සාමන්‍යයෙන් ලෝකේ ආර්ථික විද්‍යාඥයෙකුට ලබන්ඩ පුලුවන් ලොකුම ගෞරවය කියල සැලකෙන්නෙ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ලැබෙන නොබෙල් තෑග්ග ලබා ගන්න එක. 2020 අවුරුද්දේ මෙ වාසනාව උදා උනේ පෝල් ආර් මිල්ග්‍රම්ටයි රොබට් බී විල්සන්ටයි. ඒ වෙන්දේසි න්‍යාය වැඩි දියුණු කිරීමට ඔවුන් දක්වපු දායකත්වය වෙනුවෙන්. ඔවුන් මේ වෙන්දේසි කිරීමේ න්‍යාය ගැන කොච්චර පර්යේෂණ කරාද කියනවනං අලුත් වෙන්දේසි ක්‍රම පවා ලෝකෙට අදුන්නලා දෙන්ඩ ඔවුන්ට පුලුවන් උනා. වෙන්දේසි න්‍යාය වෙනුවෙන් නොබෙල් තෑග්ගක් හම්බ වෙච්ච පලවෙනි පාර මේක නෙවෙයි. 1996 දි විලියම් විකරිට නොබෙල් තෑග්ග හම්බ උනෙත් මෙ න්‍යාය ගැන කරපු පර්යේෂණ වෙනුවෙන්. මෙච්චර ලෝක අවධානය යොමු වෙන්ඩ වෙන්දේසි කියන එව්වා ලෝකෙට අලුත් දෙයක්ද? කොහෙත්ම නෑ. අවුරුදු දෙදාස් පන්සීයකට විතර උඩදී ඉතිහාසඥ හෙරඩෝටස් පවා තමන්ගේ බිරින්දෑවරුන්ව වෙන්දේසියේ දාපු ආදරණීය ස්වාමි පුරුෂයන් ගැන ලියලා තියෙනවා!! ඉතින් දැං මොකද්ද මේ ඇතිවෙලා තියෙන උනන්දුව?
ඒ
ගැන වැඩි විස්තර කථා කරන එක ආර්ථික විද්‍යාව ගැන නිතර කථා කරන අපේ ඉකොනොමැට්ටාතුමා
වගේ කෙනෙකුට බාර කරලා අපි අපේ කථාවට යමු.