Sunday, October 15, 2017

කෙල්ලක් නැති ජීවිතේ - වගෙයි නිකං සාගතේ


කාලෙකට පස්සේ ආයෙත් පේරාදෙණිය ගැන කතාවක් ලියන්ඩ හිතුවා. එහෙම හිතුනේ කව්ද ගොබිලෙක් මූණු පොතේ දාලා තිබ්බ, පේරාදෙණිය කැම්පස් එකේ තියන මල් පිපුනු රොබරෝසියා ගහක පින්තූරයක් දැකලා. අම්මපා ඒක නම් බලන්ඩම වටින දෙයක්. දැන් වගේ සෙල්ෆි මේනියාවක් නොතිබ්බ කාලේ මල් පිපුනාම මුළු පොළවත් එක්ක රෝස පාටයි. එක්කෝ කහ පාටයි. හරියට පොළොවේ සාරය උරා ගෙන එක තැනකින් පේරාදෙණි අහසට එක්කහු වෙනවා වගේ තමයි ඈතට පේන්නේ (දැන් කාලේ  බොලල්ලා මල් පිපිච්ච වෙලාවේ ඉඳල කොල්ලෝ කෙල්ලෝ රොත්තම ගහ යටට ඇවිත් සෙල්ෆි ගහනවා. අර ලස්සන බලන්ඩ මේ සෙල්ෆි කාරයන්ඩ වෙලාවක් නෑ!!). ඔය මල් පිපෙන කාලෙට ආදර හැඟුම් පහල වෙනවා වැඩියි.

ආදර හැඟුම්…. ආදර හැඟුම්….
නුපුරුදුයි මට නුපුරුදුයි
හැඟුම්....
කිති කවයි හද කිති කවයි
හැඟුම්....

.........

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොයින්නේ……

වෙලාවට, අනෙ අප්පේ මේ ලස්සන තව දැරිවියෙක් එක්ක බෙදා හදා ගන්ඩ බැරි වෙනවනේ කියල අපිත් එක්ක යාලු වෙන්ඩ බෑ කියන කෙල්ලෝ ගැන මහා අනුකම්පාවක් ඇති වෙනවා. චැහ් : මොන අලුගුත්තේරුවද හිතුවේ කෑල්ලක් සෙට් කර ගන්ඩ බැරි හිංදා අපිම තමයි දුක් වෙන්නේ කියලා. අනේ අපිට නං ඕකේ වගේ වගක් නෑ. මේ අවුරුදු විස්සක් තිහක් වෙනකල් තනිකඩව හිටි එකේ ඉතුරු දෙදොහ මොකද්ද නේද රංජනී? අපිට දුක කෙල්ලෝ ගැන!!.


ඕක මේ එක බැච් එක්ක විතරක් තිබ්බ දෝමනස්සයක් නෙවෙයි. හැම කාලෙම ඔහොම චරිත හිටියා. එහෙම චරිතයක් තමයි පොඩි විජේ. කැරළි ගැහිච්ච කොන්ඩේ අඩියක් විතර දිගට වවාගෙන හිටපු, හීනි, කොට ජීවිතයක් තමයි පොඩි විජේ කියන්නේ. හිටියේ අපේ බැච් එකට අවුරුදු තුනකට පස්සේ ආපු සෙට් එකේ. මේ නම ඌට හොඳටම ගැලපුනේ ඌට 'ත්රයිලෝක විජය පත්' එක්ක තිබ්බ මෙව්වා එක හිංදා. උගේ ගම කොහෙද කියලා මතක නෑ. ඒත් වැඩිපුර සම්බන්ධකම් පැවැත්තුවේ තණමල්විලත් එක්ක! මගේ හිතේ මූ මේ ආත්මේ නැත්නම් අඩුම ගානේ ගිය ආත්මෙවත් තණමල්විල ඉඳලා තියනවා. ඒකනේ එහෙ පිපිලා පරවෙච්ච මලක්, එහෙ වැවිච්ච කොලයක් උනත් මූ විසි කරන්නේ නැතුව ලගම තියාගෙන හිටියේ. මතකේ පපුවට වැඩියෙන් දැනෙන කොට මූ මල් ටිකයි කොළ ටිකයි සුරුට්ටුවක් වගේ හදලා පත්තු කරලා පපුව ඇතුලට දා ගත්තා. අන්න එහෙමයි පොඩි විජේ පුනර්භවයේ සම්බන්ධතා දිගටම පවත්ත ගත්තේ!!

වැඩේ කියන්නේ පොඩි විජේලා එනකොටම ගස් වල මල් පිපෙන්ඩ පටං ගත්තා. ඉතින් අර මං ඉස්සෙල්ල කියපු දුක, කියන්නේ මේ මල් වල ලස්සන තව වැඩි කරලා පෙන්නන්ඩ ඉස්තිරියාවක් නැති එක ගැන පොඩි විජේ විස්සෝප උනා. අර සරච්චන්ද් මහත්තයත් කියනවනේ 'නැත ලොවේ අන් රසඳුනාආදරේ සේ සුවදෙනා" කියල. එතුමත් ඔය නාට්ටිය කරන කාලේ ඉඳලා තියෙන්නේ පේරාදෙණියේ!! හා බොරුද මං කිව්වා එක වගේ අදහස් තියන කට්ටිය හැම කාලෙම පහල වෙනවා කියලා.

ඉතින් පොඩි විජේ තමුන්ට ගැලපෙන, කියන්නේ නාඩි වැටෙන ඉස්තිරියාවක් හොයන්ඩ පටන් ගත්තා ෆැකල්ටි එක ඇතුලෙන්.

“නංගි ඔයා කැමතිද මාත් එක්ක මල් බලන්ඩ යන්ඩ?” පොඩි විජේ අහනවා. මෙන්න හම්බ වෙච්ච උත්තර කීපයක්!!

1. “... මං බෝයි ෆ්රෙන්ඩ් ගෙං අහල කියන්නං අයියා!” (යකෝ මේ පිටින් යාලු වෙච්ච එවුන් මොකට කැම්පස් එකට ගන්නවද මං දන්නෙ නෑ !)

2. “ඊට හොඳයි මහවැලි ගඟට පනිනවා...!” (ගඟේ කොහෙද නංගි මල්...එහෙනං පනින්ඩ හික්කඩුවෙන් මූදට..එහෙ ගල් මල් තියනවා !)

3. “මං කැම්පස් ආවේ මල් බලන්ඩ නෙවෙයි අයියා උපාධිය ගන්ඩ!” (මං නං ආවේ මල් බලන්ඩ!!)

4. “මං නං කැමතියි. අපේ නංගිලා දෙන්නයි, මල්ලිලා තුන් දෙනයිත් එක්කං එන්ඩද අයියා?” (මගේ අම්මෝ...ලබන පාර මල් බලමු දැන් බෑ…මට පාඩම් කරන්ඩ තියනවා!!)

5. මොන වදයක්ද අනේකී පාරක් කිව්වද තමුසේ එක්ක යාලු වෙන්ඩ බෑ කියල (...මීට ඉස්සරත් එහෙම කිව්වද  මට මතක නෑනේ!!)

ඔයිං මෙයිං වාරේ මල් ටික පිපිලා හැලිලා ගියා. ඊගාව පාර මල් පිපෙන්ඩ කලිං කෙල්ලක් යාලු කර ගන්ඩ කඩිනම් වැඩ පිළිවෙලක් ඕන උනා. ඉතිං පොඩි විජේ ඇටෙන්ඩන්ස් මාක් කරන්ඩ දෙන කොලේ තියන කෙල්ලොන්ගේ නං ටික බලලා අහන්ඩ පටන් ගත්තා...දවසට ඇන හය හත ගානේ හම්බ උනා!! සයන්ස් ෆැකල්ටියේ කෙල්ලන්ගෙන් ඇහුවා.. දවසට ඇන දහය දොළහ ගානේ හම්බ උනා. දැන් පොඩි විජේ සූදානම ආර්ට් ෆැකල්ටිය පැත්තට ඔලුව දාන්ඩ....කිලෝ ගානෙන් ඇන හම්බ වෙන්ඩ ඉස්සර මුගේ විස්තරේ අපිට දැන ගන්ඩ හම්බ උනා.

ප්රශ්නේ පැහැදිලියි. ඔය දුක ගැන ඉතිං ආය අමුතුවෙන් කියන්ඩ දෙයක් යැ. හැබැයි ඌට හම්බ වෙච්ච උත්තර අපිට පැහැදිලි නෑ. කියන්නේ ඇයි කෙල්ලෝ මූට ඔය තරමට අකමැති?. ඉතිං ඔය කාලේ අපි අන්තිම අවුරුද්දේ ප්රොජෙක්ට් එක කරන්ඩ ඔය සර්වේ මෙතඩ් එහෙම අම්බානකට ඉගන ගත්තු කාලයක්ඉතිං අපි තීරණය කළා බොහොම සයන්ටිෆික් විදිහට පොඩි විජේ ගේ ප්රශ්නේ විසදන්ඩ. කියන්නේ මෙන්න මෙහෙම.

මුලින්ම අපි හොයා ගන්නවා පොඩි විජේට අන්නපු කෙල්ලෝ කවුද කියලා. ගාවට උන්ගෙන් අහනවා ඇයි පොඩි විජේට අකමැති උනේ කියලා. හේතු අපි ගාව නැත්තං අපි අහනවා පොඩි විජේට අකමැති උනාට අපිට කැමතිද කියලා (වැරදුනොත් ඇනයක්! හරිගියොත් කෙල්ලෙක්!! ඉතින් පාඩුවක් නෑනේ!!!), අපිට අකමැතිනම්, අපේ යාලුවන්ට කැමතිද කියලා අහනවා (කෙල්ලගෙන් අහනවට යාලුවාගෙන් ගානක් ගන්නවා!), ඒත් අකමැති නං තව පාරක් පොඩි විජේ ගැන කල්පනා කරලා බලන්ඩ කියලා ඉල්ලනවා (එතකොට කෙල්ල හිතනවා ඉස්සරලා අපි ඇහුවේ විහිලුවට කියලා. එක හින්දා උං යාලුවන්ට කියන එකක් නැතිවෙයි අපි අහලා ඇන ගත්තා කියලා).
ලඟට පොඩි විජේට උපදෙස් දෙනවා අර හේතු නැති කරගෙන කොහොමද කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ කියලා ( පිනෙන් ලබන ආත්මේ අපිට කෙල්ලෝ හිටු ගාලා සෙට් වෙයි නේ!!)

පරීක්ෂනේ ප්රතිපල ඉක්මනටම හම්බ උනා. ඕකා ගංජා කාරයෙක්! ක්ලාස් එන්නෙත් ගංජා ගහලා! ඒක තමයි පොඩි විජේට අකැමති වෙන්ඩ හේතුව. බැලින්නං කාරනේ ගලහ හන්දියෙන් මෙහාට ආපු හැම එකීම දන්නවා. අපි ගලහ හන්දියට ගිහිං බලන්ඩත් හිතුවා එතන බෝඩ් එකක් ගහලා තියනවද කියලාපොඩි විජේ යනු ගංජා කාරයෙකි!” කියල. පස්සේ වැඩේ ඇත ඇරලා දැම්ම කෙල්ලෝ කියන්නේ ඕප දූප වල උපත කියලා මතක් උනාම. අම්මප අපි නං දැනගෙන හිටියෙ නෑ කොයි කෙල්ලද වැඩියෙම්ම කොල්ලන්ව අන්නලා තියෙන්නෙ, කොයි කෙල්ලද යාලු වෙන්ඩ කොල්ලෙක් හොයා හොයා ඉන්නෙ වගේ විස්තර. එහෙම දැන ගත්තනං අර හාඩ්වෙයාර් කඩ වලිම්ම අපිත් අහයියැ? ඊටත් වඩා යාලු වෙන්ඩ බල බලා ඉන්න කෙල්ලන්ගෙන් නොඅහ ඉඳියියැ!!

ඉතිං අපි පොඩි විජේට ඇත්තම කිව්වා. ඒත් කැමති උනේ නෑ කෙල්ලෙක් නැතුව මැරුණත් ගංජා ගැහිල්ල නවත්තන්ඩ. ඉතින් අපි ඊගාව උපදෙස දුන්නා. ඒක තමයි කැම්පස් එකෙන් කෙල්ලෙක් සෙට් කර ගන්න අදහස නැති කර ගන්ඩ කියන එක. “එක්කො ගංජා - එක්කො කෙල්ලෝ”. දෙකම එක පාර බෑ!!!අපි දීපු උපදෙස අහගෙන ඉඳලා පොඩි විජේ යන්ඩ ගියා. එදා හවස මූ ආයෙත් ධ්යාන වලට සම වැදිලා ඉන්න කොට මෙන්න බොලේ මල් මසුරං අදහසක් ආවා!! ඉන්දියාවේ ඉර්සි වරුත් ඔය ගංජා පාවිච්චි කරනවා ඇත්තෙ ඒක හිංදා වෙන්ඩ ඇති!! මොකද්ද දන්නවද අදහස - කැම්පස් එකේ කෙල්ලොනේ යාලු කර ගන්ඩ බැරි. ඉතින් කෙල්ලෝ ඉන්නේ කැම්පස් එකේ විතරයැ. ඇයි යකඩෝ නුවර ඉස්කෝලවල ඉන්නේ හෙන හැඩ කෙල්ලෝ!

නුවර කෙල්ලෝ එක්ක බලද්දී මේ කැම්පස් එකේ ඉන්න ඤාන් පචං  හාල් කෑලි මොක්කුද? මේ හාල් කෑලි පස්සේ මගෙ බල්ලවත් යවන්නේ නෑ! අනික නුවර නංගිලත් කැමති වෙයි කැම්පස් එකේ අයියා කෙනෙක් එක්ක යාලු වෙන්ඩ!!!!!” මූ මේ අදහස අපිට කිව්වා.

යකෝ ඕක බාල අපරාධයක්නේ! ඔය පොඩි කෙල්ලන්ව රවට්ටන එක පව්!!” අපි ඒකමතිකව එකට විරුද්ධ උනා.

"හරි උඹලා මට උදව් කරන්නේ නෑනේ...මං වෙන කාගෙන් හරි උදව් ඉල්ලගන්නං!" පොඩි විජේ එහෙම කියල යන්ඩ ගියා.

යන්ඩ යනකල් ඉඳල අපේ එකෙක් කෑ ගහල කියනව "...පොඩි විජේ...හරි ගියොත් අපිටත් කියහන් !!" කියල. ඊට පස්සෙ හිමීට කියනවමේක වගේ ගංජා කාරයෙකුට නුවර කෙල්ලෝ කැමති වෙනව නං අපිට කැමති නොවී ඉන්ඩ හේතුවක් නෑ නේ” කියල!!!!

ඊට ටික දවසකට පස්සේ පොඩි විජේලගේ ජූනියර් බැච් එකේ ජිල්බුවා අපිට සෙට් උනා. කතා කරලා බැලින්නං තමයි දැන් පොඩි විජේගෙ ගෝලයා! අපිට හම්බ වෙච්ච වෙලාවේ ජිල්බුවා ඇවිල්ල හිටියෙ මෙඩ්ඩෙක් හම්බ වෙන්ඩ අපි ඇහුවා ඇයි කියලා.

"අර පොඩි විජේට බඩුවක් සෙට් කර ගන්ඩ ඌත් එක්ක යන්ඩ එන්ඩ කියල පොරේ. ඉතිං ඔව්ව ගැන මොනවත් නොදැන ගිහින් හරියනවයැ ඉතින් මං අදුරන මෙඩ්ඩෙක් හම්බ වෙන්ඩ ආව මොනවද උං කරන්නෙ කියල අහ ගන්ඩ!"

මේ හරුපෙ අපිට තේරුනේ නෑ. ඉතින් අපි ඇහුවා මොකද්ද කරන්ඩ යන්නෙ කියල.

"පොඩි විජය කියනව ඇග්රි ෆැකල්ටිය කිව්වොත් කෙල්ලෝ කැමති වෙන එකක් නෑලු. මෙඩ්ඩන්ට සුටුස් ගාල කෙල්ලෝ කැමති වෙනවලු. ඉතිං අපි නුවර ගුඩ් ෂෙඩ් එකේ ඉඳන් ඉස්කෝලේ ඇරෙන වෙලාවට බස් එකක ඇවිල්ල ගලහ හංදියෙන් බහින්ඩ තමයි ප්ලෑන් කරේ?"

"එතකොට කෙල්ලෝ දැන ගන්නේ කොහොමද උඹලා මෙඩිකල් ෆැකල්ටියේ කියලා?
ඒකටනේ අපි මෙඩ්ඩෝ වගේ කතා කර කර එන්නේ?"

"මොනවද?"

"ඒක අහ ගන්ඩ තමයි මෙඩ්ඩෙක් හම්බ වෙන්ඩ ආවේ!"

ගංජා ගැහුවට මුගේ මොලේ තමයි මොලේ!!කාටද හිතුනෙ ඔහොම ගේමක් ගහන්ඩ මීට ඉස්සර???

මට තව කියන්ඩ බැරි වෙච්ච එක කාරණයක් තියනවා. තමයි පොඩි විජේගෙ කතා බහ කරන විදිහෙ පොඩි විකෘතියක් තියනවා කියන එක. මිනිහටප’ යන්න වෙනුවට කියවෙන්නෙෆ’ යන්න. පොඩි ගොත ගැහිල්ලකුත් නොතිබ්බම නෙවෙයි. හැබැයි ගොත ගැහෙන ගතිය ආවේ ටිකක් එක්සයිට් වෙච්ච වෙලාවට.

තව සතියකට විතර පස්සේ ආයෙත් අපිට ජිල්බුවා හම්බ උනා.

“උඹ දැන් අපේ කෝස් එකට වඩා මෙඩිකල් කෝස් එක කරනව වගේ!!”

“ඔව් මේ දන්නෙ නැද්ද...අරූගෙ කරදරේ නෙ...”

“උඹ ඉතින් මෙච්චර අහ ගන්නේ මොනවද?”

“නෑ..මේ.. අරූ කියනවනෙ කෙල්ලෝ ඉස්සරහ එක්සයිට් වෙයි. එතකොට අර ගොතේ එන්ඩ පුලුවන්. එහෙම උනොත් වැඩ ඔක්කොම බකල්. හිංද මටම වැඩිපුර කතා කරන්ඩ කියල...”

“එතකොට කතා කරන්නෙ නැද්ද?”

“නෑ...නෑ... කතා කරයි..ඒත් වැඩිය නෙවෙයි. මං කියන දේවල් වලට ඔලුව හොල්ලල බොහොම තැන්පත් විදිහට තමයි ඉන්ඩ යන්නේ. තැන්පත් කොල්ලන්ට කෙල්ලෝ කැමතියිලු!!! ඔච්චර දන්න එකාට මෙච්චර කාලයක් කෙල්ලෙක් සෙට් කර ගන්ඩ බැරි උනේ මොකද මංදා....?”

පොඩි විජේ මේ ගැන සෑහෙන්ඩ හිතලා තියන බව අපිට තේරුනා. ඊළඟ දවස් දෙක තුනේම ජිල්බුවා අර මෙඩ්ඩව හම්බ වෙන්ඩ ආපු හිංදා අපිට තේරුනා පොඩි විජේ ගේ ෂෝ එක ළඟ ලඟම එනවා කියලා.

එක්තරා බ්රහස්පතින්දා දවසක රාහු කාලේ ඇත ඇරලා ජිල්බුවයි පොඩි විජෙයි නුවර ගියා. අපිත් බලා ගෙන හිටියා මුන් දෙන්න එනකල්. හවස දෙක හමාරට විතර පොඩි විජේ අපේ කොමන් රූම් එකට ආවා. ජිල්බුවා නෑ!

“මොකෝ පොඩි විජේ වැඩේට උනේ?”

“හෆෝ....යි අර ප් ..පරයා ම්..මා... කෑවා!!”

“ඇයි මොකද උනේ?”

“ඒ *%&^&) ගුඩ් ෂෙඩ් එකෙන් පටං ගත්තු වෙලාවේ ඉඳන් ගලහ හන්දියට එනකල් මිනී කපන කතා මයි කිව්වේ!!”

“ඉතිං?”

“ඉතිං කියන්නෙ ක්...කෙල්ලෝ හිතන්ඩ ඇති අපි මෝචරියක මිනී කපන උං කියලා.....එවුං අප්පිරියාවෙන් මූන අකුලගෙන හිටියේ...අපි බහින කල්ම....!!”

ජිල්බුවා තමන්ට පැවරෙච්චි වැඩේ උපරිමෙන් කරන්ඩ ගිහිං වැඩේ අනලා. පොඩි විජේ කට වහගෙන ඉඳලා තියෙන්නෙ උගේ ගොතේ අහුවෙයි කියලා හිතලා. හැබැයි හිතලා නෑ ජිල්බුවා මිනී කැපිල්ල ගැන මෙච්චර දේවල් අහගෙන පාඩම් කරගෙන ඉන්නේ කියලා!!

කොහොමින් කොහොමින් හරි අපි කැම්පස් එකෙන් එනකල්ම පොඩි විජේ තනිකඩව උන්නා. දැන්නං මොනවා කරනවද දන්නේ නෑ. ජිල්බුවා ගැනත් ආරංචියක් නෑ. හැබැයි මේ ලෙඩේ තිබ්බ එවුං, තියන එවුං අදත් ඕන තරං ඉන්න බව නං මං සහ සුද්දෙම්ම දන්නවා. අපෙන් තරුණ කම ටික ටික එහාට ගියාට ලෝකෙ තාම තරුණකම තියනවා. එහෙම තියන තාක්කල් අපේ තරුණ කාලේ තිබ්බ ප්රශ්න දැන් ඉන්න තරුණයන්ටත් ඉස්සරහට එන තරුණයන්ටත් තියනවා. හැබැයි අපි දැන් ප්රශ්න දිහා බලන්නේ හරියට අපිට ප්රශ්න තිබ්බේ නෑ වගේ සුචරිතවාදී හැගීමකින්.

මල් පිපිලා එදා වගෙම
බලන්න මැණිකේ....
බඹරු ඇදෙනවා සුවඳට
සතර දිගන්තේ….
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...

රවී සිරිවර්ධන මහත්තයා ලියපු සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන සිංදුව ඇහෙන කොට මට හැමදාම හිතෙනවා අපිට තරුණ කාලේ තිබ්බ හැගීම්, ප්රශ්න, බලාපොරොත්තු අපේ දරුවන්ගෙ තරුණ කාලේ එනකොට අමතක නොකර ඉන්ඩ පුළුවන් වෙයි කියලා!!


14 comments:

  1. මදැයි වෙලා තියෙන දෙයක්. මෙඩ්ඩොත් ජිල්බුවාට නියම ගුලියක් දීල වගෙයි.

    ReplyDelete
    Replies
    1. හැම එකාම ගුලි දෙන්නේ මේ වගේ අහිංසකයන්ට තමයි!! ඔන්න මිනිස්සු අසරණයන්ට සලකන විදිහ...

      Delete
  2. Replies
    1. ඇයි දෙයියනේ අසරණයන්ට වැරදුනාම මිනිස්සු හොඳ වැඩේ කියන්නේ?

      Delete
  3. වර්ණපාල තියරියය දාණ්ඩ උපදෙස් දුන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ අපි වගේ අහිංසකයෝ ඔය එක එක තියරි දන්නේ නෑ....ඉතින් නොදන්න තියරි කියල දෙන්නේ කොහොමද?

      Delete
  4. හොඳ වැඩේ , නුවර කෙල්ලෝ රවට්ටන්න හැදුවට!

    ඉස්කෝලේ කෙල්ලෝ කැම්පස් යන කොල්ලෝ ගැන දරපු මතයත් ඔන්න මට ලියන්න හිතෙනවා.. හි හි හි

    ReplyDelete
    Replies
    1. අම්මප එහෙම මතයක් තිබ්බද? එහෙම තිබ්බ නම් ඉතින් කොළඹ පැත්තේ වෙන්ඩ ඇති...

      Delete
    2. නෑ නෑ මේ නුවර! අපි ඉතින් අසන්නෝ ඒ කතාවල. මම මේ කියන්නේ නරක නෝටි දෙයක් කියලා හිතන්න එපා. බොහොම අහිංසක කතාවක්

      Delete
    3. ඉතිං කියන්ටකො අක්කණ්ඩි තෙපර බාන්නේ නැතුං

      Delete
    4. කැම්පස් එකේ කොල්ලෝ ඉස්කෝලේ යන ළමයින් රවට්ටන බව අපේ පන්තිවල ළමයින්ගේ කතාවලින් තේරුම් ගියපු කාරණයක්. අතරින් පතර බොහොම යහපත් කතා තිබුනට බහුතරය මම දැක්කේ එහෙම. ප්‍රදර්ශනයක් බලන්න ගියාම හොඳට තේරෙනවා. මම අදහස් කලේ ඒකයි. හැබැයි ඒවා අන්තිම කැත වැඩ

      Delete
    5. 1, 000% එකගයි ඔබේ අදහසත් සමග.

      Delete
  5. පොස්ට් එකේ අකුරු ටිකක් පොඩි කරහංකො

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටමා තුමනි. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ෆොන්ට් සයිස් එක ටිකක් අඩු කරන්නම්. මං හිතුවේ ෆොන්ට් සයිස් එක වැඩි උනාම කියවන්ඩ ලේසියි කියලා.

      Delete