මෙතෙක් කථාව....
කොළඹ ගමයා වියුණුව රසික
අප වෙත ගෙනෙන අජිත් ධර්මකීර්ති මහතාණන් වාසය කරන්නේ පරසිදු ලන්ඩන් පුරවරයෙහිය.
කට්ටකාඩුව වියුණුවට අත්‍යාවශ්‍යව තිබෙන එක්තරා පුරාණ පුස්කොලපොතක අත් පිටපතක්
ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව දැන ගන්නා කට්ටකාඩුවේ ලොකු මල්ලී, හැකියාවක් ඇත්නම් එම අත් පිටපතෙහි පිටපතක් තමන්ට ලබා
දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. එය පිලිගන්නා අජිත් සුධීමතුන් සිය පියඹගේ විරෝධයද, කොරෝනා තර්ජනයද නොතකා ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී
නොසිතූ අයුරින් කෞතුකාගාරය තුල තනිවන අතර මාසයක පමණ කාලයක් කොරෝනා තර් ජනය
හේතුවෙන් කෞතුකාගාරය වසා දැමෙයි. අජිතුන්
හමුවට පැමිනෙන්නේ කවුද?
වැඩි විස්තර සඳහා කොළඹ ගමයා වියුණුවට මෙතැනින් පිවිසෙන්න........බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්
ලා කහ පැහැති ආලෝකය දසතම
එක ලෙස පැතිර පවතින බවත් එහි ප්‍රභවයක් නොමැති බවත් මට තේරුම් ගියේ එවිටය. එය
හැබෑවටම පවතින ආලෝකයක් ද නැතහොත් මගේ සිතේ ඇඳුනු ආලෝකයක් වැනි හැගීමක්දැයි මම
සිතන්නට වීමි. වසර සිය ගණනක් තිස්සේ සමහර විට දහස් ගණනක් තිස්සේ රාමායණය කියවු
නොකියවූ බොහෝ දෙනාගේ සිත් පැහැර ගත් රාවණයන් මා අබිමුව සිටිද්දී මම අවට පැතිර
පවතින ආලෝකයේ ප්‍රභවය සොයමින් කල් මැරීම කෙතරම් අනුවණ කමක් දැයි සිතෙත්ම රාවණ
රජුගෙන් කුමක් ඇසිය යුතු දැයි සිතන්නට වීමි. සිත නිසල වන්නට වන්නට කොහෙන්දෝ නැගෙන බෙර හඬක් මා සවනත
වැකෙයි.....
ඩම...ඩම...ඩම....