මළ ගෙවල් යනු සමාජ උත්සවයක් බවට පත්වී ඇත්තේ අපේ ගමේ පමණක් නොවේ. එහෙත් කුඩා ගමක වැසියන් වන අපේ ගමේ කට්ටිය කලාතුරකින් සිදුවන මළ ගෙදරකදී එතුලින් උපරිම තෘප්තියක් ලබා ගනිති. කට්ටියක් පැත්තකට වී බූරු ගසන අතර තවත් කට්ටියක් හත් වාසි බලති. පොඩි එවුන් කැරම් ගසන අතර මහා එවුන් ඕපා දූප මල්ල දිග හරිති මැද උන් ෆෝන් ගැන කථාය. කෙල්ලෝ මල ගෙදර ඇතුලේය. කොල්ලෝ හට් එක තුලය. නැත්නම් පාර දිගටය. එහෙමත් නැත්නම් කානු වලය!
තව කට්ටියක් ශෝකය පල කිරීමට ගල් අරක්කු වලින් මූන හොදා ගෙන, කසිප්පු වලින් නා, ගංජා ගගක පීනමින්, මල ගිය පුද්ගලයා ප්රේත ලෝකයට ගියේ නම් දැන් තත්වය මේ බව පෙන්වමින්, සසර බිය ඇති කිරීමේ ව්යාපාරයක නිරත වෙති. තවත් කට්ටියක් රෑ එකට දෙකටත් බත් කමුයි යෝජනා කරති. නැත්නම් තේකක් බීමට යෝජනා කරති. සමහර විට
සීතලේ ගැහි ගැහී සිටින විට නයිස් බිස්කට් එකක් සමග කූල් ඩ්රින්ක්ස් පොවන්නට තැත් කරති...ඒ කවුරු කව්රුත් මල ගෙදර අයගේ තනියට පාන්දර තුන හතර වෙනකල් ඇහැරගෙන සිටිති.
මට තව ඩිංගෙං
කියන්ඩ
අමතක උනා...මේ සියලු කණ්ඩායම් එක්වී මළ ගෙදර උදවියට රෑ දහයට විතර මෙසේ
කියති......”හෙට උදේම නැගිටින්ඩ එපායැ… ඒ හින්දා මගේ අප්පච්චිලා දැන් නිදා ගන්ඩ...”(ඔව් ... ඔව්…
කාට
කාටත් වැඩි ආදරේට අප්පච්චි කියලා තමයි කියන්නේ...හිතුවද මමත් ගංජා ගහලා කියලා). ඉතින් වදෙන් පොරෙන් මළ ගෙදර කට්ටියව නිදි කරවලා තමයි අපි තනි රකින්නේ... නයිට ගහන්නේ.
ඔය අතරේ තවත් කට්ටියක් මළ ගෙදර
අවසාන දවස ගැන සංවිධාන කටයුතු පටන් ගන්නවා. පොලිසියේ වැඩ කරන නිමල් අයිය තමයි මේ
වැඩේ දී මූලික වෙන්නේ.. මළ ගෙදරක් අවසාන කරන්ඩ නම් මිනියක් නැතත් නිමල් අයියයි
ජයන්ත අයියයි ඉන්ඩ ම ඕන කියලා තමයි අපි හිතා ගෙන ඉන්නේ. නිමල් අයියා මල ගෙදර උත්සව
කටයුතු සංවිධානයට. ජයන්ත අයියා අන්තිම දවසේ එන අයට දවල්ට කන්ඩ උයන්ඩ. ඊට අමතරව උයන්ඩ සල්ලි එක්කහු කරන්ඩ
දෙන්නෙකුයි සොහොන ලග තොරණ ගහන්ඩ ජානක අයියයි එයාට සපෝට් කරන්ඩ හතර දෙනෙකුයි
හාමුදුරුවෝ වැඩම වන්ඩ පල්ලෙහා වත්තේ මාමයි ඉන්නවනම් මළ ගෙවල් දහයක් උනත් කරන්ඩ
බැරියැ මල් පහට!! ආ...පාන්සකූලේට හාමුදුරුවරු...තව ඩිංගෙන් අමතක වෙනවා...
මං මේ කියන්ඩ යන්නෙත් ඩෙංගු මදුරුවාගේ අනුග්රහයෙන් අපේ ගමේ ලගදී පැවත් වූ
සමාජ උත්සවයකදී වෙච්චි කතා බහක්. සද්ද නොකර අහන් ඉන්ඩ පුළුවන් නම් වරෙල්ලා කන් දිහන්ඩ.
“උඩහ කිරි අම්මගේ මල ගෙදර නෑයෝ වෙනුවෙන් ඉස්තූති කතාව
කරන්ඩ උනෙත් මට!... අන්තිමට මගේ කටත් රිදෙනවා..ඇයි බං කතා හතරක් මටම
කරන්ඩ උනා නේ!!...”උපුල් අයියා සංවිධාන කටයුතු ආරම්භ කළා.
“කොහෙද උපුල් අයියේ කතා හතරක්?...”සෙනෙවි
ඇහුවේ මල ගෙවල් වල අන්තිමට පවත්තන කතා අහන එක උගේ විනෝදාංශය හින්දා...ඒ හවසට
කසිප්පු බීමයි අවුරුදු කාලෙට බූරුවා ගැහිල්ලයි ඇරුනම. සෙනෙවිට කට පාඩං ගමේ මල
ගෙවල් වල තිබුන කතා. සෙනෙවියි නිමල් අයියයි දෙන්නම හිතන්නේ
මල ගෙදර අවසාන අවස්ථාවේදී අඩුම ගන්නේ කතා දහයක් වත් තියලා මැරුණු කෙනාගෙයි ගෙදර
අයගෙයි ගුණ මතක් කරලා දුන්නේ නැත්නම් මලගිය ප්‍රාණ කාරයා අවීචී මහා නරකාදියට යනවා
කියලයි.
“ඇයි පිලි ගැනීමේ කතාවයි, ගම වෙනුවෙන් කතාවයි, නෑයෝ වෙනුවෙන් එකයි අන්තිමට ඉස්තූති කතාවයි...කතා
හතරයි...”නිමල් අයිය මතක් කරලා දුන්නා. මේ පාර මිනිය පුච්චන්ඩ
කනත්තට....නිමල් අයියට කතාව ඉවර කරන්ඩ බැරි උනා.
“මොනවා..කව්ද කිව්වේ මිනිය පුච්චනවා කියලා!?”
ජානක අයියා පුදුමෙන් වගේ ඇහුවා...
“ඇයි? අද හවස ලොකු මල්ලියි මමයි ගිහින්නේ ප්‍රාදේශීය සභාවට
සල්ලි බැන්දේ” සෙනෙවි කිව්වා.
“ඉතින් උඹයි මමයි ගිහිල්ලමනේ වල වටේ තොරණ ගහන්ඩ ඉටි
රෙදියි ස්ටේප්පර් කටුයි ගෙනාවේ!!” ජානක අයියත් අරින්නේ නෑ...
“හ්ම්..ඒ තොරණ ගහන්ඩද? මං හිතුවේ උයන තැන වටේට කවර් කරන්ඩ කියලා...”සෙනෙවිත්
පටලැවිල්ල ලිහා ගන්ඩ උදව් කළා.
“මං දන්නේ නෑ…. පොඩි මල්ලි තමයි කිව්වේ ලස්සනට තොරණ ගහන්ඩ ඕන
කියලා...කෝ අපි අහලා බලමුකෝ ගෙදර අයගෙන් ඒ කට්ටියගේ කැමැත්ත මොකද්ද කියලා...”
“ඒ අය නිදාගත්තා.. පව් හොදටම මහන්සි වෙලා ඉන්නේ... හෙට උදේ
අහමු” එහෙම කියලා මල ගෙදර කට්ටියගේ මානව අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී හිටියේ පහල ගෙදර මාමා.
“තොරණේ වැඩට ඕන ඔක්කොම දේවල් ගෙනල්ලද ජානක තියෙන්නේ?” උපුල් අයියා සංවිධාන කමිටුවේ සභාපති විදිහට ඇහුවා.
“නැතුව?! තව ඕන ගොක් අතු
පහක් විතරයි ලෑලි වලටත් ඕඩරේ දීල ආවේ මෝලට. හෙට උදේම ගහක් කපලා ඉරලා දෙන්නම්
කිව්වා.අනිත් ටික දැනටමත් ගෙනල්ලා තියෙන්නේ”.
“එහෙනං අපි කියමු වලලංඩ කියලා මොකද මේ ගෙදර අක්කගේ මිනිය
වලලංඩ ඉඩමක් කඩමක් නැතුවයැ.” උපුල්
අයිය යෝජනා කළා.
“ඒක හොදයි නිකං ආතක් පාතක් නැති උන් වගේ කනත්තේ පුච්චන එක
අපේ ගමටත් හරි මදි.” පල්ලෙහා ගෙදර මල්ලි, ඒ කියන්නේ පල්ලෙහා ගෙදර මාමගේ පුතා කිව්වා. මිනිහත්
අපුච්චට දෙවෙනි නෑ මළ ගෙවල් සංවිධානේදි... අනේ හොදයි... අපේ ගමට බයක් වෙන්ඩ දෙයක් නෑ
සිරිත් විරිත් නැති වෙලා යයි කියලා මෙහෙම ඉලංදාරියෝ ඉන්නකල්!!!
“එහෙනං ඕං මිනිය වලලනවා… පුච්චන්නේ නෑ.
කාගෙවත් අකැමැත්තක් නෑනේ?
මාත් වැඩිය කැමතියි වලලනවට නැත්නං දවල්
දොළහටවත් පාන්සකූලේ දෙන්ඩ වෙනවා වෙලාවට කතා ටික ඉවර කර ගන්ඩ.” උපුල්
අයියා වගේ සංවිධායකයෝ ගමකට නෙවෙයි රටටම වාසනාවන්!
“දවල් දොළහට පාන්සකූලේ දීල කොහොමද? මළ ගෙදරට එන මිනිස්සුන්ට කන්ඩ දෙන්ඩ පටන් ගන්ඩ අපි හිතා
ගෙන ඉන්නේ දොළහට විතර!” ජයන්ත අයියා කිව්වේ ටිකක් තරහෙන්ද මන්දා.
“නෑ… නෑ… ජයන්ත මං කිව්වේ මිනිය කනත්තට ගෙනියනවනං විතරයි අවමංගල සභාව
දොළහටවත් පටන් ගන්ඩ වෙන්නේ. දැන් ඒ ප්‍රශ්නේ නෑනේ. මිනිය වල දාන්ඩ හය විතර උනත්
කමක් නෑනේ..ඒකට නියමිත වෙලාවක් නෑනේ...”නිමල් අයියා සංවිධාන කමිටුව සංසුන් කළා.
“කොළඹ පැත්තේ නං මිනිය උස්සන්ඩ, වලලංඩ හෙමත් නැකත් බලනවා නේද?” සෙනෙවි ඇහුවා.
“හප්පෝ…කොළඹ තියන තරමක් තියෙන්නේ සංකර පුරුදු නේ! මං දැකලා තියනවා මල ගෙදරට ආපු අයට බීම එකක්වත්
අල්ලන්නේ නෑ. කැමති අය ගිහිල්ලා මැෂින් එකකින් කෝපි වක්කරගෙන බොනවා...හිහ්… හිහ්…”පල්ලෙහා
ගෙදර මාමාට කොළඹ සංකර පුරුදු මතක් වෙලා තනියම හිනා.
“ඒ විතරක්යැ එහෙ මල ගෙවල් තියෙන්නේ මල් සාලාවලමනේ.
මැරිච්ච ගමන් මිනිය ගෙනිච්චා මල් සාලාවට… මිනියේ රස්නේ යන්ඩත් කලින් එම්බාම් කරලා
එතනම තියලා...ගෙදර කට්ටියත් මල් සාලාවට වෙලාම ඉන්නවා රෑ අට නවය වෙනකල්. මිනිය
බලන්ඩ එන කට්ටිය අඩු උනහම ගෙදර කට්ටිය එනව ගෙදර. මිනිය තනියම!” කොළඹ
ත්‍රී වීල් එකක් හයර් කරන අබේ කිව්වා.
“අනේ කාලේ වනේ වාසේ කිව්වලු!! අම්ම
මුත්තා කාලේවත් අහපු කතාද මෙව්වා…” පල්ලෙහා ගෙදර මාමා විස්සෝප වෙන ගමන් බුලත් කෙල පාරක්
ඇදලා ඇරියා ලග තිබුණු මල් ගහ නෑ වෙන්ඩ.
“කෝසල රජ්ජුරුවන්ගේ හීන වලත් තියෙන්නේ නේද අප්පච්චි...විපරීත
කාලෙට වෙන දේවල්...”ඒ පල්ලෙහා ගෙදර මල්ලි...මං ඉස්සෙල්ලත් කිව්ව නේද මිනිහා
නම් අපුච්චගේම පාරේ යන පුතා විත්තිය!
“එහෙ මල ගෙවල් නිකං මගුල් ගෙවල් වගේනේ බං. කෑමත් කඩෙන්
ගෙනල්ලනේ දෙන්නේ...”මාමා කිව්වා විතරයි ජයන්ත අයියා ආයෙත් කට ඇරියා....
“මේ පාර උයන්ඩ හිතාගෙන ඉන්නේ පරිප්පුයි හොද්දයි,
බෝංචි තෙල් දාලයි,
අල බැදුමකුයි,
පපඩනුයි, ගෝවා මැල්ලුමයි, කට්ලටුයි, බල මාළු ඇඹුල් තියල් දාලයි...එන අයට කටට රහට කෑම ටික
දෙන්ඩ එපෑය.”
“කහ බත්ද? එළවලු
බත්ද?” සෙනෙවි
ඇහුවා.
“ඒ දෙකමයි, රතු බත් ටිකකුයි හදනවා. සමහරු කන්ඩ කැමති
රතු බත්...” ජයන්ත අයිය කිව්වා.
“ඒක හොදයි. හැබැයි පුළුවන් නම් චොප්සියකුත් දාලා චිලි
පේස්ට් ටිකකුත් තියමු පොඩි උන් කැමැත්තෙන් කයි...”
“එහෙම නම් තව පන් දාහක් විතර ගානට එක්කහු කරන්ඩ වෙනවා...ඒ
කියන්නේ එක පව්ලකින් රුපියල් එක්දාස් දෙසීයක් වත් එක්කහු කරන්ඩ වෙයි...කමක් නැද්ද?”
ජයන්ත අයිය ඇහුවේ
ගමේ හුගක් දෙනෙක් ජීවත් වෙන්නේ කුලියක් මලියක් කරලා කියලා දන්නා හින්දා. එක්දාස්
දෙසීයක් කියන්නේ දවසක පඩිය! මල ගෙදර හින්දා දවස් දෙක තුනක් වැඩට නොගිහින් ඉන්නකොට
තවත් දඩයක් වදිනවා කියන්නේ සිංහල අවුරුදු කාලේ අගට මගුල් ගෙදරකුත් සෙට් උනා වගේ
වැඩක්!
“සල්ලි වගේද බං ගමේ නම්බුව...උඹල දවසක කක්කුස්සි යන එකත්
නවත්තයි ගනං වැඩියි කියලා...!” නිමල් අයියගේ කතාවෙන් හැමෝගෙම සැක සංකා දුරු වෙලා ගියා.
පිට මිනිස්සු ගමට එන වෙලාවේ අපි හොදට සලකන්ඩ ඕන. ඒකේ කතා දෙකක් නෑ!!
“මේ පාර පාන්සකූලේට ලොකු හාමුදුරුවරු දහ නමක් වත්
වැඩම්මන්ඩ ඕන. ගිය පාර උඩහ ගෙදර මල ගෙදරට වැඩියේ
බටු ගෙඩි වගේ පොඩි හාමුදුරුවරු. එහෙමද අප්පා ලොකු හාමුදුරුවරු වැඩපුවම...මල
ගෙදරම එළියයි!!!” පල්ලෙහා ගෙදර මාමා තමුන්ගේ වැඩ කොටසට අදාළ තීරණ දැනුම්
දුන්නා.
“හැබැයි මාමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නං කිව්වේ
පාන්සකූලේට එහෙම හුගක් හාමුදුරුවරු ඕන නෑ ඒක බොරු සෝබන වැඩක් විතරයි කියලා”
සෙනෙවි පරණ සිද්ධියක් මතක් කලා.
“අනේ මේ ... හාමුදුරුවෝ දන්න බණ! මෙව්වා අපේ
සිරිත්....පුරාණේ ඉදලා පැවත එන...මන් කියන විදිහට බැරිනම් උඹලාම වැඩම්මපල්ලා හාමුදුරුවරු
පාන්සකූලේට!!” මාමාට තද උනා...
“හරි… හරි… තරහ ගන්ඩ එපා මාමේ...දැන් කියමුකෝ බලන්ඩ අපෙන් මොනවද වෙන්ඩ ඕන
කියලා..” නිමල් අයියා නම් මරු...මනුස්සයා පොලිස් කාරයා...නඩු
විසදලා පුරුදුයි නේ.
“ලොකු හාමුදුරුවරු ඉන්නේ දුර පන්සල්වල.
උන්නාන්සේලා වැඩම්මන්ඩ කාර් හයක් විතර ලෑස්ති කර ගන්ඩ ඕන.”
“කාර් හයක්!? ගමේම
තියෙන්නේ කාර් දෙකයිනේ මාමේ...” නිමල් අයියා කිව්වා.
“එතකොට උඹලා දැන් දවල්ට උයන්නේ ගමේ
වැවෙන පරිප්පුද?
ගමේ කොහෙද මූදක් දවල්ට උයන මාළු අල්ලන්ඩ...මම නම් දැකල
නෑ ගමේ පොලිතින් පැට්ටරියක් තොරන් ගහන්ඩ ඉටිරෙදි හදන... එහෙව් එකේ ඇයි උඹලා හාමුදුරුවෝ වඩම්මන
වැඩේට විතරක් අකුල් හෙලන්නේ?”
“නෑ...මාමේ මට මේ මතක් උනේ...මේ නැති
වෙච්ච අක්කා ඉස්පිරිතාලේ ගෙනියන්ඩ වෙලාවට වාහනයක් හොයා ගන්ඩ පුළුවන් උනා නම් උන්දැ
අදත් ජීවතුන් අතර නේද කියලා ...ප්‍රයිවෙට් තැනකින් ලේ ටෙස්ට් කරගන්ඩ ගෙදර රුපියල්
තුන්දාහක් තිබිලා නෑ. අක්ක මැරුණේ ඒක හින්ද!!”
සුපිරියි බං. මං මේක ගෙනිහුං රෝලෙ එල්ලනවා.
ReplyDeleteඔබ වැනි ප්‍රවීණයෙක් කට්ටකාඩුවට ගොඩ වීමත් අපිට ලොකු දෙයක්. රෝලට දාපු එකටත් අපේ පළවැනි 'ලුහු බදින්නා' වීම ගැනත් සත්තකටම ස්තූතියි...!
Deleteසුපිරියි ....
ReplyDeleteමේක යකෝ!!!
ReplyDelete