එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන
චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ
හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා
තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ
එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ
එතරම් රසවත් නොවිච්ච හිංදා විවේක කාලය සම්පූර්ණයෙම්ම වගේ යෙදෙව්වේ මේ අමුතු
මනුස්සයා කරන කියන වැඩ ගැන හොයල බලන්ඩ. වැඩියක්ම ඒ වැඩේ හිතට ඇල්ලුවේ ප්‍රාන්ත
මැතිවරණේකුත් ඔය අල්ල පනල්ලේ පවත්තන්ඩ නියමිත වෙලා තිබ්බ හිංදා.
අද කාලේ අපේ රටේ චන්ද ලංවෙනකොට එක එක බඩු බෙදනවා කිව්වට
එහෙ ඒ කාලේ තිබ්බ බඩු බෙදිලිත් එක්ක හැරෙන්ඩවත් අපේ උන්දලාට බෑ. ටකරං වගේ දේවල්
කෙසේ වෙතත් වැඩි පුරම බෙදුවේ සල්ලි, බයිසිකල්, සාරි, කමිස, ඔරලෝසු, හරක් පැටව්, එළු පැටව්, ප්ලාස්ටික් කළ, වතුර බූලි, බෝනික්කෝ, සෙරෙප්පු, හඳුන් කූරු, කෝච්චි ටිකට්, ත්‍රී වීල්
ටයර් වගේ දේවල්. අම්මප මේක මාර රටක් නේ කියල හිත හිත ඉන්නකොට ටීපු රාවෝ මහත්තයා
හම්බ උනේ. ඒ මහත්තය අපි නැවතිලා හිටපු හයිද්‍රාබාද් නුවරම කෙනෙක්. ඔහු හරි
උනන්දුවක් දැක්වුයේ රාම-රාවණ කතාවට. ඉතින් ලංකාවෙන් ආපු මාත් එක්ක බොහොම ටික
වෙලාවකින් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තු ඒ මහත්තයා දවසක් මාව එතුමාගේ ගෙදරත් රෑ
කෑමකට එක්ක ගියා. ඒ දවසේ මම දැන ගත්තු කතා ටික කොලේක ලියල තිබිල පහුගිය දවසක හම්බ
උනා. මට හිතුනා ඒ කතාව ඔබත් සමග බෙදා ගන්න.