ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. ඒ කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.
ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා අද කතාව.
ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වාදය ගුත්තිල පඬිතුමාවත්, මූසිලවත් ඉල්ලපු එකක් නෙවෙයි, රජ්ජුරුවෝ බලෙන් පටවපු එකක් කියල?
මම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු කෙනාමයි එහෙම කියන්නේ.
කොහොමද?
මෙන්න මෙහෙම...අහගන්ඩකෝ හොදට...


