අපේ
නිමල් දිසානායක උන්නැහේ ලියන නිදි ගේ
පංචතන්තරේ බ්ලොග් අඩවියේ මේ ලඟදි හැබෑම
වීරයෙක් ගැන ලියල තිබුනා.
යුද්දය හින්ද ඇස් දෙකම නැති
වෙච්ච අපේ කාලයේ වීරයෙක්
ඇස් නොපෙනෙන තවත් මිනිස්සු පනස්
දාහක් දෙනාගේ ඇස් පාදා දීමේ
ඒ කියන්නේ කාච බද්ධ කරදීමේ
පිංකමක නිරත වෙලා ඉන්න
හැටි ගැන තමයි ඒ
කතාව.ඒ ගැන නොකියවපු
කෙනෙක් ඉන්නවා නං මෙන්න ලින්ක්එක ඒ ලිපියට. ඔය
ලිපිය කියෙව්වට පස්සේ වීරයා ගෙදර ඇවිත් කියල
මාර ටෙලි නාට්යයක්
ගියාය ඒක බැලුවේ නැත්තං
කිසි වැඩක් නැතිය කියල කීප දෙනෙක්ම
කියපු හින්ද පහුගිය දවස් ටිකේ යූ
ටියුබ් එකෙන් ඒ නාට්යය
බාගත කරගෙන බැලුවා. කොටස් හතලිස් හතක් කියන්නේ දල
වශයෙන් පැය පහළොවක් විතර!
ගෙදර ඉන්න වෙලාවේ ඕක
බලන්ඩ ගිහින් තව ඩිංගෙන් මාව
ගෙදරිනුත් එළවලා දානවා.
ඇත්තටම
රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප කරලා, එක්කෝ
ජීවිතෙන් වන්දි ගෙවපු, එහෙම නැත්තං ජීවිතාන්තය
දක්වා ආබාධිත තත්වයට පත් වෙච්ච කී
දාහක් මේ රටේ ඉන්නවද?
ඒ අයව මල් මාලා
දාලා, බෙර ගහලා, රතිඤ්ඤා
පත්තු කරලා පිලි ගත්තේ
යුද්දේ දිනලා එන කොට. ඒ
යුද්දේ දිනලා අවුරුදු දහයක් යනකොට අපිට ඒ අයගේ
සේවයත් අමතක වෙලා. දැන්
ඒ අය නිකම්ම නිකං
ආමි එකට ගිහිං 'ඇස්
පොට්ට වෙච්ච' එහෙම නැත්තං 'අබ්බගාත
වෙච්ච' එකෙක් විතරයි. එදා වීරයා දැන්
නිකමෙක් වෙලා. වෙලා නෙවෙයි කරලා.










