අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල් කමට ගියා වගේ දැනෙයි කියලා. අපේ නෝනත් ඔය කතාව ඇදලා ගන්නේ මොකක් හරි හිත් නොහොඳ කමක් ඇති වෙච්ච වෙලාවටමයි. මටත් එතකොට යකා නගිනවා. මගේ රෙඩිමේඩ් උත්තරේ තමයි සාත්තර කාරයා මට කියන්ඩ තිබ්බ දෙයක් වැරදිලා තමුන්ට කියලා තියෙන බව කීම. ඒ කොහොම උනත් ඊයේ ටී වී එකේ මම දැක්ක එක කතාවක් හිංදා මට එක එක දේවල් හිතෙන්ඩ පටං ගත්තා මේ කාරණේ ගැන.
අපේ වික්ටර් රත්නායක මහත්තයාගේ මාලිනියේ සින්දුව අහල තියනවා නේද?
මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනේ මාලිනියේ - නොරැවටෙන්
ඈන් ස්පොරි
මටනං හිතෙන්නේ මතුපිට සහ ඇතුලත චරිත ගැන කියවෙන මේ සිංදුවට ගැලපෙන චරිතයක් තමයි ඊයේ මම දැනගත්තු කෙන්යානු ජීවිත දහස් ගණනක් බේර ගත්තු වෛද්‍යවරියගේ කතාව. කැමති නං කියවන්ඩ මේ ඈන් ස්පොරි ගේ කතාව.