හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග්
එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය
බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ
හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව.
අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා
ඒ ඒ දේසේ හැටියට තේරුං ගන්ඩ ඕන බවට පොඩි උදාහරණයක්. කැමති නං අහන්ඩලා.
දැනට අවුරුදු පහලොවකට විතර ඉස්සර ලොකු මලයා සති දෙක තුනක්
හිටියෙ ඩෙන්මාර් කෙ ආණ්ඩුවේ වැඩකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා. ඔය වැඩේ අතරතුරේ කෝපන් හේගන්
වල බලන්ඩ තියෙන ලස්සන තැන් වලට- වැඩියක්ම අඩු ගානක් වියදම් කරල වැඩි දෙයක් බලන්ඩ පුලුවන්
තැන් වලට යන්ඩ තමයි කල්පනාව තිබ්බේ. වැඩේ ඉවර වෙන්ඩ කිට්ටු දවසක අපි කාණ්ඩෙටම ආරාධනාවක්
හම්බ උනා ඒ කාලෙ ඩෙන්මාක් රටෙ විදේශ අමාත්‍යාංශයෙන්. අප්පද බොල කෝපන් හේගන් ඔපෙරා
හවුස් එහෙම නැත්තං ඔපෙරා පෙන්නන නෘත්‍ය ශාලාවේ රෑ කෑමකට ආරාධනයක් එහෙ විදේශ අමාත්‍යාංශයේ
උප ලේකම් එක්ක. රෑ කෑමට වඩා මට ඕන වෙලා තිබ්බේ
අමුතු හැඩයකට හදලා තිබ්බ මේ ඔපෙරා හවුස් එක බලන්ඩ යන්ඩ. ඒක රෑට ලයිට් දාපුවම තැඹිලි
පාටින් දිලිසෙනවා දැකලා තිබ්බට මං ඒක ළඟටවත් ගිහිං තිබ්බෙ නෑ.