Thursday, November 30, 2017

ඉපදෙනවාට වඩා වැඩියෙන් මැරෙන ළමයි


හැමෝම දන්න රහස් කියලා ජාතියක් අපේ සමාජේ තියනවනේ ආයිබොවන්...රට කරවන ඇත්තන්ගේ ඉඳලා පන්සල්, පල්ලි වල නායක කාරකාදී ඇත්තන් දක්වාම ඉන්නේ හොරකමක් වංචාවක් ගැන හිතිවිල්ලක් වැරදිලාවත් එන්නේ නැති අපේ පිනටම පහල වෙච්චි උන්දැලා ටිකක්ය, අපේ දොස්තර ගොල්ලොත් ලෙඩ්ඩු ගැන අප්රමාන අනුකම්පාවකින්ම තමුන්ගේ සේවාව උපරිමෙන් කරනවාය වගේ හැමෝම දන්නා රහස් අතරේ තියන තව රහසක් තමයි මේ රටේ ඉපදෙන්ඩ ඉස්සරලම ළමයි මැරිල්ලක් එහෙම නැත්තං....මේ...මේ... කියන්ඩත් මොකද්ද වගේ....කවුරුවත් අහගෙන හෙම නෑ නේ...ගබ්සාවක් කිසිම දවසක වෙන්නේ නෑ කියන එක. අප්පේ හිතන්ඩත් පවු සිද්දවෙනවනේ අප්පා ජීවිතයක් නැති කරනවා කියපුවම....අනික මේ මොකුත් නොදන්නා කිරි සප්පයෙකුගේ.....!!!


හැබැයි ඔන්න ඉපදුනාට පස්සේ නම් මැරුවට කමක් නෑ. මරන්ඩ බැරි නම් නොමරා මැරුවත් කමක් නෑ. දහජරා බල්ලෝ වගේ දඩාවතේ හැදෙනවට වඩා හොඳයි කවුරු හරි බලවන්තයෙක්ගේ ආසාවල් පිරිමහ ගන්ඩ පොඩි කාලෙම බිල්ලට දෙන එක, නැත්නම් ගෙවල් වල වැඩට යවන එක, පිටරට එකෙකුට වකුගඩු ගන්ඩයි වෙන වෙන කෑලි ගලව ගන්ඩයි විකුණන එක, හිගා කන්ඩ කුලියට දෙන එක, පික් පොකැට් ගහන්ඩ පුරුදු කරන එක, කුඩු ගහන්ඩ ගංජා ගහන්ඩ පුරුදු කරන එක ඔය මොකුත්ම නැත්නං ගල් වලක වැඩට හරි වැලි ගොඩ දාන්ඩ හරි යවන එක. හැබැයි ගබ්සා නම් කරන්ඩ එපා පුතෝ ආය දෙකක් නෑ නරකාදිය සුවර් ….!

Saturday, November 25, 2017

නංගිලා මල්ලිලා (දුවලා / පුතාලා) වෙත ආදරයෙනි


 රැකියා විරහිත උපාධිදාරීන් විරෝධතා ව්යාපාරයකට සූදානම් වන බව කනින් කොනින් දැන ගන්ඩ හම්බෙච්ච ගමම්ම මට හිතුනා මේ ගැන මගේ අදහස උන්දැලාට කියා පාන්ට. මේ අදහසට උන්දැලා එකඟ නොවෙන්ඩ පුළුවන්. ඒක අයගේ අයිතිය. හැබැයි ලංකාවේ කෝටි ගානක් මිනිස්සු දුක් විඳලා හරි හම්බු කරපු දේවල් වලින් වියදං කරලා නොවැ ආයිබෝං මේ නංගිලා මල්ලිලාට උපාධිය දුන්නේ. ඉතින් එහෙව් එකේ දැන් සාමාන් පුරවැසියෙක් වෙලා ඉන්න, එක කාලෙක උපාධි අපේක්ෂකයෙක් වෙලා උන්නු මටත් පොඩි දුකක් දැනුනා මේ තත්වේ ගැන. ඒකයි මං හොදාකාරවම දන්නා දේ ලියලා කියන්නේ


දැන් ටිකක් විතර වයසට ගිහිල්ලා හිංද දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට මං නංගිලා මල්ලිලා කියල කියනවද දුවල පුතාලා කියල කියනවද කියල හිතා ගන්ඩ බෑ. ඒකයි අර විදිහේ මාතෘකාවක් දැම්මේ. හැබැයි කොල්ලනේ කෙල්ලනේ මෙහෙම අතීරනේක නෙවෙයි උඹලා ඉන්ඩ ඕන. අවුරුදු 25-26 වෙනකල් උපාධියක් වෙනුවෙන් දිය කරපු ජීවිතේ තනියෙන් වගකීමක් අරං පටං ගන්ඩ යන්නේ දැනුයි. කොටිම්ම කියනවනං වැඩිහිටියෙක් විදිහට ජීවිතේට මූණ දෙන්ඩ පටං ගන්ඩ යන්නේ දැනුයි. එහෙවු ජීවිතේ පටං ගන්ඩත් කලින් 'හිට් විකට්' කර ගත්තොත් ඔක්කොම චක බ්ලාස්!! හිංද මේ කියන දේවල් ගැන පොඩ්ඩක් ඇහැ කන ඇරලා හිතල බලා පල්ලා

Wednesday, November 22, 2017

කිඹුලා කෑ මුගාබේ


“සමහරවිට ඔබේ මවට නොයවා ඉතුරු කරගත්  මුදල් වියදම් කල අතීත පෙම්වතියන් ගැන සිහිකරද්දී මායා බන්ධන සත් බව වැටහේ!”

“ජනාධිපති ඔබාමා, සම ලිංගික විවාහ අප රටේද නීතිගත කරන ලෙස ඉල්ලා සිටියහොත් මම ඔහුට අපේ රටට ආරාධනා කරමි. එවිට මට ඔහු හා විවාහ වී එය ඇරඹිය හැකිය!”

“පෙම්වතියන් වෙනුවෙන් වත් සටන් කරන්න එපා. මුළු රටම රූමත් කාන්තාවන්ගෙන් පිරී ඇත. ඔබට එවන් අයෙකු සොයා ගත නොහැකි නම් මා හමුවන්න. මම ඔබට උදවූ කරන්නෙමි!”

“මම කීප වරක් මිය ගොස් ඇත්තෙමි. සැබවින්ම මම යේසුස් ක්රිස්තුස් වහන්සේ පරදවා ඇත්තෙමි. මක්නිසාදයත් උන්වහන්සේ මියගියේ එකම එක වරක් පමණක් බැවිනි!”

“මාව පත්කළේ දෙවියන් වහන්සේ බැවින් මා ඉවත් කළ හැක්කේද උන්වහන්සේටම පමණි!”

“මම අධ්යාපනඥයෙක් මි. ආර්ථික විශේෂඥයෙක්මි. දේශපාලනඥයෙක්මි. දැන් මම හොඳ කතන්දර කියන්නෙකු බවටද පත්වී සිටිමි”

 “දකුණු ඇෆ්රිකානුවන් මියගිය සුද්දෙකුගේ පිළිම බිමට හෙලන නමුත් පන ඇති සුද්දෙකුට කම්මුල් පහරක් ගැසීමටවත් උත්සාහ නොකරති. එහෙත් හුදෙක් විදේශිකයෙකු වන නිසාම කළු ජාතිකයන් මරා දැමීමට ඔවුහු පසුබට නොවෙති!”

“ඔබට විශ්වාස කල හැකි එකම සුදු ජාතිකයා මියගිය එකෙකු පමණි!”

 “මම මේ කාලයේ හිට්ලර් වෙමි. හිට්ලර්ට ඇත්තේ එකම අරමුණකි. ඔහුගේ ජනතාවට යුක්තිය ඉටු කිරීමය, ඔහුගේ ජනතාවට ස්වාධීනත්වය ලබා දීමය.ඔහුගේ ජනතාවගේ නිදහසට පිලි ගැනීමක් ලබා දීමට සහ ඔවුන්ගේ සම්පත්වලට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමටය. ඒ හිට්ලර් නම් මම දස ගුණයකින් හිට්ලර් වීමට කැමැත්තෙමි. දස ගුණයක්, ඒ අපි නැගී සිටින අරමුණුය.”

 “සාමාන් ඇෆ්රිකානු රටක ආර්ථිකයකට වඩා අපේ ආර්ථිකය සිය වාරයක් හොඳය. දකුණු ඇෆ්රිකාව හැරුණු කොට අපේ රට තරම් හොඳ වෙන රටක් තිබේද? අපේ කඩවල්වල රාක්ක හිස්ය. එකම ප්රශ්නය එයය”


මේ මුගාබේ කියපු කතා වලින් තෝරාගත්තු වැකි කීපයක් විතරයි. මං ඒවා තෝරගත්තේ ඔහුගේ ජීවිත කතාව ඒවගෙන් කියවෙන බව මට හිතිච්ච හිංදා.

රොබට් ගේබ්රියල් මුගාබේ නොහොත් මුගාබේ ගැන අපි බොහෝ දෙනෙක් අහලා තියනවා. සිම්බාබ්වේ දේශයට නිදහස් දිනා දෙන්ඩ අප්රමාණ කැප කිරීමක් කරපු සටන් නායකයා ඔහුයි. ඊට ලඟින් යන අනිත් එකම ඇෆ්රිකානු නායකයා දකුණු ඇෆ්රිකාවේ නෙල්සන් මැන්ඩෙලා. අදත් මැන්ඩෙලා ගැන මුළු ලෝකෙම බොහොම ගරු බුහුමනින් යුක්තව කතා කරද්දී මුගාබේ අද ඉන්නේ නිවාස අඩස්සියේ. සමහරවිට ඔබ මේ ලිපිය කියවන වෙලාව වනවිට ඔහුව තමන් හදා වඩා ගත්තු පක්ෂෙන්ම නෙරපලා දෝෂාභියෝගයකට ලක් කරලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මැන්ඩෙලා ගිය පාරේ මුගාබේට යන්ඩ බැරි උනේ ඇයි? මුගාබේ කියල දෙන පාඩම හුගක් රටවල හුගක් දේශපාලකයන්ට වටින පාඩමක් වෙයි. දේශපාලකයන්ට විතරක් නෙවෙයි අපි කාටත් හොද පාඩමක් කියල දෙන මුගාබේ ගේ ජීවිත කතාව තමයි අද මං ඔයාලත් එක්ක කියන්ඩ යන්නේ.