තමුන්නැහෙලා අපේ ගම පැත්තේ ආපු වෙලාවක අහල බලන්ඩකෝ අපේ මිනිස්සු සතා සරුපයා හින්ද විදින දුක් කන්දරාව. ඌරගෙ, රිලවගේ, ඉත්තෑවගේ, දඬු ලේනගේ, මීයගේ රැස්පොට්
බලන්ඩ වෙලා තියෙන්නෙ අපිට!! අපේ අපුච්චියේ මිනිස්සු කොහොම මේ නව නිංගිරා විඳගෙන ජීවත් වෙනවද කියල ඔහෙලට හිතෙයි එතකොට. දැන් දැන් මොඬරුත් තැනින්
තැන එකා දෙන්න දකින්ඩ ඉන්නවලු!!!. හපොයි අම්මේ කොහොමද මේ සම්මජ්ජාතියේ මිනිහෙක් ගොඩ
යන්නේ ගොයිතැනක් බතක් කොරලා මේ සත්තු කන්දරාවත් එක්ක??! ගෙඩි එන දෙයක්
හැදුවොත් රිලව් කනවා, අල බහින දෙයක්
හැදුවොත් ඌර කනවා. ඉතින් අපි කන්නේ මොකද්ද????
රෑට රෑට අපේ පැත්තේ කරක්ගහන තව ගොබිලෙක් තමා කලවැද්දා.
ඉස්සර කාලෙ නං බේතට එකෙක් හොයා ගන්ඩ හිටියේ නෑ බේත් කොටන තුවක්කුයි, මදු ගැහිල්ලයි
ඕසෙට වැඩ කරපු හිංදා. ඒත් පස්සෙන් පහු වෙනකොට අපි තේරුං ගත්තා සත්තු මැරිල්ල පවක්
කියලා. හප්පේ මොකටද ඔය මස් ටිකක් වෙනුවෙන් ඊගාව ආත්මෙත් අස්පට් යවා ගන්නේ මේ පාර
වගේම? ඉතිං අපි
සත්තු මැරිල්ල අත් ඇරියා. අනුන් මරනවනං, අපිත් සූටි මස් කෑල්ලක් කොටා බාන එක
වෙනම දෙයක්. අනුන්ට මරන්ඩ, අහවල් අහවල්
තැන සත්තු ඉන්නවා කියල පෙන්නන එකත් කමක් නෑ. හැබැයි මරන්නෙ නෑ!!! අපි හොඳ සිල්වත්තු
හරිය?!!!