Sunday, August 28, 2022

සේසතේ දේවතාවී

 

මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙදහස් තුන හතර වගේ අවුරුදු වදී මම සිංහල ටයිප් කරේ symbol විදිහට insert කරලා. ඒ විදිහට වාක්‍යයකට දෙකකට  වඩා ටයිප් කරන්න හොඳ ඉවසීමක් වගේම පැයක දෙකක කාලයකුත් ඕන වෙනවා. ඊට පස්සේ google transliteration කියන සේවාව පාවිච්චි කරලා තමයි සිංහල අකුරු ටයිප් කරේ. ඇත්තටම බ්ලොග් එකේ මුල්ම ලිපි බොහොමයක් ලියවුනේ මේ translitaration ක්‍රමයට. ඊටත් පස්සෙ හෙළකුරු app එක පාවිච්චි කරලා ලිපි ලියන්න පටන් ගත්තා. එන්න එන්න අඩු කාලයකින් වැඩි පහසුවකින් සිංහලෙන් ලියන එක කරගන්න මේ මෙවලම් හින්දා පුළුවන් වුණා.

ගිය සතියේ මට ඉගෙන ගන්න හම්බවෙච්ච මට අලුත් ක්‍රමයකට තමයි මේ ලිපිය ලියන්නේ. ඒ තමයි google docs මෙවලමේ ඇති කථන-ලිඛිත පහසුකම පාවිච්චි කරලා. අපිට ඕන විදිහට කතා කරනකොට google සිංහලෙන් අපි කියන දේවල් ලියලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමේ. හැබැයි වඩා ඉක්මනින් පහසුවෙන් සිංහලෙන් යමක් ටයිප් කරන්න මෙය හසු ක්‍රමයක්. අවශ්‍ය කරන එකම දේ ටිකක් හොඳ අන්තර්ජාල පහසුකමක් විතරයි. කාට හරි මේ ක්‍රමය ගැන දැනගන්න ඕන නම් මම දන්න දේවල් කියලා දෙන්න ලෑස්තියි.

ඊට කලින් අපි කට්ටකාඩුවේ අද කතාවට බහිමු. පහුගිය දවසක මම කල්පනා කර කර හිටියා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන ආර් ථික අවපාතය හින්දා අවුරුදු හැට හැත්තෑ ගණන් ගණනක් තිස්සේ ඇති කරගත්තු, ලබාගත්තු මහර ජයග්‍රහණ නැති වෙලා යනවා නේද නේද කියලා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ක්ෂේත්‍රවල ලබපු ජයග්‍රහණ පෙන්නලා දෙන්න පුළුවන්. අපි පරම්පරා ගණනක් තිස්සේ ආයෝජනය කරලා මන්දපෝෂණය වගේ ප්‍රශ්න සෑහෙන මට්ටමකට විසඳ ගත්තා. ඒත් වත්මන් දරු පරම්පරාව මේ ආර් ථික ප්‍රශ්නත් එක්ක ආපහු පරම්පරා ගණනකට ඉස්සර තිබුණු තත්ත්වයට ආපස්සට ගණන් ගමන් කරලා කරනවා නේද කියලා මට හිතෙනවා.

 


 එහෙම ඇතිවෙන පෝෂණ ඌනතා එක්කම හිතන පතන විදිහ විදිහෙත් ඌනතා අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. අද මම කියන්න යන කතාව එහෙම එකක්. උපුටා ගන්නේ සද්ධර් මාලංකාරය කියන පරණ බණ පොතෙන්. මේ පොත ලිව්වා කියලා විශ්වාස කරන්නේ ගම්පොළ යුගයේදී

Sunday, July 17, 2022

දෙසීයේ චක්කරේ

 

ලියන්ඩත් හිතක් පහළ වෙන්ඩ ඕන. ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල මැද බාගේ උපන්න අපි වගේ වාහෙලාට ගෙවන්ඩ වෙච්ච ජීවිත කාලෙ හරි පුදුම සිදුවීම් තොගේකින් පිරිලා තිබ්බා කියලයි මට හිතෙන්නේ. අපි ඉපදෙන කොට මහා පොලු යුගයක්! දේශීය කරුමාන්ත නග්ගවන්ඩ කියලා පිටරටින් ගෙන්නන භාණ්ඩ පොදු ජනතාවට තහනම් කරලා තිබ්බ යුගේක ඉපදිච්ච අපි, අපේ ළදරු අවදිය ගෙව්වෙ හුගක් අග හිගකම් මැද්දෙ. මට මගේ පුංචි කාලෙ මතක නොතිබ්බට අම්මලා අප්පච්චිලා කියපු කතාවලින් අහගත්තු දේවල් මං මීට ඉස්සරත් ලියලා තියෙනවා. ඊට පස්සෙ අපිට අවුරුදු 7-8 වෙනකොට පටන් ගත්ත යුද්දෙ නැවතුනේ අපේ පලවලේ සහෝදර සහෝදරියො දාස් ගාණක් බිල්ලට අරං. ඒ යුද්දෙ නැවතුනේ අපිට අවුරුදු 33-34 වෙනකොට. ඇයි ඊට කලින් අපේ හිරිමල් යව්වනයෙදි ඒ කියන්නෙ වයස 13-14 කාලෙදි දකුණෙ මහා භීෂණේ! ටයර් සෑයවල්, අතුරුදහන් වීම්, ගිනි තැබීම්, එකී නොකී මෙකී මහා විජ්ජුම්බර රාසියක්. ඊගාවට ආවෙ සුනාමිය. ඒ අපිට 28-29 වෙද්දි. කොහොමින් කොහොමින් හරි එව්ව මෙව්ව ඔක්කොගෙන්ම බේරිලා හිටියත් අපිට 43-44 වෙද්දි ආපු කොරෝනා වසංගතෙයි අපිට 46-47 වෙනකොට ආපු රට බංකොලොත්වීමයි මේ මහා විපරියාස දැක්ක පරම්පරාවට අත්දැකීම් එකතු කරා. තව අපි දැක්කෙ නැත්තෙ අපේ රටේ පරමාණු බෝම්බයක් පුපුරන එකයි නිළ වශයෙන්ම රට කාට හරි විදේශිකයෙකුට යටත් වෙන එකයි විතරයි හා බොරුද? ආය මොකටද නිළ වශයෙන් යටත් වෙන්නෙ දැං යටත්වෙලා තියෙන හරිය මදෑ කියලත් හිතෙනවා.


           මේ ඉන්නෙ ෂෙන්-හෙ. ලංකාවෙ රජ්ජුරුවෝ චීනෙට ගෙනිච්ච නපුංසක සෙනෙවියා

ඔන මොන සංගදි දැක්කත්, දැං අපි මූණ දීලා තියෙන තත්වෙ තරං අමාරු, භයානක තත්වයක්නං මීට කළින් අහලවත් නෑ තමයි. ඒ අපේ 45-46 වෙන ජීවිත කාලෙදි. රටක් විදිහට ගත්තොත් මීට වඩා අමාරු කාල තියෙන්ඩ ඇති. අද කට්ටකාඩුවට ලියන්ඩ හිතුවෙ අපේ රටට මූණ දෙන්ඩ වෙලා තිබ්බ එක එක අකරතැබ්බ ගැන. නිකම්ම ඔය අකරතැබ්බ ගැන ලිව්වට කිසි ගතියක් නෑනෙ. ඉතිං එක එක සිද්දි වෙච්ච කාළ වකවානු අරගෙන එහෙට්ට මෙහෙට්ට පෙරළ පෙරළා ඉන්නකොට මට තේරුනා පොඩි රටාවක් මතුවෙන බව. ඒ තමයි අවුරුදු දෙසීයකට විතර පාරක් හරියට භූතයෙක් මතු උනාවගේ හරි නස්පැත්ති රාසියක් ලංකාවට කඩා පාත් වෙනවා කියන එක. තවත් පැහැදිලි කරොත් අවුරුදු දෙසීයෙන් දෙසීයට දෑලෙ තියෙන අවුරුදු දහය එක්ක ගත්තොත් ඒ කියන්නෙ ඔය ගණිත ශාස්ත්‍රඥයෝ ලියලා පෙන්නන විදිහට 200± 10 විදිහට ගත්තොත් අපි මහා විපත්තියකට මුහුණ දීලා තියෙනවා හුගක් වෙලාවට.

ඔන්න මගේ මතය ඇති වෙච්ච හැටි ගැනයි දැන් කියන්ඩ යන්නෙ.