Showing posts with label කලියුග කාලේ කතා. Show all posts
Showing posts with label කලියුග කාලේ කතා. Show all posts

Wednesday, December 10, 2025

සූරියකාන්ත මල් සහ ගංජා මිටිය

 

චාල්ස් ඩිකන්ස් කියන එංගලන්ත ලේඛකයා- අපේ අප්පච්චිට අනුව නං ඒ.ජේ.ක්‍රොනින් තමයි හොඳම ඉංග්‍රීසි නවකථා කාරයා ඊට පස්සෙ ඉන්නෙ මේ කියන ඩිකන්ස් උන්දැ- ලියල තියෙනවා පොතක්. නම A Tale of Two Cities. ඕක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දෙනුවර අන්දරය කියලත්. ඒ කොහොම උනත් මං මේ කියන්ඩ හදන්නෙ ඒ පොතේ මුල්ම පරිච්ඡේදය ගැන.

It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way—in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.

ඒකෙ සිංහල පරිවර්තනයක් ගත්තොත් මට තේරෙන විදිහට මෙන්න මෙහෙමයි.

"එය වනාහී හොඳම කාළය විය. එමෙන්ම එය ඉතාම නරක කාළයද විය. එය බුද්ධි මහිමයේ යුගය විය. එමෙන්ම එය මුග්ධබවේ යුගයද විය. ඒ යුගය විශ්වාසයේ පරප්‍රාප්තිය මෙන්ම සැකයේ, අවිශ්වාසයේ සහ අතීරණයේ යුගයද විය. සියල්ල අප ඉදිරියේ තිබුණි. එහෙත් අප ඉදිරියේ කිසිවක් තිබුනේ නැත. අප සියල්ලන්ම කෙළින්ම දිව්‍ය ලෝකයට යන මාවතකට වැටී සිටියෙමු. එහෙත් එහි ප්‍රතිවිරුද්ධ දෙසට අප යන බවක්ද දිස්විය.කෙටියන්ම කිවහොත් ඒ යුගය වත්මන් යුගය මෙන්ම විය. සමහර ඉතා ඝෝෂාකාරීව සිය මත ඉදිරිපත් කරන අධිකාරයන් සපථ කල පරිදිම එය අන්තයන්ගේ යුගය විය. එක්කෝ ඉතා හොඳය. එක්කෝ ඉතා නරකය. සුදු හෝ කළු මිස අලු කිසිවක් නොවීය".

කට්ටකාඩුවට අන්තිමට පැලයක් හිටෙව්වෙ අවුරුදු එක හමාරකට විතර ඉස්සර. ජීවිතේ වගේම විවිධ හැල හැප්පිලි තිබ්බත් හීං සීරුවේ වැවේ සොරොව්වෙන් වතුර ගලාගෙන ගිහිල්ලා කුඹුරු සරුවට පැහෙන කල් කාටවත් වැවේ ආරක්ෂාවට තියෙන කට්ටකාඩුව මතක් වෙන්නෙ නෑ. මහ වැස්ස ඇවිල්ලා, සොරොව්වට දරා ගන්ඩ බැරි වතුරක් වැවට එක්කහු වෙනකොට තමයි කාට කාටත් වැව් බැම්මේ, කට්ටකාඩුවේ අගය තේරෙන්නේ. ඉතිං අපි ජීවත් වෙන්නෙත් අන්න එහෙම නා කපන වැහි වැටිච්ච අබුද්දස්ස කාලෙක වෙච්චි, මටත් ආයෙත් කට්ටකාඩුවට පැලයක් දෙකක් එක්කහු කරන්ඩ හිතුනා.



ඇත්තටම ලොකු මලයා අත්දැකපු ලොකුම විනාසේ තමයි මේ පහුගියදා ඇති වෙච්ච ගංවතුරයි නායයෑමයි. සුනාමියෙන් වෙච්ච අනතුර- ජීවිත හාණි විදිහට විශාල උනාට ආර්ථික, සමාජයීය විදිහට මේතරම් විශාල නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගංවතුරයි නායයෑමුයි, ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයන්ගෙ මතකයේ රැඳිලා පවතියි පරම්පරා ගණනක් යනතුරුම. ඉතිං ඒ තමයි මේ යුගයේ කලු බව- මුග්ධ බවේ, සැකයේ, අවිශ්වාසයේ, අතීරණයේ, අපායගාමීබවේ, හිස් බවේ සංකේතය! . කෝ එතකොට සුදු?  

සුදු එහෙම පෙනෙන්නෙ නෑ. මැණික් වගේ අපි අමාරුවෙන් මතු කර ගන්ඩ ඕන. හැබැයි ඒක එච්චර අමාරුත් නෑ. මං කියන්නංකො කතා දෙකක්. ඕං අහගන්ඩ.

Sunday, August 28, 2022

සේසතේ දේවතාවී

 

මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙදහස් තුන හතර වගේ අවුරුදු වදී මම සිංහල ටයිප් කරේ symbol විදිහට insert කරලා. ඒ විදිහට වාක්‍යයකට දෙකකට  වඩා ටයිප් කරන්න හොඳ ඉවසීමක් වගේම පැයක දෙකක කාලයකුත් ඕන වෙනවා. ඊට පස්සේ google transliteration කියන සේවාව පාවිච්චි කරලා තමයි සිංහල අකුරු ටයිප් කරේ. ඇත්තටම බ්ලොග් එකේ මුල්ම ලිපි බොහොමයක් ලියවුනේ මේ translitaration ක්‍රමයට. ඊටත් පස්සෙ හෙළකුරු app එක පාවිච්චි කරලා ලිපි ලියන්න පටන් ගත්තා. එන්න එන්න අඩු කාලයකින් වැඩි පහසුවකින් සිංහලෙන් ලියන එක කරගන්න මේ මෙවලම් හින්දා පුළුවන් වුණා.

ගිය සතියේ මට ඉගෙන ගන්න හම්බවෙච්ච මට අලුත් ක්‍රමයකට තමයි මේ ලිපිය ලියන්නේ. ඒ තමයි google docs මෙවලමේ ඇති කථන-ලිඛිත පහසුකම පාවිච්චි කරලා. අපිට ඕන විදිහට කතා කරනකොට google සිංහලෙන් අපි කියන දේවල් ලියලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමේ. හැබැයි වඩා ඉක්මනින් පහසුවෙන් සිංහලෙන් යමක් ටයිප් කරන්න මෙය හසු ක්‍රමයක්. අවශ්‍ය කරන එකම දේ ටිකක් හොඳ අන්තර්ජාල පහසුකමක් විතරයි. කාට හරි මේ ක්‍රමය ගැන දැනගන්න ඕන නම් මම දන්න දේවල් කියලා දෙන්න ලෑස්තියි.

ඊට කලින් අපි කට්ටකාඩුවේ අද කතාවට බහිමු. පහුගිය දවසක මම කල්පනා කර කර හිටියා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන ආර් ථික අවපාතය හින්දා අවුරුදු හැට හැත්තෑ ගණන් ගණනක් තිස්සේ ඇති කරගත්තු, ලබාගත්තු මහර ජයග්‍රහණ නැති වෙලා යනවා නේද නේද කියලා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ක්ෂේත්‍රවල ලබපු ජයග්‍රහණ පෙන්නලා දෙන්න පුළුවන්. අපි පරම්පරා ගණනක් තිස්සේ ආයෝජනය කරලා මන්දපෝෂණය වගේ ප්‍රශ්න සෑහෙන මට්ටමකට විසඳ ගත්තා. ඒත් වත්මන් දරු පරම්පරාව මේ ආර් ථික ප්‍රශ්නත් එක්ක ආපහු පරම්පරා ගණනකට ඉස්සර තිබුණු තත්ත්වයට ආපස්සට ගණන් ගමන් කරලා කරනවා නේද කියලා මට හිතෙනවා.

 


 එහෙම ඇතිවෙන පෝෂණ ඌනතා එක්කම හිතන පතන විදිහ විදිහෙත් ඌනතා අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. අද මම කියන්න යන කතාව එහෙම එකක්. උපුටා ගන්නේ සද්ධර් මාලංකාරය කියන පරණ බණ පොතෙන්. මේ පොත ලිව්වා කියලා විශ්වාස කරන්නේ ගම්පොළ යුගයේදී

Monday, December 13, 2021

ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු

සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ!

මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ  විනෝදාංශෙ. මට එයාව හම්බ වෙච්ච විදිහත් නිකං අභිරහසක් වගේ. මිනිහා මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. රාජා මගේ යාලුවාගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා ගිය සතියේ දවසක. මගේ යාලුවා ලොකු වැඩක හිරවෙලා. මනුස්සයාට ඉන්න තැනින් හෙලවෙන්ඩවත් බැරි තරමෙ ලොකු වැඩක්!

අනේ මචං රාජව ගෙදරට ගෙනෙහිං දාන්ඩ පුලුවන්ද?

යකෝ හැතැම්ම 20-30 මේ වැස්සෙ යන්ඩ මට පිස්සුද? මම රාජව අඳුනන්නෙවත් නෑනෙ!

උඹ ඌව අඳුනන්ඩම ඕන නෑ. ඌ හොඳ කතා ටිකක් කියල දෙයි! මනුස්සයගෙ අතේ සල්ලිත් නෑ මචං මේ වෙලාවෙ ත්‍රී වීල් එකකටවත් ගෙවන්ඩ!

ඉතිං බස් එකේ යන්ඩ කියපංකො!

මචං ඌ ඉන්න තත්වෙ හැටියට බස් එකකට නග්ගගන්නෙ නෑ. ටිකක් වැඩි වෙලා වගේ කතා කරේ. අත්‍යාවශ්‍ය හේතුවකට නෙවෙයි නං මනුස්සයා මෙහෙම උදව්වක් ඉල්ලන්නෙ නෑ!!

මං මේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක බලන ගමන්! කාලෙකට පස්සෙ අපි දිනන මච් එකක් බලන්ඩ හිතුව විතරයි!

හරි මං රාජට කියන්නං ක්‍රිකට් අභිරහස් ටිකක් කියන්ඩ කියල යන ගමන්!


Wednesday, February 3, 2021

පහන දල්වා පැදුරු ආනේ ගැහීම

ඉතා වේගයෙන් වෙනස් වන වටිනාකම් රැසක් කරපින්නාගත් සමාජයක් තුල පවතින අධ්‍යාපන ක්‍රමයක් නිසි පරිදි යාවත්කාලීන නොකල හොත් වැදගැම්මකට නැති තත්වයට පත්වන බව නොකිවමනාය. මේ තත්වය ලංකාව කෙරෙහිද අදාල වේ. අතීතයේ දී දේශපාලන, සමාජ හා ආර් ථික වෙනස්කම් රට තුල සිදු වූයේ ඉතා සෙමිනි. ඒ ද අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී උවමනා එපාකම් සපුරා ගනු සදහාය. මෙවැනි වටපිටාවක් තුල අප යුගයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප සතුව තිබෙන්නේදැයි අවම අවශයෙන් වසර දහයකට වරක්වත් විශ්ලේශනය කොට බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉන්දියාවේ මෙන්ම කිසිදු අරමුණක් හෝ සැලසුමක් නොමැතිව අපිලිවෙලකට වර් ධනය වී ඇති බව නොරහසකි. අධ්‍යාපනය සම්බන්ධ විවිධ ගැටලු පිලිබඳව සොයා බලා නිසි පිළියම් යෙදීමට වරින්වර විවිධ කමිටු හා කොමිෂන් සභා ගනනාවක් පත්කරණු ලැබූවද අවාසනාවකට මෙන් ඒ කිසිදු කමිටුවකට හෝ කොමි


සමකට මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට නිර් දේශ ඉදිරිපත් කිරීමට අවස්ථාව නො ලැබීම අවාසනාවන්ත තත්වයකි. ඊට අමතරව ‘ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකසා ගැනීමටද කිසිදු උත්සාහයක් නොගැණුනි. ජාතික අධ්‍යාපන ක්‍රමයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීම සදහා පහත උපුටනය දක්වනු කැමැත්තෙමි.

“සාර් ථක ජාතික අධ්‍යාපන ක්‍රමයක් එම ජාතියේ අනන්‍යතා මතින්ම පැන නැගී එම අනන්‍යතා වලටම බද්ධ වන්නට හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි - කැන්ඩ්ල්”

Wednesday, December 16, 2020

නිධන් හෑරිල්ල

 

නිධන් හාරනවා කියපුවම හැමෝම හිතන්නේ නීති විරෝධී වැඩක් කරන්ඩ යනවා කියලයි. සමහරවිට අද්භූත දේවල් වලට අපි කොහොමත් ආස කරන හින්දා හැංගිලා තියෙන සම්පත් මතු කර ගන්ඩත් ඒ ගැන කතා හදන්ඩත් අපේ හිත් අතුලේ කැමැත්තක් ඇති. මට නං ඔය නිධං හෑරිල්ල ගැන පෞද්ගලිකව කිසිම අත්දැකීමක් නෑ. හැබැයි මම පොඩි කාලෙ අහපු දැකපු දේවලුයි තරුණ කාලෙ අහපු දේවල් කීපෙකුයි එක්ක තමයි මේ කතාව කියන්නෙ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්ව වගේ නිධං ගැන මගේ කිසිම ඇහින් දුටු සාක්ශියක් නෑ.



කවුරු හරි කෙනෙක් හිතා මතා වටිනා වස්තුවක් හංගලා යන්නේ ආපහු ඇවිත් තමන්ට හරි තමන්ගේ නෑදෑ යාලු මිත්‍රයෙකුට හරි ගන්ඩ පුලුවන් වෙන තැනක. ආපහු ඇවිල්ලත් දස වද විදලා ගන්ඩ නං මිනිස්සු වටිනා වස්තුව තැන්පත් කරන එකක් නෑ මට හිතෙන විදිහට. ඇයි යකෝ අපි හම්බු කරපු අපේ සල්ලි ආපහු අපිම ගන්න කොටත් බිලි පූජා දීලා, මන්තර මතුරලා ගන්ඩ වෙනවා නං මොන කරුමයද්ද?

Sunday, November 8, 2020

එක් හිස් රාවණ-හමුවිය සැදෑවක

මෙතෙක් කථාව....

කොළඹ ගමයා වියුණුව රසික අප වෙත ගෙනෙන අජිත් ධර්මකීර්ති මහතාණන් වාසය කරන්නේ පරසිදු ලන්ඩන් පුරවරයෙහිය. කට්ටකාඩුව වියුණුවට අත්‍යාවශ්‍යව තිබෙන එක්තරා පුරාණ පුස්කොලපොතක අත් පිටපතක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව දැන ගන්නා කට්ටකාඩුවේ ලොකු මල්ලී, හැකියාවක් ඇත්නම් එම අත් පිටපතෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. එය පිලිගන්නා අජිත් සුධීමතුන් සිය පියඹගේ විරෝධයද, කොරෝනා තර්ජනයද නොතකා ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී නොසිතූ අයුරින් කෞතුකාගාරය තුල තනිවන අතර මාසයක පමණ කාලයක් කොරෝනා තර් ජනය හේතුවෙන්  කෞතුකාගාරය වසා දැමෙයි. අජිතුන් හමුවට පැමිනෙන්නේ කවුද?

වැඩි විස්තර සඳහා කොළඹ ගමයා වියුණුවට මෙතැනින් පිවිසෙන්න........බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්



ලා කහ පැහැති ආලෝකය දසතම එක ලෙස පැතිර පවතින බවත් එහි ප්‍රභවයක් නොමැති බවත් මට තේරුම් ගියේ එවිටය. එය හැබෑවටම පවතින ආලෝකයක් ද නැතහොත් මගේ සිතේ ඇඳුනු ආලෝකයක් වැනි හැගීමක්දැයි මම සිතන්නට වීමි. වසර සිය ගණනක් තිස්සේ සමහර විට දහස් ගණනක් තිස්සේ රාමායණය කියවු නොකියවූ බොහෝ දෙනාගේ සිත් පැහැර ගත් රාවණයන් මා අබිමුව සිටිද්දී මම අවට පැතිර පවතින ආලෝකයේ ප්‍රභවය සොයමින් කල් මැරීම කෙතරම් අනුවණ කමක් දැයි සිතෙත්ම රාවණ රජුගෙන් කුමක් ඇසිය යුතු දැයි සිතන්නට වීමි. සිත නිසල වන්නට වන්නට කොහෙන්දෝ නැගෙන බෙර හඬක් මා සවනත වැකෙයි.....

ඩම...ඩම...ඩම....

Sunday, July 19, 2020

ස්මාට් ෆෝන් වල දමන්නා

ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ.

කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ගමන් කරද්දී බටහිර ජර්මනිය ධනවාදී කඳවුරත් එක්ක ඉස්සරහට යමින් හිටියා. දෙවනි ලෝක යුද්ධයේදී නාසිවාදයෙන් ජර්මනිය බේරා ගන්ඩ වැඩිපුර ජීවිත පරිත්යාගයෙන් කටයුතු කලේ රුසියාව. හැබැයි ධනවාදයත් එක්ක බටහිර ජර්මනිය ඉක්මන් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් සිටියා. මේක නැගෙනහිර ජර්මානුවන්ගේ ඇහේ කටු අනිනවා වගේ වැඩක්! නැගෙනහිර ජර්මානුවෝ කරේ තමුන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩවල් බටහිර පැත්තට දාපු එක. අපේ ගඳ ගහන දේවල් ගොඩ ගහන්ඩ තමයි උඹලගේ රට තියෙන්නේ!!!

දැන් බටහිර ජර්මන්නු කලේ මොකක්ද දන්නවද?

Monday, May 20, 2019

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර !



වෙසක් හඳ ලස්සනට පායලා බලන කන්දට උඩින්. වැස්සක් නැති හිංද අහස වගේම තොරන් බලන්ඩ යන මිනිස්සු නැති හින්ද පාරත් හරි නිස්කලංකයි.වෙසක් කූඩු දෙකේ රැල් හුළඟට කම්මැලි කමෙන් වැනෙනවා.කූඩුවේ සැව් කොළ හින්ද මලානික වෙන බල්බ් එකේ එළිය හරි සාන්ත දාන්ත බවක් මුළු ගෙදරටම ගේනවා. මේ මං ඉන්නවා වගේ එක පසළොස්වක පෝය දවසක අජාසත්ත රජ්ජුරුවොත් උඩු මහල් තලේට වෙලා බලාගෙන හිටියා නේද කියල මට මතක් උනා.

ත්රිපිටකයේ තරම් ලස්සන පරිසර වර්ණනා මම දැකලා තියෙන්නේ කලාතුරකින්.
කුමුදු මල් පිපෙන පිරුණු සඳ ඇති රාත්රියක වේදේහි පුත් අජාසත් මගධ රජතුමා මැති ඇමති වරුනුත් පිරිවරාගෙන ඉන්න ගමන් මෙන්න මෙහෙම සංතෝස උනා.

...ඇත්තටම කිසිම දොසක් නැති ඉතා රමණීය, සුන්දර රාත්රියක්. කිසිම දොසක් නැති ප්රසාදනීය, ලස්සන රාත්රියක්. අද වගේ දවසක අපේ හිත පහදින විදිහේ ශ්රමණයෙක් හරි බ්රාහ්මණයෙක් හරි ඇසුරු කරන්ඩ පුළුවන් වෙයිද?

ඔන්න ඉතින් ඇමතිවරු එක එක යෝජනා ගේනවා. අහවලා හොඳයි...අහවලා හොඳයි කියල. හැම කාලේම ඉන්න හැම නායකයටම ඉන්නේ තම තමන්ගේ පැත්තට වැඩි වාසි හම්බෙන විදිහේ උපදෙස් දෙන කැචර් ලා. අජාසත්ත රජ්ජුරුවන්ට කියලත් වැඩි වෙනසක් නෑ. ඉතින් එක එක ඇමතිවරයා ගෙන යෝජනා වලට රජ්ජුරුවෝ එච්චර කැමති වෙන්නේ නෑ.

Sunday, April 21, 2019

එලොයි, එලොයි, ලාමා සබහ්තානි


එලොයි, එලොයි, ලාමා සබහ්තානි?

(මාගේ දෙවියනි, මාගේ දෙවියනි,
ඔබ මා අත් හැරියේ කුමක් නිසාද?)



“පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින් , එසේ නම් ජුදෙව්වරුන්ගේ රජය' යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නදැයි ඇසීය. කුරුසියෙහි ඇණ ගසන්නැයි ඔවුහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්: කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ යි ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔවුහු කුරුසියෙහි ඇණ ගසන්නැයි වැඩි වැඩියෙන් මොර ගැසූහ”.

ශුද්ධවර මාක් (15:12-14)