Monday, December 13, 2021

ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු

සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ!

මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ  විනෝදාංශෙ. මට එයාව හම්බ වෙච්ච විදිහත් නිකං අභිරහසක් වගේ. මිනිහා මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. රාජා මගේ යාලුවාගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා ගිය සතියේ දවසක. මගේ යාලුවා ලොකු වැඩක හිරවෙලා. මනුස්සයාට ඉන්න තැනින් හෙලවෙන්ඩවත් බැරි තරමෙ ලොකු වැඩක්!

අනේ මචං රාජව ගෙදරට ගෙනෙහිං දාන්ඩ පුලුවන්ද?

යකෝ හැතැම්ම 20-30 මේ වැස්සෙ යන්ඩ මට පිස්සුද? මම රාජව අඳුනන්නෙවත් නෑනෙ!

උඹ ඌව අඳුනන්ඩම ඕන නෑ. ඌ හොඳ කතා ටිකක් කියල දෙයි! මනුස්සයගෙ අතේ සල්ලිත් නෑ මචං මේ වෙලාවෙ ත්‍රී වීල් එකකටවත් ගෙවන්ඩ!

ඉතිං බස් එකේ යන්ඩ කියපංකො!

මචං ඌ ඉන්න තත්වෙ හැටියට බස් එකකට නග්ගගන්නෙ නෑ. ටිකක් වැඩි වෙලා වගේ කතා කරේ. අත්‍යාවශ්‍ය හේතුවකට නෙවෙයි නං මනුස්සයා මෙහෙම උදව්වක් ඉල්ලන්නෙ නෑ!!

මං මේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක බලන ගමන්! කාලෙකට පස්සෙ අපි දිනන මච් එකක් බලන්ඩ හිතුව විතරයි!

හරි මං රාජට කියන්නං ක්‍රිකට් අභිරහස් ටිකක් කියන්ඩ කියල යන ගමන්!


මගේ යාලුවට බෑ කියන්ඩ බැරි කමට මං රාජව ගෙදර එක්ක යන ජොබ් එක බාර ගත්තා. බීලා වැඩි වෙලා හිංද වෙන්ඩ ඕන මනුස්සයා ටික දුරක් යනකොටම ගොරව ගොරවා නිදා ගන්ඩ පටං ගත්තා! ඒ වෙනකොට මං දහ දොලොස් පාරක්ම මගේ යාලුවන්ගේ දෙමාපියන් මතක් කරල ඉවරයි.

මෙන්න එක පාරටම කඩුගන්නාව පහු කරා විතරයි රාජා නැගිට්ටා.

තව ඩිංගෙන් අමතක වෙනවා!

මොකක්ද? ආපහු හැතැම්ම දහයක් විතර මට ඩ්‍රයිව් කරන්ඩ වෙයිද කියල සැකෙන් මං රාජා දිහා බැලුවා.

මං පොරොන්දු උනානෙ ක්‍රිකට් කතා දෙක තුනක් ඔයාට කියල දෙනව කියල.   

අන්න හොඳ අදහසක්...මම එහෙම හිතුව මිසක් මොනවත් කියන්ඩ ගියේ නෑ.

මල්ලි පළවෙනි කතාව 1982...ඔක්තෝබර් මාසෙ මුල. එතකොට අපේ රටට ටෙස්ට් තත්වෙ හම්බ වෙලා මාස කීපයයි. ඔයා ටෝනි දන්නවද?

කවුද ටෝනි රණසිංහද? මාත් නොදන්න ගානට ඇහුවා.

නෑ...නෑ...මෙයත් හොඳ නළුවෙක් තමයි...කැ...බ..... රාජා දත්මිටි කමින් කුණු හරුප වපුරයි...පොරට ටෙස්ට් ටීම් එකේ තැනක් හම්බ උනේ නෑ. ඉතින් මේකා ගේමක් ගැහුවා අපේ රට වට්ටන්ඩ. ඒ කාලෙ දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනං වර් ණ බේධවාදය හිංදා. මූ අපේ ටීම් එකට සල්ලි දෙන්ඩ පොරොන්දු වෙලා. අපේ උනුත් ආය ජරා ගොඩක තියෙන සත පහ උනත් දිවෙන් ගන්ඩ ලෑස්ති උන් නෙ. උනුත් කැමති උනා සවුත් ඇෆ්‍රිකා යන්ඩ. ඕල්මෝස්ට් ඕල් ඔෆ් දෙම්! බ්ලඩි රැස්කල්ස්!!

ඒ කාලේ ක්‍රිකට් සභාපති ගාමිණී දිසානායක. මනුස්සයා ඔය ගමන යන්ඩ දවසකට දෙකකට ඉස්සර යනවා දුලිප් ලගෙ ගෙදර.

දුලිප් දන්නවද සවුත් ඇෆ්‍රිකා යන කාටවත් ආයෙ ප්ලේ කරන්ඩ දෙන්නෙ නෑ මම. ඔයාගෙ ෆියුචර් එක විනාස කරගන්ඩ එපා මේ ටුවර් එක ගිහිං. තව මේන් ප්ලේයර් ලා කීප දෙනෙක් නවතින්ඩ කැමති කරව ගන්ඩ. මං ඔයාට කැප්ටන්සි එක අරං දෙන්නං.

ලූල්ලු නැති වලේ කනයා පණ්ඩිතයා කිව්වලු. රෝයි ඩයස්, දුලිප් එක්ක එක්කහු උනා.

මඩුගල්ලත් එහෙමද? මං ඇහුවා.

අයි ඩෝන්ට් නෝ ඇක්චුවලි. ප’සනලි අයි ඩොන්ට් තින්ක් සෝ. එක එකා මොන කතා කිව්වත්. බට් යූ නෝ මල්ලි, මගඩුගල්ල කියන්නෙ ට්‍රිනිටියන් කෙනෙක්. ආ පස්සෙ රෝයි හැලිලා මඩුගල්ලෙ කැප්ටන් උනා!

ටුවර් එක ගිය කට්ටියට මොකද උනේ?

එහෙ මැච් ඔක්කොම පරාදයි. නෝ වන් ප්ලේඩ් ක්‍රිකට් ෆො ශ්‍රී ලංකා අගේන්...නෙවර්!

මාරයි නෙ!!

තව කතාවක් කියන්නං. ඒකත් මාරයි...මාරම මාරයි!

ඒ මොකද්ද ඒ?

චයිනමන් පොත කියවලා තියෙනවද ශෙහාන් කරුණාතිලක ලියපු?

මං ගාව තිබ්බ ඒකෙ ට්‍රාන්ස්ලේෂන් එක.

එහෙනං ඒකෙ තියෙනවා අපේ ටීම් එකට බඩ යන බේතක් දාලා කඩල වගයක් කන්ඩ දීපු කතාවක්. ඒක උනේ 92 ඔස්ට්‍රේලියන් ටුවර් එකේදි. SSC එකේ තිබ්බ ටෙස්ට් මැච් එක. අපි දිනන්ඩයි ගියෙ. එක පාරට ලංකාව ඕල් අවුට් උනා!

ඇත්තට?

ෆස්ට් ඉනින්ග්ස් වල් ඔසීලා 256! හතුර ගත්ත විකට් හතරක්. හීලි විතරයි හාෆ් සෙන්චරියක් දැම්මෙ. අපේ උං 547 ගැහුවා විකට් අටට! ඊට පස්සෙ ඩික්ලෙයා කරා. ඔසී සෙකන්ඩ් ඉනින්ග්ස් 471. දොන් අනුරසිරි විකට් 4 ගත්තා.  අපිට ගහන්ඩ තිබ්බෙ 181. ෆස්ට් විකට් එකට මහානාම අවුට් වෙද්දි අපි 76. තව ඕන 105. විකට් 9 අතේ. කවුද දන්නවද අපේ බැට්ස්මන් ලා. දැං කියන විදිහට නං බැටර් ස් ලා?

නෑ. කවුද?

යූ වෝන්ට් බිලීව් මී! හතුරා, ගුරා, අරා, අර් ජුන, මාවන්, කලුවා.....

105 ට 250 ගහන්නෙ නැතෑ!!

ඒකනේ මුන්ට බඩ යන්ඩ බේත් නුදුන්නනං වෙන කොහොමද අපි 164 ට ඕල් අවුට් උනා කියන එක පිළිගන්නෙ?

ඇත්තට? රොෂාන් ගියාට පස්සෙ ඉතුරු විකට් ඔක්කොම ලකුනු 88 කට ගියා!!

චයිනමන් පොත කියවන්ඩකෝ. ඒකෙ තියෙනවා කතාව!

[ගමන ගිහිං ආවට පස්සෙ මං බැලුවා පොත. ග්‍රවුන්ඩ් එකේ ඩ්‍රෙසිං රූම් එකේ පොතේ එන චරිතයක් හොරෙන් මයික් එකක් තියලා ප්ලේයර් ලා කතාවෙන දේවල් රෙකෝඩ් කරනවා. මේ එහෙම රෙකෝඩ් එකක්. තැනක්, කොයි ටීම් එකද එව්ව මෙව්ව විස්තර නෑ]

“ඇයි තමුසෙට බැට් කරන්න බැරි?”

බඩ රිදෙනවා වගේ

තමුසෙගෙත් බඩ අප්සෙට්? රොෂාන්ටත් එහෙමයි. මේ අපට අනාගන්න බෑ

මාවන්, මේ පිස්සු කෙළින් නැතුව පෑඩ්ස් දා ගන්නවා

දොස්තර කෙනෙක්වත් නැද්ද?

මොන දොස්තරෙක්ද? තමුසෙ හිතුවද මේක නවසිරි එක කියලා

(අපේ ලෝක කුසලාන වීරයන්ගෙ හුරු පුරුදු කටවල් ඒ)

මෝඩයා මොකක්ද ඒ ගහපු ෂොට් එක?

අනේ අයියෙ. කෑ ගහන්න එපා මගෙ බඩ රිදෙනවා

තමුසෙගෙත් බඩ යනවා? මේක මාර වැඩක්නෙ ඕයි. මොනවද තමුසෙලා කෑවෙ?

මං හිතන්නෙ අර කඩල එක

ඉතිං ඕයි මාත් ඒක කෑවනේ

ඔයා අපි තරං කෑවෙ නෑ

රොෂාන් තමයි බාගයක්ම කෑවෙ.

කවුද ඔය කඩල එක මෙහාට ගෙනාවෙ? ඌව මරන්න එපායැ. අර තම්බියාද?

.........

මේකෙ කියන නං ගං පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්ඩ ඕන ඇති. මොකද එදා ලංකාවෙ දෙවෙනි ඉනිමෙ ස්කෝර් බෝඩ් එක මෙහෙමයි!!

රොෂාන් මහානාම          39

චන්දික හතුරුසිංහ          36

අසංක ගුරුසිංහ              31

අරවින්ද ද සිල්වා            37

අර් ජුන රණතුංග            00

මාවන් අතපත්තු             01

රොමේෂ් කළුවිතාරණ    04

චම්පක රාමනායක         06

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ         02

දොන් අනුරසිරි               01

රන්ජිත් මදුරසිංහ            00

අතිරේක                        07

එකතුව                          164

ඔස්ට්‍රේලියාව ළකුණු 16 කින් ජයග්‍රහණය කරන ලදී!!

දැං ආපහු රාජගෙයි මගෙයි කතාවට යමු.

ඉතිං ඔය වගේ දෙවල් දැනුත් වෙනව ඇතිනෙ.

මොකද නැත්තෙ? ඕන තරං. මේ ළගඳි උනේ අර අපතයාට?

ඒ මොකද්ද?

අපේ උං පිටරට ගිහාම එහෙ ඉන්න උං එනවනේ මුංව බලන්ඩ.

හ්ම්...

එහෙම ආපු එකෙකුට හිතුන ලංකාව බේර ගන්ඩ.

ඒ කොහොමද?

ඇයි මතකනේ පහු ගිය ටිකේ එහා පැත්තෙන් සල්ලි අරං මෙහා පැත්තට ප්ලේ කරනවා කියල හිතපු එවුං සෙට් එකක් හිටියා.

හ්ම්...

අපේ එකා කරේ ටිකක් කළුවර වැටෙන කල් ඉඳලා එළියට යමු කියල කිව්ව.

අරුං හිතුවෙ ආතල් පොට් එකකට යන්ඩ තමයි කියල එක පයින් කැමති උනා. අපේ පොර දන්නවා කොරෝනා බබ්ලෙ එකේ නීති. ඒ නීති කඩපු ගමන් පොර අරුන් සෙට් එකේ ෆොටෝ ටිකක් අරං ලීක් කරා.

මාත් දැක්ක එක ෆොටෝ එකක්!

ඔව් අනිත් ෆොටෝ දාන්ඩ ටිකක් අමාරුයි. පොඩි උනුත් ඔව්ව බලනවනේ!

ඒ කිව්වෙ?

ඔයා බබා! ඒකෙන් වැඩක් නෑ. ලංකාව බේරුනානේ!!

කොහොමද බේරුනා කියල හරියටම කියන්නෙ?

බලන්ඩකො විනිං පසන්ටේජ් එක උං අහක් කරන්ඩ ඉස්සෙරලයි පස්සෙයි. ඔය මොකා බයිල ගැහුවත් මැච් ගහන්නෙ දිනන්ඩ. බැරිම නං ඩ්‍රෝ කර ගන්ඩ.

හැම වෙලාවෙම එහෙමද?

නෑ....සමහර එවුන් හලපුවම අනාගතේට ලොකු සෙතක් වෙනව නං එකක් දෙකක් මැච් පැරදුනාට ප්‍රශ්නයක් නෑ. තනි තනි සටන් පැරදුනාට කමක් නෑ. යුද්ධෙ දිනනවා නං!!

ඒ කොහොමද ඒ?

හොඳ ලීඩර් කෙනෙක් කියන්නෙ මල්ලි හැම වෙලාවෙම දිනන එකෙක් නෙවෙයි. තමුන්ගෙ පිලේ හාණි අඩුම කරගෙන දිනන එකෙක්. හතුරා වෙලාවක අපි පස්සෙ පන්නලම හති වැටෙනවා. එතකොට නොකවුට් වෙන්ඩ ගහන්ඩ පුලුවන් තම්න්ගෙ කට්ටිය ඉතුරු කරගෙන හිටියොත්.

ඒකත් ඇත්ත!!

මල්ලි මම ඉස්සරහින් බහිනවා. මිච්චම් නන්ඩ්‍රි ඈ!!

 

 

26 comments:

  1. බොටත් මීච්චම් නන්ඩ්‍රි ඈ...

    ReplyDelete
  2. ශේන් වෝර්න් හැදුන මැච් එක නේද?

    ReplyDelete
    Replies
    1. කළුවිතාරණගෙ පලවෙනි ටෙස්ට් මැච් එක....

      Delete
    2. ඕස්ට්‍රේලියන් කාරයෝ ෆික්ස් කරපු මැච් එක. මේ හලෝ මඩුගල්ල රෝයල් ඈ . කලින් හිටියේ ට්‍රිනිටි. අපේ 100 කැප්ටන්ට අපහස කරන්න එපා

      Delete
  3. https://www.tribuneindia.com/news/archive/sports/conspiracy-theorists-at-play-in-cricket-world-cup-798044

    https://www.newsbytesapp.com/news/sports/icc-world-cup-top-conspiracy-theories/story

    ReplyDelete
  4. එළ! ඔය වගේ බුවාලා ඉන්නවා නොදන්නා මගුලක් නෑ! හැබැයි දන්නේ අපි හොඳටම දන්න සීන්ස් වල නොදන්න ටික! මම දන්න ඒවගේ බුවාලා දෙන්නෙක් තමයි චින්තන ජයසේනයි දොස්තර ප්‍රසාද් රන්නුළු යි!

    ReplyDelete
    Replies
    1. රාජා එක්ක කතා කරන කල් මං හිතුවෙ නෑ පරණ ක්‍රිකට් මැච් වල විස්තර ඔය තරමට මතක තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා කියල!!

      Delete
  5. ආවා. ආයෙ එන්නං.🙏👌😊

    ReplyDelete
    Replies
    1. කළුවර වැටෙන්ඩ එපායැ ඉතිං එන්ඩ නේද?!!

      Delete
  6. https://icemola.blogspot.com/2021/12/blog-post_12.html?m=1#comment-form

    ReplyDelete
    Replies
    1. දැන් මේක බලන්න අයිස්මෝලට ගියාම, එහෙන් ආයෙ මෙහාට එව්වා.Perpetual motion?🤔

      Delete
    2. අතුල සමරසේකර මහත්තයා ලියපු ලෝඩ්ස් පිට්ටනියෙ එයාගෙ පළවෙනි මැච් එක ගැන විස්තරේ කියෙව්වා ෆේස් බුක් එකේ! මං දැනගෙන හිටියෙ නෑ එයා බ්ලොග් එකක් ලියනවා කියලා!! ස්තූතියි ඔත්තුවට!!

      Delete
    3. සින්ඩිය හදන්න අමුද්‍රව්‍ය හොයන් ගියාමයි අපිත් දැනගත්තේ මේතර්ම් බ්ලොග් මේ රටේ තිබුනාය හා තිබේය කියලා! වතාවක් ගොඩවී බලන්න 1150 කට අධික බ්ලොග් අඩවි ගණනකට ගොඩවීමේ පියගැට පෙලේ මූලාරම්භය - සඳකඩ පහන

      ස්තූතියි අපවෙත දක්වා ඇති අනුග්‍රහකත්වයට! ඉදිරියේ අප වෙතින් සිදුවිය යුතු කුමන හෝ ලෙසක වෙනසක් පිළිබඳව අදහසක් වේ නම් අප වෙත ලියන්න!

      Delete
  7. පිලේ හානි අඩු කරගෙන දිනන්නට
    ඕනෑ කියා වැටහෙන්නේ නැති අයට
    රජකම දුන්නු පාපේ ඵල නෙළන්නට
    සැරසෙමු සුබ පතා එළඹෙන විසි දෙකට

    ReplyDelete
    Replies
    1. විසි දෙක පරි රඹට කැකිරි- කිරිබත් කන නව වසරකි!!

      Delete
  8. රාජා කියන්නේ "ලොකුමල්ලි" අයියගේ මනස්කල්පිත කෙනෙක්ද? නැත්තන් ඇත්ත කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ...රාජා ඉන්නෙ පිළිමතලාවෙ. මනස්කල්පිත චරිතයක් නෙවෙයි මල්ලි!!

      Delete
  9. මහත්වරුන්ගේ කීඩාව කීවට ඇති මහත්මා ගතියකුත් නෑ ඕකෙ.. නෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකත් සුද්දා දුන්න ලණුවක්! ඌ කරපු සෙල්ලම මහත්වරුන්ගේ එක. අපි කරපු එක ගොඩේ සෙල්ලම!! ඔය එංගලන්තෙ ප්‍රාන්ත ක්‍රිකට් ගහපු එව්වන්ට ජාතිය මතක් කරල බැන්නය කියල උංම පිළිඅරං තියෙන්නෙ!

      Delete
  10. සමහර අය ඉන්නවා ක්‍රිකට් ගැන මාර දැනුමක් තියෙන. ක්‍රිකට් අස්සෙ අපි නොදන්න ක්‍රිකට් කතා මහ ගොඩක් උන් ළඟ තියෙනවා. ඒ වගේම පරණ මැච් ගැන ස්කෝර් බෝඩ් එක පවා මතකෙන් කියයි. එහෙම කෙනෙක් මට ඉන්දියාවෙදි හමුවුනා. ලංකාවෙ ක්‍රීඩකයෝ ගැන එක මැච් එකක් විතරක් ගහපු අය ගැන පවා විස්තර දන්නව.

    ReplyDelete
    Replies
    1. හැලපතුමා අපේ ගමේ ඉන්නවා පොරක් ඉංග්‍රීසි අකුරක් බෑ. හැබැයි පිගොට් ගෙ කාලෙ ඉඳලා තිබ්බ අස්ස රේස් වලට ඔට්ටු දාලා තියෙන. ඔක්කොම රේස් නං නෙවෙයි වෙන්ඩැති හැබැයි හුගක් රේස් ගැන මතකයක් තියෙනවා. ඒ මතකය වැදගත් දේකට යෙදෙව්වනං අයින්ස්ටයින්ට දුවන්ඩ දෙන්ඩ තිබ්බා!!

      Delete
  11. අර ඥනක්කගේ තුන් දෙනාට ලස්සනට ගේම සෙට් කළා නේද , ඒවා තමයි වැඩ. මෙන්ඩිස් ඉල්ලන්ම කෑව

    ReplyDelete