Monday, November 8, 2021

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත

 

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්...

ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ වැඩේය. මට රෑ හීනෙනුත් පෙනෙන්නේ උං ඔබ වහන්සේට පෝලිමේ ඇවිත් දණ්ඩ නමස්කාර කරන විදිහය!


අනික අපේ නායකතුමා ඔබවහන්සේ ඔය තනතුරට පත් කෙරුවේ කිසි අධ්‍යාපන සුදුසුකමක් හිංදා නොවෙයිය රෙදි නැතුව කඩේ ගිය හිංදාය කියලා උන්නාන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙවා වදාරා තියෙන හිංදා ආය ඒකේ හේතුවක් හොයන්ඩ උවමනාවක් නැතිය.