මළ ගෙවල් යනු සමාජ උත්සවයක් බවට පත්වී ඇත්තේ අපේ ගමේ පමණක් නොවේ. එහෙත් කුඩා ගමක වැසියන් වන අපේ ගමේ කට්ටිය කලාතුරකින් සිදුවන මළ ගෙදරකදී එතුලින් උපරිම තෘප්තියක් ලබා ගනිති. කට්ටියක් පැත්තකට වී බූරු ගසන අතර තවත් කට්ටියක් හත් වාසි බලති. පොඩි එවුන් කැරම් ගසන අතර මහා එවුන් ඕපා දූප මල්ල දිග හරිති මැද උන් ෆෝන් ගැන කථාය. කෙල්ලෝ මල ගෙදර ඇතුලේය. කොල්ලෝ හට් එක තුලය. නැත්නම් පාර දිගටය. එහෙමත් නැත්නම් කානු වලය!
තව කට්ටියක් ශෝකය පල කිරීමට ගල් අරක්කු වලින් මූන හොදා ගෙන, කසිප්පු වලින් නා, ගංජා ගගක පීනමින්, මල ගිය පුද්ගලයා ප්රේත ලෝකයට ගියේ නම් දැන් තත්වය මේ බව පෙන්වමින්, සසර බිය ඇති කිරීමේ ව්යාපාරයක නිරත වෙති. තවත් කට්ටියක් රෑ එකට දෙකටත් බත් කමුයි යෝජනා කරති. නැත්නම් තේකක් බීමට යෝජනා කරති. සමහර විට
සීතලේ ගැහි ගැහී සිටින විට නයිස් බිස්කට් එකක් සමග කූල් ඩ්රින්ක්ස් පොවන්නට තැත් කරති...ඒ කවුරු කව්රුත් මල ගෙදර අයගේ තනියට පාන්දර තුන හතර වෙනකල් ඇහැරගෙන සිටිති.
මට තව ඩිංගෙං
කියන්ඩ
අමතක උනා...මේ සියලු කණ්ඩායම් එක්වී මළ ගෙදර උදවියට රෑ දහයට විතර මෙසේ
කියති......”හෙට උදේම නැගිටින්ඩ එපායැ… ඒ හින්දා මගේ අප්පච්චිලා දැන් නිදා ගන්ඩ...”(ඔව් ... ඔව්…
කාට
කාටත් වැඩි ආදරේට අප්පච්චි කියලා තමයි කියන්නේ...හිතුවද මමත් ගංජා ගහලා කියලා). ඉතින් වදෙන් පොරෙන් මළ ගෙදර කට්ටියව නිදි කරවලා තමයි අපි තනි රකින්නේ... නයිට ගහන්නේ.