ!!

ඔයා ඉතිං කිව්වට විශ්වාස කරන්නෑනෙ සුදා. පොඩ්ඩක් තේරුං ගන්ඩකො....

Sunday, December 19, 2021

බූරුවා, ගොනා සහ සේවකයා

 

අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය විතරයි කියන්නෙ. වැරදි ඇතොත් සමාවෙලා මේ කතාව රස විඳින්ඩ.

මේ සිද්දිය වෙන්නෙ ඈත අතීත කාලෙ. අපි නෙවෙයි අපේ අත්තලා මුත්තලා, කිරි කෑ මුත්තලාවත් ඒ කාලෙ ඉපදිලා නෑ ඕං.



ඒ කාලේ හිටියා හරිම පොහොසත් වෙළෙන්දෙක්. එයාට එක එක පළාත් වල ගෙවල් තිබුනා. ඒ හැම ගෙදරකම වතු පිටි, හරක බාන, ගෙවල් දොරවල්, හරි සරු සාරෙට තිබ්බා මේ වෙළෙන්දට. එයාගෙ අතට පයට සේවකයෝ හිටියා ඕන තරං. ඉතිං මේ වෙළෙන්දා එයාගෙ හාමිනෙයි පවුලේ අනික් අයයි එක්ක කාලෙන් කාලෙට මේ එක එක ගෙදරට ගිහිං ටික කාලයක් නැවතිලා ඉන්නවා. ඔන්න ඇති කියල හිතුනම වෙන ගෙදරකට ගිහිං ටික කාලයක් ඉන්නවා. ඔහොම සැපෙන් සනීපෙන් කාලෙ ගත උනා. ආ තව ඩිංගෙන් මට කියන්ඩ අමතක වෙනවා. මේ වෙළෙන්දට හරි අපූරු හැකියාවක් තිබුනා. ඒ තමයි සත්තු කතා කරන දේවල් තේරුං ගන්ඩ පුළුවං වීම. හරියට දොස්තර හොඳහිතට වගේ. හැබැයි දොස්තර හොඳහිතට සත්තු එක්ක කතා කරලා දැන ගන්න දේවල් අනිත් අයට කියන්ඩ පුලුවං. හැබැයි මේ වෙළෙන්දාට සත්තු කතා කරන දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ තහනං. මැරුවත් සත්තු කියපු දේවල් වෙන කෙනෙක් එක්ක කියන්ඩ බෑ. එහෙම කිව්වොත් වෙළෙන්ද තමුන්ගෙ රහස කියන කෙනාගෙ ජීවිතෙත් විනාශ වෙනවා. පේනවනේ ඕන බලයක් හම්බ වෙන්නෙ කොන්දේසි වලට යටත්ව.

Monday, December 13, 2021

ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු

සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ!

මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ  විනෝදාංශෙ. මට එයාව හම්බ වෙච්ච විදිහත් නිකං අභිරහසක් වගේ. මිනිහා මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. රාජා මගේ යාලුවාගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා ගිය සතියේ දවසක. මගේ යාලුවා ලොකු වැඩක හිරවෙලා. මනුස්සයාට ඉන්න තැනින් හෙලවෙන්ඩවත් බැරි තරමෙ ලොකු වැඩක්!

අනේ මචං රාජව ගෙදරට ගෙනෙහිං දාන්ඩ පුලුවන්ද?

යකෝ හැතැම්ම 20-30 මේ වැස්සෙ යන්ඩ මට පිස්සුද? මම රාජව අඳුනන්නෙවත් නෑනෙ!

උඹ ඌව අඳුනන්ඩම ඕන නෑ. ඌ හොඳ කතා ටිකක් කියල දෙයි! මනුස්සයගෙ අතේ සල්ලිත් නෑ මචං මේ වෙලාවෙ ත්‍රී වීල් එකකටවත් ගෙවන්ඩ!

ඉතිං බස් එකේ යන්ඩ කියපංකො!

මචං ඌ ඉන්න තත්වෙ හැටියට බස් එකකට නග්ගගන්නෙ නෑ. ටිකක් වැඩි වෙලා වගේ කතා කරේ. අත්‍යාවශ්‍ය හේතුවකට නෙවෙයි නං මනුස්සයා මෙහෙම උදව්වක් ඉල්ලන්නෙ නෑ!!

මං මේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක බලන ගමන්! කාලෙකට පස්සෙ අපි දිනන මච් එකක් බලන්ඩ හිතුව විතරයි!

හරි මං රාජට කියන්නං ක්‍රිකට් අභිරහස් ටිකක් කියන්ඩ කියල යන ගමන්!


Monday, November 8, 2021

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත

 

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්...

ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ වැඩේය. මට රෑ හීනෙනුත් පෙනෙන්නේ උං ඔබ වහන්සේට පෝලිමේ ඇවිත් දණ්ඩ නමස්කාර කරන විදිහය!


අනික අපේ නායකතුමා ඔබවහන්සේ ඔය තනතුරට පත් කෙරුවේ කිසි අධ්‍යාපන සුදුසුකමක් හිංදා නොවෙයිය රෙදි නැතුව කඩේ ගිය හිංදාය කියලා උන්නාන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙවා වදාරා තියෙන හිංදා ආය ඒකේ හේතුවක් හොයන්ඩ උවමනාවක් නැතිය.

Wednesday, October 20, 2021

මහේශාඛ්‍ය මෙඩිචි සහ ලියනාඩෝ

ඔය ජනේරු මාසෙ තියෙනවා නේද...හරි අපූරු මාසයක්. සූර පප්පලගෙ ගම අල්ලාගන්ඩ බැරි උනාට මොකද රෝමන් කාරයෝ හරි අමුතු වැඩ කරලා ලොක්කෙ පුරාම නමක් තියපු මිනිස්සු. එහෙව් රෝමන් කාරයෝ අවුරුද්දෙ මුල්ම මාසෙට නම දාන්නේ මූණු දෙකක් දෙපැත්තට පිහිටලා තිබ්බා කියල කියවෙන ජානුස් දෙවියන්ගෙ නම සිහිවෙන්ඩයි. මේ ජානුස් දෙවියන්ට මූණු දෙකක් තියෙන්නෙ එක මූණකින් අතීතේ වගේම අනික් මූණෙන්  අනාගතේත් බලන්ඩ පුලුවන් හින්ද කියලයි රෝමන් කාරයෝ හිතුවේ. මට මේ ළගඳි දවසක හිතුන මේ ජානුස් දෙවියගේ මූණ මොනවගේ වෙන්ඩ ඇද්ද කියල.

ජානුස්ට තියෙන්නෙ සන්තෝසෙන් ඉන්න මූණක්ද? නැත්තං ඔහු දුකෙන්ද? සමාන සුඛ දුක්ඛ මූණක්ද? අතීතෙත් අනාගතේත් දකින කෙනෙකුට මොනවා හිතෙනවා ඇද්ද? මහ ලොකු සෞභාග්‍යමත් අතීතයක් තිබ්බ කියන රටවල්වලට දැන් වෙලා තියෙන නස්පැත්තිය දැක්කම ජානුස්ට හිනා යනවද? දුක හිතෙනවද? ඔය ඔක්කොම අලකලංචි හිංද මට හිතෙනවා ජානුස්ට තියෙන්නෙ තේරුම් ගන්ඩ බැරි අන්දොස් වෙච්ච මූණක් කියල. හරියට මොනාලිසාගෙ මූණ වගේ.


මොනාලිසා කියපු ගමං මතක් උනේ ඩා වින්චිව. උන්නැහෙලුනෙ මොනාලිසා ඇන්දෙ. මොකද මේ ලෝකෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා, චින්තකයා, නිමැවුම්කරුවා ඔය වගේ චිත්‍රයක් ඇන්දෙ? ඔය කියන තරම් වශීකරණ බලයක් - නෑ නෑ ඔය පත්තරේ දාන වශී ගුරුකම් ගැන නෙවෙයි මං කියන්නෙ ලක්ෂ කෝටි ගාණක් මිනිස්සුන්ගෙ හිත ඇද බැද ගැනීම ගැන- මේ චිත්‍රෙට ලැබුනෙ කොහොමද? විචාරකයො අවුරුදු සිය ගානක් මේ එක චිත්‍රයක් ගැන කෙස් පැලෙන විචාර එක එක විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද? දාස් ගානක් කවි සිංදු ලියන්ඩ මිනිස්සුන්ව පොළඹවන්ඩ තරම් හයියක් මේ එක චිත්‍රෙකට කොහෙන්ද? මම කවදාවත් මොනාලිසාව හැබහින් දැකලා නෑ. මං දැකලා තියෙන්නේ මොනාලිසා පෝස්ටර් විතරයි. හැබෑ මොනාලිසාව දැක්කොත් විතරයි මෙච්චර මේ චිත්‍රෙ ලස්සනද කියල තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ. පුලුවන් උනොත් කවදහරි දවසක යන්ඩ ඕන ලූව්ර කෞතුකාගාරෙට ප්‍රංශෙ!

හෝව්! හෝව්! ඩා වින්චි ඉතාලිකාරයෙක් නේද? එතකොට කොහොමද මේ ප්‍රංශෙට හම්බ උනේ මොනාලිසාව? ප්‍රංශ කාරයො ගල් කරාද මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රෙ? අද කට්ටකාඩුවේ කතාව ඒ ගැන.

ආ...තව සුට්ටි කාරණයක්! අපේ මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වනේ අර තුන් ඈඳුතු කතාවක්. මාත් පොඩි අත් හදා බැලීමකටත් එක්ක එහෙම කතාවක් තමයි ලියන්ඩ හදන්නෙ. මේ කතාව දුවන්නේ එකම පවුලෙ පරම්පරා තුනක් එක්ක. ඒ හිංදා ටිකක් ඉවසිල්ලෙන් අහගෙන ඉන්ඩ ඕන ඈ.

Wednesday, September 29, 2021

ඩෙන්මාර්ක් ඔපෙරාව

 

හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව.

අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා ඒ ඒ දේසේ හැටියට තේරුං ගන්ඩ ඕන බවට පොඩි උදාහරණයක්. කැමති නං අහන්ඩලා.

දැනට අවුරුදු පහලොවකට විතර ඉස්සර ලොකු මලයා සති දෙක තුනක් හිටියෙ ඩෙන්මාර් කෙ ආණ්ඩුවේ වැඩකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා. ඔය වැඩේ අතරතුරේ කෝපන් හේගන් වල බලන්ඩ තියෙන ලස්සන තැන් වලට- වැඩියක්ම අඩු ගානක් වියදම් කරල වැඩි දෙයක් බලන්ඩ පුලුවන් තැන් වලට යන්ඩ තමයි කල්පනාව තිබ්බේ. වැඩේ ඉවර වෙන්ඩ කිට්ටු දවසක අපි කාණ්ඩෙටම ආරාධනාවක් හම්බ උනා ඒ කාලෙ ඩෙන්මාක් රටෙ විදේශ අමාත්‍යාංශයෙන්. අප්පද බොල කෝපන් හේගන් ඔපෙරා හවුස් එහෙම නැත්තං ඔපෙරා පෙන්නන නෘත්‍ය ශාලාවේ රෑ කෑමකට ආරාධනයක් එහෙ විදේශ අමාත්‍යාංශයේ උප ලේකම්  එක්ක. රෑ කෑමට වඩා මට ඕන වෙලා තිබ්බේ අමුතු හැඩයකට හදලා තිබ්බ මේ ඔපෙරා හවුස් එක බලන්ඩ යන්ඩ. ඒක රෑට ලයිට් දාපුවම තැඹිලි පාටින් දිලිසෙනවා දැකලා තිබ්බට මං ඒක ළඟටවත් ගිහිං තිබ්බෙ නෑ.

ඔන්න ඔය තියෙන්නෙ කෝපන් හේගන් ඔපෙරා ශාලාව

Monday, March 29, 2021

ඇස් වහ කට වහ

 

මේ ලගදි ෆේස් බුක් එකේ හරි අපූරු සංවාදයක් ගියා. ඒකෙ මාතෘකාව ඇස්වහ කටවහ කියන එව්ව ඇත්තද කියන එක. ඔය කතා කියවන කොට මං හිත හිතා හිටියෙ කාළි මෑණියෝ ගැන. කාළි මෑණියන් කියන්නෙ අසරණයන්ට පිහිට වෙන බව කියන හිංදු දේවතාවියක්. බෞද්ධ සාහිත්‍යයෙත් කාළි යකින්න කියල කෙනෙක් ගැන කතා වෙනව තමයි. හැබැයි මෙතෙන්ට අදාල වෙන්නෙ අර හිංදු දේවතාවිය. මේ දවස් වල ලංකාවෙ කෙනෙක් නං කාළි ගැන අහල තියෙන්ඩම ඕන. ඒ අපේ ධම්මික වෙද මහත්තයගෙ කොවිඩ් පැණියත් එක්ක.


ඇත්තටම ධම්මික මහත්තයා කලේ බොරුවක්ද? නැත්තං දැනුම ජනනය කරන්ඩ අපි හිතන විදි වලට වඩා වෙනස් විදි තියෙනවද? අපි හිතන්නේ පරීක්ෂණයක් කරල, නිරීක්ෂණ දිහා බලල, නිගමන වලට එන්ඩ ඕන කියලනේ. ඒ අපිට උගන්නපු විදිහ. ඊට වඩා විකල්ප විධි තියෙන්ඩ බැරිද? උදාහරණයක් විදිහට යමෙකුට හිතල හිතල අලුත් දැනුමක් උත්පාදනය කරන්ඩ බැරිද? එහෙම බැහැයි කියනවානම් බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලැබුවේ කොහොමද? ඊලගට මෙහෙම උනොත් මෙහෙම වෙනවා, අරහෙම උනොත් එහෙම වෙනවා කියල තර් කයෙන් දැනුම ගොඩ නගන්ඩ බැරිද? ඊටත් වඩා එහාට ගිහිං අධි මානුශික බලවේග වලින් දැනුම ලබා ගැනීම කල හැකි දෙයක්ද නැත්ද? එහෙම බැරිනම් ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම්වල ආරම්භය ගැන තියෙන ප්‍රවාද අපි ප්‍රතික්ශේප කල යුතුද? ඔන්න ඔය වගේ බරසාර ප්‍රශ්න ගැන තමයි ලොකු මල්ලි කල්පනා කර කර ඉන්නෙ. ඇත්තටම මේ කාලෙ තියෙන
  සීතලත් එක්ක මගේ යාලුවෙක් මොණරාගලින් එනකොට ගෙනත් දීපු අර කොල ටික දුමක් විදිහට උරපුවම ඔය වගේ දේවල් හිතෙන එක පුදුමයකුත් නෙවෙයි එක අතකට.

Friday, March 19, 2021

මලයඩි කන්ද

 

සමහර විට ලොකු ලොකු දේවල් අමතක උනාට පොඩි පොඩි දේවල් අපේ ජීවිත කාලෙ පුරාම මතක තියෙනවා. මට තාම මතකයි මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ සිංහල උගන්නපු ගුරුතුමී පහ වසරෙදි සමණලයා බිත්තර දමන්නේ කොළයේ යටි පැත්තේය කියල උගන්නනවා. මට තාම හිතා ගන්ඩ බෑ ඇයි ඒ කාරනේ මතක තියෙන්නෙ කියල. එහෙම මතක තියෙන සිද්ධි එක්ක අපි නොදන්න යමක් යටිහිතේ තැන්පත් වෙනවද? සුවදක්? රූපයක්? නැත්තං අතීත මතකයක්?



නිදිගෙ පංච තන්තරේ ලියන අපේ නිමල් දිසානායක නොහොත් ලොකා මහතා එතුමාගෙ ජීවිත කතාව අමු හිංගලෙන් ලියන ගමන් මම එතුමාගෙ ලිපියකට දාපු කමෙන්ට් එකක් ගැන ලොකු විස්තරයක් හොයල මටත් කිව්ව. ඒ කතාවට පසුබිම් උනේ අම්පාරෙ තියෙන පොත් කඩයක්. මම ඒ කඩේ දැනගෙන හිටියේ මීට අවුරුදු 15-20 විතර කලියෙන්. බාර්, හෝටල්, සුපර් මාකට් වගේ දේවල් දවසින් දවස වැඩි වෙද්දි කොළඹින් පිට පලාතක තියෙන පොත් කඩයක් - මං මේ කියන්නෙ නවකථා, කෙටි කථා, ඉතිහාස පොත්, කවි පොත් වගේ මුද්‍රිත පොත් පත් තියෙන කඩ ගැන (අභ්‍යාස පොත් විකුනන්ඩ තියෙන කඩ වලටනේ අපි දැං පොත් කඩ කියල කියන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ!!)- බංකොලොත් වෙලා වැහිලා යන්නෙ නැතුව තාම තියෙනවා කියල දැනගත්තු එකත් සංතෝසෙට කාරණයක්. ඒත් එක්කම මතක් උනා අපි නාඹර කොලු ගැටයා කාලෙ වෙච්ච සිද්දියක්. මං මේ සිද්දිය කිසි හැංගිල්ලක් නැතුව කියල දාන්නෙ අපේ නිදිතුමා ගේ මග පෙන්වීම අනුව යමින්.

Wednesday, February 3, 2021

පහන දල්වා පැදුරු ආනේ ගැහීම

ඉතා වේගයෙන් වෙනස් වන වටිනාකම් රැසක් කරපින්නාගත් සමාජයක් තුල පවතින අධ්‍යාපන ක්‍රමයක් නිසි පරිදි යාවත්කාලීන නොකල හොත් වැදගැම්මකට නැති තත්වයට පත්වන බව නොකිවමනාය. මේ තත්වය ලංකාව කෙරෙහිද අදාල වේ. අතීතයේ දී දේශපාලන, සමාජ හා ආර් ථික වෙනස්කම් රට තුල සිදු වූයේ ඉතා සෙමිනි. ඒ ද අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී උවමනා එපාකම් සපුරා ගනු සදහාය. මෙවැනි වටපිටාවක් තුල අප යුගයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප සතුව තිබෙන්නේදැයි අවම අවශයෙන් වසර දහයකට වරක්වත් විශ්ලේශනය කොට බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉන්දියාවේ මෙන්ම කිසිදු අරමුණක් හෝ සැලසුමක් නොමැතිව අපිලිවෙලකට වර් ධනය වී ඇති බව නොරහසකි. අධ්‍යාපනය සම්බන්ධ විවිධ ගැටලු පිලිබඳව සොයා බලා නිසි පිළියම් යෙදීමට වරින්වර විවිධ කමිටු හා කොමිෂන් සභා ගනනාවක් පත්කරණු ලැබූවද අවාසනාවකට මෙන් ඒ කිසිදු කමිටුවකට හෝ කොමි


සමකට මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට නිර් දේශ ඉදිරිපත් කිරීමට අවස්ථාව නො ලැබීම අවාසනාවන්ත තත්වයකි. ඊට අමතරව ‘ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකසා ගැනීමටද කිසිදු උත්සාහයක් නොගැණුනි. ජාතික අධ්‍යාපන ක්‍රමයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීම සදහා පහත උපුටනය දක්වනු කැමැත්තෙමි.

“සාර් ථක ජාතික අධ්‍යාපන ක්‍රමයක් එම ජාතියේ අනන්‍යතා මතින්ම පැන නැගී එම අනන්‍යතා වලටම බද්ධ වන්නට හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි - කැන්ඩ්ල්”

Monday, January 4, 2021

භූත සෙල්ලම

මේ කාලේ රටේ හුගක් තැන්වල කතා වෙන්නේ ඇහැට නොපෙනෙන බලවේග එක්ක එක්කහු වෙලා කොවිඩ් වසංගතේ මැඩ පවත්වන්ඩ ඕන කරන බේත් හේත් හොයාගැනිල්ල ගැන. ඔන්න එතකොට මතක් උනා මම මීට අවුරුදු දෙකකට විතර උඩදි කට්ටකාඩුවට ලියපු අපේ ගමේ වෙච්ච භූතයා ගැහිල්ලක් ගැන. නත්තල් කෝඩෙයි හිරි ගඩු පිපෙන සීතලයි එක්ක ගුලි වෙලා ඉන්න ගමන් මට හිතුනා ඒ පෝස්ට් එක නැවත පල කරන්ඩ. මගෙ හිතේ අද කාලෙ තියෙන මේ අවනඩුවටත් අපේ ගමේ ඈත අතීතේ සිද්ද වෙච්ච දේවල් වලින් දැනමුතු කමක් ගන්ඩ පුලුවන් වෙයි.

මෙන්න කතාව....

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේකොහොමද  ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේඑහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූනොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේඑහෙම නැත්තං  ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?