අද වෙනකොට විල්පත්තුව ගැන දන්නේ නැති එකෙක් වත් හොයාගන්ඩ
අමාරුයි. විල්පත්තුවට ජීවිතේට අඩිය නොතිබ්බ හුග දෙනෙක් දැන් විල්පත්තුවේ මායිම් ගැන දන්නවා. මේ ලගදි කැලෑ කන්තෝරුවේ
ලොකු මහත්තැන් කෙනෙක්ව එල්ලුම් ගස් යවන්ඩ සුදුසුයි කියලත් සමහරු කියනවා මං අහගෙන.
කාලෙකට ඉස්සර නං අම්බ හොරු රෑනක් ගෝල් පේස් පිට්ටනියට ගෙනැත් එල්ලන කල් අපි බලා
ගෙන හිටියා. ඒත් එහෙම කවුරුවත් ඇත්තටම එල්ලුම් ගස් යැව්වේ නෑ. මේ පාරත් ඔය කවුරු පාරම් බෑවත් කවුරුවත් එල්ලුම්
ගස් යන එකක් නෑ. හැබැයි හැලපතුමා දාලා තිබ්බ පෝස්ට් එකක් හිංද මට හිතුනා ඔය
විල්පත්තු කතන්දරේ තව පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔන්න පුලුවන්නං මේ හේතු ටික නැතිකරලා
දාන්ඩ පුලුවන් ජගතෙක් හිටියොත් අපේ කැලෑ ටික බේර ගන්ඩ පුළුවන් වෙයි.
ඊට කලින් කතන්දරයක් කියල හිටින්නං කොහොමද සමහර නිලධාරියෝ
අතීතේදී කැලෑ ටික බේර ගත්තේ කියල කාටත් තේරෙන්ඩ. අපේ කැලෑ දෙපාර්තමේන්තුවේ ඉහලම
පුටුවේ හිටියා බණ්ඩාර මහත්තයා කියලා උත්තමයෙක්. එතුමා බොහොම දිග කාලයක් ඒ
තනතුර දැරුවා. ඔය කාලේ කැලෑ බාර ඇමතිතුමා විදිහට පත් වෙලා හිටියේ මාතර පැත්තේ
චරිතයක්. එතුමා කම්පනා කළා මේ එක එකා හොරෙන් කැලෑ කපන එක නවත්තන්ඩ හොද ක්‍රමයක්.
දවල් රෑ මේ ගැන කම්පනා කරපු ඒ ඇමැත්තා ඒකට හොඳ කෙරේමයක් හොයා ගත්තා. ඒ තමයි කැලෑ
ටික නීත්‍යානුකූලව කපලා දාන එක!!! හොරෙන් කපන්නේ කැලෑ තිබුනොත්නේ. කැලෑ නැති උනාම
මක්කද කපන්නේ???? කොහොමද එතුමගේ ටිකිරි මොලේ?