Tuesday, October 29, 2019

බොර්ජියා වරු



ජනාධිපතිවරණයක්  ඇවිත්. කාට චන්දෙ දෙනවද කියල තාම තීරණයක් නෑ. හැබැයි කවුරු මග තොටේ දී හම්බ උනත් අහන්නේ මේ පාර කවුරු දිනයිද කියල. මං කොහොමද දන්නේ? මං සාත්තරකාරයෙක් නෙවෙයි නේ. ටික කාලයක් කේන්දර බලන හැටි ඉගෙන ගත්තු බව හැබෑව. දන්නා ටිකෙනුත් චන්දයක දිනුම පැරදුම වගේ දේවල් ගැන හරි තීරණයක් දෙන්ඩ පුළුවන් කියල මට හිතෙන්නේ නෑ. වෙනිං රටවල් වල නං අපක්ෂපාතී එහෙම නැත්තං ස්වාධීන කියල හිතන්ඩ පුළුවන් ජන මත විමසුම් පැවැත්වෙනවා චන්දෙකට කලින්. හුළඟ හමන්නේ කොයි අතටද කියල දැන ගන්ඩ වගේ සමීක්ෂණ හොඳ මෙවලම්. එහෙව් සමීක්ෂණ නැති අපි වගේ රටවල් වල මැතිවරණ උණ හැදිච්ච අයට තියෙන්නේ එකම සරණයි. ඒක තමයි මග තොටේදී හමුවෙන අයගෙන් මොකක් වෙයිද කියල අහන එක

පස්වෙනි නිකලස් පාප් තුමා 

කවුරුවත් මගෙන් එහෙම ඇහුවත් වැඩක් නෑ. මොකද මම මෙතෙක් කල් ජනාධිපතිවරණ වලදී චන්දෙ දීපු අපේක්ෂකයෝ දිනලා තියෙන්නේ 50% ප්රතිශතයක්. කියන්නේ මගේ තේරීම හරි හෝ වැරදි වෙන්ඩ පුළුවන්. ඉතින් කවුරු දිනයිද කියල මගෙන් අහන අයට දෙන්ඩ මම උත්තරයක් හදා ගත්තා. එක තමයි මම අද කියන්ඩ යන්නේ.

මේ මම කියන්නේ මම හොයා ගත්තු දෙයක් හෙම නෙවෙයි. මේ පරිච්චේදය තියෙන්නේ බොර්ජියාස් කියන පොතේ. පොත ලියල තියෙන්නේ ජී. ජේ. මේයර්.

බොර්ජියා වරු ගැන යුරෝපා ඉතිහාසයේ තියෙන්නේ හරිම කළු පින්තූරයක්. මධ්යතන යුගයේ ආගමික හා දේශපාලනික ක්ෂේත් වල මහා බල පරාක්රමයක් දක්වපු කෲරත්වයෙන්, කපටි කමෙන් හා නොයෙකුත් දුශ්චරිත වලින් තමන්ගේ බලය හා ධනය වැඩි කරගත්තු බොර්ජියා වරු ගැන වැඩි විස්තර ඔබ තමුන්නහෙලාම තෝර බේර ගන්ඩ. මම මේ කියන්ඩ යන්නේ බොර්ජියා වරුන්ගේ බලයේ උල්පත මතු වෙච්ච හැටි.  ඔන්න එහෙනං කතාව...