අද 2019 නොවැම්බර් 16. ජනාධිපතිවරණෙ මම චන්දෙ දෙන්නේ කාටද කියල තාම තීරණයක් නෑ. තව පැය කීපයක් තියෙනවනේ චන්දෙ දාන්ඩ. චන්දෙ දාන්ඩ යනවද නොයනවද කියලා එකෙල මෙකෙල වෙමින් ඉන්දැද්දී අනුරාධපුරේ ගිය වතාවල් කීපෙක ගත්තු චායාරූප ගොන්නක් දිග ඇරගෙන බල බලා හිටියා. ඒ කොයිකක උනත් දැක්කේ මහා වැව්...මහා වෙහෙර විහාර...මහා කුඹුරු යායවල්. මට හිතුනා මේ අපි දකින දේවල් එදා හිටපු මිනිස්සුත් දැක්කද කියල.
මට හිතිච්ච දේවල් එක්ක මහාවංශ සිංහල පරිවර්තනයකුත් පෙරලලා බලපුවම ඇත්තටම අපි - ඒ කියන්නේ අනුරාධපුර යුගයට සාපේක්ෂව අනාගත වැසියන් වෙන අපි දකින දේ එදා ඒ යුගයේ අය දැක්කේ නෑ නේද කියල හිතුනා. මට හිතිච්ච දේවල් කට්ටකාඩුවේ 'අගත අනගත' පාඨක ඔබ එක්ක බෙදා ගන්ඩයි මේ හදන්නේ. කැමති නම් කියවන්ඩ මගෙ මොකෝ!