ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.
ඔයා අහවලාද?
ඔව්...ඔයා කවුද?
මම කසුන්...අපි මීට අවුරුදු තුන හතරකට කලින් හම්බ උනා අහවල් විශ්ව විද්යාලයේ දී මට මතක විදිහට...
එතකොටම මගේ මතකය වැඩ කරන්ඩ පටන් ගත්තා. ඔය කියන කාලයේ මම පශ්චාත් උපාධි අධ්යයනයක යෙදිලා හිටියේ කොළඹට කිට්ටු විශ්ව විද්යාලයක. එහි එක්තරා විෂයයක් සඳහා පැමිණි බාහිර කථිකාචාර්යවරයෙක් තමයි කසුන්. ඔහු එක්ක සාකච්චා කල දේ පැය කීපයකට පමණක් සීමා උනා. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. ඔහු මා තුල දල්වා ලූ ඥාන ගවේෂී උවමනාව. ඊට ඉස්සර මං ගැන පොඩි කතාවක් කියන්ඩ ඉඩ දෙන්ඩ.
මම හතර කෝරළේ ඉපදිලා
ඉස්කෝලෙට ගිය කෙනෙක්. කන්නංගර මහත්තයට පින් සිද්ධ වෙන්ඩ
නිදහස් අධ්යාපනයේ තව එක ප්රතිලාභයක් වෙච්ච
ශිෂ්යත්ව කඩඉමෙන් පාස් වෙලා තමයි කොළඹ ගෙන්දගම් පොළොවේ 'ලොකු' ඉස්කෝලෙකට ආවෙ. ගෙදරින් පිටවෙලා කොළඹ ගත කරපු ජීවිතේ කවදාවත් සැප පහසු හෝ සිත් ඇදගන්නා සුළු එකක් උනේ නෑ. කිසිම දෙයක් වාසනාව හින්දා නොවෙන බවත් හැම දෙයක් වෙනුවෙන්ම අප්රමාන කැප කිරීම් හා උත්සාහයක් දැරිය යුතු බවත් මම ඉගෙන ගත්තේ අර කොළඹ ජීවිතේට පින් සිද්ධ වෙන්ඩ.