සමහර විට ලොකු ලොකු
දේවල් අමතක උනාට පොඩි පොඩි දේවල් අපේ ජීවිත කාලෙ පුරාම මතක තියෙනවා. මට තාම මතකයි
මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ සිංහල උගන්නපු ගුරුතුමී පහ වසරෙදි සමණලයා බිත්තර දමන්නේ
කොළයේ යටි පැත්තේය කියල උගන්නනවා. මට තාම හිතා ගන්ඩ බෑ ඇයි ඒ කාරනේ මතක තියෙන්නෙ
කියල. එහෙම මතක තියෙන සිද්ධි එක්ක අපි නොදන්න යමක් යටිහිතේ තැන්පත් වෙනවද? සුවදක්?
රූපයක්? නැත්තං අතීත මතකයක්?
නිදිගෙ පංච තන්තරේ ලියන
අපේ නිමල් දිසානායක නොහොත් ලොකා මහතා එතුමාගෙ ජීවිත කතාව අමු හිංගලෙන් ලියන ගමන්
මම එතුමාගෙ ලිපියකට දාපු කමෙන්ට් එකක් ගැන ලොකු විස්තරයක් හොයල මටත් කිව්ව. ඒ
කතාවට පසුබිම් උනේ අම්පාරෙ තියෙන පොත් කඩයක්. මම ඒ කඩේ දැනගෙන හිටියේ මීට අවුරුදු
15-20 විතර කලියෙන්. බාර්, හෝටල්, සුපර් මාකට් වගේ දේවල් දවසින් දවස වැඩි වෙද්දි
කොළඹින් පිට පලාතක තියෙන පොත් කඩයක් - මං මේ කියන්නෙ නවකථා, කෙටි කථා, ඉතිහාස
පොත්, කවි පොත් වගේ මුද්‍රිත පොත් පත් තියෙන කඩ ගැන (අභ්‍යාස පොත් විකුනන්ඩ තියෙන
කඩ වලටනේ අපි දැං පොත් කඩ කියල කියන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ!!)- බංකොලොත් වෙලා වැහිලා යන්නෙ නැතුව තාම තියෙනවා කියල
දැනගත්තු එකත් සංතෝසෙට කාරණයක්. ඒත් එක්කම මතක් උනා අපි නාඹර කොලු ගැටයා කාලෙ
වෙච්ච සිද්දියක්. මං මේ සිද්දිය කිසි හැංගිල්ලක් නැතුව කියල දාන්නෙ අපේ නිදිතුමා
ගේ මග පෙන්වීම අනුව යමින්.