තිරය විවර වෙයි.
අඳුර මැදින් කුවේණි නාට්‍යයේ ගායක පිරිසගේ හඬ ඇසෙයි.
ගලින් ගල ගටාලා
අන්ධකාරේ අතීතේ
ගිනි පුපුර මැවූ මුල්
මිනිස් තෙම ඉන් නොනැවතී
එකම ගිනි සිලෙන් ඒ
ලෝ වටා ගිනි නගාලා
යුදට වැද උනුන් හා
එතෙර මෙතෙරත් සාගරේ
දසත නෙත් යොමන්නේ
නොදැන කිම්දැයි සොයන්නේ
ගිනි රැගෙන බලන්නේ
අතීතය මුණ ගැසෙන්නේ
කුවේණි නාටකයේ ගායක පිරිස වේදිකාවෙන් බැස යද්දී
කට්ටකාඩුවේ පූරක වේදිකාවට එයි.
මතකනේ අපි හතර කෝරළේ ඉපදිච්ච, කෝට්ටේ හයවෙනි
පරාක්‍රමභාහු රජ්ජුරුවෝ ගාව හැදිලා වැඩිච්ච, තොටගමුවේ විජයබා පිරිවෙණේ නායක ධූරයට පත්වෙච්ච අපේ රාහුල හාමුදුරුවොත් එක්ක කතා බහ කළා. උන්නාන්සේ බොහොම විස්සෝපයෙන් උන්නේ
රජ්ජුරුවන්නේ ඔටුන්න බාර ගන්ඩ එතුමාට පුත් කුමාරයෙක් නැති එක ගැන. උන්නාන්සේ
විතරක් නෙවෙයි කෝට්ටේ මාළිගේ ඔක්කොමලා එහෙමයි. හැබැයි රටේ ඊට වෙනස් මතයකුත්
තිබුනා. ඒ ගැන අහන්ඩ අද අපි හම්බ වෙන්නේ රාහුල හාමුදුරුවෝ වගේම උගත් වියත් පඬි
රුවණක්. නම කියපු පමණින් අදත් මිනිස්සු දන්නා වීදාගම මයිත්‍රීය හාමුදුරුවෝ. එන්ඩ
අපිත් එක්ක මේ කතාබහට එක්කහු වෙන්ඩ.